Real Ghost Stories (සත්‍ය හොල්මන් කථා)

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    සිරාම සිද්දියක් මචං. මේක වෙද්දි මම හිටියේ දකුනු කැරොලිනාවල. මම යුනි යන කාලේ. මිසිසිපි වලින් කැරොලිනාවලට මූව් උනා විතරයි. මොටෙල් එකක නතරවෙලා අම්බානක එපාර්ට්මන්ට්ස් හෙව්වා. අන්තිමට ටිකක් අඩුවට ටූ බෙඩ්රූම් එපාර්ට්මන්ට් එකක් හම්බුනා. අඩුවට කිව්වේ වන් බෙඩ්රූම් එකක ගානට වගේ තමයි හම්බුනේ. මම හිතුවේ ගේ ටිකක් පරන වගේ හින්දා කියලා. ඉඩම නම් පට්ටම මූසල පාටයි. මට ඉතින් ඕවා අදාල නෑනේ. ලංකාවේඉන්නකොට බීලා කැරකොපුවල පවා නිදා ගත්ත එකා නේ. ජීවිතේට බය හිතෙන අමුතු සීන් දැකලා තිබ්බේ නෑ.

    කොහොමහරි මම ගේ රෙන්ට් එකට ගත්තා. තව එකෙකුට අනිත් බෙඩ් රූම් එක රෙන්ට් කරන්නත් පුලුවන්නේ කියල තමයි හිතුවේ. ගෙදර නම් පට්ටම අමුතුයි. මහ පුස් ගදක් වගේ හිටපු ගමන් එනවා. කොච්චර මොප් කරලා එයාර් ෆ්‍රෙශ්නර් ගහල තිබ්බත් නැති වෙන්නේ නෑ. අනික සමර් එකේ පට්ට රස්නේ දවස්වල පවා අමුතු හිරිගඩු පිපෙන සීතලක් එනවා. ෆ්‍රිජ් එකේ කෑම පවා මාර ඉක්මනට නරක් වෙනවා. දවසක් මම බත් උයලා කාලා පැය 2න් වගේ ගිහින් බලද්දි බත සෙවල වගේ එන්නම පිලුනු වෙලා! එදානම් මට පට්ටෙට අවුල් ගියා. දවස් ගානක් මහ රෑ නිදාගෙන ඉද්දි කිසිම හේතුවක් නැතුව ගැස්සිලා ඇහැරුනා. ඇහැරුනාම කව්රු හරි මං දිහා බලන් ඉන්නවා වගේ දැනෙනවා. පට්ට අමුතුයි. තව බාත්රූම් එකේ කන්නාඩියේ උනු වතුරට මීදුම බැදුනම ඇගිලි පහමත් එක්ක වම් අල්ලක සලකුනක් මතුවෙනවා. කොච්චර මොනා දාලා මැද්දත් ඒ වෙලෙට මැකිලා ආපහු එනවා. කොහොමටත් මම වැඩිය ගෙදර හිටියේ නෑ. උදේට යුනි ගිහින් හැන්දෑවේ වැඩට ගිහින් එද්දි හොදටම රෑ. අර සීන් එකෙන් පස්සේ වැඩිය ඉව්වෙත් නෑ. තව පට්ටම වැඩේ කියන්නෙ මම උදේ ගෙදරින් යද්දි සාලේ ලයිට් එක එහෙම්ම දාල යන්නේ. ඒත් සමහර දවස් වලට ඒක නිමලා! මම ඉතින් හිතා ගන්නවා ලයිට් එක දාලා යන්න අමතකවෙලා කියලා. තව ඔහොම අමුතු සීන් ගොඩක් උනා. ඒත් මම වැඩිය ගනන් ගත්තේ නෑ. මටත් මිනීපෙට්ටියක හරි සනීපෙට නින්ද යනව නම් එච්චරයි. දවසක් මගේ ලංකාවේ බොක්කක් කතා කරලා කිව්වා උගේ යාලුවෙක් එනවා ටික දවසකට ඉන්න තැනක් හොයලා දීපං කියලා. මමත් තනියම ඉන්න නිසත් ඉඩත් ඕනේ තරම් තියෙන නිසත් මම හා කිව්වා. ඔන්න ඩයල් එකව එයාර් පෝර්ට් එකෙන් අරන් ඇවිත් සලකල කරල අනිත් බෙඩ්රූම් එක සෙට් කලා නිදා ගන්න. අරුත් නිදාගන්න ගියා. මාත් නිදා ගත්තා. පාන්දර 3ට වගේ ඔන්න අරූ මරහඩ දීලා කෑ ගහනවා ඇහුනා. මම ඉක්මනට දුවලා ගිහින් බැලුවා. අප්පුවා ඉන්නවා ඇස් දෙකත් උඩ තියන් විරිත්තගෙන. ඌව දැක්කම නම් මටත් බය හිතුනා. මම ඉක්මනට වතුර ටිකක් එහෙම ඉහලා පොරව යතා තත්වෙට ගත්තා. මොකෝ උනේ කියලා ඇහුවම පොර කිව්වේ මචං හීනයක් දැක්කා කියලා විතරයි. ටිකක් වෙලා කතා කර කර හිටියත් බුවා මුකුත් වැඩිය කිව්වේ නෑ. අම්බානක බය වෙලා ඉන්නේ කියල නම් තේරුනා. තව යටි ගිරියෙන් කෑ ගැහුව නිසා ලැජ්ජයිත් වගේ මෑන්ස්ට. පස්සේ පොර ටිකක් සෙට්ල් ඩවුන් උනාට පස්සේ මම ආපහු කාමරේට ගිහින් නිදා ගත්තා. පහුවදා උදේ පොර කිව්වා යන්න ඕනි කියලා. මම ඉතින් කිව්වා එහෙම ඕනේ නෑ කැමති කාලයක් හිටපන් කියලා. ඒත් පොරගේ මාමා කෙනෙක් ඉන්නවලු නිව් යෝර්ක් කියලා එහෙට යන්න ඕනා කිව්වා. මමත් ඉතිං කමක් නෑ කියල දවල් වෙලා බස් එකට ගිහින් දැම්මා. කොහොම හරි තව මාස 6ක් ඒ ගෙදර හිටියා. ආපහු මිසිසිපි යුනි එකකට මට ට්‍රාන්ස්ෆර් එකක් හම්බුනා. මම ආපහු මිසිසිපි ආවා.

