Re Tharuwak Wee Mage Loke

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මේක බලන එක මාස 2කට විතර කලින් මගහැරුනා:dull:
අන්තිමට බලඋ තැන මතකත් නැ දැන් කතාව්ත් අමතකයි වගෙ:oo:
 

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    දිලිනි ගියාට පස්සේ කරන්න ගිය වැඩේට වඩා මට බය හිතුනේ මොකද්ද මේ ළමයට එක පාරට උනේ කියල, මන් කවදාවත් දැකල නෑ එය එහෙම ඉන්නවා, කොච්චර අමාරු උනත් මහන්සි උනත් මූනේ තියන හිනාව නැතිවෙන කෙනෙක් නෙවේ, එත දෙයියනේ අද මූනේ තිබ්බේ ගොඩක් කාලෙක ඉඳල අන්ගේ තියන ලෙඩකින් දුක වින්ද වගේ පෙනුමක්, එහෙම හිතෙද්දීත් මගේ අංග සීතල වෙලා යනවා, මේ කතරගම දෙවියන්ගේ අඩවිය බය වෙන්න ඕනේ නෑ, දෙවියන් වහන්සේ අපිව ආරක්ෂා කරගනියි, මංවත් මගේ කෙල්ලවත් කාටවත් වරදක් කරලා නෑ,

    බදු ටික කාමරවල යවල වාහනෙත් ලොක් කරලා මන් උඩට ගියේ දිලිනිට කොහොමද කියල බලන්න,
    අක්කේ කෝ දිලිනි? එයාට කොහොමද දැන්?

    අනේ සත්‍ය ප්‍රේමේ බ්‍රුංග රාජ දැන්ද සැපත් වෙන්නේ?

    මේ ඔයි මගේ ඔලුව නොකා කියනවා මොකද දිලිනිට? එයාට අඩුයිද

    අනේ යකෝ දෙමාපියන්ට නැති රුදාවක්නේ මේකට හැදිලා තියෙන්නේ, ඇයි යකෝ උපන් ද ඉදන් මුව හදල අපි ගැනවත් නෑනේ මෙච්චර ආදරයක් මුගේ හිතේ,
    අන්න ප්‍රියන්භිකාව දොයි ගිහින් බලාගන්න එකයි ඇත්තේ.

    අනෝ මගේ සුදු අක්ක පටිය, තලා ගන්න එපා ඉතින්, මන් පොඩ්ඩක් ඇතුලට යනවා මගේ අක්ක බබා වෙදිහිතිඅ පාර්ශවේ බලාගන්ට ඕනේ හරිය, මගේ උම්මා කොටෙනේ ඉතින්.

    තූ මුගේ සෙවල කම,
    මේ මල්ලි එක නෙවේ මට තමුසෙත් එක්ක දෙයක් කතා කරන්නත් තියනවා, රැ වෙනද ඇරලා එනවකො කාමරේ පැත්තට,

    ඇයි අක්කේ මොකද්ද ප්‍රශ්නේ? මොකක් හරි ලොකු දෙයක්ද?

    නෑ නෑ එහෙමම දෙයක් නෙවේ එත මල්ලි මට ඔයි දිලිනියි එකක් ටිකක් කතා කරන්න ඕනේ, මොකද කොඉ මොහොතක හරි මේකේ වරද මගේ පිටට එනවාමයි, එක නිසා උඹල දෙන්න අතරේ කිසිම වරදක් නොවෙන්න මට දෙන්නටම කියන්න දේවල් ටිකක් තියනවා,

    හරි අක්කේ අපි රැ දේවාලේ ගිහින් ඇවිත් ඩිනර් ගත්තම නිදහසනේ මන් එන්නම්, එත ඔය බොරුවට බය වෙන්න එපා අක්කේ, මන් කොහොමත් දිලිනිටවත් ඔයාටවත් අපේ පවුලටවත් වරදක් වෙන්න ඉඩ තියන්නේ නෑ.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    වරදක් වෙනවට නෙවෙයි මගේ රත්තරනේ, ඔයාලගේ වයස පරතරේ නිසා අම්මල පොඩ්ඩක් හරි බාල්දිය පෙරලන්න බලනවනේ, අන්න එක නිසා ඒවාට දෙන්න උත්තර කරන්න ඕනේ දේවල් දැන්ම ලෑස්ති කරන ඉන්න එක හොඳයි, අනික කොහොමත් ඔය දෙන්නට උදව කරන්නෙත් මම ඔයාල වැරදි දේවල් නොකරයි කියන විශ්වාසය නිසා තමයි,
    මොකද මට ඔයාල දෙන්නවම මගේ ජීවිතේට නැති කරගන්න බෑ, එක අතකින් ඔය මගේ මල්ලි, අනිත් අතින් දිලිනි මගේ හොඳම යාළුවා.

