Raja passa ta barata illanavalu

chundibundi

Member
Jul 16, 2011
285
17
0
naya ganne nathuwa ratak diyunu karanna ba. mey balapan loke balawathage hati.. issara apey ratata naya dunneth naha. naya gaththath gaththe kanna lol.. lankawa meeta wada dasa gunayak hondai.

1. 2011 මුදල් වර්ෂය තුළ ඇමරිකානු රජය ඩොලර් ටි්‍රලියන 3.7 ක්‌ වැය කළේය. එහෙත් රජය උපයා ඇති ආදායම ඩොලර් ටි්‍රලියන 2.4 කි. මේ අනුව ඩොලර් ටි්‍රලියන 1.3 ක්‌ රජය ණය විය. (ටි්‍රලියනයක්‌ යනු මිලියනය*මිලියනය = )

2. රොනල්ඩ් රේගන් ඇමරිකන් ජනාධිපති වන විට රටේ ජාතික ණය ප්‍රමාණය ඩොලර් ටි්‍රලියන 1 ට අඩුය. අද මේ ගණන ටි්‍රලියන 15.2 කි.

3. වසර 2011 දී ඇමරිකාවේ ජාතික ණය ප්‍රමාණය පළමු වතාවට රටේ ජාතික දල නිෂ්පාදනය මෙන් 100% ඉක්‌මවීය.

4. උසනසචැdස්‌ විශ්ව කෝෂයට අනුව ඇමරිකාවේ මූල්‍ය පදනම සකස්‌ වී ඇත්තේ කාසි, ඩොලර් නෝට්‌ටු, එරට මධ්‍යම බැංකුවෙහි ඇති වාණිජ බැංකුවලට අයත් තැන්පතු යනාදියෙනි. මෙහි සමස්‌ත වටිනාකම ඩොලර් ටි්‍රලියන 2.7 කි. මේ මුදල ඉවතට ඇද ජාතික ණය ගෙව්වත් තවත් ඩොලර්Êටි්‍රලියන 12.5 ක්‌ හිඟ හිටිනවා ඇත.

5. 2011 දී ජාතික ණය සඳහා ඇමරිකන් රජය ගෙවූ පොලිය ඩොලර් බිලියන (මිලියන 1000) 454 කි.

6. ඇමරිකන් රජය සතු සමස්‌ත ජංගම වත්කම (කාසි නෝට්‌ටු සහ තැන්පතු) ඩොලර් ටි්‍රලියන 2.7 කි. ජාතික වගකීම් හෙවත් ණය ප්‍රමාණය ඩොලර් ටි්‍රලියන 17.5 කි. විවිධ රටවල ආණ්‌ඩුවලට ගෙවිය යුතු ඩොලර් ටි්‍රලියන 4.7 ක ප්‍රමාණය ද මෙයට එක්‌ කළ විට රටේ සත්‍ය ණය ප්‍රමාණය ඩොලර් ටි්‍රලියන 22 කි.

7. ජෝර්- වොෂිංටන් 1789 දී ඇමරිකාවේ ජනාධිපති හැටියට පත්වීමේ සිට බිල් ක්‌ලින්ටන් ඇමරිකාවේ ජනාධිපති පදවිය භාරගැනීම දක්‌වා (ජනාධිපතිවරුන් 43 දෙනකුගේ පාලන කාලය තුළ) ඇමරිකාව ලබාගත් සමස්‌ත ණය ප්‍රමාණයේ එකතුව බරක්‌ ඔබාමාගේ රජය මේ දක්‌වා ලබාගෙන ඇති ණය ප්‍රමාණයේ මුළු එකතුවට අඩු ය.

8. වසර 2015 වන විට ඇමරිකාවේ ජාතික ණය ප්‍රමාණය ඩොලර් බිලියන 23 ඉක්‌මවනවා ඇත.