    මේ දැනට අවුරුදු 6ට විතර කලින්.

    මම දැන් ඉන්නේ නිව් යෝර්ක් නේ. ඔන්න දවසක් දැකලා පුරුදු ඩයල් එකක් එනවා මෑන්හැට්න් වලදි. බැලින්නම් අරූ! පොරට මාව දැකල පට්ට හැපි. මමත් යන්න ගිය රස්තියාදුව පැත්තකට දාලා ඌවත් ඇදන් රිංගුවා බාර් එකකට. ආගිය සීන් කතා කර කර ඉදලා දෙන්නටම දැන් හීනියට වැදිලා. අරූ අහපි මගෙන්
    "මචං උබ අර හොල්මං ගෙදර කොච්චර කල් හිටියද?" කියලා. මම ටිකක් වෙලා ඌ දිහා බලං ඉදලා "මචං ඇත්තම කියහන් එදා මොකෝ උනේ කියලා?" ඇහුවා.
    "මචං උබ කිව්වට විස්වාස කරන එකක් නෑ බං. මට ඒ ගෙදෙට්ට ආපු වෙලේ ඉදලම හරිම අමුතුයි. උබ ගානක් නැතුව තනියම හිටපු එකේ මම හිතුවා මට විකාර දැනෙනවා කියලා. මම එදා නිදා ගන්න ගියා නේ. මහන්සියත් එක්ක හොදට නින්ද ගියා. ඒත් පාන්දර මොකක්දෝ කියන්න තේරෙන්නෑ බන් දේකට ඇහැරුනා. ඇහැරුනා තමයි බන්! දැක්ක දේ මතක් වෙද්දී තාම මයිල් කෙලින් වෙනවා!!"

    "මොකක්ද බන්? කියහන්කෝ?"

    "නාකි ගෑනියෙක් යකෝ! සිවිලිමට පිට තියාගෙන හරියටම ඇදට උඩින් මං දිහා බලන් උන්නා!!"

    මට තරු පෙනුනි.

    Kasun Anantha
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    මම අද ඔයාලට කියන්න හිතුවේ අපිට ආසන්නම රට , එ කියන්නේ ඉන්දියාවේ රාජස්ථාන් වල බන්ගරාහ් කොටුව " Bhangarh fort" ගැන.
    17951899_1304623892926775_8112922784267424134_n.jpg

    මොකක්ද තියෙන විශේෂත්වය ?

    Most hunted place in all india එ කිවේ ඉන්දියාවේ වැඩියෙන්ම අමනුශ්‍ය ග්‍රහණයට හසු වු ස්ථානය.. දැනන් හිටියද ? හුගක් අය නෑ කියලා දන්නවා.