    ඔව අක්කේ මට තේරෙනවා ඔයා කියන දේ, අපි රට කතා කරමු එහෙනම්, ඔය එහෙනම් අම්මලාට කතා කරලා වොෂ් එකක් දාගන්ඩ මන් පොඩ්ඩක් දිලිනිට කතා කරලා ඇවිත් වොෂ් එකක් දාන්නම්,

    චූටි මැණික.....කෝ ඇස් අරින්නකෝ රත්තරනේ. කෝ මේ බලන්න දැන් කොහොමද මගේ වස්තුවට? ඇඟට අමාරු ගතියක් නෑ නේද?
    කෝ ඔය ඉතින් පූස් පැටියෙක් වගේ ගුලි වෙන්න නෙවේ කීවේ නැගිටින්න,

    අනේ බබා ඉන්න දෙන්නකෝ ටිකක්, ඔයාගේ තුරුලේ ඉන්න ආසයිනේ මම ඉතින්,

    තුරුල වෙන්න තව ඕනතරං වෙලා තියනවනේ රත්තරනේ, දැන් නැගිටින්නකෝ, මන් ගොඩක් බය උනා පටියට අසනීප උන වෙලාවේ, දැන්නම් මූනේ මහන්සි පාට නෑ, මොකද්ද බබා එක පාරටම උනේ ඔයාට?

    එහෙම මුකුත් නෑ බබා, ඔයා නිකන්නේ බය වෙලා තියෙන්නේ, එක දිගටම ආව නිසා වෙන්න ඇති මහන්සියට, දැන් මේ ශූයි එකට ඉන්නේ ඔයාගේ බබා.

    අනේ ඔව දැන්නම් මට හිතට සැනසීමයි, ඇත්තමයි බබා මට වෙලාවකට හිතෙනවා මම ඔයාට ආදරේ කරනවා වැඩිද කියලත්, ඔයාට පොඩි අසනීපයක්‌ උනත් මට එක ලොකුවට දැනෙනවා බබා, මෙහෙම ගිහින් මගේ ආදරේ ඔයාට වදයක් වෙයි.

    අනේ පිස්සු කියවන්න එපා බබා, මට එහෙම කරදරයක් නෑ, මාත් ඔයාගේ ආදරේට පෙරේතයිනේ එක නිසා ඔයා දිගටම ඔහොම ආදරේ කරන්න, ඔන්න ඔයාගේ ආදරේ අඩු උනොත් තමයි මට දුක හිතෙන්න හරිද?
    කෝ බබා සමාධි?

    අක්ක ගියා අම්මලාට කතා කරල වොෂ් එකක් දාගන්න කියල, අක්ක ආවම එහෙනම් ඔයත් ලස්සන සුදු ඇඳුමක් දාගන්න බබා, මාත් ගිහින් ලෑස්ති වෙන්නම්, නැත්නම් දන්නවනේ අප්පච්චි උදහස් උනොත් එහෙම කනක් ඇහිලා ඉන්න හම්බවෙන්නේ නෑ. පලතුරු වට්ටිය හදන්නත් තියනවනේ බබා, එක නිසා එහෙනම් මන් යනවා,

    හරි රත්තරනේ පරිස්සමෙන් එහෙනම්, පලතුරු කපද්දී එහෙම ඇත පය බලාගෙන, මායි අක්කයිත් ලෑස්තිවෙලා පල්ලෙහාට එන්නම් එහෙනම් ඉක්මනට.

    හරි වස්තු එහෙනම් මන් යනවා, ඔයාට කොෆි එකක් එවනන්ද රූම් එකට?

    දැන් එපා බබා, පස්සේ යන්න ලෑස්තිවෙලා අපි ඔක්කොමල බොමු.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ළමයිනේ.....හරිද සේරම? අපි යමුද එහෙනම්?පූජාව පටන් ගන්න කලින් කිරි වෙහෙර වදින්නත් ඕනනේ,

    හරි අම්ම අපි ලෑස්තියි, මල්ලියි අප්පච්චිලයි පල්ලෙහා ඇති පලතුරු වට්ටිය හදන්න ඕන කියල ගියා,

    අප්පච්චි තමයි කෝල් කරල කීවේ පල්ලෙහාට එන්න කියල, අපේ පරක්කුව තියෙන්නේ දැන්, යන ඉක්මනට නැත්නම් දනන්වනේ බැනුම් අහන්න තමයි වෙන්නේ,
    කෝ දිලිනි දුව දැන් අඩුයි නේද පුතේ ඔයාට?

