PVC පයිප්ප Cycle Stand එකක් හදමු!

Jun 2, 2016
154
119
0
Sri Lanka
PVC පයිප්ප Cycle Stand එකක් හදමු!

PVC පයිප්ප වලින් බයිසිකල් පාක් කරන්න Bicycle Stand එකක් හදමු!! - Lets make a bicycle stand with PVC pipes!!

DSCN7034.jpg




PVC පයිප්ප වලින් මම හදපු බයිසිකල් ස්ටෑන්ඩ් එක - ඔයාලටත් හදන්න පුලුවන්, පැය දෙකතුනක් ඇතිවෙයි වැඩේට



මේවගේ බයිසිකල් 3ක් පාක් කරන්න පුලුවන් PVC බයිසිකල් ස්ටෑන්ඩ් එකක් ලේසියෙන්ම රුපියල් 2500කට අඩුවෙන් හදාගන්න පුලුවන්. මේ වගේ එකක් යකඩින් හදන්න අපේ ගෙවල් ලඟ පට්ටලෙන් රුපියල් 6500ක් යනවා කිව්වා.

හදාගන්න හැටි පියවරන් පියවර දාලා තියෙනවා.

අවශ්‍ය දේවල්

1" පයිප්ප ලෙන්ත් 4යි (අඩි 30ක කෑලි කපන්න පුලුවන් වෙන්නේ ලෙන්ත් 4ක් ගත්තොත් )

T කනෙක්ටර් 18යි

L කනෙක්ටර් 6යි

පයිප්ප ගම්


පයිප්ප කපා ගත යුතු පිලිවෙල.


DSCN7011.jpg


පයිප්ප අත් කියතකින් හරි හැක් සෝ එකකින් හරි පහත පිලිවෙලට කෑලි කපා ගන්න.

අඟල් 18.5 කෑලි - 6යි
අඟල් 16.5 කෑලි - 6යි
අඟල් 9.5 කෑලි - 6යි
අඟල් 8.5 කෑලි - 6යි
අඟල් 1.75 කෑලි - 9යි


සවිකිරීම - පලමුවන පියවර | Assembly Step 01


DSCN7013.jpg


අඟල් 18.5 කෑලි 6ය, අඟල් 9.5 කෑලි 6යට T කනෙක්ටර් ආධාරයෙන් සවිකර ගන්න

- සැළකිය යුතුයි - දැන්ම පයිප්ප ගම් ගාලා අලවන්න එපා. ඔක්කොම හයිකරලා, වෙනස්කම් කරන්න ඕනෑනම් කරලා ඉවරවෙලා ජොයින්ට් වලට ගම් ගාලා ෆික්ස් කරමු.

හයිකරල ඉවරවුනාම රූපයේ විධියට කෑලි ටික තියෙන්න ඕනෑ. මේ විධියටම තියාගන්න, එතකොට ඉදිරි එකලස් කිරීම් වලට පහසුයි.


සවිකිරීම - දෙවන පියවර | Assembly Step 02


DSCN7014.jpg


T කනෙක්ටරයට අඟල් 8.5 කෑලි 6 අමුණාගන්න.


සවිකිරීම - තුන්වන පියවර | Assembly Step 03


DSCN7015.jpg


රූපයේ පෙනෙන ආකාරයට අඟල් 18.5 කොටසට L හා T කනෙක්ටර් සම්බන්ධ කරගන්න

ඉන්පසු එම කනෙක්ටර් තුලට අඟල් 1.75 කැබලි 6 සම්බන්ධ කරන්න. රූප සටහනේ දකුණු කෙලවරේ මෙම සම්බන්ධ කිරීම කලයුතු ආකාරය පෙන්වා ඇත. වම් කෙලවරේ එය සවිකල පසු පෙනෙන ආකාරය දක්වා ඇත.

එය තවත් පැහැදිලිව පහත රූපවල දක්වා ඇත.


DSCN7016.jpg


DSCN7017.jpg


සවිකිරීම - සතරවන පියවර | Assembly Step 04

DSCN7019.jpg


16.5 කෑලි දෙකක් රූපයේ පෙනෙන ආකාරයට සම්බන්ධ කරගන්න. දැන් මේ එකලස් කිරීම වෙනත් පැත්තකින් බැලූ විට පෙනෙන ආකාරය බලමු.