    මේ ස්ථානය භාරව ඉන්නේ ඉන්දියානු රජය . අගමැති ඇවිත් ඉන්නේ නෑ මෝඩයෝ. Archaeological Survey of India හෙවත් ඉන්දියානු පුරාවිද්‍යා සමීක්ෂණ අධිකාරිය.මේ ස්ථානයට රාත්‍රී කාලයට කිසිම කෙනෙක්ට (එ කිවේ කිසිම කෙනෙක්ට) මේ ස්ථානයට ඇතුළ් වෙන්න අවසර නෑ.
    17992296_1304623962926768_8172750157613360099_n.jpg

    මේ බලකොටුව තුළ එක අවතාරයක් නෙමෙයි අවතාර රාශියක් සිටින බවත් එහා අසන්නට ලැබෙන කතාන්දර බොහොමයකි. සංචාරකයන් පමණක් නොව මුල් කාලයේ පුරාවිද්‍යාත්මක කටයුතු කල මහාචාර්යවරුන් හා සේවකයන් පවා මේ අත්දැකිම් වල කොටස් කරුවන් වී හමාරයි.වෙනස් වෙනස් ආකාරයේ අත්දැකිම් ඔවුන් දැක අත්විද අසා තිබේ.
    18033581_1304624009593430_3486546592070724436_n.jpg


    පළමු පුරාවෘත්තය නම් Madho singh "මාදෝ සිං" නම් රජු එහි විසූ බලා නාත් නම් තාපසයෙකු මේ ගොඩනැගිල්ලේ හෙවනැල්ල ප්‍රීති නිවස ascetic house ලෙස සලකන ඔහුගේ මන්ත්‍ර නිවස මත නොවැටිය යුතු යැයි පවසන ලදි.එය ඔවුන් දෙදෙනා අතර ගිවිසුමක් විය. නමුත් දෛවයේ සරදමකට මෙන් සිං රජ පවුලේ අනුප්‍රාප්තිකයකු හෙවනැල්ල එමතට වැටෙන සේ තවත් අංගයක් මේ කොටුවට එක් කරන ලදි (නොදැනුවත්ව) . මෙහි අනිටු ප්‍රතිපලයක් ලෙස අතිශය ඉක්මන් කාලයක් තුළ මේ කොටුව විනාශ වී ජනශුන්‍ය වී අවතාර ගුහාවක් බවට පත් ව ඇත.මේ ප්‍රධන මතයයි.

    දෙවන ප්‍රධාන මතය වන්නේ රත්නාවති කුමරිය මුලික කොට ගෙනයි.මේ කුමරියට කට්ටඩියෙක් ලව් කරනවා.මේ කුමාරිකාව ඉතාමත් ලස්සනයිලු. මේ කුමාරිකාව වසග කර ගන්න මේ කට්ටඩියා ගුරුකමක් කරනවලු.කොහොමහරි මේක කරගෙන යනකොය කුමාරිකාවට මේ ගැන සැක හිතිලා මේ කට්ටඩියාව මරවණවාලු. එ කට්ටඩියා මැරෙන්න කලින් කරපු සාපේ නිසා මෙහෙම වුණා කියලත් හුගක් අය විශ්වාස කරනවා.

    කොහොම වුණත් මේ ස්ථානය හොල්මන්වලින් ගහන තැනක්.එහෙත් ඉන්නවා අපේ වගේ හොල්මන් නෑ කියන අය.. එහෙම අය පොර වෙන්න යනවානේ ඔයවගේ තැන්වල. එහෙම මේ කොටුවට හොරෙන් රිංගපු අයනං ගියපු විදියට විරයා වගේ නං නෙමෙයි එලියට එන්නේ.
    මේතනට යන්න ඉන්දියානු රුපියල් 200ක් ද කොහේද ගන්නේ.ඉන්දියාවේ යන අය වේලාවක යන්න.. මමනං කියන්නේ රෑට ඉන්න එපා.එත් හොල්මන් බලන්න ඔන නං ඉන්න.ඔන ගණයක් ඔන කෙනෙක්.. හොල්මන් දකින්න පුලුවන්ලු. එ වගේම මේ අසල ජනාවාස වෙන්න බැරිලු.ඉක්මණට පිට විමට කරුණු සිද්ධ වෙනවාලු. මරණ පවා.

    රජයේ අවවාදය හිරු බැස යාමෙන් පසු ඇතුල් විම හා රැදි සිටිම අතිශයින් තහනම්.



