ඒක නිකං ඒ මනුස්සයට රුපියල් දාහක් හම්බ කරන්න තවත් රුපියල් 30,000 ක් විතර විනාශ කරනවා වගේ වැඩක් නේද. වාහන ආනයනය සීමා කරෙත් ඒ නිසා. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීමේ ගැසට් එකට මේ වගේ දේවල් දාලාද කියලා බලන්න ඕනි.
රටක් විදියට ගත්තම මේ වගේ පොඩියට ඉම්පෝට් කරන එකෙක්ගෙන් වෙන බලපෑම ගනන් ගන්න බැරි තරම්
ඒක නිසා තමයි වාහන වගේ ලොකු ඒව ඉම්පෝට් කරන එක නතර කරලා තියෙන්නෙ. ඒත් බලපෑම බලපන් වාහන ගෙන්නන එකේ ප්‍රශ්නයක් නොතිබුනු කාලෙ ඩොලර් එක රුපියල් 192ට වගේ තිබුනෙ දැන් 185ක් වගේ වෙනවා, ඒ තරම් රිස්ට්‍රික් කරත් එහෙම නං වෙන්නෙ මේ වගේ එකෙක්ගෙන් වෙන බලපෑම ගැන හිතල බලපන්
අනික ඉම්පෝට් රිස්ට්‍රික්ශන් එක දාල තියෙන්නෙ LC ඕපන් කරන්න නොදෙන එකෙන් මිසක්, ගේන බඩු එකින් එක චෙක් කරලා නෙමෙයි. මහා පරිමානෙන් සල්ලි පිට රට යන්නෙ ඒ විදියට නිසා. අපිට අතින් පේ කරන්න විදියක් තියනවා නං බඩු දැනටත් ලංකාවට ඉම්පෝට් කරන්න පුලුවන් කිසි අවුලක් නැතුව, කවුරුවත් ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවල මාහා පරිමානෙන් බඩු ඕඩර් කරන්නෙ නැහැනේ.
තව එකක්, පර්සනල් ඉම්පෝට් වලට රිස්ට්‍රික්ශන් එක අදාල නැහැ.