    දැන් අඩුයි ආන්ටි, මන් ටිකක් ඇලවෙලා හිටිය, අර එක දිගටම ආව නිසා ඇඟට මහන්සිය වගේ දැනෙන්න ඇත්තේ,

    ඔව එක තමයි මාත් හිතන්නේ, ඔයා අර බෙහෙත් දිගටම ගන්නවනේ නේද පුතේ?

    අනේ ඔව ආන්ටි.

    ඔව ඔව ඒවා මග අරගන්න එහෙම එපා තේරුනාද?

    මොනාද අම්ම මෙය දිගටම ගන්න බේත්? මන් දන්නේ නෑනේ එහෙම එකක් ගැන,

    මොන බෙත්ද සමාධි? මන් මේ දුවට කීවේ බේත් වේල මග අරගන්නේ නැතුව ආයෙ පැය කින් පැනඩෝල් දෙකක් බොන්න කියල,

    ආ...එක මිසක් මන් බැලුව මේ මන් නොදැන මෙකි පිල්ස් වත ගන්නවද කියල,

    ඊය සමා, මොනව් අකියනවද මන්ද ඔයානම්, බලන්නකෝ ආන්ටි.

    එක තමයි දුව ඔය කටවල් දෙක හදන්ඩ මටයි අන්කල්ටයිනම් බෑ, බලමුකෝ අලුත් නන්දම්මවත් හදල ගනියිද කියල, එන්න දුව අපි යන පල්ලෙහාට,

    ශා....ඇත්තටම ලස්සනයි බබා ඔයා නිකන් සුදු හන්සි පැටියෙක් වගේ, දිඟ ස්කර්ට් එකයි බ්ලවුස් එකයි ඔයාට හොඳටම මැචි වෙනවා, අදනම් ඔයාගේ ලඟින්ම යන්න වෙනවා, නැත්නම් කොල්ලොන්ගෙන් බේරගන්න බැරි වෙනවා මට,

    ආපෝ....දිලිනි මේ අන්න අර කිචන් එක පැත්තට ගිහින් දෙහි ගෙඩියක් අරන් වරෙන් උඹේ ඔලුවේ තියල කපන්න, මුගේම ඇස්වහ කටවහ ඇති උඹට,
    යකෝ මේ අපි ඉන්නවා, එක කුසේ උපන් සහෝදරි නේද කියල කෙලෙහි ගුනේ තියල ලස්සනයි කියපිය,
    කොහෙද ඉතින් මේක කෙලෙහි ගුණයක් දන්නා එකෙක් නෙවේනේ,

    හරි හරි තමුසේ ඉතින් කොහොමත් පීප්පේ වගේනේ, කෙලින්ම ලීටර් 25 බියර් පීප්පෙට සයක් අන්දලා වගේ, මේ ඔන්න ඔහේ කෑ නොගහ නගහන් අක්කේ වාහනේට පව නොදී,
    තව විනාඩියක් යන්න කලින් නැත්නම් රාජ උදහසට ලක් වෙනවා එකෙන්ම,
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    දේවාලේ පූජාවට පැයක විතර වෙලාවක් තියෙන්නේ, ඉක්මන් කලොත් කිරි වෙහෙර වැදලා එන්න පුළුවන්,
    පුතා ඔය බලන්න කවුරු හරි කොල්ලෙක් අල්ලගන්න මේ පූජා වට්ටි ටික දීල යන්න අපි එනකන් තියාගන්න.

    හරි අප්පච්චි මන් එක්කන් එන්නම්, වෙන මුකුත් ගෙන දේවල් නෑනේ නේද?

    මන් හිතන්නේ සේරම හරි, බලන්න අම්මගෙන් අහල වෙන මුකුත් නැ නේද කියල.

    අම්මා....අප්පච්චි අහන්න කීව කඩවල් වලින් ගන්න මුකුත් නෑ නේද කියල?
    ආන්ටි ඔයාලටත් මුකුත් නෑ නේද?

    අනේ නෑ පුතා, මන් හිතන්නේ අන්කල් සේරම ගන්නවා,

    අපෙත් මුකුත් නැ පුතේ, අර ටිකක් ලොකු සිලි කවර දෙක තුනක් ගන්න, සෙරෙප්පු ටික දාගන්නයි, පලතුරු ඉතුරු ඒවා ටික අරන් එන්නයි,

    හරි එහෙනම් ඔයාල යන්න ඇතුලට, මන් අර පොඩි එකෙක්ව එක්කන් එන්නම් පූජා වට්ටි ටික බලාගන්න,

    ඉන්න මල්ලි අපිත් එන්නම් ඔයත් එක්ක.