    සටහන
    ෂේන් ස්මිත් ගමගේ​
     
    Last edited:

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    දිවුලපිටියේ මිනී මරණ හෙවනැල්ල

    දිවුලපිටිය මීරිගම පාරේ මේ සොහොන් කොත් දවල්ට සුන්දර වුවද රාත්‍රියේදී අතිශයින්ම බියකරු ලොමු දැහැ ගන්වන තැනකි..වේගයෙන් එන වාහන පාර හරහා පනින ඡායාවක් බේරා ගැනීමට තිරංග තද කර අනතුරට පත්වූ අවස්ථා බොහෝය..එහෙත් පාර හරහා ගිය කෙනෙක් නැත..මේ බිහිසුනු අභිරහස කුමක්ද..?
    මේ සොහොන් කොත් යට නිදන්නේ එකම පවුලේ පිරිසක් බව ගමේ අය කියති..එය ප්‍රදේසයේ ප්‍රකට වලව් පෙලපතකි.. ඔවුන් සියලු දෙනා කතරගම වන්දනා ගමනක් පිටත් විය. එහෙත් ආපසු ආවේ සියලු දෙනාම දැඩිලෙස රෝගි වෙමිනි
    .උණ, වමනය, ලේ බඩ යෑම පවුලේ සි⁣යලු දෙනාට වැලදී තිබුණි .. අවාසනාවකට සියලු දෙනාම මරු තුරුලට විය
    එසේ රෝගී වූයේ පවුලේ පිරිමි දරුවා කතරගම දෙවොල දැක එය ඔවුන්ගේ වැසිකිලිය තරම්වත් ලොකු නැති බව කී නිසා කතරගම දෙවියන්ගේ ශාපයක් නිසා යැයි ගම්මුන් අතර කතාවක් තිබේ. එහි සත්‍ය අසත්‍ය කුමක්දැයි කිව නොහැකිය.ගමේ පවතින ජන ප්‍රවාදය මෙයය.එය සත්‍ය දැයි නොදනිමි.
    මේ ඒ සොහොන් කොත් අසල සිදුවූ ආසන්නතම අනතුරය. පාන්දර තුනට පමණ මේ අනතුර සිදුව ති⁣බේ..මේ මොටර් රථයේ රියදුරා තරයේ ප්‍රකාස කරන්නේ තමන් පැමිණි වාහනය ඉදිරිපිටින් යම් කෙනෙක් පාර මාරුවූ බවත් ඒ තැනැත්තා බේරා ගැනීමට යාමේදී මේ අනතුර සිදුවූ බවයි...
    මේ සොහොන් කොත් යට හිඳ රාත්‍රියේ පාර පනින්නේ කවුද....එය අදටත් අභිරහසකි..
    සීතල රාත්‍රියක මේ පාලු ඉසව්වේ ඔබේ වාහනය පදවන විට ඕනෑම මොහොතක මේ බිහිසුනු සෙවනැල්ල පාර මාරු විය හැකිය.. ඔබ නොදුටු පලියට අවිශ්වාස නොකරන්න..මෙය ඇස්දෙකෙන් දුටු සහ එනිසාම අනතුරට පත් වූ අය ⁣බොහෝය..
    යම් දිනක ඔබ මේ බිහිසුනු අත් දැකීමට මා මෙන්ම මුහුණ දෙනු ඇත..එදා සිට ඔබ මේ හොල්මන් අවතාර විශ්වාස කරනු ඇත. මට කල හැක්කේ බුදු සරණින් ඔබට අනතුරක් නෙවේවායි පැතීම පමනකි..

    මව්බිමේ සිංහයා.​
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    100% ක් සත්ය කතාවක් වන මෙහි එන චරිත වල නම් ගම් පමණක් අදාළ පුද්ගලයින්ගේ අනන්යතාවය ආරක්ෂා කෙරීම සඳහා වෙනස් කිරීමකට ලක්කර ඇති බව සලකන්න.

    පියල් වික්රමතිලක කොලොඹ ප්රදේශයේ විසු මද්යම පාන්තිකයෙක් වූ අතර ඔහුට සහා ඔහුගේ බිරිඳ වූ නන්දනී ට දාව හර්ෂණ , කාලිංග සහ විපුල යනුවෙන් පිරිමි දරුවෙන් තිදෙනෙක්ද විය.ජීවිතයේ උඔවුන් විය සේම මදි වියද සැහැල්ලුවෙන් ගතකල පියල් ජීවිතයේ මහලු විය එලඹුනද යන තැනකට පිනක් දහම්ක් කර ගැනීමට අවශ්ය වූ අයෙකු නොවීය. මත්පැන් සහ සත්ව මාංශ ඔහුගේ ප්රධාන ආහාර වේල් සඳහා අනිවාර්ය අංගයක් වූ අතර බිරිඳ සහ දරුවන් කොතෙකුත් කීවද එම ඇබ්බැහි වීම් වලින් මිදීමට පියල් උත්සුක වුයේ නැත.

