ලෝකේ මිනිස්සු jealous, selfish කියලා තේරුම් ගනින්. කවුරුත් උඹලව ගොඩ දාන්නෙ නෑ, උඹලම ඒක කරගන්න ඕනා35ට විතර කිට්ටු කරලා, මාත් බිංදුවෙන් පටන් ගත්ත එකෙක්. බල්ලෙක්වත් මට ඔය කිසි දෙයක් කියලා දුන්නෙත් නෑ, උදව් කලෙත් නෑ. ඒත් මම හිතන්නෙ තමන්ම ඕක අත්දැකලා ඉගෙන ගන්න ඕන නෑ, වෙන කෙනෙක්ගෙ අත්දැකීමකින් උනත් ඉගෙනගන්න පුලුවන්. එතකොට වෙලාව ඉතුරුයි"
කැමැති උන් ඉන්නවානම් ඕක අරන් වෙනස් වෙන්න පුලුවන්, නැත්තන් උන්ම ඉගෙනගෙන "අපරාදේ කියපු එක ඇහුවානම් වෙලාව ඉතුරුයි" කියලා පස්සෙ පසු තැවෙන්නත් පුලුවන්.
උඹට ඕනම් එක උදාහරනයක් කියන්නම්. අපි ඔය migration කියන සීන් එක දැනන් හිටියේ නෑ. කොටින්ම අපේ ගෙවල්වල මුලින්ම රට ගියේ මගෙ generation එක. ඉස්සර office එකේ සමහර උන් ඔය australia යන සීන් එක බලනවා. මට හොඳට මතකයි අපිත් "අඩෝ මොනාද උඹලා කතා වෙන්නෙ" කියලා උන් ලඟට ගියාම උන් පට ගාල කතාව මාරු කරනවා. ඒත් කැරිම ආතල් එක තමා උන්ගෙ skill assessment වලට HR එකෙන් ලියුම් ඕන උනාම මට email දානවා approve කරලා දෙන්න කියලා. මම ඉතින් ඒ වෙලාවට "ආහ් උඹලා මට හොරෙන් නේද ඕක කරන්න ගියේ, හිටපන් දෙන්න" වගේ නොකියා "එල මම කරලා දෙන්නම්" කියලා කරලා දෙනවා. ඉස්සර හිතුනා උන් අපිටත් කිව්වානම් අපිත් ඕක කරගන්නවා කියලා. දැන්නම් මට කොහෙ හිටියත් එකයි වගේ
me seen eka ubatat valid nadda? .. ai me uba anik unwa goda danne?