9. ඇමරිකන් රටවැසියන්ට රජයෙන් ලැබෙන සහන අතරින් ප්‍රධාන ඒවා වන්නේ රක්‍ෂණාවරණය සහ වෛද්‍ය පහසුකම් ය. මේ ව්‍යාපෘති දෙකට කිසිදු ආයතනයක, අරමුදලක, ඒජන්සියක උදව් නැතිව රජයේ තනි වියදමින් දියත් වන්නේය. මේ ව්‍යාපෘති වල යෙදවීම සඳහා ඇමරිකන් රජය ණය වී ඇති ප්‍රමාණය ඩොලර් ටි්‍රලියන 34 දක්‌වා ඉහළ නැගීමට ඉඩ තිබේ.

10. කිසිදු බාහිර ආධාරයක්‌ නොලබන මෙබඳු ව්‍යාපෘති රැසක්‌ ඇමරිකාවේ ඇත. මේ සියල්ල වෙනුවෙන් ඇති ණය ප්‍රමාණයේ වටිනාකම ඩොලර් ටි්‍රලියන 117 ක්‌ රජයට සම්බන්ධ නැති ආර්ථික විද්‍යාඥයන් විසින් ඇස්‌තමේන්තු කරනු ලැබ ඇත.

11. බාහිර අරමුදල් හෝ ආධාර නොලබන රක්‍ෂණාවරණ, වෛද්‍ය පහසුකම් වැනි සහන ව්‍යාපෘතීන් වෙනුවෙන් 2087 දී රජයට විඳින්නට සිදුවන ණය බරවල ප්‍රතිශතය රටේ දළ ජාතික නිෂ්පාදිතය මෙන් 287% කි.

12. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති පත්‍රිකාවකට අනුව වසර 2050 දී ඇමරිකන් රජයේ ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදනය මෙන් 400% ක්‌ වනු ඇත.

13. ඇමරිකාවේ ණයගැතිභාවය සමස්‌ත ලෝකයේම ණයගැති භාවයෙන් තුනෙන් එකකි.

14. රටේ ජාතික ණයගැතිභාවය බදු ගෙවන ජනතාවගෙන් බෙදුවොත් එක්‌ අයකු මත පැටවෙන ණය බර ඩොලර් 134685 කි.

15. ඇමරිකන් ආණ්‌ඩුවේ නිත්‍ය වියදම් එහි නිත්‍ය ආදායම් ඉක්‌මවා යැම මුල් වරට සිදුවූයේ 2011 මූල්‍ය වර්ෂයේදී ය. මෙය ඉදිරි වසර 50 තුළ මේ ආකාරයෙන්ම පවතිනවා ඇත.

16. වසර 2007 සිට 2010 දක්‌වා කාලය තුළ ඇමරිකන් දළ ජාතික නිෂ්පාදිතයේ වර්ධනය 4.26% කි. ජාතික ණය ප්‍රමාණයේ වර්ධනය 61% කි.

17. ඔබාමා රජයේ මුල් අවුරුදු දෙක තුළ ජාතික ණය ප්‍රමාණයට අලුතින් එකතු වූ ණය මුදල් ප්‍රමාණය එරට පළමුව කොංග්‍රස්‌ මණ්‌ඩල (පාර්ලිමේන්තු බල කාලයන්) 100 ක කාලය තුළ වී තිබූ සමස්‌ත එකතුවට වැඩිය.

18. ඇමරිකන් මධ්‍යම ආණ්‌ඩුව විසින් ප්‍රාන්ත ආණ්‌ඩු සහ පළාත් පාලන ආයතන සඳහා වැය කරන ඒකාබද්ධ මුදල දල ජාතික නිෂ්පාදිතයෙන් 46.6% කි.

19. ඇමරිකානුවා බදු වශයෙන් රජයට ගෙවන මුදලට වැඩි මුදලක්‌ සහනාධාර ලෙස ආපසු රජයෙන් ලබා ගනී.

20. ඇමරිකන් ජනතාවගෙන් 48.5% ක්‌ම රජයේ කවර හෝ පහසුකමක්‌ ලබන නිවසක ජීවත් වෙයි. 1983 දී මෙසේ ජීවත් වූ ගණන 30% කි.