    දරුවන් තරුණ වියට එලබී දරුවන්ගේ දරුවන්ද දැකීමට තරම් වාසනාවන්ත වුවද වෙනස් නොවූ එකම දෙය නම් පියල් ගේ මතට සහ මාංශ වලට තිබු ලොල් බව සහ මුරණ්ඩු කමයි. ඇතැම් විට උගුල් අටවා උගුඩුවන්, කලවැද්දන් වැනි සතුන් අල්ල මරා ගැනීමට මෙන්ම පණපිටින් ගෙනෙන කකුළුවන් උණු හැලි වල දමා තම්බා කෑමටද පියල් ප්රිය විය. ධර්මය අනුව මහා සාගරය මද සිටියත් මහා පර්වතයක් මුදුනේ ඇති ගුහාවක සැඟවී සිටියත් කර්මය ඔබට ගැලවීමක් ලබාදෙන්නේ නැත. කරන පවු අනුව විපාකය අනිවාර්ය වන අතරම එය පියල්ට පටිසන් දුන්නේ සුව කල නොහැකි දරුණු කුෂ්ඨ රෝගයක් පරිද්දෙනි. මරණීය වේදනාව ඉවසිය නොහැකි තැන පියල් මුහුදට පනින්නට ගියේය. වස පානය කළේය එහෙත් මාරයා පියල් වෙනුවෙන් සුදානම් වී සිටියේ නැත. කර්මය තවමත් පටිසන් දී අවසන් නැත. මේ හැම අවස්ථාවකදීම වැඩිමල් පුත්රයා වූ හර්ෂණ පියා මරණයෙන් මුදවා ගත්තේ මට මැරෙන්න දීපල්ලා යනුවෙන් පියල් කාගසද්දීමය.

    කතාවට ඊ තවමත් එලබුනේ නැත. සමාවන්න මේ සියල්ලම කිව යුතුය. අවසාන ශරීරය පුර පැතිරුණ කුෂ්ඨ රෝගයකින් විරූපී වී අපා දුක්විඳි පියල් මියගියේය. මරණයට පෙර පියල්ගේ අවසාන ඉල්ලේම වුයේ නිවසේ වූ ශීතකරණය විකුණා ඉන් ලැබෙන මුදලින් තමාට අරක්කු සප්පායම් වීමට ඉඩ දෙන ලෙසය. නමුත් ලොකු පුතා ඒ ඉල්ලීම ප්රතිකෙෂප කළේය.
    පියල් මියගොස් තුන මසකට වැඩ ගතවුයේ නැත. "අම්මේ අම්මේ අන්න සීයා කාමරේ ඉන්නවා...." කියමින් හර්ෂණගේ බාලම දරුවා දිනක් හැන්දෑවේ කෑගසමින් අම්ම වෙත පැමිණියේය. හරිහැටි බහ තේරීමට වත් නොතේරෙන දරුවා කුමක් කියන්නේද යන්න පිළිබඳව හර්ෂණගේ බිරිඳ ශිරානී විමසිලිමත් විය. "සීයා සීයා..කාමරේ අම්මේ සීයා" යුවෙන් දරුවා ගොතගසද්දී ශිරානීට දැනුනේ තමන්ගේ ගත සීතල වන්නක් මෙනි. නමුත් නිවසේම සිටියේ දරුවාත් ශිරානීත් පමණි.

    පළමු දසි දුවීමෙන් ගතවුයේ දින කීපයකි...."ශිරානී මේ මොකද මේ ෆ්රිජ් එකේ කෑම ඔක්කොම සවුත්තු වෙලා" හර්ෂණ කෑගසනු ඇසිනි. සැබෑවකි පෙරදින සවස ගෙනවිත් දැමු කුකුළු මස් සියල්ල තද ලේ පැහැයට හැරී ඇත. අමුතු දුගන්දක්ද වහනය වේ. කතාව පටන් ගන්නේ මෙතනින්. එතැන් පටන් ගෙදර ශීතකරණයේ තබන කිසිවක් ප්රයෝජනයට ගත නොහැකි ලෙස කුණුවී නරක්වී ගිය අතර නිරන්තරයෙන්ම බාල දරුවා සීයා සීයා කියමින් නොපෙනෙන අයෙකු සමග දඟලනු ශිරානී සහ හර්ෂණ අත්දුටහ. බලා ඉදීම වාගේ ගෙදර ලෙඩ රෝග , අගහිග කම් උත්සන්න වූ අතර අඹු සැමියන් එකිනෙකා නොරුස්නා තත්ත්වයටද පත්වුයේ නොසිතු අයුරෙනි.

    එතුවක් කාලයක් කිසිදු අද්භූථ බලවේගයක් විශ්වාස නොකළ යුවල නිරායාසයෙන්ම වාගේ ගුප්ත විද්යා ගවේශකයෙකු වෙත යොමු වුයේ වෙන කලයුතු කිසිවක් හෝ සිතාගත නොහැකි වූ නිසාවෙනි. " ලේසි වෙන්නේ නෑ මහත්තයෝ" ගවේෂකයාගේ මුහුණ බැරාරුම්ය " දකුණු පළාතේ මන් දන්නා හොඳ කට්ටියක් ඉන්නව. ගෙන්නලා ආරක්සාවක් කොරමු" කිසිවක් කරකියාගත නොහැකි වූ දෙදෙනා අවසානයේදී ණය වී හෝ මේ විපත්තියෙන් මිදිය යුතු යයි කල්පනා කළහ. විශාල වියදමක් දරා අවසානයේදී දකුණෙන් පැමිණි වැඩකාරයෝ පිරිස මලගිය ප්රානකාරයා මට්ටු කළහ. සියලු කරදර අහවර යයි සිතා පවුලටම ආරක්ෂාවක් කොට යන්තරද දැමීය. සියල්ලෝම සතුටින් විසිර ගියහ එහෙත් සතුට රැදී තිබුනේ සතියක් හෝ දෙකක් පමණි.

    දකුණු පලාතෙන් හඳුනාගත් අලුත් මිත්ර සමාගමයෙන් ලත් ආරාධනාවක් මත හර්ෂණ යුවලත් කුඩා දරුවාත් දකුණේ ඔවුනගේ නිවසේ භෝජන සංග්රහයකට සහභාගී වී ආපසු එමින් සිටින අතරතුර නිවාස පෙනෙන මානයේම වාහනයට කොහෙන්දෝ පැමිණි කළු බලු තඩියෙක් හැප්පුනි. ආ වේගයට වාහනයට යටවූ සතාගේ සලකුණක් හෝ ඉතිරි වුවොත් පුදුමයක් යයි සිතා හර්ෂණ වාහනයෙන් බැසවිත් බලනවිට ඉදිරිපස බෆරය චප්පවී තිබුණු අතර හැප්පුණු සතාගේ ලකුණකුදු නොවීය. නිරායාසයෙන් මෙන් කර ඇත ගා බැලූ හර්ෂණට නීන් දාඩිය දැම්මේ බෙල්ලේ තිබු සුරය අතට හසු නොවූ නිසාවෙනි. නැවතත් නිවසට කණකොකා හඬන්නට පටන් ගති. මහා රාත්රියේ අවදි වූ ශිරානි එක වරම වියරුවෙන් මෙන් මහා හැදින් සිනාසෙන්නට වුවාය "ලොකු එකෝ .....ලොකු එකෝ" ඇය මොර දෙන්නට වුයේ මිය පරලොව ගිය පියල්ගේ හඩිනි. හර්ෂණ තිගැස්සී ඇහැරුණි. " මට මැරෙන්න නොදුන්න තෝව මන් එකපාර මරන්නේ නෑ .....හා හා හා හා" ඇය වියරුවෙන් සිනාසෙන්නීය. ශිරානි.. මොකද මේ වෙලා තියෙන්නේ. විහිලු කරනවද හර්ෂණ ඇසීය..... හා හා හා හා ශිරාණි .. මන් එකිවත් අරගෙනම යනවා යකෝ මට මැරෙන්න දුන්නේ නෑ ....මාව දානවා ....මාව පිච්චෙනවා යකෝ මර මැරෙන්න දුන්නේ නැත්තේ අයි උබ ...යනුවෙන් ශිරානී මොර දෙන්නීය.... මෙය ඉන් පසු දින කීපයක් සිදුවන්නට පටන් ගති. තමන් නිවසේ නැති අතර දරුවා ශිරානී සමග තනිව දමා යාමට පවා හර්ෂණට සිතක් නොවීය. පිරිත් සජ්ජායන වාදනය කිරීම , බුදු පහන දැල්වීම දේව ස්තෝත්ර ආදී කිසිවකින් තත්වය පාලනය නොවුණු අතර නිරන්තරවම ශිරානී ගේ ශරීරයට ආවේශ වන පියල් සුපුරුදු තැටිය වාදනය කරන්නේ තෝව මරන්නේ නෑ ....ටික ටික මරනවා ...පවුලම නැති කරනවා යනුවෙනි. ආවේශය වූ කල ශිරානි පෙන්නුම් කරන්නේ අතිශය භයන්කර හැසිරීම් රටාවකි.

