Pudumai Ath Aththai..

NPDJs

Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලොව විශාලතම පසුතලය සහිත ජායාරූප චිත්‍රපටය

    ad.jpg


    ජායාරූප යොදාගෙන කරන ලද ලොව විශාලතම දර්ශණතලයක් සහිත කෙටි චිත්‍රපටය නිපදවීමට චිත්‍රපට නිෂ්පාදකයින් දෙපලක් සමත්වී ඇත. වර්ග අඩි 11000ක් පමණ මුහුදු වෙරළක් පසුතලය ලෙස යොදාගනිමිනුයි මෙම නිර්මාණය සිදුකර තිබේ.
    Nokia N8 ජංගම දුරකථන භාවිත කොට මීටර් 36ක ඉහල අහසේ සිට රූපගත කර ඇති මෙම චිත්‍රපටය මිනිත්තු එකහමාරක් වැනි සුළුකාලයක් පුරා දිවගියත් ‍සම්පූර්ණ රූපගත කිරීම් සඳහා සතියක පමණ කාලයක් ගතවී ඇත.
    මෙම නිර්මාණය සඳහා ජීවමාන ප්‍රමාණයේ බෝට්ටුවක් යොදාගෙන ඇති අතර අනෙකුත් ද්‍රව්‍ය රේක්කයක් ආධාරයෙන් වෙරළ මත සිතුවම් කොට නිර්මාණය කර තිබේ. ධීවරයාගේ චරිතය සඳහා සැබෑ මිනි‍සෙකු යොදාගෙන ඇත.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    මාමයිට් හා බනිස්වලින් සැදුණු කේට්ගේ නැගණිය

    kate.jpg


    බ්‍රිතාන්‍යයේ විලියම් කුමරුගේ බිරිඳ වන කේට්(කැතරින්) මිඩ්ල්ටන්ගේ නැගණිය වන පිපා මිඩ්ල්ටන්ගේ රුව බනිස් හා මාමයිට්වලින් නිර්මාණය කිරීමට ලෝරා හඩ්ලන්ඩ් නම් කලා ශිල්පිණිය සමත්ව තිබේ. ඇය විසින් ක්‍රම්ප්ට්ස් නම් බනිස් වර්ගය මෙම දැවැන්ත නිර්මාණය සඳහා යොදාගෙන ඇති අතර නිර්මාණයේ වෙනස් වර්ණ දැක්වීම සඳහා සාමාන්‍ය ක්‍රම්ප්ට්ස්, බටර්, ජෑම් හා මාමයිට් තවරන ලද ක්‍රම්ප්ට්ස් 15, 000 ක් යොදාගෙන ඇති බව සඳහන්ය.

    මෙම නිර්මාණය සඳහා දුසිමකට වැඩි පිරිසකගේ සහයෝගය ද ඇය ලබාගෙන ඇති බව වාර්තා වේ. මෙම නිර්මාණය සඳහා පිපාගේ සමීප ඡායාරූපයක් සහ රාජකීය මංගල්‍යය දිනයේ දෙවන මනාලිය ලෙස සැරසුණු පසුපස ඡායාරූපයක් ද අන්තර්ගතය. මෙම දෙවන නිර්මාණය මීටර් 13 ක් පළලින් සහ මීටර් 20 ක් උසින් යුක්ත වන අතර එය නිමකිරීම සඳහා ලෝරාට පැය 24 ක කාලයක් ගතව තිබේ.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    දිවයිනේ දෙවන විශාලතම පිළිකා රෝහල මහනුවරට

    pilika.jpg


    දිවයිනේ දෙවන විශාලතම පිළිකා රෝහල මහනුවර මහරෝහලට අනුබද්ධව ඉදිකිරීමට පියවර ගෙන තිබේ.
    මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ යෝජනාවකට අනුව මෙම රෝහල ඉදිකිරීමට නියමිතය.
    මහල් නවයකින් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ දහසක මුදලක් වැය වෙතැයි ඇස්තමේන්තු කර ඇත.
    ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු වසර 3 න් අවසන් කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
    රෝගීන් 240 ට නේවාසික පහසුකම් ලබා දීමට හැකි වන පරිදි ඉදි කරනු ලබන යෝජිත පිළිකා රෝහල සඳහා රාජ්‍ය අරමුදල් සහ පෞද්ගලික ධානපතීන්ගේ පරිත්‍යාගයන් ලබා ගැනීමට නියමිතය.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලොව වේගවත්ම රෝලර් කෝස්ටර් රථය

    rc.jpg


    පැයට කිලෝමීටර් 240 ක වේගයෙන් යුතු ලොව වේගවත්ම රෝලර් කෝස්ටර් රථය නිර්මාණය කිරීමට නිර්මාණකරුවන් පිරිසක් සමත්ව තිබේ. මෙම රථය ස්ථානගත කර ඇත්තේ අබුඩාබි හි ෆෙරාරි වර්ල්ඩ් නම් උද්‍යානයෙහිය. මෙම රථයෙහි නැගී විනෝදවීමට බලාපො‍රොත්තුවන්නන් හට එය සැබැවින්ම ත්‍රාසජනක අත්දැකීමක් වනු නොඅනුමානය. එය පදවන්නන්ට සිය ඇස්වල ආරක්ෂාව වෙනුවෙන් විශේෂ උපැස් යුවලක්ද පැළඳීමට සිදුවේ.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලොව උසම ලෙගෝ කුළුණ

    lego.jpg


    6000 ට වැඩි ලෙගෝ බ්ලොක්ස් ලෝලීන් පිරිසක් එක්ව පැය 04 කාලයක් වැයකොට බ්‍රසීලයේ සාඕ පෝලෝ නගරයෙහි ලොව උසින් වැඩිම ලෙගෝ බ්ලොක්ස් කුළුණ ඉදිකිරීමට සමත්ව තිබේ. මීටර් 31 .19 ක උසින් යුත් මෙම වෛර්ණ කුළුණ ගොඩනැගීම සඳහා ලෙගෝ බ්ලොක්ස් 500, 000 ක් පමණ භාවිත කර ඇති බව සඳහන්ය. මෙම කුළුණ නිර්මාණයට දායක වූ පිරිස අතරින් වැඩි දෙනෙකු කුඩා දරුවන්වීම ද විශේෂත්වයකි. කුඩා දරුවන්ගේ ක්‍රීඩාවක් ලෙස පෙනුනද මෙම කුළුණ ගොඩනැගීම තුළින් මීට පෙර 2008 වසරේදී චිලීහි මෙවැනි කුළුණක් ඉදිකිරීමෙන් තබා තිබූ වාර්තාව බිඳදැමීමට එම දරුවන් සමත්ව තිබේ.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලොව වයස්ගතම මිනිසා වයස 114 දී මියයයි

    wayasgatha.jpg


    ලෝකයේ ජීවත් වූ වයස්ගතම මිනිසා ලෙස වාර්තා පොතට එක්ව සිටි මොන්ටානාහි ජීවත් වූ වෝල්ටර් බෲනින් පසුගිය 14 වන දින මරණයට පත්ව තිබේ. විශ්‍රාමික දුම්රිය මාර්ග සේවකයකු වූ ඔහු රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ස්වභාවික හේතුවක් මත මරණයට පත්ව ඇති බව විදෙස් මාධය වාර්තා සඳහන් කරයි. වෝල්ටර් 1980 වසරේ සිට ජීවත් වී ඇත්තේ සාත්තු නිවාසයකය. 1896 වසරේ සැප්තැම්බර් 21 වන දින උපත ලබා ඇති වෝල්ටර් ලොව ජීවත් සිටි දෙවන වයස්ගතම පුද්ගලයා ලෙස දෙවන තැන හිමිව තිබුණේ ඔහුට දින 26 ට පෙර උපත ලද බෙසී කූපර් නිසාය.

