Random කතා - ඇත්ත නයි හුරතල් කරන්න යෑම

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    උඹලා දැකලා ඇති නේ බුකියෙ තියෙනවා සර්පයෝ ගැන ගෘප්, ඒවල හැම සර්පයාට උන් කියන්නෙ අනේ යන්න දෙන්න, අල්ලලා වෙන තැනක අතාරින්න, මරපු එකෙක් දැක්කාම මරපු එකාගෙ අම්ම තාත්ත මතක් කරලා බනින එක. ඉතින් ගොඩක් උන් මැරුවත් කියන්න බයයි අපි මැරුවෙ කියලා මොකද අරුන් බනින එක.

    ඉතින් ඔය සර්පයෝ එක්ක නටන එක හොඳ දෙයක්ද? පහුගිය දවසක අපේ ගෙදර වැඩ කරපු බාස් ගෙදර දිව්වා ගංවතුර සීන් එකට ගෙදරම යට වෙලා කියලා. පස්සෙ ඩයල් එක කියනවා මිනිහගෙ තාත්තට මුකුත් කරගන්න බෑ පොළඟෙක් ගහලා ඇස් පෙනීම නැතුව ගියාලු. පව් ඉතින්.

    ඔය පොළඟු වගේ උන් කාල බේරුනත් ගොඩක් වෙලාවට හෙන බයානක අතුරු ආබාද තියෙන්න පුලුවන්. අන්න ඒවෙලාවට ඔය "අනේ එයා මෙයා, අතාරින්න" ගාන එක පකෙක්වත් නෑ හොයන්න. උඹලා ඕකුන් වෙන පැත්තක අතෑරියත් උන්ගිහින් වෙන එකෙක්ව දෂ්ට කරනවා. ඉතින් විශ එකෙක් දැක්කොත් නැත්තන් විශද නැද්ද හොයාගන්න බැරි උනොත් දීලා අතෑරපන්. මොකද උඹ පින් කරගත්තට වෙන එකෙක්ගෙ කරුමයක් වෙන්න පුලුවන් නිසා
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,693
    1
    51,523
    113
    ප*යාගල
    sorry.com
    විස නැති සර්පයෙක් හෝ නයෙක් ආවොත් විතරයි යන්න දෙන්න ඕන. නයා නම් අල්ලල ගිහින් ලග කැලයක් තියෙනව ඒකට දානව. පොලොන්ගු වගෙ ඔනෙ එකෙක් දැක්කොත් කෙලල අරිනව දෙපාරක් හිතන්නෙ නැ. ඔය ගෘප් වල ඉන්න උන් එකෙක්වත් නෑ දෙයක් උනාම.
    අපෙ වත්තෙ පහල හිටියා නාකි නයෙක්. ජිවිතේට ගේ පැත්තට ඇවිල්ල නෑ හැබයි. මූව අල්ලන්න ඔනෙ ඔනෙ කියල හිටියා මූ කොයිවෙලවකවත් පෙන්න එන්නෙ නැ.පස්සෙ මූ පාරට යන්න ගිහින් ගමෙ උන් දැකලා ඌව අල්ලල පෝර බැග් එකකට දාල අරන් ගියා.පව් වැඩේ ඌට උනේ.

    ලගදි තඩි ගරඩියෙක් වැටුනා වහලෙන් මීයෙක් අල්ලන්න ගිහින් .ඌ කොහොමහරි මීයව අල්ලගෙනමයි වැටුනෙ. මන් වැඩ කරන පුටුව ලගටමයි වැටුනෙ. මන් ඉතින් බලන් හිටියා මු මොකද්ද කරන්නෙ බලන්න. මන් ඉන්න්ව කියල ගානක් වත් නෑ ඌ මීයව ගිලින්න ට්‍රයි. පැය ගානක් යන හින්දා ඌව කොස්සෙන් අල්ලල එලියට දාල මීයවත් උගෙ පැත්තටම විසි කරා.