21. 1965 දී රජයේ වෛද්‍යාධාර ලැබුණේ සෑම පුද්ගලයන් 50 කින්ම එක්‌ අයකුට පමණි. ඒ අද මේ ගණන 6 ට එකකි.

22. ඇමරිකන් රජය කියන පරිදි එරට සෞඛ්‍ය පහසුකම් අරමුදල වෙනදාට වඩා පස්‌ ගුණයක වේගයෙන් කැප වෙමින් පවතී.

23. මධ්‍යම ආණ්‌ඩුවේ වියදම් 2001 දී 18% කි. අද 24% කි.

ඇමරිකන් රජය කිසි කලෙකත් බංකොලොත් නොවන බවට ඇති මතවාදයන් මෙසේය

ලොව පුරාම සිටින ආයෝජකයන්ගේ මතය වන්නේ ඇමරිකාවේ ආර්ථිකය ශක්‌තිමත් බවය. ණය ගැනීම්වලින් මුදල් පොම්ප කරන විට ආර්ථිකය ප්‍රසාරණය වන අතර එහි ප්‍රතිඵලය වන්නේ ආර්ථිකය තුළ ඇති ණය අනුපාතය පහළ යැමය. ඇමරිකාව ඊළඟ ග්‍රීසිය බවට පත්වී බංකොලොත් විය හැකිය යන මතවාදය බැහැර කළ යුතුය. ග්‍රීසියේ ණයගැති භාවය තුළ ජාතික නිෂ්පාදිතය මෙන් 169% කි. ජපානයේ මේ ගණන 229% ක්‌ වන අතර ඒ අනුව ග්‍රීසිය ජපානයට වඩා හොඳය. 25% ක රැකියා විරහිතභාවය නිසා ග්‍රීසියේ ආර්ථිකය හැකිළෙමින් පවතී. ආර්ථිකය හැකිළෙන වාරයක්‌ පාසා පැරණි ණය ගෙවීමටත් අයවැය පරතරය අඩු කර ගැනීමටත් අලුතින් ණය ගැනීමට ග්‍රීසියට සිදුව ඇත. තිබෙන වියදම් අඩුකර ගැනීමට මිනිසුන් රැකියාවලින් ඉවත් කිරීමටත් අලුත් රැකියා කපා හැරීමටත් ග්‍රීසියට සිදුව ඇත. මෙවිට තවදුරටත් ආර්ථිකය හැකිළෙයි. ග්‍රීසියට ගොඩ ඒමට ප්‍රමුඛ බාධාව වන්නේ එරටට ආවේණික වූ මුදල් ඒකකයක්‌ නොතිබීමය. ග්‍රීසිය යුරෝපයේ පොදු මුදල වන යුරෝ ඒකකය රටේ මුදල ලෙස ව්‍යවහාර කරයි. එවිට ග්‍රීසියට තමන්ට අභිමත පරිදි මුදල් ඒකකය අව ප්‍රමාණ කිරීම හෝ අධි ප්‍රමාණ කළ නොහැකිය. ජපානයට සහ ඇමරිකාවට තමනට ආවේණික මුදල් ඒකක තිබේ. එබැවින් මේ රටවල් දෙකම ග්‍රීසියට වඩා මහත් සේ ශක්‌තිමත්ය.

ආර්ථික උද්ධමනයක්‌ හටගත් වහාම ජනතාව කරන්නේ වියදම් කපාහැරීමය. එහෙත් සංකීර්ණ ආර්ථිකයන් ඇති රටවලට සාමාන්‍ය ජනයා සේ හැසිරිය නොහැක. විශාල උද්ධමනවලට මැදිව සිටින රටවල් විසින් කරනු ලැබිය යුතු විශාල වියදම් ඇත. පසුගිය සියවසේ පහළ වූ විශිෂ්ටතම අර්ථ ශාස්‌ත්‍රඥයකු වන ජෝන් මෙනාර්ඩ් කේන්ස්‌ කියන පරිදි ආර්ථික උද්ධමනයන් පවතින විට කළ හැකි නරකම කටයුත්ත වන්නේ රජය ණය ගැනීමෙන් වැළකී සිටීමය. උද්ධමනයකදී ජනයා වියදම් කපා හරින විට ආර්ථිකයට ගලා එන මුදල් සීමා වන අතර එය පියවා ගැනීමට ණය ගත යුතු වෙයි. රාජ්‍ය ණය නොගත් විට උද්ධමනය තව තවත් ඉහළ නගී.