    අම්මටසිරි අක්කේ තමුසේනම් එලම කිරි පොරක් ආ, මට මේ ඔයාල දෙන්නට ඉම්ම කියන්න විදියක් නැතුව හිටියේ, අම්මල ගියාම අපි හෙමින් යමු කතා කර කර,

    අනේ ඔ ඉතින් මේ අක්ක ඉන්නකං තොපි දෙනන් ගොඩ, හැබැයි පුතේ ඉතින් තව වැඩි කල් නැ, හරියටම සතියයි දවස් හතරයි

    ආවූ...ආවූ ආසයි නේ?

    මොකටද යකෝ ආස?

    නැ ඉතින් උඹ ඔය දවස් ගනින්නේ පැණි හඳ බලන්න යන්ඩනේ,

    අනේ මේ පල පල යන්න හිතුවද තොපි දෙන්න වගේ අපිත් මේ බල බල ඉන්නේ අම්මල එහා මෙහා වෙනකන් වනචරකන් කොරන්ඩ කියල?

    ආපෝ....කට කට යකෝ මේ දේවාල භූමිය දැන්වත් උඹේ ඔය හැකර කට වහගනින්, දෙවියන් වහන්සේට ගරු කරලවත්, අනික ඉතින් මට අමතක උනානේ, උඹල දෙන්නට අයෙ ඉතින් අමුතුවෙන් ඔය හඳේ බලන්න දෙයක් නැති විත්තිය.

    කෝ හරි දිල මේ මල්ලි එක්ක යන එහෙනම් අපි, මෙයට පූජා වට්ටි ටික දීල කිරි වෙහෙරට ගිහින් එන්න පුළුවන් අපිට, ටිකක් පරක්කුත් උනා නේද? අප්පච්චිලා ගිහින් ඇති දැන් මල පනින්න කලින් අපිත් යමු.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මල් කෙල්ලේ මන් නුඹේ කඳුල නිවන්නම්....සුදු මල මිටක් අරන් කිරි වෙහෙර වඳින්නම්.....

    හා..හා.. මේ මේ තමුසේ මෙන්න මෙහෙට වෙලා ඉන්නවා, මල් කෙල්ලන්ගේ කඳුළු නිවන්ඩ ගිහින් අන්තිමට මේ වල් කෙල්ලගේ කඳුළු අපිට නිවන්ඩ වෙයි.
    ඒක නිසා අනේ මගේ මල්ලියේ මෙන්න මේකිගේ ලඟින්ම හිටහන් අපිට පවු නොදී,

    ආයේ පිස්සුවක් ඇතෑ ඕයි, මගේ කෙල්ල දාල යන්න, මන් මේ බස් සින්දු කෑල්ලක් කීවේ,
    බබා ඔයාට මල් මොනාද ඕනේ?
    අක්කේ ඔයත් ගන්න බලල.

    බබා මට ඕනේ සුදු නෙලුම් පොකුරකුයි නිල් මානෙල් පොකුරකුයි,

    හරි මැණික ඔයා ගන්නකො තෝරලා, අර වයසක අම්මගෙන් ගම්මු, පවු අහිංසක මනුස්සයෙක්.

    අනේ බබා....මේ බබා...මටත් අරන් දෙන්නකෝ මේ මල් ඔක්කොම

    අපෝ මේ අක්කේ පිස්සුනම් කෙලින්න එපා තමුසේ මට බබා කියනවා ඇහුනොත් මිනිස්සු හිතයි අන්න අර ළමයාගේ පුංචි අම්මට පිස්සුද කොහෙද පුතාට බබා කියනවා කියල,

    අනේ මේ මගෙන් මුකුත් අහගන්න එපා උඹ, ඇයි යකෝ, ඇයි උඹ හිතන ඉන්නේ උඹ තවම කටේ කිරි සුවඳ නොගිය අත දරුවා කියලද?
    නිකමටවත් එහෙම කරන්න කියන්න තිබ්බ අඩුම ගානේ වැදවත් ඒ මට්ටමෙන් තිබ්බනම්, කොහෙද වඩාත් ඉතින් දෙදරු පියෙක්ගේ වගේනේ,

    අනේ මන්ද ඔයාල දෙන්නනම් හදන්ඩ බෑ, කෑ නොගහ ඉන්න අනේ, අර මිනිස්සුත් බල බල යනවා.
    මම මල ගත්ත කෝ සමාධි ඔයාට මොනවද ඕනේ? ඉක්මනට අරන් යමු පරක්කු උනොත් දේවාලේ පූජාවට ඉන්න වෙන්නේ නෑ අපිට.
     

    Crezy Boy

    Member
    Dec 27, 2011
    705
    85
    0
    Colombo
    එල එල සෝමේ අයියා...
    පරක්කු වෙලා හරි දැම්මනේ. දිගටම කරන යමු. ජය!!!
    11.gif