You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
නාකි jeppa රතු වෙලා

මැදවච්චිය රෝහලේ භාවිතයට නොගෙන අතහැරදමා තිබූ ගොඩනැගිල්ලක් රෝහල් කාර්යමණ්ඩලයට නවාතැන් ගැනීම සදහා අලුත්වැඩියා කිරීම ශ්‍රි ලංකා රතු තරුව සාමාජිකයින් විසින් දින 6ක් පුරා වෙහෙස වී නිම කරන ලදි.
කෙරෝනා ආසාධිතයින් වෙනුවෙන් සාදන නව ගොඩනැගිල්ලට සමගාමීව පිහිටි මෙම ගොඩනැගිල්ල අංග සම්පුර්ණ ලෙස අලුත්වැඩියා කිරීමෙන් පසු රෝහල් කාර්යමණ්ඩලයට භාරදුන් අවස්ථාව
"කොරෝනා වෛරසයට එරෙහිව මනුෂ්‍යත්වය" මෙහෙයුම පෙරටම..
" මනුෂ්‍යත්වය වෙනුවෙන් රතු තරුව "
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වැටුප් අරමුදල් යොදවා රතු තරුව සහන සේවා බලකාය මගින් ජනතාවට ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට සූදානම් කරමින්.
රතු තරුවෙන් සහ ඒතෙර අපි සංවිධානයෙන් හෝමාගම රෝහලට ආධාර
.................................................
ඒතෙර අපි සංවිධානෙයේ මාලදිවයින් ශාඛාව සහ රතු තරුව සහන සේවා බලකාය ඒක්ව හෝමාගම මූලික රෝහලට අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් අද දින රෝහල් කාර්යමණ්ඩලයට ලබාදුන් අවස්ථාව. ඒම අවස්ථාවට ඒතෙර අපි සංවිධානයේ සභාපති, ජ.වි.පෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති සහෝදරයාද, ජාතික විද්වත් සංවිධානයේ කොළඹ දිස්තික් සභාපති සුනිල් ගමගේ සහෝදරයාද, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක ඒරංග ගුණසේකර සහොදරයාද, හෝමාගම රතු තරුව සහන සේවා බලකායේ ලේකම් අංජන අමරසිංහ සහෝදරයාද සම්බන්ධ විය.
රතු තරුව සහනසේවා බලකාය හා ජාතික විද්වත් සංවිධානයේ මැදිහත් වීමෙන් මාතලේ යටවත්ත ප්‍රාදේශීය රෝහලෙහි කාර්ය මණ්ඩලය සදහා සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් කට්ටල ප්‍රධානය අද දින (4 /4)සිදු කරන ලදි..
මෙම අවස්තාව සඳහා යටවත්ත ජවිපෙ ප්‍රාදේශිය සභා මන්ත්‍රි මංජුල ප්‍රසාද් ,ජාතික විද්වත් සංවිධානයේ මාතලේ දිස්ත්‍රික් කමිටු සාමාජික යු.ජි.ජි.ෆොන්සේකා .සහෝදරවරු සහභාගි වූහ...
"කොරෝනා වසංගතයට එරෙහි මනුෂ්‍යත්වය"
ජාතික භික්ෂු පෙරමුණේ කළුතර දිස්ත්‍රික් ලේකම් හා ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමයේ ලේකම් ශාස්ත්‍රපති මීගහජඳුරේ සීලානන්ද හිමියන්ගේ අනුශාසකත්වය හා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් කළුතර දිස්ත්‍රික් රතු තරුව සහන සේවා බලකාය මගින් කොළඹ - වැල්ලවත්ත වෙරළ ආරක්ෂක නාවික හමුදා කඳවුරට සෞඛ්‍යාරක්ෂිත මුහුණු ආවරණ පරිත්‍යාග කරන ලදී...