උදාහරණය මෙන්න නූතන යුරෝපය දෙස බලන්න. ආර්ථික උද්ධමනය නිසා එරට ආණ්‌ඩු ඉතා පිරිමැසුම්දායක ප්‍රතිපත්ති අනුගමනය කිරීමට පටන් ගෙන ඇත. ජර්මනිය සාමාන්‍ය ජනතාවට දෙන සහන සහ සමාජ සේවා කපාහැර ජනතාවගේ බදු වැඩි කර ඇත. මෙහි ප්‍රතිඵලය වන්නේ රටවල් 17 කින් සමන්විත යුරෝ මුදල් ආර්ථිකය තවදුරටත් කඩා වැටී රැකියා විරහිතභාවය පොදුවේ 11% තෙක්‌ ඉහළ යැමය. නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පත්‍රය පසුගියදා මෙසේ වාර්තා කර තිබිණá "2012 ජුනි මාසයේදී ග්‍රීසියේ පැවති රැකියා විරහිතභාවය 24.4% කි. ස්‌පාඤ්ඤයේ 25.1% කි. වයස 25 ට අඩු ස්‌පාඤ්ඤ ජාතිකයන්ගෙන් 53% කට රැකියා නැත."

රජය ණය ගෙන ආර්ථිකයට මුදල් පොම්ප කිරීම නැවැත්වුවහොත් ඇමරිකාවට අනාගතයක්‌ නැත. එවිට සිදුවන්නේ ඇමරිකන් ආර්ථිකයේ පස්‌සාපැත්ත නොව මුහුණම බිම ඇනීමය. මධ්‍යම ප්‍රාන්ත සහ පළාත් පාලන ආණ්‌ඩුවල වියදම් කැපීම නිසා ඇමරිකානුවන් 650000 කට දැනටමත් රැකියා නැත. එබැවින් මුදල් ණයට ගෙන අලුත් රැකියා මාර්ග මිනිසුන්ට විවෘත කර දීම ආණ්‌ඩුවේ වගකීමය. ආර්ථිකය තුළට මුදල් ගලා යන්නේත් ඒ මුදල් බදු සහ වෙනත් ආදායම් ලෙස රජයට ආපසු එන්නේත් එවිටය.

චීනය විසින් ක්‍රමානුකූලව ඇමරිකන් ආර්ථිකය බිලි ගනු ලබමින් පවතින්නේද යන්න වැඩි දෙනාගේ සාකච්ඡාවට ලක්‌ව ඇත. චීනයට යන ඇමරිකන් අපනයන ප්‍රමාණය ඇමරිකාවට එන චීන ආනයන ප්‍රමාණයට වඩා අඩු ය. වසර 2012 පළමු මාස 6 තුළ ඇමරිකාව ඩොලර් මිලියන 235 ක්‌ වටිනා භාණ්‌ඩ චීනයෙන් මිලට ගත් අතර ඩොලර් බිලියන 61 ක්‌ වටිනා භාණ්‌ඩ චීනයට යෑවීය. මෙහිදී ආනයන අපනයන පරතරය ඩොලර් බිලියන 174 ක්‌ වෙයි. මේ හිඟ මුදල්වලින් චීනය කරන්නේ මොනවාද? ඔවුහු ඒවා ඇමරිකන් විනිමය බිල්, බැඳුම්කර යනාදියට පරිවර්තනය කර ගනිති. මේ අනුව ඇමරිකන් රජයේ ණයගැති භාවයෙන් 8% ක්‌ අද චීනයට අයත්ය. 30% ක්‌ ඇමරිකාවේම සමාජ ආරක්‍ෂක භාරකාර අරමුදලට අයත් ය. ඉතිරි 62% පෞද්ගලික ආයෝජකයන්ට සහ පිටරටවලට අයත්ය. ඇමරිකාව චීනයෙන් බඩු මිලට නොගත්තොත් චීන ආර්ථිකයට මරු පහරක්‌ එල්ල වන බව ආර්ථික පර්යේෂකයන්ගේ මතයයි. (8 Facts that prove American govt. not going to Broke සහ 34 shocking Facts about us debt ලිපි ඇසුරෙනි. වැඩි විස්‌තර සඳහා wwww.atternet.org සහ theccononicco llapseblog.com බලන්න.)
 
