Puswedilla @ Dialog Awards

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,155
    4,056
    113
    invoke db "Injected Memory"
    කැවුද බං ඒ බුවා? මට උගේ English Class යන්න ආසයි. ..
    හිනාවෙලා හිනා වෙලා හිනා වෙලා "Pas coming out" of my mouth :P

    මේවට තමයි බං LOL කියන්නෙ. .. :P

    .::: rep+ :::.
     
    Last edited:

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,130
    215
    63
    මෙකට තමා කියන්නේ උරාගේ මලු උරාගේ පිටේ තියලාම කපනවා කියලා :lol::lol::lol:
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    ඉහල නිලධාරීන්ට උපහාසයට ලක්කළ නාට්‍යය නිස

    ඉහල නිලධාරීන්ට උපහාසයට ලක්කළ නාට්‍යය නිසා ක්‍රිකට් පාලක මණ්ඩලය උණුසුම්වේ

    ඩයලොග් ආයතනය විසින් සංවිධානය කරන ලද වාර්ෂික ක්‍රිකට් ක්‍රීඩා සම්මාන උළලේ රඟ දැක්වූ ප්‍රහසන නාට්‍යය මගින් එහි ඉහල පෙලේ නිලධාරීන්ට එල්ලකළ උපහාසාත්මක වදන් හේතුවෙන් මේවනවිට ක්‍රිකට් පාලක මණ්ඩලය උණුසුම් වී ඇත.

    මෙම සම්මාන උළෙල සංවිධානයකොට තිබුනේ ජනප්‍රිය ගායක යුවලක් වන භාතිය සන්තුෂ් විසිනි. රජයේ බොහෝ උත්සව අවස්ථාද සංවිධානය කරනු ලබන්නේ භාතිය සන්තුෂ් ගේ ආයතනය හරහා වන අතර පසුගිය කාලයේ පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් හේ සමාරම්භක උත්සවය වෙනුවෙන් එම ගායක යුවලගේ සමාගමට රුපියල් ලක්ෂ 150 ක් ගෙවා තිබුණි.

    ප්‍රහසන නාට්‍යය වලින් එල්ල කල උපහාසාත්මක වදන් වලින් සිත රිදවාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය භාතිය සන්තුෂ් දෙදෙන ක්‍රිකට් පාලක මණ්ඩලයට ගෙන්වා බැන වැදී ඇති බව වාර්තා වේ.

    මෙහිදී සනත් ජයසූරිය කෝපයට පත්ව ඇත්තේ වරක් ඔහු ක්‍රිකට් විස්තර විචාරය කිරීමේදී "පස් කමින්ග් අවුට්" යන වදන එදින රාත්‍රියේ පැවැත්වූ නාට්‍යයක් තුලින් හාස්‍යයට පත්කිරීම නිසාවෙනි.

    මෙසේ රජය, ක්‍රිකට් ක්‍රීඩකයන්, ක්‍රිකට් පාලක මණ්ඩලය උපහාසයට ලක්කොට තිබුනේ ජිප්සීස් නායක සුනිල් පෙරේරා විසින් "ලංකාවේ අපේ ලංකාවේ" යන ගීතය සමග ඉදිරිපත් කල නාට්‍යයක් සහ පුස් වෙඩිල්ල ගේ නාට්‍යයක් වේ.

    මේ පිලිබඳ සොයාබැලූ අපට වාර්තා වුයේ මෙම අයිතම දෙක එකතුකොට ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ මින්පෙර සාමාජිකයෙකුව සිටි අයෙකු බවයි. භාතිය සන්තුෂ් විසින් වෙනත් අයිතමයන් සුදානම්කොට තිබියදී ඔහු විසින් මෙම අයිතම දෙක ඉදිරිපත්කොට ඇති අතර ඒවා ඉදිරිපත්කොට ඇත්තේද ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් නැති අවස්තාවකය.

    එල්ලවන චෝදනා සියල්ල භාතිය සන්තුෂ් විසින් ප්‍රතික්ෂේපකරන අතර ඔවුන් පවසන්නේ එම නාට්‍යය දෙකෙහි තිරපිටපත පිලිබඳ ඔවුන් කිසිවක් නොදැන සිටි බවයි. එමෙන්ම මෙම නාට්‍යය දෙක වගකිවයුතු නිලධිරින් ඉදිරියේ පෙර පුහුණු වූ බවත් ඔවුන්ට එම තිරපිටපතේ ඇත්තේ මොනවාදැයි දැනගැනීමට කිසිදු අවශ්‍යතාවයක්ද නොතිබූ බව ඔවුන් මාධ්‍යය වෙත හෙළිකොට තිබුනා.