    එක පාරක් ගල් ගොඩක් අස් කරන්න ගිහින් තෙල් කරවලෙක් පැන්නා.99න් බෙරුනේ :baffled:
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,091
    2,595
    113
    පව් පින් බලන්නේ නැහැ දෙනවා නම් නම්. අනික මට සර්පයෝ අඩුරගන්න අමාරුයි. කොච්චර පාඩම් කරන්න හැදුවත් මතක හිටින්නෙ නැහැ. ලඟදි දවසක ගෙදර ඉස්සරහ පඩියේ සර්පයෙක් හිටියා. පොඩි පැටියෙක් වගේ. තව පොඩ්ඩෙන් උගේ ඇඟට කකුල තියන්නේ කරුවලේ. පොල්ලක් අරන් දුන්නා. පහුවදා ආච්චිට පෙන්නුවම කිව්වේ කුණකටුවෙක් කියලා. හිතාපංකෝ කකුල තිබ්බ නම්. ගේට අවත් නින්දේදීම කාල යයි
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඔන්න මුලින්ම කිව්වා සර්පයොන්ට නම් මන් හෙන බයයි.
    මන් කිසිම සතෙක් මැරෙනවටත් අකමැතියි. අල්ලගෙන ගිහින් කැලෙකට අතෑරියා කියලා ප්‍රශ්නෙ විසදෙන්නෙත් නෑ. මොකද මම උබ අපි සින්හරාජේ එහා පැත්තෙ නෙවෙයිනේ ඉන්නෙ. අනිවා ටික දවසකින් සර්පයා කැලෙන් එලියට එනවා.
    ඔය කෑ ගහන සර්පයොන්ට ආදරේ කරන උන් නෙට් ගහලා පොඩි කැලෑවල් වගේ එවා හදන්ඩ ඕනේ සර්පයො ගිහින් දාන්ඩ.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,563
    2,006
    113
    ඔය පොළඟු වගේ උන් කාල බේරුනත් ගොඩක් වෙලාවට හෙන බයානක අතුරු ආබාද තියෙන්න පුලුවන්. අන්න ඒවෙලාවට ඔය "අනේ එයා මෙයා, අතාරින්න" ගාන එක පකෙක්වත් නෑ හොයන්න. උඹලා ඕකුන් වෙන පැත්තක අතෑරියත් උන්ගිහින් වෙන එකෙක්ව දෂ්ට කරනවා

    මේ assumptions

    පාරෙ වාහන යන්නත් බැහැ එහෙනම්. දවසට අනිවාරෙන් accidents වෙනවා. මිනිස්සුත් මැරෙනවා.

    අහක යන සතෙක්ට පොල්ලකින් ගහන්න පුලුවන්නම් මැරෙන්න, 'මනුස්ස' කියන ගතිය තවදුරට ගැලපෙන්නැහැ එතෙන්ට.

    කර්මය පිළිගත්තා/ නැතා, මනුස්ස ගතිය නැතිවෙනවා කියන්නේ හරි බයානකයි සසර ඉස්සරහ.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,294
    8,241
    113
    Galaha
    අපේ වත්තෙ මාර සර්පයෝ ගොඩක් ඉන්නෙ. පල්ලෙහයින් කුඹුරක් තියෙන නිසා මීයෝ අරුන් මුන් ඉන්නවනෙ උන්ව කන්න සෑහෙන්න සර්පයෝ ඉන්නව.ඒවගේම තමයි මුගටි මුගටි සර්පයින්ට ශොට් එක දෙනව. පෙරේද මම ගේ කිට්ටුව මැශින් එකෙන් වල් කපනකොට තඩි කුනුකට්ටෙක් අහු උනා මැශින් එකට. අපේ වත්තෙ හම්බානකට කුනුකටුවො ඉන්නව. මට පේන්නම බැරි ජරාවක් තමයි ඕකුන්.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    කෙලින්ම මරනවා . . ඊට පස්සේ තමයි බලන්නේ විස ද නිර්විස ද කියලා 🥱
    මැරුනට පස්සෙ ඒක දැනගෙන මොක්කද බන් උබ කරන්නේ .
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,294
    8,241
    113
    Galaha
    මැරුනට පස්සෙ ඒක දැනගෙන මොක්කද බන් උබ කරන්නේ .
    උගේ නයා කොහොමත් මැරිලලු ඉන්නෙ ගොඩක් වෙලා හොලවපුවාමලු පන එන්නෙ. :P
     