Last edited:

chundibundi

Member
Jul 16, 2011
285
17
0
දියුණු වෙන රටක් විදියට අපිට අනිවාර්රයෙන් ණය ගන්න වෙනවා. රටේ සංවර්ධනයත් එක්ක ඒ ගත්ත ණය අනාගත ආයෝජනයක්.

aniwaryayen hari. seemetha pirisakata thernne nathi eka thama awla. issara ape ratata nayakwath dunne naha issarahata yanna. dan yako naya aragena hari diyunu karanawa, kalaguna salakanna dannathi un tikak innawa aniwaryayen onemarataka..
 

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
naya ganne nathuwa ratak diyunu karanna ba. mey balapan loke balawathage hati.. issara apey ratata naya dunneth naha. naya gaththath gaththe kanna lol.. lankawa meeta wada dasa gunayak hondai.

bla bla....

හරි දැන් කියපන් මේ ණය ගන්නේ වැඩකට ඇති දේකටද කියල ? නයිට් රේස් පදින්න ද අපි ඕන දැන්?
 

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    හරි දැන් කියපන් මේ ණය ගන්නේ වැඩකට ඇති දේකටද කියල ? නයිට් රේස් පදින්න ද අපි ඕන දැන්?

    මුන් එක්ක කතා කරල වැඩක් නෑ බන්...මුන් අපි කියන එව්ව තේරුම් ගන්නෙ නෑ.මූ දන්නෙ නෑ ඇමරිකාව ණය ගන්නෙ උන්ගෙ ආර්තිකය කඩා වැටෙන එක නවත්තන්න බවත් අපේ රන්ගොජා ණය ගන්නෙ උගෙ සහපිරිවරට ආතල් දෙන්න කියලත්.:P
     

    chundibundi

    Member
    Jul 16, 2011
    285
    17
    0
    හරි දැන් කියපන් මේ ණය ගන්නේ වැඩකට ඇති දේකටද කියල ? නයිට් රේස් පදින්න ද අපි ඕන දැන්?

    machn, 99%k withara rata praagdana wiyadam karanawa, meywage podi deyak ganan ganna epa. issara apey rate monawada tibbe, race paddath ithin mokada ban, leisure kiyala hithannmu. happening wennath epai ban wenin ratawal compare karanakota poddak. eke initiative ekak thama, lankawe leisure activites nathi hinda kattiya pitarata yanawa ewa balanna, gihin kiyanawa lankawe nam mey wage monawath na kiyala..
    dan ara port city ekatath case ekak daanawa vipakshaya
     

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    දියුණු වෙන රටක් විදියට අපිට අනිවාර්රයෙන් ණය ගන්න වෙනවා. රටේ සංවර්ධනයත් එක්ක ඒ ගත්ත ණය අනාගත ආයෝජනයක්.

    මූ නම් අපේ නාමලයද කොහෙද
    :lol::lol:
    mahinthar.jpg
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    කතාවක් තියනවා මචන් " බුලත් පය්යටත් හෙන ගැහුවනම් හුණු කිල්ලෝට ගැන කවර කතාද ?"
    Naamloos-2.png

    උඹත් දැන් යමක් කමක් දන්නවා නේද
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    දියුණු වෙන රටක් විදියට අපිට අනිවාර්රයෙන් ණය ගන්න වෙනවා. රටේ සංවර්ධනයත් එක්ක ඒ ගත්ත ණය අනාගත ආයෝජනයක්.

    අනිවා ණය අරන් නෙලුම් කුළුණක් දෙකක් ගහන්න ඕන :nerd: