Pudumai Ath Aththai..

NPDJs

Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    2010 වසර දී වැඩිපුරම නීත්‍යානුකූල නොවූ පිටපත් ලබාගෙන ඇති චිත‍්‍රපටය ”ඇවටාර්”

    avathar.jpg


    2010 වසර තුළදී නීත්‍යානුකූල නොවූ පිටපත් වැඩිම ප‍්‍රමාණයක් ලබා ගෙන ඇති චිත‍්‍රපටය ලෙස ජේම්ස් කැමරන් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද ”ඇවටාර්” නම් කර ඇත.
    මෙම චිත‍්‍රපටය අන්තර්ජාලයේ ගොනු සම්භාවිතය ලබා දෙන වෙබ්අඩවි (file sharing websites) අතුරින් එක් වෙබ්අඩවියකින් පමණක් මිලියන 16.6 වරක් ලබා ගෙන ඇතැයි බ්ලොග් අඩවියක් වන ටොරන්ට් ෆ්රීක් විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව සඳූහන් වේ.
    ‘‘ඇවටාර්” චිත‍්‍රපටය 2010 දී වැඩිම නීත්‍යානුකූල නොවූ පිටපත් ප‍්‍රමාණයක් ලබා ගෙන ඇති චිත‍්‍රපටි අතුරින් ඉදිරියෙන්ම සිටියද, ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8 ක පමණ අදායම් හා ලොව පුරා බොක්ස් ඔෆීස් වාර්තා තබමින් ලොව සිනමා ඉතිහාසයේ වැඩිම ආදායම් ලද චිත‍්‍රපටය බවටද පත් විය.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    2010 වසර දී වැඩිපුරම නීත්‍යානුකූල නොවූ පිටපත් ලබාගෙන ඇති චිත‍්‍රපටය ”ඇවටාර්”

    avathar.jpg


    2010 වසර තුළදී නීත්‍යානුකූල නොවූ පිටපත් වැඩිම ප‍්‍රමාණයක් ලබා ගෙන ඇති චිත‍්‍රපටය ලෙස ජේම්ස් කැමරන් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද ”ඇවටාර්” නම් කර ඇත.
    මෙම චිත‍්‍රපටය අන්තර්ජාලයේ ගොනු සම්භාවිතය ලබා දෙන වෙබ්අඩවි (file sharing websites) අතුරින් එක් වෙබ්අඩවියකින් පමණක් මිලියන 16.6 වරක් ලබා ගෙන ඇතැයි බ්ලොග් අඩවියක් වන ටොරන්ට් ෆ්රීක් විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව සඳූහන් වේ.
    ‘‘ඇවටාර්” චිත‍්‍රපටය 2010 දී වැඩිම නීත්‍යානුකූල නොවූ පිටපත් ප‍්‍රමාණයක් ලබා ගෙන ඇති චිත‍්‍රපටි අතුරින් ඉදිරියෙන්ම සිටියද, ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8 ක පමණ අදායම් හා ලොව පුරා බොක්ස් ඔෆීස් වාර්තා තබමින් ලොව සිනමා ඉතිහාසයේ වැඩිම ආදායම් ලද චිත‍්‍රපටය බවටද පත් විය.

    Attama Kiyanawa Nam Mamath Mulin Asakarapu Film Ekak Newei
    Passe Ekaparak Beluwama Asa Hithuna 4parak Wage Beluwa Passe
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ඇඟිලි 31 චීන දරුවකු හමුවේ

    31.jpg


    ච්නයෙන් තමයි මේ වාර්තාව එන්නෙ, චීන දරුවකු වන මොහු අසාමාන්‍ය ලෙස අතේ සහ පාදයෙ ඇඟිලි ඇතුව ඉපදිලා තියෙන්නෙ මීට වසර 6කට පෙර, එයාට උපතෙදිම අතේ සහ පාදයේද ඇතුලුව ඇඟිලි 31 තිබිල තියෙනවා, ඉතින් කොහොම හරි වසර 6ට පසුව, චීනයේ ෂෙන්යන්ග් නගරයේ රෝහලකදී මෙම ඇඟිලි වලින් 11 සැත්කමකින් ඉවත් කරල,

    මේ ගැන සියලු විස්තර මෙතැනින්

    මේ සැත්කම සඳහා පැය 6 කුත් විනාඩි 30 ගතවෙල තියෙන්වා, මෙ කුඩා දරුවාගේ එක් අතක ඇඟිලි 07 සහ අනෙක් අතේ ඇඟිලි 08 ක් තිබී ඇත. අනෙක් අතේ ඇඟිලි 03 ක් ද අනෙක් අතෙහි ඇඟිලි 04 ක් ද එකට බැඳී පැවතී ඇත.

    canvas.png


    amd_31-fingers_1.jpg
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලොව මිලෙන් අධිකම සාරිය

    sar1.jpg


    ඔයාලට කියන්න යන්නෙ ලොව මිලෙන් අදිකම සාරිය ගැන, මේක හදල තියෙන්නෙ, වෙන කොහෙවත් නෙමෙයි, ඉන්දියාවෙ. මේක හදන්න ශිල්පීන් විසින් යොදාගෙන තියෙන්නෙ සේද රෙදි, මේකට නම දීල තියෙන්නෙLady Musicians කියල. සුප්‍රසිද්ධ ඉන්දියානු චිත්‍ර ශිල්පී රාජා රවී වර්මාගේ චිත්‍ර අනුරූ 11 යොදාගෙන තියෙනව මේ සාරියට. මේකෙ මිල වෙලා තියෙන්නෙ ඇමෙරිකානු ඩොලර් 100000, නැතහොත් ශ්‍රී ලංකා රුපියල් 11300000 ආසන්න මුදලක්.මේක තමයි දැනට ලෝකෙ මිලෙන් වැඩිම සාරියට හිමි වාර්තාව ලබාගෙන තියෙන්නෙ

    sar2.jpg
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලොව කුඩාම බළලා - World Smallest Cat

    scat.jpg


    ලොව කුඩාම බළලාට හිමි ලෝක වාර්තාවට හිමිකම් කීමට වසර 06 ක් පමණ වයසැති පීප්ලස් නම් බළලා සමත්ව ඇත. වසර කිහිපයක සිට මෙම ලෝක වාර්තාව පීප්ලස්ට හිමිව තිබීම ද විශේෂත්වයකි. පීප්ල්ස් ජීවත්වන්නේ අමෙරිකා එක්සත් ජනපදයේය. මෙම බළලා බරින් කිලෝ ග්‍රෑම් 01 කුත් ග්‍රෑම් 400 ක් පමණ වේ. උපතේදී කිසියම් දුර්වලතාවයක් නිසා පීප්ලස් මෙසේ ඉතා කුඩා බළලෙකු ලෙස හැදී වැඩී ඇති බව සඳහන්ය.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ලොව කුඩාම බළලා - World Smallest Cat

    scat.jpg


    ලොව කුඩාම බළලාට හිමි ලෝක වාර්තාවට හිමිකම් කීමට වසර 06 ක් පමණ වයසැති පීප්ලස් නම් බළලා සමත්ව ඇත. වසර කිහිපයක සිට මෙම ලෝක වාර්තාව පීප්ලස්ට හිමිව තිබීම ද විශේෂත්වයකි. පීප්ල්ස් ජීවත්වන්නේ අමෙරිකා එක්සත් ජනපදයේය. මෙම බළලා බරින් කිලෝ ග්‍රෑම් 01 කුත් ග්‍රෑම් 400 ක් පමණ වේ. උපතේදී කිසියම් දුර්වලතාවයක් නිසා පීප්ලස් මෙසේ ඉතා කුඩා බළලෙකු ලෙස හැදී වැඩී ඇති බව සඳහන්ය.
    he he elakiri
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලොව මිල අධික නිවාස 5

    ex5.jpg

    05. හියර්ස්ට් මැන්ෂන් -බෙවර්ලි හිල්ස්

    බෙවර්ලි හිල්ස්හි පිහිටි මෙම මන්දිරයේ වටිනාකම අමෙරිකානු ඩෙලර් මිලියන 165 කි. සුප්‍රසිද්ධ ග්‍රන්ථ ප්‍රකාශක විලියම් රැන්ඩොල්ෆ් හියර්ස්ට්ට මෙම නිවස අයත්ව තිබුණි.