    • Haha
    Reactions: Erzo

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,284
    8,658
    113
    විස නැති සර්පයෙක් හෝ නයෙක් ආවොත් විතරයි යන්න දෙන්න ඕන. නයා නම් අල්ලල ගිහින් ලග කැලයක් තියෙනව ඒකට දානව. පොලොන්ගු වගෙ ඔනෙ එකෙක් දැක්කොත් කෙලල අරිනව දෙපාරක් හිතන්නෙ නැ. ඔය ගෘප් වල ඉන්න උන් එකෙක්වත් නෑ දෙයක් උනාම.
    අපෙ වත්තෙ පහල හිටියා නාකි නයෙක්. ජිවිතේට ගේ පැත්තට ඇවිල්ල නෑ හැබයි. මූව අල්ලන්න ඔනෙ ඔනෙ කියල හිටියා මූ කොයිවෙලවකවත් පෙන්න එන්නෙ නැ.පස්සෙ මූ පාරට යන්න ගිහින් ගමෙ උන් දැකලා ඌව අල්ලල පෝර බැග් එකකට දාල අරන් ගියා.පව් වැඩේ ඌට උනේ.

    ලගදි තඩි ගරඩියෙක් වැටුනා වහලෙන් මීයෙක් අල්ලන්න ගිහින් .ඌ කොහොමහරි මීයව අල්ලගෙනමයි වැටුනෙ. මන් වැඩ කරන පුටුව ලගටමයි වැටුනෙ. මන් ඉතින් බලන් හිටියා මු මොකද්ද කරන්නෙ බලන්න. මන් ඉන්න්ව කියල ගානක් වත් නෑ ඌ මීයව ගිලින්න ට්‍රයි. පැය ගානක් යන හින්දා ඌව කොස්සෙන් අල්ලල එලියට දාල මීයවත් උගෙ පැත්තටම විසි කරා.

    එක පාරක් ගල් ගොඩක් අස් කරන්න ගිහින් තෙල් කරවලෙක් පැන්නා.99න් බෙරුනේ :baffled:
    ochra sarapyo inne? uba koheda inne?
     
    danne na

    Well-known member
  • Apr 9, 2021
    216
    322
    63
    Sri Lanka
    මැරුනට පස්සෙ ඒක දැනගෙන මොක්කද බන් උබ කරන්නේ .
    Next time උගේ අයියා හරි මල්ලි හරි ආවොත්, නිර්විෂ නම්, පල බන් යන්න කියලා එලවනවා. නැත්නම් ......

    ඕකුන් මරණ එකත් පරිස්සමින් කරපල්ලා. ඕකුන් මරන්න ගිහින් වැරදිලා return කාපුවා ගොඩක් වැඩි.
    ------ Post added on Dec 26, 2025 at 8:19 AM
     