    වෝල්ටර් 1913 වසරේ දුම්රිය මාර්ග රියදුරෙකු ලෙස සේවයට එක්ව ඇති අතර එයින් වසර 05 ට පසු ඔහු විදුලි පණිවිඩ ක්‍රියාකාරිණියක ලෙස සේවය කළ ඇග්නස් ටොව්කි සමග විවාහ වී තිබේ. වසර 35 ක විවාහ ජීවිතයකින් පසු ඇය 1957 වසරේදී මරණයට පත්ව ඇති අතර මෙම යුවල සතුව දූ දරුවන් නොමැති බව ද සඳහන්ය. 1963 දී 67 වන වියේදී වෝල්ටර් දුම්රිය සේවයෙන් විශ්‍රාම ගෙන තිබේ. වෝල්ටර්ගේ මරණයත් සමග අප්‍රේල් මාසයේ දී 114 වන උපන්දිනය සමරන ජපානයේ වෙසෙන ජිරොයිමොන් කිමුරා දැනට ලොව වෙසෙන වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙයි
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ස්කූටරයකින් ඇදගෙන යන ලොව කුඩාම කැරවෑන් රථය

    scooter.jpg


    ස්කූටරයක් මගින් ඇදගෙන යා හැකි මීටර් 2 සෙන්ටිමීටර් 75 ක විශාලත්වයකින් යුත් ලොව කුඩාම කැරවෑන් රථය නිර්මාණය කිරීමට නිර්මාණකරුවන් පිරිසක් සමත්ව තිබේ. බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරු සහ කේට් මිඩ්ල්ටන්ගේ විවාහ මංගල්‍ය උත්සවයේදී මෙම රථය ධාවනය කිරීමට නියමිතව ඇත. ප්‍රමාණයෙන් ඉතා කුඩා වුවද මෙහි වටිනාකම පවුම් 5500 ක් වන බව ද සඳහන්ය. එමෙන්ම මෙම කැරවෑන් රථය සම්පූර්ණ ප්‍රමාණයේ ඇඳක්, අඟල් 19 රූපවාහිනියක්, බීම වර්ග රඳවන කැබිනට්ටුවක් සහ තේ සකස්කිරීමට අවශ්‍ය පහසුකම් වලින් ද සමන්විතය.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ගෘහණියන්ට mini kitchen

    minik.jpg


    කාර්යයබහුල ගෘහණියන් වෙනුවෙන් නිර්මාණය වූ අපූරු මුළුතැන්ගෙයක් පිළිබඳව මෙම පුවත වාර්තා වේ. නවසීලන්ත නිර්මාණකරුවන් පිරිසකගේ සමූහ සංකල්පයක් මත mini kitchen නම් මෙම ඉතාමත් තුඩා ප්‍රමාණයේ ජංගම මුළුතැන්ගෙය නිර්මාණය කර ඇත. මෙම මුළුතැන්ගෙය සඳහා වැයවී ඇත්තේ මීටර් 1 .8 ක හතරැස් ඉඩ ප්‍රමාණයක් පමණි. එමෙන්ම මුළුතැන්ගෙයකට අවශ්‍ය ශිතකරණය, පිඟන් ඇතුළු උපකරණ රඳවනයක්, මයික්‍රෝවේව් උඳුනක්, කෝපි සාදන උපකරණයක්, විද්‍යුත් උදුනක් සහ ජල කරාමයක් සහිත සේදුම් උපකරණයක් යන සියලු අංගයන්ගෙන් සමන්විතය. එමෙන්ම මෙම mini kitchen විවිධ වර්ණයන්ගෙන් හා විවිධ අමතර උපාංග සහිතව ද ලබාගත හැකිව ඇත.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ජේම්ස් බොන්ඩ්ගේ පිස්තෝලයට පවුම් දෙලක්ෂ 77,250 ක්

    bond.jpg


    ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයකදී භාවිත කළ පිස්තෝලයක් පවුම් දෙලක්ෂ 77,250 ට වෙන්දේසි වී තිබේ. 1963 වසරේ දී තිරගත වූ චිත්‍රපටයක රඟපෑම සඳහා ජේම්ස් බොන්ඩ් මෙම පිස්තෝලය භාවිතා කර ඇති බව සඳහන්ය. ලන්ඩනයේ දී මෙම වෙන්දේසිය පැවති අතර එහි අවම ලංසුව ලෙස යෝජනා වී තිබුණේ පවුම් 15,000 ත් 20,000 ත් අතර මුදලකි.