    ex4.jpg


    04 .ෆෙයාර්ෆිල්ඩ් පොන්ඩ් -නිව්යෝර්ක්
    අමෙරිකාවේ නිව්යෝර්ක්හි අක්කර 63 ක් පුරා විහිදි උද්‍යානයක පිහිටි මෙම මන්දිරයෙහි වත්මන් වටිනාකම ඩොලර් මිලියන 170 ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ

    ex3.jpg

    03. පෙන්ට්හවුස් -ලන්ඩනය
    ලන්ඩන්හි ඉදිකර ඇති මෙම මහල් නිවසෙහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 200 කි.

    ex2.jpg


    02. ලියොපොල්ඩා විලා -ප්‍රංශය
    1902 වර්ෂයේ බෙල්ජියමේ රජ කළ දෙවන ලියොපොල්ඩ් රජු විසින් ඉදිකර ඇති මෙම නිවසෙහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 525 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. දැනට මෙම නිවසෙහි හිමිකාරිත්වය පවතින්නේ ප්‍රංශ බැංකුකරුවෙකු වන එඩ්මන්ඩ් සෆිරා සතුවය.

    ex1.jpg


    සියලු සැප පහසුකම් වලින් පිරුණු සුන්දර නිවසක වාසය කිරීමට ‍ලොව වෙසෙන ඕනෑම මිනිසෙකු සිහින දකියි. එවැනි නිවාස අතරින් 2010 වර්ෂයේදී වාර්තා වී ඇති ලෝකයේ මිල අධිකම සහ සුඛෝපභෝගී නිවාස 05 පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

    01. “අන්තිල්ලා” -මුම්බාය
    ලෝකයේ වෙසෙන ධනවත්ම මිනිසුන් අතරින් 05 වන තැන හිමිකරගෙන සිටින ඉන්දීය ව්‍යාපාරික මුකේෂ් අම්බානි විසින් හිමිකාරිත්වය දරන මුම්බායි නගරයේ ඉදිකර ඇති”අන්තිල්ලා”ලෙස නම්කර ඇති නිවස දැනට ලොව මිල අධිකම නිවස ලෙස වාර්තා වී ඇත.‍ එහි වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියනයකි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    හිතේ හැඟීම් කියන බළල් කන්

    kan.jpg


    මිනිස් සිරුරෙහි ක්‍රියාකාරිත්වයට සම්බන්ධ විවිධ යන්ත්‍ර, උපකරණ බිහිවුවද සිතෙහි හැඟීම් අනුව ක්‍රියාත්මක වන, ඒ අනුව හැසිරෙන යම් උපකරණයක් නිර්මාණ කර ඇතැයි යන්න නම් පුදුමය දනවන පුවතක් වනු නොඅනුමානය. හිසෙහි පැළඳිය හැකි ලෝම සහිත බළල් කන් දෙකක් ලෙස නිර්මිත Necomimi ලෙස නම්කර ඇති මෙම උපකරණය සිත අභ්‍යන්තරයෙහි වන හැඟීම් සන්නිවේදනය කිරීමෙහි ලා ඉතා වටිනා මාර්ගයක් වන බව එහි නිර්මාණකරුවන් වන ජපාන සමාගම පවසයි.

    නළලට ඉහළින් පළඳින මෙම උපකරණයෙහි කන් යුගලය, එහි සංවේදකය මගින් උපකරණය පැළඳ සිටින්නාගේ මොළය හරහා එන පණිවිඩයට අනුව චලනය වීම විශේෂත්වයකි. මෙම වසර අවසන්වීමෙන් පසු Necomimi වෙළඳපොළට නිකුත්වීමට නියමිතව ඇති බව ද සඳහන්ය.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ඩොලර් 1000 ක් වටිනා මද්‍යසාර අයිස් පලම්

    pop.jpg


    මිල අධික මෙක්සිකානු මද්‍යසාර වර්ගයකින් සකස්කරන ලද අමෙරිකානු ඩොලර් 1000 ක වටිනාකමින් යුත් අයිස් පලම් වර්ගයක් මෙක්සිකානු නිවාඩු නිකේතනයක් මගින් අලෙවි කිරීම ආරම්භ කර තිබේ. මෙම අයිස් පලමක් සාමාන්‍ය ප්ලාස්ටික් රඳවනයක් සමග ලබාදුන්න ද එය සම්පූර්ණයෙන්ම මිල අධික “ටකීලා” නම් මද්‍යසාර වර්ගය යොදාගෙන සකස් කර තිබීම විශේෂත්වයකි.
    මෙම මද්‍යසාර එක් බෝතලයක වටිනාකම ස්ටර්ලිං පවුම් 1000 ක් වන බව ද සඳහන්ය. ටකීලා වලින් නිෂ්පාදනය කරන මෙම අයිස් පලමක මධ්‍යයෙහි කැරට් 24 රත්රන් පතුරු අන්තර්ගතව තිබීම මෙම අපූරු අයිස් පලමේ තවත් විශේෂත්වයකි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලමා අපචාර සම්බන්දිතව අන්තර්ජාලය තුල හුවමාරුවන ඡායාරුප හදුනා ගැනීමේ තාක්ෂනය

    ch.jpg


    ලමා අපචාර සම්බන්දිතව අන්තර්ජාලය තුල හුවමාරුවන ඡායාරුප හදුනා ගැනීමේ තාක්ෂනයට නව මුහුනුවරක් ලැබී ඇති බවට තොරතුරු පලවෙනවා. මෙම තාක්ෂනය යොදා ගන්නා පලමු අන්තර්ජාල සේවාව ලෙස ෆේස්බුක් සේවාව හදුන්වා දී තිබෙනවා. “ඡායාරූප ඩී.එන්.ඒ” නමින් මෙම තාක්ශනය හදුන්වා දී ඇත්තේ මයික්‍රොසොෆ්ට් ආයතනය බවයි සටහන් වෙන්නේ.තප්පරයක් තුල අපමනක් තරම් හුවමාරුවන තොරතුරු අතරින් සාර්තක ලෙස මෙම තාක්ෂනය ක්‍රියාත්මක වන බව තහවුරුවී ඇති බවයි වැඩිදුරටත් සටහන් වන්නේ.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    සියලු සැප පිරි අපූරු හිරගෙයක්

    hg.jpg


    ලෝකයේ පිහිටි අධි සුඛෝපභෝගීම බන්ධනාගාරය ලෙස වාර්තා වන්නේ ඔස්ට්‍රියාවේ ස්ටීරියාහි පිහිටි ලියෝබෙන් අධිකරණ මධ්‍යස්ථානයයි. අධිකරණයකින් හා බන්ධනාගාර සංකීර්ණයකින් සමන්විත මෙම අපූරු ගොඩනැගිල්ල ජෝශප් හොන්සින් නම් ගෘහ නිර්මාණ ශිල්පියාගේ අදහසකට අනුව නිර්මාණය කරන ලද්දකි.

    2004 වර්ෂයේ නොවැම්බර් මාසයේ ඉදිකිරීම් කටයුතු නිමකළ මෙම බන්ධානාගාරයෙහි රැඳවියන් 205 දෙනෙකු සඳහා ඉඩ පහසුකම් සහිතය. සියලු පහසුකම් වලින් සපිරි මෙම බන්ධනාගාරයෙහි සිරකරුවන්ට නිදහසේ අවශ්‍ය පරිදි කාලය ගතකිරීමට අවස්ථාව සලසා දී ඇති බව ද සඳහන්ය.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    සුව නින්දකට පුදුම ඇඳන්

