Qatar,etihad airways මත්තලට එයිද ?

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    Qatar,etihad airways මත්තලට එයිද ?

    eto.jpg

    හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පියාසර කිරීමට තිබෙන හැකියාව සොයා බැලීමට කටාර් එයාර්වේස් සහ එටිහාඩ් ගුවන් සේවා විගණනයක් සිදුකර තිබෙන බව අනාවරණය වේ.

    මෙම ගුවන් සමාගම් දෙක විසින් පසුගියදා මෙම විගණන කටයුතු කළබව ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති, ප්‍රසන්න වික්‍රමසූරිය මහතා අප සමග සඳහන් කළේය.

    මේ අතර, මීට පෙර අප විසින් හෙළිකළේ අබුඩාබියේ රොටානා ජෙට් ගුවන් සේවයද මත්තලට පියාසර කිරීමට සූදානම් වන බවයි.

    මත්තල ගුවන් තොටුපොළට පියාසර කර පසුව ගුවන් ගමන් අත්හැරි “එයාර් ඇරබියා“ ගුවන් සේවයද නැවත වතාවක් මත්තලට පියාසර කිරීමට සූදානම් වන අතර “ෆ්ලයි ඩුබායි“ ගුවන් සේවය මේ වනවිට මත්තලට පියාසර කරයි.

    source

    මහින්දට හම්බ සරණයි:rofl:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Katunayaka 5 lakhs gannawa plane ekak handle karanna.so mun mattalata enne mattala free nisa:lol: paw etinrata wada karala ena un taxi ekata tawa ganak iwarai:(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හම්බ න් තොට හම්බ න් එයාර් ලයින්ස්.
    එදත් හම්බන්තොටටලු බැස්සේ. අදත් එහෙමලු
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    පිස්සුද බන් .මේ නිව්ස් එක බොරුවක් .මොකද ඔය එයාර්ලයින්ස් දෙකම ඒ ඒ රටවල් වල ජාතික ගුවන් සේවයන් .ඉතිං ජාතික ගුවන් සේවයන් වල ගුඅන් යානා තම ගමනාන්තය සඳහා තෝරාගන්නේ ඉහළම ප්‍රමිතියෙන් යුතු ගුවන්තොටුපොළවල් .ලොකේ තියෙනවා මචං එක ආයතනයක් මට ekea නම මතක නැහැ .අන්න එකෙන් සහතිකයක් ගන්න ඕනේ ඕනම එයාර්පොර්ට් එකක් ඒ එයාර්පොර්ට් එකේ ප්‍රමිතිය සම්බන්ධව . ඉතිං මත්තලට ඒ සහතිකය නැහැ .අනික ඔය එයාර්ලයින්ස් දෙකම තරු 5 හේ එයර්ලයින් ද කොහෙද ?(වැරදි නම් නිවැරදි කරන්න ).එව්වා නම් කොහෙතම් එන්නේ නැහැ .අනික බන් තව එකක .පහුගිය දවස් වල අතුරුදහන් වෙච්ච මැලේසියන් ගුවන් යානාව ගොඩ බාන්නට ඇතැයි සැකකෙරෙන මැලේසියානු දේශය අවට කලාප වල එයාර්පොර්ට්ස් 634 ක් ද (හමුදා ,මගී දෙකම ) කොහෙද නීර්ණය කරා .එකේ ලංකාවේ එයාර්පොර්ට් ඔක්කෝම් තිබ්බා එකක් හැර .ඒ තමා ඔය මත්තල කර් පාර්ක් එක .ඉතිං බලපන් ඒ කියන්නේ එයාර්පොර්ට් එකක් කියලා පිළිගන්නේ නැහැ නේ ජාත්‍යන්තරව .
     
    • Like
    Reactions: navodwickra

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පිස්සුද බන් .මේ නිව්ස් එක බොරුවක් .මොකද ඔය එයාර්ලයින්ස් දෙකම ඒ ඒ රටවල් වල ජාතික ගුවන් සේවයන් .ඉතිං ජාතික ගුවන් සේවයන් වල ගුඅන් යානා තම ගමනාන්තය සඳහා තෝරාගන්නේ ඉහළම ප්‍රමිතියෙන් යුතු ගුවන්තොටුපොළවල් .ලොකේ තියෙනවා මචං එක ආයතනයක් මට ekea නම මතක නැහැ .අන්න එකෙන් සහතිකයක් ගන්න ඕනේ ඕනම එයාර්පොර්ට් එකක් ඒ එයාර්පොර්ට් එකේ ප්‍රමිතිය සම්බන්ධව . ඉතිං මත්තලට ඒ සහතිකය නැහැ .අනික ඔය එයාර්ලයින්ස් දෙකම තරු 5 හේ එයර්ලයින් ද කොහෙද ?(වැරදි නම් නිවැරදි කරන්න ).එව්වා නම් කොහෙතම් එන්නේ නැහැ .අනික බන් තව එකක .පහුගිය දවස් වල අතුරුදහන් වෙච්ච මැලේසියන් ගුවන් යානාව ගොඩ බාන්නට ඇතැයි සැකකෙරෙන මැලේසියානු දේශය අවට කලාප වල එයාර්පොර්ට්ස් 634 ක් ද (හමුදා ,මගී දෙකම ) කොහෙද නීර්ණය කරා .එකේ ලංකාවේ එයාර්පොර්ට් ඔක්කෝම් තිබ්බා එකක් හැර .ඒ තමා ඔය මත්තල කර් පාර්ක් එක .ඉතිං බලපන් ඒ කියන්නේ එයාර්පොර්ට් එකක් කියලා පිළිගන්නේ නැහැ නේ ජාත්‍යන්තරව .

    මත්තල කර් පාර්ක් එක. :lol::lol::lol: dawase kathaawa ban :rofl::rofl: