මොරටුව යුනි ගිය කට්ටිය හරි, ගිය කට්ටිය දන්න කට්ටිය හරි දන්නව ඇති එහෙ ප්රධාන වලි ජාති 2ක් තිබ්බ කියලා. එකක් ඇවිල්ල NDT වලිය, අනික කොළඹ/මාතර ගැට්ට. අපි ඕකෙ ඉන්න කාලේ, ඒ කියන්නේ 2006 කාලේ මාතර/කොළඹ වලිය තමා ලොකුවට තිබ්බේ. NDT උන් එක්ක මාරාගන්න වෙලාවක් තිබ්බෙ නෑ. යුනි එක කාලෙන් කාලෙට වහලත් තිබ්බ ඔය වලි නිසා. ඔය වලි යන්නේ කොළඹ මාතර ස්කූල් වලට ගිය උන් සහ උන්ට සපොර්ට් කරන සෙට් අතර. කොටින්ම නයි වයිරයෙන් ඉන්නේ. ලෙක්චර් එකකට ගියත් දෙපැත්තෙ තමා වාඩි වෙන්නේ. ඔය වලි වලට හැම එකාම ගියේ නෑ. ප්රධාන වලි කාරයෝ කීපයක් හිටියා. සමහර උන් ඕව ගැන කිසි අවුලක් නැතුව හැම එකත් එක්කම හොදට කතා කර කර හිටියා.
කොහොමහරි කැරිම ආතල් එක තමා අවුට් වෙලා අවුරුදු කීපයක් ගිහින් කොලඹ බිග් මැච් වල ෆොටෝ දැක්කම මෙන්න යකෝ කොළබ ස්කූල් ගිය පලියට මිනි මරාගන්න හදපු උනුත් ඉන්නව. ටිකක් හොයලා බැලුවම උන්ගෙ ලමයි දැන් යන්නෙ කොළඹ ඒවටලු