    මීට‍ පෙර ද 1974 දී තිරගත වූ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක් සඳහා භාවිත කළ පිස්තෝලයක් පවුම් 15,000 ට වෙන්දේසි විය. පසුගිය මාසයේ දී ජේම්ස් බොන්ඩ් චිත්‍රපට සඳහා භාවිත කළ ඇස්ටන් මාටින් වර්ගයේ මෝටර් රථය පවුම් මිලියන 2 . 6ට අලෙවි විය.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    දැනට ලොව කුඩාතම ජංගම දෘඩාංග තැටිය වෙළදපොල වෙත

    gtss.jpg


    දැනට ලොව කුඩාතම ජංගම දෘඩාංග තැටිය වෙළදපොල වෙත නිකුත්වෙමින් පවතින බවට පලවෙනවා. මෙය ඝන කමින් මිලිමීටර් 9 නැතිනම් පැන්සල් දෙකක ඝනකමට සමාන බවයි කිය වෙන්නේ. සීගේට් ආයතනය විසින් නිකුත් කර ඇති මෙම නිද්පාදනය මිලිමීටර් 127 , 78, 9 ප්‍රමානයේ වන අතර යුඑස්බී 2.0 හා 3.0 තාක්ශනයන් සදහා එකගවන බව සටහන් වෙනවා.එලසම ඔවුන් සදහන් කරන්නේ මෙය මැක් මෙන්ම පීසී සදහාත් එකසේ ඒකග වන බවයි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලන්ඩනයේ වීදි වල නොපෙනෙන අමුත්තෝ

    smallitems.jpg


    ලන්ඩන් නගරයේ ජීවත්වන ජනතාවට මේ දිනවල නගරයේ ගමන් කරන විට බොහෝ විමසිලිමත්ව ගමන් කිරීමට සිදුවී ඇති බව වාර්තා වෙයි. ස්කින්කචු නම් කලාකරුවකු විසින් ලන්ඩන් නරගයේ වීදි, ගොඩනැගිලි, මහා මාර්ග වැනි විවිධ ස්ථාන වල 1:87 පරිමාණයෙන් යුක්තව නිර්මාණය කරන ලද විවිධ කලා නිර්මාණ නිසාය. සැබෑ ජීවිතයේ මිනිසුන්ගේ විවිධ ක්‍රියාකාරකම් ඔහු විසින් මෙසේ සියුම් නිර්මාණ බවට පත්කරනු ලැබ තිබේ. නගරයේ පදිංචිකරුවන් මවිතයට පත්කිරීම සහ ඔවුන්ට සිය වටපිටාව පිළිබඳව විමසිල්ලෙන් සිටීමේ වැදගත්කම පෙන්වාදීමේ අරමුණින් මෙවැනි නිර්මාණ කාර්යයකට අතතැබූ බව ස්කින්කචු සඳහන් කර තිබේ.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලොව බලවත්ම පුද්ගලයින්: චීනයේ හු පෙරට ඔබාමා පසු බසී.

    bestman.jpg


    ලෝක ජනගහනයෙන් 1/5 ක් පාලනය කරන චීන ජනාදිපති හු ජින්ටවෝ ලොව බලවත්ම පුද්ගලයින් 20 දෙන අතරින් පළමු ස්ථානයට පැමිණ තිබේ. කොන්ග්‍රස් සබාපති සෝනියා ගාන්ධි නමවන ස්ථානයට පැමිණ තිබේ. මේ බව ප්‍රසිද්ද කලේ ඇමෙරිකානු ෆොර්බෙස් සගරාවයි.
    අමෙරිචානු ජනාදිපති බැරක් ඔබාමා ගියවර ඉහලින්ම සිටි නමුත් මෙවර දෙවන ඉස්ථානයට පත්ව තිබේ. ලොව බලවත්ම පුද්ගලයා වූ සෞදි රජු අබ්දුල්ලා තෙවන ඉස්ථානයට පත්වී ඇත.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    කාසි 84, 000 න් නිමවුණු ලින්කන්ගේ රුව

    coins.jpg


    මාස 03 ක කාලයක් සම්පූර්ණ කාලයම වැය කරමින් හිටපු අමෙරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ගේ රුව රැගත් දැවැන්ත කාසියක් නිර්මාණය කිරීමට කලාකාරිණියක සමත්ව තිබේ. ලින්කන්ගේ රුව සහිත පැන්සයේ කාසි 84, 000 ක් උපයෝගී කරගනිමින් එම එම කාසියේම දැවැන්ත අනුරුවක් වන්ඩර් මාටිච් නම් මෙම ශිල්පිණිය විසින් නිර්මාණය කර ඇත.