    කලයුත්තේ කුමක්දැයි සිතාගත නොහැකිව ලතවෙමින් සිටින හර්ෂණට මේ අතරවාරයේ තම සමීප මිතුරෙකු මාර්ගයෙන් දැනගන්නට ලැබෙන්නේ සිරිල් නමැති පුද්ගලයකු වන බවත් ඔහු මෙවැනි කටයුතු වලට යම් දක්ෂතාවක් දක්වන බවත්ය.

    නහයට උඩින් අඟලක් ගිය වතුර පාර දැන් නම් අඩියක් උඩින් ගියත් එකයි සිතා ඔහු මිතුරාගේ නිවසෙදී සිරිල් මහතා හමුවීමට යොදාගත්තේය.
    මේ ස්ථානය මන් ආරක්ෂාවක් යොදල පිරිසිදු කරපු තැනක්. මොනම බලවේගයකටවත් ආයේ මෙතනට පය තියන්න බැහැ එනිසා මොන දේ උනත් බලන් ඉන්න කුරුත් කලබල වෙන්නෙපා. මේ කරන්න හදන්නේ මේ සෙල්ලම් කරන්නේ මොනවගේ කෙනෙක් එක්කද කියල බලන්න විතරයි ...සිරිල් මහතා පවසා සිටියේ නිවසේ සාලයේ පහනක් දල්වා ඒ ආසන්නයේ අසුන් ගන්න අතරය. සිරිල් මහතා තමාටම යමක් මුමුණා ගනිමින් පහනේ ආලෝකය දෙස බලා සිටියේය. ගතවන්නට ඇත්තේ මිනිතුවකට අඩු කාලයකි. බලාසිටියදීම වාගේ සිරිල් මහතාගේ මුහුණ ඇති භයංකර විරූපී ස්වභාවයක් ගත්තීය. මහා හඩක් නගමින් සිනාසේන්නටත් උගුරෙන් ගොර ගොර ශබ්ධයක් නගන්නටත් ශරීරය කසන්නටත් පටන් ගත්තේ බලා සිටි හර්ෂණ ඇතුළු සියල්ල භීතියට පත් කරමිනි. ක්රමයෙන් සිරිල් මහතා යලි පියවි සිහියට එළඹියේය. දැක්ක නේද තත්වේ...සිරිල් මහතාගේ මුහුණ බැරාරුම්ය...."ඒ නම් අපේ තාත්තම තමා" භීතියට පත්ව සිටි හර්ෂණ කිවේය " තාත්ත නෙවේ මහත්තයෝ...මල යක්ෂයෙක්...වයිරය , පලිගැනීම චේතනාව කරගෙන ආපු මල යකෙක්. දැන් කියමු බලන්න වෙච්ච දේවල් , කරපු දේවල් සම්පූර්ණයෙන් ....සිරිල් මහතා අවධාරණය කළේය. හර්ෂණ මුල සිට අගට පවසූ සියල්ලම සාවධානව සිරිල් මහතා අසා සිටියේය.