මාකන්දන SOS ළමා ගම්මානයේ සිටින දරුවන් හා ඔවුන් රැකබලා ගන්නන් වෙනුවෙන් අවශ්‍ය ආරකෂිත මුහුණු ආවරණ ලබා දීමට 31 දින රතුතරුව සහන සේවා බලකාය විසින් එහි පාලනාධිකාරිය වෙත ලබා දෙන ලදී.
මෙම කාර්ය සාර්ථක කර ගැනීම සදහා කැස්බෑව සාශනාරක්ෂක බලමණ්ඩලයේ නි.ලේඛකාධිකාරී මාවිත්තර සිරිතිසරණ ධර්මායතානාධිපති පූජ්‍ය ඇඹිලිපිටියේ රතනජෝති නායක හිමිපාණන් කටයුතු කර ඇති අතර උන්වහන්සේද එම අවස්ථාවට සහභාගී වි සිටියහ.
තවද සාහිත්‍යෙව්දී විමල් කැටිපෙආරච්චි, කැස්බෑව නගර සභාවේ නා.මන්ත්‍රි චාමර මද්දුමකළුගේ, වසන්තා මාලනී හා බොරලැස්ගමුව නා.මන්ත්‍රි ප්‍රදීප් නිශාන්ත යන සහෝදරයන් සහභාගී වී සිටියහ.
"කොරෝනා වසංගතයට එරෙහි මනුෂ්‍යත්වය"
රතු තරුව සහන සේවා බලකායේ ඇල්ල සහෝදරත්වය ඇල්ල ප්‍රාදේශීය සභාවේ සේවක මහතුන් සමඟ එක්ව අද දින මිල්ලගම හල්පේ ප්‍රධාන මාර්ග දෙපස සහ ජනතාව ගැවසෙන පොදු ස්ථාන,රාජ්‍ය ආයතන විෂබීජ හරණය සිදුකරන අවස්ථාවන්.
"කොරෝනා වසංගතයට එරෙහි මනුෂ්‍යත්වය" ජවිපෙ රතු තරුව සහනසේවා බලකාය හා සමාජවාදී තරුණ සංගමය එක්ව නාච්චදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය..නෙළුබෑව රෝහල සහ රාජ්‍ය ආයතන විෂබීජහරණය කිරීම..
EARLIER
රතු තරුව කෑගල්ල කොරෝනා මර්ධනයට
වරකාපොල නගරයෙන් corona ආසාදිතයෙකු හමුවීමත් සමඟ දැදිගම ආසනයත් කෑගල්ල දිස්ත්‍රික්කයත් අධි අවදානම් කලාපයක් බවට පත් විය .මේ අවස්ථාවේදී වගකීම් සහගත දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ නිරෝධායන කටයුතු සඳහා අවශ්‍යය මුඛ ආවරණ තොගයක් සිය මන්ත්‍රී වැටුප් අර මුදලින් අද දින වරකාපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබිණි.
මීට අමතර ව corona නිරෝධායන කටයුතු සඳහා මැදිහත් වන වරකාපොල පොලිස් කාර්ය මණ්ඩලය වෙත ද, මුඛ ආවරණ ලබා දෙන ලදී .තවද වරකාපොල නගරය තුළ ඇති ත්‍රී රෝද රථ රියදුරන් වෙත ද, පොදු ජනතාව වෙත ද ,මුඛ ආවරණ බෙදාදීමට කටයුතු කරනු ලැබිණ.
මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය A.Y. හේවගේ මහත්මියත් මහජන සෞඛ්‍ය පරීක්ෂක P.S.C අමරසේන මහතාත්, ජ.වි.පෙ මධ්‍යම කාරක සභික ගාමිණී රත්නායක සහෝදරයාත්, වරකාපොල ප්‍රාදේශීය සභා මන්ත්‍රී මනෝජ් රාජපක්ෂ සහෝදරයාත්, ගලිගමුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී කංචන වැලිපිටිය සහෝදරයත්, වරකපොල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී සේපාලි ඒකනායක සහෝදරියත්, වරකාපොල පවුර සංවිධානයේ චන්දන හේරත් මහතාත් සහභාගි විය .