    මේ සඳහා අවශ්‍ය පැන්සයේ කාසි එක්රැස් කිරීම ඇය ආරම්භ කර ඇත්තේ 2006 වර්ෂයේය. කලා නිර්මාණ තරගයක් සඳහා ඉදිරිපත් කිරීමට මෙම දැවැන්ත නිර්මාණය සැකසීමට මාටිච් තීරණය කර ඇති බව සඳහන්ය. 2006 වර්ෂයේදී සිය සැමියාගෙන් වෙන්වී සිය රැකියාවද අහිමිව දියණියන් දෙදෙනා ද සමග ජීවිතය ගැටගසා ගැනීම සඳහා දැරූ දුෂ්කර උත්සාහය පිළිබඳව සිය නිර්මාණය තුළින් පිළිබිඹු කිරීමට තීරණය කළ බව මාටිච් ප්‍රකාශ කරයි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    දැවැන්ත මැමැත්ලා යළි නැගිටී

    mam1.jpg


    මීට අවුරුදු දස දහස් ගණනාවකට පෙර පැවති අයිස් යුගයේ අවසාන කාලයේ ජීවත් වු මැමත් සතෙකු, ඇතෙකුගේ උපකාරයෙන් නිර්මාණය කිරීමේ විෂ්මිත කාර්යක් සිදු කිරීම සඳහා ජපන් විද්‍යාඥයන් කණ්ඩායමක් සූදානමින් සිටියි. ඔවුන්ගේ බලාපොරොත්තුව තවත් අවුරුදු 5 ක් ඇතුලත මෙම මැමත් සත්වයා නිර්මාණය කිරීමටය.

    මෙම කාර්ය සිදු කිරීමට බලාපොරොත්තු වනුයේ ජපානයේ කියෝටෝ සරසවියේ අකිරා ඉරිටානි ඇතුළු විද්‍යාඥයන් කණ්ඩායමකි. ඔවුන්ගේ ආරාධනය මත රුසියානු මැමත් පරීක්ෂකවරයෙකු හා ඇමරිකාවේ ඇතුන් පිළිබඳ විශේෂඥයන් දෙපළකටද මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ වන ලෙස ආරාධනා කර ඇත. මොවුන් ප්‍රකාශ කරන පරිදි මෙම මැමත් සත්වයාට පණ දීමට සූදානම් වන්නේ ක්ලෝනීකරණ තාක්ෂණය උපකාරයෙනි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලොව විශාලතම හීලියම් බැලුන් පොකුර

    bblns.jpg


    චීනයේ හැංෂු නුවරදී නව සීත කළ බීම වර්ගයක් හඳුන්වාදීමේ උත්සව අවස්ථාවකදී ලොව විශාලතම හීලියම් බැලුන් පොකුර ගුවනට මුදාහරිමින් නව ගිනස් ලෝක වාර්තාවකට හිමිකම්කීමට චීන ජාතිකයින් පිරිසක් සමත්ව තිබේ. මේ සඳහා හීලියම් පුරවන ලද බැලූන් 20,000 ක් උපයෝගී කරගෙන තිබේ. මෙම බැලුන් පොකුර නිර්මාණය සඳහා පැය 06 ක පමණ කාලයක් ගතව ඇති අතර එය උසින් මීටර් 09 .7 කි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    වසර මිලියන 160 ක් පැරණි ටෙරසෝරයෙකුගේ පොසිල හමුවෙයි

    414499014589oe22u.jpg


    මීට වසර මිලියන 160 ට පමණ ඉහත දී පෘථිවියේ වාසය කළ බව ‍කියන පියාසර කළ හැකි උරග වර්ගයට අයත් ටෙරසෝරයෙකුගේ පොසිල චීනයෙන් හමුවී තිබේ. අදාළ පොසිලය ගැහැණු සත්ත්වයෙකුගේ බවට‍ හඳුනාගැනීමට හැකිව තිබීම මෙහි විශේෂත්වය වේ.

