PVT Limited කම්පනි එකක් රෙජිස්ටර් කරමු

peggingboys

Active member
  • Jun 11, 2023
    253
    73
    28
    කම්පනි රෙජිස්ට්‍රේශන් එක තමන්ටම කරගන්න පුලුවන් ඔන්ලයින්ම ලේසියෙන්. රජයේ වෙබ්සයිට් එක හරිම ලේසී. සහ ලොකු මුදලක් වැය වෙන්නෙත් නෑ.

    මේ ලින්ක් එකෙන් රජයේ වෙබ්සයිට් එකට යන්න පුලුවන්
    https://eroc.drc.gov.lk/dashboard/home

    ඕකට ගිහිල්ල උබලගෙ ඊමේල් එකයි, අලුත් පාස්වර්ඩ් එකකුයි දීල රෙජිස්ටර් වෙන්න.

    Step 1 - ව්‍යාපාර නාමය රෙජිස්ටර් කිරීම

    ඉස්සෙල්ලම අහන්නෙ උබ කැමති ව්‍යාපාර නම

    උදා: එලකිරි ප්‍රයිවට් ලිමිටඩ් (මේක ගත්තෙ වෙන සයිට් වල නම් දාන එක හරි නැති නිසා මෙතන)

    View attachment 232731

    ඒකෙන් නම ටයිප් කරල සර්ච් බටන් එක ප්‍රෙස් කලාම නම රෙජිස්ටර් කරන්න පුලුවන් එකක්ද, දැනටමත් තියෙන එකක් ද කියල එනව.
    දැන් උඩ තියෙන නම මම ටයිප් කරපු එක නම් පොඩි වෝනින්ග් එකක් දෙනව, ඒකට සමාන නමක් තියෙනව කියල, ඒත් ඔහොම වෝනින්ග් සයින් එකක් රතු පාටින් ආවට ගොඩක් වෙලාවට ඕක රෙජිස්ටර් කරන්න පුලුවන්. සමහර විට එලකිරිය තාම ප්‍රයිවට් ලිමිටඩ් රෙජිස්ටර් කරල නැතුව ඇති.

    ඕකෙ ගාන රු: 2768.28

    ඕක දවස් දෙක තුනකින් (බොහෝ වෙලාවට එක දවසින්) රෙජිස්ටර් කරන්න පුලුවන්.

    Step 2 - ව්‍යාපාර නාමය incorporate කිරීම

    ඕක රෙජිස්ටර් කලාට පස්සෙ උබ රෙජිස්ටර් කරපු නමට යටින් පේන්නනව බටන් එකක් "Incorporate" කියල.

    ඒකෙ අහන්නෙ පහල දේවල්

    1. උබේ විස්තර ටික (අයිඩෙන්ටිටි කාඩ් විස්තර හෝ පිට රැටියෙක් නම් පාස් පෝට්)
    2. කම්පනි එකට උබ දාන්න කැමති සෙක්‍රිටරි ගෙ විස්තර ටිකයි (උබේ කෙල්ල, කොල්ල, බල්ල, අල්ලපු ගෙදර නන්ගි/අයිය, යාලුවෙක්, ඕනෙ එකෙක් දාන්න පුලුවන්)
    3. Articles of Association (මේකත් රජයේ වෙබ්සයිට් එකේම මොඩල් එකක් උන් දාල තියෙනව, ඒක වෙනස් කරන්න ඕනෙ කියල උබට හිතෙන්නෙ නැත්තන් ඒකම අප්ලෝඩ් කරපන්, ඒක උබලට වෙනස් කරන්න ඕනෙ නම් විතරක් වෙනස් කරන්නත් පුලුවන්, ලොකු සීන් එකක් නෑ)

    articles of association එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න
    Articles of Association

    ලන්කාවෙ ඔය ප්‍රයිවට් රෙජිස්ටර් කරල දෙන්නම් කියන අර බුක්ස් මේ බුක්ස් කිය කිය නම්වලින් එන යූ ටියුබ් එකේ වීඩියෝ දාල උබේ පොකට් එකට දීර්ඝකාලීනව කෙලින උන්ට නම් අහුවෙන්න එපා.

