මගේ අනාථ නිවාසෙ visit එකෙන් පස්සෙ ඕක කතා කරනකොට මට කතා 2ක් කිව්වා, මේ තියෙන්නේ ඒ පලවෙනි කතාව.
මතුගම පැත්තේ තේ වතු තියන පැති වල සිංහල ගෑනියෙක්ට ලමයෙක් හම්බෙනවා. ඒ ගෑනි බැඳලත් නෑ, එක මිනිහෙක් කියලත් නෑ. ඕවා ඒ පැතිවල ඕක සාමන්ය දෙයක්. ඉතින් ගෑනි ලමයා හදාගන්න ඕන නෑ කියලා දවසක් ලමයාව දොලකට විසිකරන්න යනවා. ඕක දකින වත්තක තේ කොල කඩන දෙමල ගෑනියෙක් ලමයාව ඉල්ලගන්නවා. ඉල්ලගෙන හදනවා.
ලමයෙක් හදාගන්න ගන්න නීතිමය විදියක් තියෙනවා. ඒ විදියට කලාම පරන උප්පැන්නේ cancel කරලා දාලා අලුත් එකක් දෙනවා අලුත් අම්මා/තාත්තගේ නම දාල. ආයි ලොවෙත් හොයන බෑ පරන දෙමාපියෝ කවුද කියලා. පරන ඒවා ඔක්කොම සීල් කරලා හංගලා දානවා ගන්න බැරි වෙන්න.
ඒත් මේ ගෑනි ඕවා දන්නෙ නෑ. කෙලින්ම පරන උප්පැන්නේ තියන් ඉන්නවා. මේ සිද්දිය වෙන්නෙ මීට අවුරුදු 25කට විතර.
දැන් ඒ කොල්ලා ලොකුයි, මූට බඳින්න ඕන වෙලා. මූ කච්චේරියකට ඇවිල්ලා එතන යකා නටනවලු උගේ උප්පැන්නේ තියෙන්නෙ ඌ සිංහල කියලා, ඌව හදාගත්ත ගෑනි දෙමල ඒ නිසා ඌට ඒ ගෑනිව ඕන නෑ, ඇත්ත සිංහල අම්මව හොයලා දෙන්න නැත්තන් ඌට බඳින්න බෑ කියලා. දෙමල ගැනි පැත්තකට වෙලා අඬනවලු.
නිකන් හිතපන් අවුරුදු 25ක් තිස්සෙ දලු කඩලා, කුලී වැඩ කරලා අමාරුවෙන් හදාගත්ත එකා අන්තිමට ඒ ගෑනිව එපා කියලා අර ඌව එපා කියලා විසික්කරලා දාන්න ගිය ගෑනිව හොයන්න යනවා. බලපන් ඉතින් ලොකේ හැටි.