EARLIER
ජ.වි.පෙ රතු තරුව
අම්බලන්තොට ප්‍රාදේශීය සභාව තුළ
*********************
හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රෙද්ශීය සභාව තුළ අඩුවක්ව පවතින මුඛ ආවරණ නොමිලයේ බෙදාදීම වෙනුවෙන් නිපදවීමට ජ වි .පෙ සහෝදරත්වය (රතු තරුව) මැදිහත් වෙමින්. (ජීවානුහරණය කොට බෙදාදීම සිදුකරනු ඇත)
EARLIER
ජවිපෙ පළාත් පාලන මන්ත්‍රී වැටුප් අරමුදලින් "රතු තරුව" ගම්පහ රෝහල වෙත පැමිණෙන ජනතාවගේ දෑත් විෂබීජ හරණය කිරීම සඳහා අත් සෝදන ස්ථානයක් අද දින ස්ථාපනය කරන ලදී.
ඒ සඳහා ගම්පහ නාගරික මන්ත්‍රී එරික් එදිරිවික්‍රම සහෝදරයා සහභාගී විය.
EARLIER
අපි අපගේ වගකීම ඉටු කරමින් සිටිමු (සතියකට පෙර )
-------------------------------------------------------------
මේ වන විට රටපුරා උද්ගතව ඇති කොරෝනා වෛරස් තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා සමාජ ක්‍රියාකාරින් ලෙස අපට කළ හැක්කේ කුමක්ද යන්න විමසා බැලීමට අප අද දින රාගම ශික්ෂණ රෝහලට ගොස් එහි අධ්‍යක්ෂකතමා සහ ප්‍රධාන හෙද නිලධාරිනිය සමඟ සාකච්ඡා කළෙමු. එහිදී කොරෝනා රෝගීන්ගේ අවශ්‍යතා සහ ඔවුන් වෙනුවෙන් කැපවී සිටින රෝහල් කාර්ය මණ්ඩලය සඳහා අත්‍යවශ්‍යව ඇති භාණ්ඩ කිහිපයක් ඇති බැවින් හැකි නම් ඒ සඳහා දායකත්වයක් සපයන මෙන් ඉල්ලීමක් කරනු ලැබීය. එ් අනුව පහත අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාදීම සඳහා අලුත් පියාපත් අප කටයුතු කරමින් සිටිමු. ඒ සඳහා ඔබගේ දායකත්වයද අපේක්ෂා කරමු.
1. ලා පැහැති බෙඩ් ෂීට් ( 7×4ප්‍රමාණයේ)
2. මාස්ක්
3. කහ පැහැති බූට්ස්
4. මධ්‍යම ප්‍රමාණයේ කසල ඉවතලන බෑග්
5. පියන සහිත කුඩා සාමාන්‍ය ප්‍රමාණයේ බකට්( කොරෝනා ආසාදිතයන්ට ඔවුන්ගේ කසල බැහැර කිරීමට)
6. පොලිතින් වලින් නිර්මාණය කරන ලද සපත්තු ආවරණ
7. පොලිතින් වලින් නිර්මාණය කරන ලද ආරක්ෂිත ඇඳුම් (කාර්ය මණ්ඩලය සඳහා)
8. වරක් භාවිතා කර ඉවතලන කෑම පෙට්ටි සහ කෝප්ප
9. ඉඟුරු සහ කොත්තමල්ලි
EARLIER
ඔබ වෙනුවෙන් ..රට වෙනුවෙන් ..
අපේ යුතුකම. ජවිපෙ
රතු තරුව
සූරියවැව බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ අවවාද,අනුශාසනා මෙන්ම සහභාගිත්වයෙන් ..