    සාමාන්‍යයෙන් උබලට සෙක්‍රිටරි (ලේකම්) ගෙ නමට උබ දන්න කෙනෙක් දාන එක හොදයි, මොකෝ ගොඩක් තැන්වලදි එයාගෙ අත්සන ඕනෙ වෙන්න පුලුවන් පස්සෙ කාලෙක, බැන්කු ගිනුම් වගේ දේවල් කම්පනි එක නමට ගන්නකොට වගේ.

    ඕකෙ ගාන රු: 13,800.00 ක් වගේ ගන්නෙ.

    මේ දෙවැනි පියවරට නම් සතියක් වගේ බලන් ඉන්න වෙනව උන් අප්ඩේට් එකක් දෙනකන් (දන්නවනෙ ඉතින් ලන්කාවෙ වැඩ 😁).
    මේකෙත් කාලය ඉක්මන් කරන්න පුලුවන් නම් හොදයි ඒත් මොනව කරන්නද ඉතින් ලන්කාවෙ මිනිස්සු ඉක්මන් වැඩ නෑනෙ.

    මොකක් හරි අඩුපාඩුවක් තියෙනව නම් එයාල ඔයාට එතනම මැසේජ් එකක් දාල තියනව හදන්න ඕනෙ අඩුපාඩු. ඒක නිසා ලොකුවට බය වෙන්න දෙයක් නෑ මොකක් හරි අඩුවක් වෙයිද කියල. පුලුවන් උපරිමයෙන් ඉල්ලල තියෙන දේවල් ටික දෙන්න බලන්න. එතකොට දෙපැත්තටම ලේසී.

    ඔය වෙන ආයතන වලට සල්ලි දීල කරගත්තම උන්ගෙ පස්සෙන් යන්න ඕනෙ අත්සන් ගන්න තව තව සල්ලි ඉල්ලන්නත් ඉඩ තියෙනව සැරෙන් සැරේ අත්සන් වගේ ඒවට. ඒක නිසා උබලගෙ රෙජිස්ට්‍රේශන් එක උබලම කරගන්න එක හොදයි.

    රජයේ ගොබ්බ වෙබ්සයිට් නිසා සමහර වෙලාවට පොඩ්ඩක් ස්ලෝ. ඒත් ලොකු අව්ලක් නෑ.

    රජයටත් ඕනෙ මේක උබලට ලේසි වෙන්න සහ හොරුන්ට අහු නොවී උබලගෙ බිස්නස් එක ගොඩදම්ම වන්න. උබලගෙ බිස්නස් ගොඩ ගිහිල්ල උබල සල්ලි කාරයො උනොත් තමයි රජයටත් කීයක් හරි එන්නෙ.

    ලන්කා රජය උබලව ගිලින්න බලන් ඉන්නව වගේ ගොබ්බ විදිහට හිතන එක අතෑරල, තමන්ගෙ දෙයක් පටන් අරන් ගොඩ යමු.

    ඒක නිසා උබලගෙ පොකට් එකේ තියෙන සල්ලි ටික හූරන් කන්න එන එවුන්ට කියල උබල පාවිච්චි නොවී මොලේ පාවිච්චි කරල වැඩ කරමු.

    අනවශ්‍ය වියදම් උබේ පොකට් එකෙන් සත පහක් වත් අනිත් කෙනෙක්ට හූරන් කන්න දෙන්න එපා.

    ටැක්ස් වගේ ගෙවන ඒව ඩොක්‍යුමන්ට් හදන හැටි පස්සෙ දවසක දාන්නම්. ලොකු සීන් එකක් නෑ. ඔය කම්පනි රෙජිස්ට්‍රේශන්. ගොඩක් එවුන් උබලව අන්දල සල්ලි ගන්නව, තමන්ටම කරගන්න පුලුවන් දේවල් වලටත්.

    බිස්නස් වලට බය උනොත් සහ අනුන්ට රැවටුනොත් නම් කවදාවත් ගොඩ යන්න වෙන්නෙ නම් නෑ.

