වරදක් වෙනවට නෙවෙයි මගේ රත්තරනේ, ඔයාලගේ වයස පරතරේ නිසා අම්මල පොඩ්ඩක් හරි බාල්දිය පෙරලන්න බලනවනේ, අන්න එක නිසා ඒවාට දෙන්න උත්තර කරන්න ඕනේ දේවල් දැන්ම ලෑස්ති කරන ඉන්න එක හොඳයි, අනික කොහොමත් ඔය දෙන්නට උදව කරන්නෙත් මම ඔයාල වැරදි දේවල් නොකරයි කියන විශ්වාසය නිසා තමයි,
මොකද මට ඔයාල දෙන්නවම මගේ ජීවිතේට නැති කරගන්න බෑ, එක අතකින් ඔය මගේ මල්ලි, අනිත් අතින් දිලිනි මගේ හොඳම යාළුවා.
ඔව අක්කේ මට තේරෙනවා ඔයා කියන දේ, අපි රට කතා කරමු එහෙනම්, ඔය එහෙනම් අම්මලාට කතා කරලා වොෂ් එකක් දාගන්ඩ මන් පොඩ්ඩක් දිලිනිට කතා කරලා ඇවිත් වොෂ් එකක් දාන්නම්,
චූටි මැණික.....කෝ ඇස් අරින්නකෝ රත්තරනේ. කෝ මේ බලන්න දැන් කොහොමද මගේ වස්තුවට? ඇඟට අමාරු ගතියක් නෑ නේද?
කෝ ඔය ඉතින් පූස් පැටියෙක් වගේ ගුලි වෙන්න නෙවේ කීවේ නැගිටින්න,
අනේ බබා ඉන්න දෙන්නකෝ ටිකක්, ඔයාගේ තුරුලේ ඉන්න ආසයිනේ මම ඉතින්,
තුරුල වෙන්න තව ඕනතරං වෙලා තියනවනේ රත්තරනේ, දැන් නැගිටින්නකෝ, මන් ගොඩක් බය උනා පටියට අසනීප උන වෙලාවේ, දැන්නම් මූනේ මහන්සි පාට නෑ, මොකද්ද බබා එක පාරටම උනේ ඔයාට?
එහෙම මුකුත් නෑ බබා, ඔයා නිකන්නේ බය වෙලා තියෙන්නේ, එක දිගටම ආව නිසා වෙන්න ඇති මහන්සියට, දැන් මේ ශූයි එකට ඉන්නේ ඔයාගේ බබා.
අනේ ඔව දැන්නම් මට හිතට සැනසීමයි, ඇත්තමයි බබා මට වෙලාවකට හිතෙනවා මම ඔයාට ආදරේ කරනවා වැඩිද කියලත්, ඔයාට පොඩි අසනීපයක් උනත් මට එක ලොකුවට දැනෙනවා බබා, මෙහෙම ගිහින් මගේ ආදරේ ඔයාට වදයක් වෙයි.
අනේ පිස්සු කියවන්න එපා බබා, මට එහෙම කරදරයක් නෑ, මාත් ඔයාගේ ආදරේට පෙරේතයිනේ එක නිසා ඔයා දිගටම ඔහොම ආදරේ කරන්න, ඔන්න ඔයාගේ ආදරේ අඩු උනොත් තමයි මට දුක හිතෙන්න හරිද?
කෝ බබා සමාධි?
අක්ක ගියා අම්මලාට කතා කරල වොෂ් එකක් දාගන්න කියල, අක්ක ආවම එහෙනම් ඔයත් ලස්සන සුදු ඇඳුමක් දාගන්න බබා, මාත් ගිහින් ලෑස්ති වෙන්නම්, නැත්නම් දන්නවනේ අප්පච්චි උදහස් උනොත් එහෙම කනක් ඇහිලා ඉන්න හම්බවෙන්නේ නෑ. පලතුරු වට්ටිය හදන්නත් තියනවනේ බබා, එක නිසා එහෙනම් මන් යනවා,
හරි රත්තරනේ පරිස්සමෙන් එහෙනම්, පලතුරු කපද්දී එහෙම ඇත පය බලාගෙන, මායි අක්කයිත් ලෑස්තිවෙලා පල්ලෙහාට එන්නම් එහෙනම් ඉක්මනට.
හරි වස්තු එහෙනම් මන් යනවා, ඔයාට කොෆි එකක් එවනන්ද රූම් එකට?
දැන් එපා බබා, පස්සේ යන්න ලෑස්තිවෙලා අපි ඔක්කොමල බොමු.