සමාජවාදී තරුණ සංගමයේ සහ ජාතික ජන බලවේගයේ සහෝදර සහෝදරියන්ගේ කැපවීම..සහ සහභාගිත්වය ඇතිව
සූරියවැව සතොස පාරිභෝගිකයන්ට ,පොලිස් ස්ථානයේ නිළධාරී මහත්ම මහත්මීන් සහ සියලු දෙනාටත්, සූරියවැව රෝහලේ කාර්‍යමන්ඩලයට සහ නේවාසික රෝගීන්ටද, හත්පහ ත්‍රීරෝද රථ රියදුරන් ඇතුළු සියලුම දෙනාට අද දිනයේ මුහුණු ආවරන බෙදා දෙමින්
EARLIER
ජවිපෙ මන්ත්‍රී අරමුදලින් සහ ජනතාවගේ දායකත්වයෙන් අප විසින් සකස් කරන ලද මුහුණු ආවරන ගලෙන්බිඳුණුවැව ප්‍රා.ලේ.කාර්යාලයට, පොලීසියට, ත්‍රීවීලර් පාර්ක් එකට බෙදාදුනි...ගලෙන්බිඳුණු වැව නගරයේ කිසිම ස්ථානයක මුහුණු ආවරණ විකිණීමට නොමැත..
EARLIER
පළමු ආරක්ෂිත ඇඳුම් තොගය
රාගම රෝහලට...

---------------------------------------------------
රටේ ජනතාව කෙරෙහි බලපාන සෑම ගැටලුකාරී අවස්ථාවකදීම ඒ වෙනුවෙන් පෙනී සිටින වගකීම් සහගත බලපෑම් කණ්ඩායමක් ලෙස කටයුතු කරන අලුත් පියාපත් අප රටේ උද්ගතව ඇති කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අපගේ වගකීම පිළිබඳ විමසා බැලීමට රාගම ශික්ෂණ රෝහලගේ අධ්‍යක්ෂකතුමා වන වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා සහ ප්‍රධාන හෙද නිලධාරිනී මේනකා ප්‍රියන්ති මහත්මිය මුණ ගැසී සාකච්ඡා කළේ පසුගිය 19 වන දිනදීය. ඒ වන විට රාගම රෝහලට අත්‍යවශ්‍යව ඇති භාණ්ඩ කිහිපයක් සපයා දීමට අප ඉදිරිපත් වූයේ ඒ අනුවය. එය අපට පමණක් තනිව කළ නොහැකි කාර්යයක් වූ බැවින් අප 20 වන දින සියලුම ආදරණීය මිනිසුන්ගෙන් සහය ඉල්ලා සිටියෙමු. අප සතුව ප්‍රමාණවත් මූල්‍යමය ප්‍රතිපාදනයන් නොමැතිව පවා අප එම සද්කාර්ය ආරම්භ කළේ ඔබ අපට ශක්තියක් වන බව අප දැඩිව විශ්වාස කළ බැවිනි. ඒ විශ්වාසයට පණ දෙමින් ආදරණීය හදවත් රැසක් මේ මොහොතේ තම ජීවිත අවධානම පවා නොතකා අද්විතීය කැප කිරීමක් සිදු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අත්‍යවශ්‍යව පැවති ආරක්ෂිත ඇඳුම් කට්ටලවල පළමු තොගය අද දින රාගම ශික්ෂණ රෝහලට ගොස් භාර දෙනු ලැබුවේ අලුත් පියාපත් මෙහෙයුම් කමිටු සාමාජිකයන් වන එරංග ගුණසේකර සහ නිර්ශාන් දිලීප් ඊබ්‍රහිම් විසිනි. දින දෙකක් තුළ එම ජයග්‍රහණය අපට අත්කර ගැනීමට හැකි වූයේ මූල්‍යමය වශයෙන් මෙන්ම දිවා රාත්‍රි නොබලා අපමණ වෙහෙසක් ගෙන