    ------
    කාට හරි ප්‍රයෝජනයක් වෙන්න බම්ප් එකක් දාල යන්න.
    13890 ඕනෙ මොකටද බ්‍රෝ

    දෙන්නෙක් එකතු වෙලා කම්පැනියක් දානවනම් කොහොමද කරන්නේ? වාසි අවාසි මොනවද? වැඩිපුර ගෙවන්න වෙන්නේ මොනවටද?
    ------ Post added on Jul 28, 2024 at 7:16 AM
     
    • Like
    Reactions: tarson

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    8,034
    7,550
    113
    🤍
    Audit krnw kiyanne mokakda?

    auruddakata kiyak gewanna oneda meka register karata passe ?

    me ethakota

    elakiri.com wage register krnwnm trademark ekak widihata ara website eke hatiyata apita gewanna tiyenne Rs 1000 i neda ?
    ------ Post added on Jul 28, 2024 at 8:44 AM
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,868
    3,387
    113
    13890 ඕනෙ මොකටද බ්‍රෝ

    දෙන්නෙක් එකතු වෙලා කම්පැනියක් දානවනම් කොහොමද කරන්නේ? වාසි අවාසි මොනවද? වැඩිපුර ගෙවන්න වෙන්නේ මොනවටද?
    ------ Post added on Jul 28, 2024 at 7:16 AM

    2768.28 - නම රෙජිස්ටර් කරන්න
    13,800.00 - incorporate කරන්න

    ඔය දෙකම කරන්න ඕනෙ.

    දෙන්නෙක් එකතුවෙලා කරාම යන වියදම් කියල එහෙම අමතර විශේශ ලොකු වියදම් නෑ.

    ව්‍යාපාරය පොඩි එකක් නම්, දෙන්නෙක් තියා තුන් දෙනෙක් වත් Directors ල විදිහට හවුලේ එකතු වෙලා කරන්න එපා කියල තමයි කියන්න තියෙන්නෙ.

    ඒ අනිත් කෙනා අපි හිතමු ඔයාගෙ යාලුවෙක් කියල, එයාවත් ගොඩ දාන්න ඕනෙ කියල හිතෙනව නම්, එයාව Director කෙනෙක් විදිහට දාන්නෙ නැතුව එයාට 10%-20% ක් වගේ ප්‍රොෆිට් එකක් දෙන්න (එයාලත් මහන්සි වෙලා වැඩ කරනව නම් විතරක් සහ එයා නම් ඔයාගෙ guidance එකෙන් බිස්නස් එක ෆුල් රන් කරන්නෙ, නැත්තන් එච්චර දෙන්න ඕනෙත් නෑ).

    මොකෝ අනිවාර්යෙන්ම ඔයාගෙ අනිත් පාට්නර් ඔයා තරම් රිස්ක් එක බාරගන්න කැමති නෑ, මොනා හරි ලොකු වියදම් වෙනව නම් ශේප් වෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩී හවුලේ වැඩ වල. ඔයාට එයාගෙ පස්සෙන්ම ඉදල හැම ස්ටෙප් එකක් ම කියල කරවන්න සිද්ද වෙන්න පුලුවන්.

    ඒක නිසා ප්‍රොෆිට් එකෙන් කොටසක් විතරක් දෙන එක දෙපැත්තටම හොදයි. ඔය 10% පොඩි ගානක් වගේ පෙනුනත් බිස්නස් එක ලොකු වෙනකොට ඉතින් යාලුවටත් ඉතා ලොකු ලාභයක් එයි.

    යාලුවට මොලේ තියෙනව නම් අනිවා ඒ ක්‍රමේට කැමති වෙයි.
    එයාට කවදාවත් ආයතනයේ අයිතිය එන්නෙ නැති උනත් ව්‍යාපාරය ලාභ ලබන තරමට ලොකු රිස්ක් එකක් නැතුව එයාට ප්‍රොෆිට් එකක් එනව. ඒත් ව්‍යාපාරය හොදින් කරන් යන්න එයාට ලොකු වගකීමකුත් තියෙනව.