    එම සත්ත්වයාගේ උදරයේ වැඩුණු බිත්තරයක් නිරීක්ෂණය කිරීමට හැකිවී ඇති අතර එය මෙම සත්ත්ව විශේෂ පිළිබඳ අධ්‍යයනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වශයෙන් විද්‍යාඥයින් හඳුන්වයි. මෙම පොසිලය හමුවීමත් සමග ටෙරසෝර වර්ගයේ සත්ත්වයින්ගේ ස්ත්‍රී පුරුෂ භාවය වෙන් වෙන්ව හඳුනාගැනීමට හැකිවී ඇති බව ඔවුන් පවසයි.

    අදාළ පොසිලය”මිසිස් ටී”ලෙස එම පොසිලය සොයාගත් විද්‍යාඥයින් විසින් නම් කර ඇත. ටෙරසෝර වර්ගයේ පිරිමි සත්ත්ව‍යින් කරමලක් සහිත ඉඟ සිහින් සත්ත්වයින් වශයෙනුත් ගැහැණු සත්ත්වයින් කරමල රහිත ඉඟ පළල් සත්ත්වයින් වශයෙනුත් වෙන් කර දැක්වීමට මෙමගින් හැකිවී ඇති බව එම විද්‍යාඥයින් සඳහන් කරයි.
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    විනාඩි 20 ක් ගොඩ ඉන්න අරුම පුදුම මාළුවා

    gurami.jpg


    විනාඩි 20 ක පමණ කාලයක් ගොඩබිම ජලය නොමැතිව සිටිය හැකි අරුම පුදුම මාළුවෙකු ගැන ගාල්ල බටදුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

    ගුරාමි මාළුවෙකු වන මෙම මාළුවා උස අඟල් 30 ක් හා බර කිලෝග්‍රෑම් 7 යි ග්‍රෑම් 700 ක් වේ.මෙම මාළුවාගේ ප්‍රියතම ආහාරයවන්නේ චොක්ලට්ය.

    ප්‍රියතම ආහාරය චොක්ලට් වුවද මෙම මාළුවා නොකන දෙයක්ද නැත.බත් මාළු එළවලු පලතුරු විවිධ රස කැවිලිද මෙම මාළුවා ආහාරයට ගනියි.

    එම නිවසේ වෙසන බළලුන් සමගින්ද මෙම මාළුවා මිත්‍රශීලි අතර මෙම මාළුවා කොට්ටයක තබා නිදිකරවන ආකාරයද පුදුම සහගතය.

    ata pattame pennuwa mathakai , ela matchan +5 added
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    එ. ජා. අපරාධ අධිකරණය ප්‍රථම වරට කාන්තාවකට ජීවිතාන්ත සිරදඩුවමක් දෙයි

    un.jpg


    රුවන්ඩාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ අප‍රාධ අධිකරණය ප්‍රථමවරට කාන්තාවකට සිර දඩුවම් නියම කර තිබෙනවා.
    එරට පවුල් කටයුතු ඇමතිවරිය වශයෙන් කටයතු කළ පෝලීන් නයිරමසුහුකෝ මෙලෙස ජීවිතාන්තය දක්වා සිරභාරයට පත්කරනු ලැබ තිබෙන්නේ, 1994 වසරේ රුවන්ඩාවේ සිදු වු යුධ අපරාධ පිළිබඳ විභාගය අවසන් වීමෙන් අනතුරුවයි.
    වසර 10ක් තිස්සේ එක්සත් ජාතීන්ගේ අපරාධ අධිකරණයේ පැවති නඩු විභාගයේදී හිටපු ඇමතිවරියට අමතරව ඇයගේ ඇගේ සැමියා පුත්‍රයා සහ තවත් හිටපු නිලධාරීහු 4දෙනෙක් වරදකරුවෝ වුහ.
    සමූල ඝාතනය සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ යන චෝදනා ඔවුන්ට එරෙහිව එල්ල වී තිබුණි.
    1994 වන විට 20 වන වියේ පසු වු සිය පුත්‍රයාද සමග එක්ව ඇය ටුට්සි ගෝත්‍රික කාන්තාවන් සහ ගැහැණු ළමයින් දූෂණය කිරීම ද හිටපු ඇමතිවරියට එල්ල වු චෝදනාවකි.