    Al Galmal

    Active member
  • Dec 24, 2025
    97
    108
    33
    ඔන්න මුලින්ම කිව්වා සර්පයොන්ට නම් මන් හෙන බයයි.
    මන් කිසිම සතෙක් මැරෙනවටත් අකමැතියි. අල්ලගෙන ගිහින් කැලෙකට අතෑරියා කියලා ප්‍රශ්නෙ විසදෙන්නෙත් නෑ. මොකද මම උබ අපි සින්හරාජේ එහා පැත්තෙ නෙවෙයිනේ ඉන්නෙ. අනිවා ටික දවසකින් සර්පයා කැලෙන් එලියට එනවා.
    ඔය කෑ ගහන සර්පයොන්ට ආදරේ කරන උන් නෙට් ගහලා පොඩි කැලෑවල් වගේ එවා හදන්ඩ ඕනේ සර්පයො ගිහින් දාන්ඩ.
    විල්පත්තුවෙත් තව අවුරුදු දහයකින් විතර සර්පයො විතරක් ඉදියි කුරුලු වර්ග නතිව. මුන් නයි බිත්තර එකතු කරල පැටව් ලොකු කරලත් කැලේට දානව. එක තැනකට ඔහොම සත්තු ගොඩක් දානව කියන්නෙ පරිසරපද්ධතියට කුරුලු විශේෂ වලට ලොකු හානියක් වෙනව.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,946
    4,379
    113
    මම නං මරන්නෙ නෑ. (සර්පයො විතරක් නෙවෙයි අනිත් උනුත් පුළුවන් තරම් නොමර ඉන්න බලන්නෙ. හදිස්සියෙ හෝ මළ පැනල තැලුනොත් ඇරෙන්න මදුරුවෙක්වත් මරන්නෙ නෑ.)
    සර්පයො නං අල්ලල ගිහිල්ල දානව කොහේ හරි කැලේකට. මට ඒක පුරුදු කලේ අපේ තාත්ත. අපේ ආතත් එහෙමයි. අහල පහල ගෙදරක මිනිස්සු වුනත් මොකෙක් හරි සර්පයෙක් ආවොත් මරන්න කලින් අපි ගෙදර ඉන්නවද කියල බලනව. නැත්තං ඌට ශොට් එක දෙනව.
    (එහෙමයි කියල මම නං පේජ්ස් වල එයා මෙයා කියල හැමිනෙන්න යන්නෙ නෑ. ඕකුන් කෑවොත් බබා හුකුං නෑ.)
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    පොලගෙක් ඇරෙන්න අනික් උන්ටත් ශොට් එක දෙනව නම් උබෙයි උගෙයි වෙනසක් නෑනේ..

    පොලංගු උනත් අල්ලන උන් ඉන්නවා පොඩ්ඩක් හෙව්වා නම්.. මරන එක last resort එක කරගත්ත නම් හරි..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    පොලගෙක් ඇරෙන්න අනික් උන්ටත් ශොට් එක දෙනව නම් උබෙයි උගෙයි වෙනසක් නෑනේ..

    පොලංගු උනත් අල්ලන උන් ඉන්නවා පොඩ්ඩක් හෙව්වා නම්.. මරන එක last resort එක කරගත්ත නම් හරි..
    ඕවා කියන්න ලේසි බන්, කරනකොට තමා ඉතින් තේරෙන්නෙ නෑ. පොලඟා කාල බේරුනත් පට්ට දුකක් විඳිනවා පස්සෙ උගෙ toxins නිසා. මම කියන්නෙ ගැරඬි වගේ උන් මරන්න නෙවී, ඒත් හිතෙනවානම් මූ විශයි කියලා මරලා දාපන් නිකන් හුරතල් කරන්නෙ නැතුව, මොකද ඔය පින් පව් ගාන පක්කු ටික පස්සෙ එන්නෙ නෑනේ උඹලා ඔත්පල උනාම
     
    • Like
    Reactions: War Fighter

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    ඕවා කියන්න ලේසි බන්, කරනකොට තමා ඉතින් තේරෙන්නෙ නෑ. පොලඟා කාල බේරුනත් පට්ට දුකක් විඳිනවා පස්සෙ උගෙ toxins නිසා. මම කියන්නෙ ගැරඬි වගේ උන් මරන්න නෙවී, ඒත් හිතෙනවානම් මූ විශයි කියලා මරලා දාපන් නිකන් හුරතල් කරන්නෙ නැතුව, මොකද ඔය පින් පව් ගාන පක්කු ටික පස්සෙ එන්නෙ නෑනේ උඹලා ඔත්පල උනාම

    Polongu arenna anik un panna panna kanna enne na bn... Polaga unath unge lagata giyoth thama panala gahanne..

    sarpayo allanna danne naththam hodama de lagata yanne nathuwa allanna danna ekekwa contact karagena uta wade bara dena eka..