DSCN7021.jpg


සවිකිරීම - පස්වන පියවර | Assembly Step 05

DSCN7023.jpg


රූපසටහනේ පෙනෙන ආකාරයට 16.5 කැබැලි දෙකක්, 1.75 කැබලි 3 හා T හා L කනෙක්ටර් සවිකරගන්න.

සවිකිරීම - සයවැනි පියවර | Assembly Step 06


DSCN7027.jpg


ඉතිරි 16.5" කැබලි 2ක, 1.75 කැබලි 3 හා T හා L කනෙක්ටර් සවිකරගත් පසු ඔබගේ බයිසිකල් ස්ටැන්ඩ් එක සම්පූර්ණ වන අතර, එය මෙලෙස දිස්විය යුතුය.

DSCN7028.jpg


DSCN7029.jpg


මෙහි සයිකල් 3කට ඉඩ ඇති අතර, ගම් ආලේප කොට ජොයින්ට් සීල් කිරීමට පෙර නිවසේ ඇති බයිසිකල් මෙහි රඳවා සීරුමාරු කිරීම් කලයුතු දැයි බලන්න.

සයිකල් වල ඉදිරි රෝද අපහසුවකින් තොරව රූපයේ පෙනෙන ආකාරයට ඇතුලුකල හැකි අතර එවිට බයිසිකලට වෙනත් ආධාරකයක් නොමැතිව හොඳින් ස්ථාවරව තිබිය යුතුය.

ඔබගේ බයිසිකල් මහත රෝද ඇති මවුන්ටන් බයිසිකල් නම්, රෝද ඇතුලු කරන හිදැස පලල් මදි වන්නට පුලුවන්. එවිට කල යුත්තේ අඟල් 1.75 කැබැලි 9 වෙනුවට අඟල් 2" හෝ 2.25" වැනි කැබලි 9 කපාගෙන සවිකොට බැලීමයි. වෙනත් වෙනස් කමක් අවශ්‍ය නෑ.


DSCN7033.jpg


DSCN7030.jpg


යූ ටියුබ් විඩීයෝ එක බලන්න - මේ වීඩියෝවේ හදන හැටි නම් නෑ. හදපුවාම පේන විධිය තියෙනවා. වීඩියෝ එක හරියට වැඩකරන්නේ නැත්නම් මේ ලින්ක් එකෙන් යන්න - https://www.youtube.com/watch?v=NCDlhggu7YA

 

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
හරි දැන් PVC බට වලින් බයිසිකලයක් හදන හැටි කියලා දීපිය :P
 

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    නියමයි මචං...
    මමත් අපේ බබාට සෙල්ලම් ගෙයක් හදල දුන්න පයිප්ප වලින් සැකිල්ල ගහල ලඟ ගෙදරක අක්ක කෙනෙක්ට කියල රෙදි වලින් කවර් එක මස්ස ගත්ත හරි ලස්සනයි, ලේසි පහසුයි ලාබයි අනවශ්‍ය වෙලාවට ගලවල තියන්නත් පුලුවන් ඇඟ උඩට වැටුනත් රිදෙන්නෙ නැහැ
     

    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    නියමයි මචං...
    මමත් අපේ බබාට සෙල්ලම් ගෙයක් හදල දුන්න පයිප්ප වලින් සැකිල්ල ගහල ලඟ ගෙදරක අක්ක කෙනෙක්ට කියල රෙදි වලින් කවර් එක මස්ස ගත්ත හරි ලස්සනයි, ලේසි පහසුයි ලාබයි අනවශ්‍ය වෙලාවට ගලවල තියන්නත් පුලුවන් ඇඟ උඩට වැටුනත් රිදෙන්නෙ නැහැ



    Photo එකක් දාපන්කෝ අදහසක් ගන්න...
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කම්බි දාල වෙල්ඩින් ගැහුවනම් ඔච්චර වියදමක් යන්නේ නැහැනේ බන් :oo::oo::oo:
     
    Jun 2, 2016
    154
    119
    0
    Sri Lanka
    කම්බි දාල වෙල්ඩින් ගැහුවනම් ඔච්චර වියදමක් යන්නේ නැහැනේ බන් :oo::oo::oo:

    වෙන්න පුලුවන්, ඒත් තමුන් යම්ක් හදලා පාවිච්චි කරනවා වගේ සතුටක් නෑනේද?
     

    pathfinderr

    Junior member
  • Jan 3, 2016
    152
    18
    18
    යකෝ.... උබ කිව්වට හැදුවා... දැන්නේ මතක් උනේ මට බයිසිකලයක් නැ කියල.......