"ලෝන් එක ගෙවාගන්න බැරි වුනොත් අම්මව පාරට දාවී, මට මේ සල්ලි ටික දෙන්න බබා" රංජන් ගැන අමුතු කතාවක් උසාවියේදි එළියට ආපු හැටි!
නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක විසින් සිදු කළා යැයි පැවසෙන මුදල් වංචාවක් පිළිබද නඩු විභාගයක් අද (20) පැවැත්වුනා. පාසල් ගුරුවරියකට විවාහ පොරොන්දු ලබා දී ඇය රවටා ලක්ෂ දහයක පමණ මුදලක් ඇයගෙන් වංචා කළා යැයි රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුනා.
නාමලී විජේරත්න නම් හිටපු පාසල් ගුරුවරියක් විසින් මෙම පැමිණිල්ල සිදු කර තිබුනා. 2000 වසරේ සිට 2010 වසර දක්වා රංජන් රාමනායක විසින් නාමලී විජේරත්න නම් ගුරුවරිය සමග ප්‍රේම සබදතාවයක් පවත්වා, ඇයට විවාහ පොරොන්දු ලබා දී මෙලෙසින් මුදල් වංචා කර තිබෙන බවට කියවෙනවා.
මෙහිදි පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නිතීඥ අජිත් ප්‍රසන්න කරුණු දක්වමින් කියා සිටියේ රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් නාමලී විජේරත්න නම් මෙම ගුරුවරියට සිය ජන්ම පත්‍රය පවා ලබා දී විවාහයට සුදානම් වී ඇති බවයි. තවද විවිධ අවස්තාවන්හී රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ඇයගෙන් මුදල් ඉල්ලා ගත් බැංකු රිසිට්පත් පවා පැමිණිලි පාර්ශවය සතු බවයි.
තවත් අවස්තාවක රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ලබා ගත් ණයක් ගෙවීමටද අදාල ගුරුවරියගෙන් ඉල්ලා තිබෙන බව කියවුනා. ඊට අදාල ලේඛනද තමන් සතු බව නීතිඥ අජිත් ප්‍රසන්න පවසනවා.
මෙහිදි නාමලී විජේරත්නද මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ 2000 වසරේ හඳුනාගෙන රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා සමග ප්‍රේම සම්බන්ධයක් පැවති බවයි. විවාහ පොරොන්දුවක් ලබා දී තමන්ගේ විස්වාසය දිනා ගත් බවද ඇය කියා සිටියා. එහිදි නාමලී විජේරත්න කියා සිටියේ
"එයා හිටියේ මොරටුවේ ගෙදරක, ඒකේ ලෝන් එකක් තිබ්බා. එයාගේ වයසක අම්මා එයා එක්ක එහේ හිටියා, ලෝන් එක එරියස් වෙලා එයාගේ අම්මයි, බඩුයි එලියට දැම්මොත් අම්මට මොනවා හරි වෙයි කියලා කිව්වා එයා, අම්මට මොනවා හරි වුනොත් එයා වහ බීලා මැරෙනවා කිව්වා, ඊට පස්සේ කිව්වා ඔයා කොහොමහරි බබා මේක දාන්න කියලා, ඒක ලිඛිතවම තියෙනවා මන් ලඟ ඒ ලේඛනය. රංජන් ඔක්කොම වහගෙන ඉන්නේ. ඒත් මම එයා කවුද කියන එක හොදටම දන්නවා"
එම අවස්තාවේ වීඩියෝව පහතින්,