    sa.jpg


    දවස පුරා බොහෝ වෙහෙසන සෑමදෙනෙකුම රාත්‍රියේදී සුවපහසු යහනක සුව නින්දක් අපේක්ෂා කරයි. සුවදායක නින්දක් යනු මූලික මානුෂික අවශ්‍යතාවයක් ද වේ. එවන් සුව නින්දක් වෙනුවෙන් සැකසුණු අපූරු යහනා කිහිපයක ඡායාරූප ඉහතින් දැක්වේ. එදිනෙදා සාමාන්‍ය නින්දේදී තවත් අපූරු අත්දැකීමක් ලබාගැනීමට අවස්ථාව සැලසීම මෙම යහන් නිර්මාණකරුවන්ගේ අපේක්ෂාව වී තිබේ
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    මව්කිරි අයිස්ක්‍රීම් යළි වෙළඳපොළට

    mi.jpg


    පසුගිය වසරේ ලන්ඩන‍යේ කොවෙන්ඩ් ගාර්ඩ්න්හි අවන්හලක මිනිස් මව්කිරි වලින් නිෂ්පාදනය කරන ලද අයිස්ක්‍රීම් අලෙවි කිරීම තහනම් කිරීමට ලන්ඩන් සභාව තීරණය කර තිබුණි. මෙම අයිස්ක්‍රීම් වල මිශ්‍රණයෙන් 75% ක් මව්කිරි වලින් සමන්විත වූ අතර එහි මිල යුරෝ පවුම් 14 ක් විය. මෙම මිනිස් මව්කිරි වලින් නිෂ්පාදනය කරන ලද මෙම අයිස්ක්‍රීම් මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට බොහෝ පැමිණිලි ඉදිරිපත්ව තිබූ නිසා එහි ප්‍රතිඵලයක් ලෙස ලන්ඩන් කවුන්සිල නිලධාරීන් විසින් මෙම අවන්හල පරීක්ෂා කිරීමෙන් පසුව මව්කිරි වලින් නිෂ්පාදිත සියලුම අයිස්ක්‍රීම් අවන්හලෙන් ඉවත් කිරීමට නියෝග කරනු ලැබීය.

    නමුත් දැන් නැවතත් මෙම මව්කිරි අයිස්ක්‍රීම් නැවතත් ලන්ඩන් වෙළඳපොළට නිකුත් කිරීමට එහි නිෂ්පාදකවරුන් විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. “බේබි ගගා” ලෙස නම් කර තිබූ මෙම අයිස්ක්‍රීම් වර්ගයට එරෙහිව පොප් ගායිකා ලේඩි ගාගා ද අනතුරු ඇඟවීම් සිදුකර තිබිණි. මෙම සියලු කරදර වලින් පසු මෙම අයිස්ක්‍රීම් වර්ගයේ නම “බේබි ගෝ ගෝ” යනුවෙන් සංශෝධනය කර නැවත වෙළඳපොළට නිකුත්වන බව වාර්තා වේ.
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,116
    2,296
    113
    දිවයිනේ ප්‍රදේශ රැසක රන්නිධි

    ran.jpg


    දිවයිනේ ප්‍රදේශ රැසක රන් නිධි පවතින බවට තොරතුරු අනාවරණ වී ඇතැයි භූ විද්‍යා පතල් කාර්යාංශය පවසයි.
    එහි සභාපති ආචාර්ය එන්‍.කේ.විජයානන්ද මහතා පැවසුවේ බලංගොඩ, කිරිඉබ්බන්ආර ප්‍රදේශවල මෙන්ම වලවේ හා මැණික් ගඟ ආශ්‍රිතව රන් නිධි පවතින බවට තොරතුරු අනාවරණ වී ඇති බවය.
    දිවයින පුරා සිදුකරන ලද භූ විද්‍යාත්මක සමීක්ෂණවලදී මේ ‍තොරතුරු අනාවරණ වූ බව භූ විද්‍යා පතල් කාර්යාංශයේ සභාපතිවරයා පවසයි. සභාපතිවරයා පැවසුවේ ලෝකයේ බොහෝ රටවල භෞතික හා රසායන ක්‍රම මගින් රන් වෙන්කිරීමේ කටයුතු සිදු කෙරෙන බවය.
    ඔහු සඳහන් කළේ කිසිම අයුරකින් රසායන ක්‍රම භාවිත කර රන් වෙන් කිරීමේ කටයුතු සඳහා මෙරට තුළ අවසර ලබා නොදෙන බවය.

    anduwen mekatath wede dei wage