එම ඇඳුම් නිම කිරීමට උර දුන් සැබෑ මිනිසුන් විශාල පිරිසකගේ ශක්තිය හේතුවෙනි. ඔබ නොවන්නට අපට මේ තරම් කඩිනමින් මේ අවශ්‍යතාව සපුරා ගැනීමට නොහැකි වනු ඇත. නැවත නැවතත් ඔබ ලබාදුන් ඒ සුවිශාල දායකත්වයට හිස නමා ආචාර කරමු. එමෙන්ම අපගේ ශක්ති ප්‍රමාණයෙන් ඉතිරි අවශ්‍යතාවයන්ද සපුරාදීමට අප බලාපොරොත්තුවෙන් සිටිමු. මේ සඳහා අපට මූල්‍යමය සහ ශ්‍රම දායකත්වය දුන් ඒ ආදරණීය ඔබ සියලු දෙනාටද, මේ සඳහා අවස්ථාව ලබා දුන් රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතාටද, ආරම්භයේ සිටම අපට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් මඟ පෙන්වීම සිදු කළ ප්‍රධාන හෙද නිලධාරිනී මේනකා ප්‍රියන්ති මහත්මියටද සම්බන්ධීකරණ කටයුතු සඳහා උදව් කළ වෛද්‍ය අසංග වික්‍රමසිංහ මහතාටද, අපගේ ෆේස්බුක් පිටුව හරහා අප ධෛර්යමත් කළ ඔබ සියලු දෙනාටද නැවතත් අලුත් පියාපත් සිය ගෞරවනීය ස්තූතිය පුද කර සිටිමු.
මෙම ආරම්භය හමුවේ අප අමතා අපගේ සහය ඉල්ලා සිටි දිවයින පුරා රෝහල් කිහිපයකට හැකි පමණින් අපගේ සහය ලබා දීමට තව දුරටත් ඔබ අප සමඟ අත්වැල් බැඳ ගනු ඇතැයිද අප අපේක්ෂා කරමු.
සීමිත පහසුකම් යටතේ වුව සිය වගකීම නොපිරිහෙලා ඉටු කරන සෞඛ්‍ය අංශයේ සියලු දෙනාට මෙන්ම ආරක්ෂක අංශයටද අපගේ ප්‍රණාමය පුද කර සිටිමු.
EARLIER
මේ සියල්ල මනුෂ්‍යත්වය වෙනුවෙන්..

ජවිපෙ රතුතරුව මගින් ක්‍රියාත්මක,
කොරෝනා රෝගීන් මැඩලීමේ ක්‍රියාන්විතයේ යෙදීසිටින සෞඛ්‍යය කාර්‍යමණ්ඩලයට අාරක්ෂිත කබා
මසා නිමකරන අවස්තාව. (ජීවානුහරණය කොට ලබා දේ)
EARLIER
රටේ මතුවී ඇති කොරෝනා වසංගත තත්වය පාලනය කිරීම සදහා සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ නිළධාරීන්ට හිඟයක්ව පැවති අත් සෝදන විෂබීජ හරණයකරන රසායනික ද්‍රව්‍ය පිළියන්දල රොහලේ කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ, බෝකුන්දර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ වෛද්‍යවරුන්ට ජවිිපෙ මන්ත‍්‍රීවරුන්ගේ මැදිහත්වීමෙන් එම රසායනික ද්‍රව්‍ය පිලියන්දල රෝහලේදී ලබාදුන් අවස්ථාව..!
EARLIER
අපි අපේ යුතුකම් ඉටු කරමින් සිටිමු
මාතලේ ජවිපෙ රතු තරුව සහෝදරයන් මනුෂ්‍යත්වය වෙනුවෙන් කොරෝනා වසංගතය මැඩලීමේ ක්‍රියාන්විතයේ යෙදි සිටින අයුරු..