    අනිත් එක තමයි එයා ඉතින් හරියට කිසිම දෙයක් කරන්නෙ නැත්තන් සල්ලි පස්සෙම විතරක් යන කෙනෙක් නම්, ඔයාට පුලුවන් එයාගෙ performance අනුව විතරක් ගෙවන්න. හවුල්කරු විදිහට ව්‍යාපාරෙට තව අය දාගත්තම ලෝක ලෙඩ දෙගොල්ලන්ටම.

    ඒ කොහොම උනත් Directors ල විදිහට හවුලේ එකතු වෙලා පොඩියට පටන් අරන් හොදින් කරන් යන ව්‍යාපාරත් මම දැකල තියෙනව.
     
    • Like
    Reactions: buddikagayan
    Audit krnw kiyanne mokakda?
    අදාළ නැත. https://www.google.lk/search?q=විගණනය+යනු+කුමක්ද
    @tarson
    auruddakata kiyak gewanna oneda meka register karata passe ?
    ara website eke hatiyata apita gewanna tiyenne Rs 1000 i neda ?
    පහත විස්තර සම්පූර්ණයෙන් කියවන්න.
    https://www.nipo.gov.lk/web/index.php?option=com_content&view=article&id=15&Itemid=146&lang=si
    https://www.nipo.gov.lk/web/index.php?option=com_content&view=article&id=41&Itemid=170&lang=si

    elakiri.com wage register krnwnm trademark ekak widihata
    elakiri.com වගේ දෙයක් ලියාපදිංචි කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනයක් නැහැ.
     
    Last edited:

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    ප්‍රයිවට් ලිමිටඩ් නැති පොඩි ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නේ කොහොමද
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,868
    3,387
    113

    Enterprises / Private Ltd

    මේ දෙකේ වෙනස මොකක්ද

    ප්‍රදාන වශයෙන් පහල හේතු දෙක මම දන්න තරමින්,

    1. Private limited : වගකීම් සීමා සහිතයි (මොකක් හරි වෙලා කෙලඋනොත් උබලගෙ ගෙවල් දොරවල් විකුනල ආපහු ගෙවන්න ඕනෙ නෑ)

    2. Enteprises: වගකීම් සීමා සහිත නෑ (මොකක් හරි වෙලා කෙලඋනොත් උබලගෙ ගෙවල් දොරවල් විකුනල හරි ආපහු ගෙවන්න ඕනෙ)

    සරල උදා: උබට බුලත් විට කඩයක් තියෙනව, උබ විකුනපු බුලත් විට එකක පනුවෙක් ඉදල, ඒක දැකල ඌ බොරුවක් ගොතල උබෙන් සල්ලි ගන්න නඩුවක් දානව, "ඌ බයවෙලා උගෙ මාන්සික මට්ටම පහල වැටුන, උගෙ කටේ ගෙඩියක් ආව, ගෙඩිය නිසා බැක්ටීරියා වර්දනය උනා, ඒක නිසා මොලේ ලගට විශබීජ ගිහිල්ල උගේ ඇගට සෑහෙන්න මහන්සි වෙන්න උනා බැක්ටීරියාව යවන්න" කියල. ඌ උබෙන් රු: මිලියනයක් හෝ උබව අවූරුද්දකට හිරේ දාන්න අහනව. එතකොට උබට ගැලවෙන්න අමාරුයි Enteprises වගේ තිබ්බොත්.

    මම දන්න තරමින් තනි පුද්ගල, සමාගම් නොවන ව්‍යාපාරත් මේ ඝනයට වැටෙනව.

    වැරදි නම් නිවැරදි කරන්න.

    ප්‍රයිවට් ලිමිටඩ් නැති පොඩි ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නේ කොහොමද

    ග්‍රාමසේවක ලග ෆෝම් එකක් තියෙනව "තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදින්චි කිරීම" කියල. නොමිලේ දෙන්නෙ, රු: 5000 වගේ යනව මම හිතන්නෙ රෙජිස්ටර් කරන්න. හරියටම මතක නෑ.
    ------ Post added on Aug 26, 2024 at 12:06 PM
     
    • Like
    Reactions: buddikagayan