    දරුවෝ ...පවට පින් දෙන්න නම් සැහෙන්න අමාරුයි. නමුත් කර්මය කියල දෙයකුත් තියෙනවනේ. කාරනා අංක 1. යන්තර මන්තර ගුරුකම් කරපු මිනිස්සු එක්ක ඒ රාජකාරිය අහවර කොලාට පස්සේ ආයේ ගනුදෙනු තියාගන්න අවශ්ය නෑනේ. ඒ එකක් අනිත් කාරනාව නම් කෙනෙක් මිය පරලොව ගියාම ඒ කෙනා ආයේ අපි ගාවට එන්නේ නෑ. ආවත් එන්නේ මේ විදිහට තමා. ඔය ළමයට බොහොමෝම සමීපව නෑදා වෙන කෙනෙක් අතරමැදියෙක් මාර්ගයෙන් මිය පරලොව ගිය මේ තැනැත්තා ගෙනවාගෙන තියෙනවා. බොහෝ දුරට මළවුන් ගෙන්නලා පේන අහන කෙනෙකුගේ මාර්ගයෙන්. එකෙන් උනේ බොහොම පහත තලයක ඉපදිලා මල සොහොනක හිරවෙලා හිටපු මේ යක්ෂයා නිදහස් වෙලා ආව. නමුත් අවාසනාවට ගෙන්නපු කෙනාගේ ගෙදරට ඇතුළු වෙන්න බැහැ එයාල බොහොම බලවත් මලයාලි ආරක්ෂාවක් කරගෙන ඉන්නේ . තමුන්ගේ වෙලාව බොහොම නරයක්යි. නිවසේ පිහිටිඉම සහ වට පිටාව බොහොම අනාරක්ෂිතයි ඉතින් ලේසියෙන්ම මෙය තමුන්ගේ ගෙදරට රිංගුවා. එක පාරක් වත්තෙන් පන්නල දැම්මත් දිශ්ටියක් වෙලා නැවත තමුන්වම හොයාගෙන ආව. ඔන්න ඕකයි සිද්ද උනේ. දැන් ඉතින් ලක ලැස්ති වෙමු මෙයාව පන්නලම දාන්න. අදාළ දිනය එළඹිණි. උදවුකරුවන් කීප දෙනෙකු සමග අදාළ නිවසට ගිය සිරිල මහතා මුලින්ම උපදෙස් දුන්නේ වත්ත අවට සහ නිවාස සම්පුර්ණයෙන්ම පිරිසිදු කර අඳුරු අහුමුලු වල මකුළු දැල් සහ දුහුවිලි ඉවතරන ලෙසටය. පැය කිහිපයක පරිශ්රමයකින් පසුව අවට යම් ආලෝකයක් දක්නට ලැබුණි. සවස තුන පමණ වනවිට අවශ්ය කළමනා සියල්ල තැබූ මේසයක් ආලින්දයේ තබා සිරිල් මහතා අසලින් හින්ද ගත්තේය. ආගමික වතාවත් වලින් අනතුරුව මන්තර ජප කිරීම ඇරඹුණි. සිදුවුයේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ දෙයකි ....මුලින්ම සිරිල්ට හසු වුයේ පියල් ගේ ආත්මය නොව වෙනත් මලගිය ප්රානකාරයෙකි

    උබ කවුද ....සිරිල් සැරෙන් ප්රශ්න කළේය.....
    කතා කරපිය....සිරිල් අසල වූ දුම් කබලට සාම්බ්රානි එකතු කළේය.
    ආහ එහ්මද....හ්ම් හ්ම් මගෙන් කරදරයක් නැ මේ භුමිය මනුස්ස වාසයක්...පිට වෙනවා හොඳයි.....සිරිල් නොපෙනෙන , නොඇසෙන බලවේගය සමග කතාකරන්නට විය.

    මන් උබට සැරයක් කිව්වා ලොකු උන්නැහේ .....මලවුන්ටයි මිනිස්සුන්ටයි එකට වසන්න බෑ...මේ භුමියේ අයිතිය උබට තිබ්බේ අවුරුදු ගානකට කලින් ....මගේ ඉවසීම පනින්න කලින් තොලොංචි වෙලා යනවද නැතිනම් ඊශ්වර දැහැනෙන් පුච්චලා මුහුදට දාන්නද ... හ්ම් හ්ම් බොහොම හොඳයි....

    ළමයා ඔය බිත්තරය ගනින්.
    සිරිල් අතවැසියා දුන් බිත්තරයට මතුරා ආපසු දුන්නේය.
    හරි එකෙක් කම්මුතුයි. ඕක තියාගනින් පරෙස්සමට යද්දී සොහොනකට විසි කරන් යමු. අනතුරුව සිරිල් මහතා නැවතත් මතුරන්නට පටන් ගත්තේය. තවත් හෝරාවක් ගතවන්නට ආසන්න වූ තැන සිරිල් මහතා සිරිල් මහතා පරල වූ ස්වරයෙන් කතා කළේය......ආ කෙරුම් කාරය...ආවනම් බලන්න මාතෙක්ක හැප්පෙන්න...
    මරාගෙන මැරෙනවා ......තොපි ඔක්කොම මරාගෙන මැරෙනවා ...බලා සිටියදීම පියල් ශිරානීගේ ශරීරයට ආරුඪ විය
    දානවා දානවා ..මාව පිච්චෙනවා යකෝ මාව පිච්චෙනවා ...මට මැරෙන්න දුන්නේ නෑ යනුවෙන් පියල්ගේ හැඳින් ශිරානි මොර දෙන්නට වුවාය.
    තමුන් කරපු පවු වලට වෙන කවුරුත් පලි නැහැ ....මොකද දරුවන්ට කරදර කරන්නේ ආ ...සිරිල් ප්රශ්න කළේය
    පළිගන්නවා ....මට මැරෙන්න දුන්නේ නෑ .....ශිරානී කියවයි
    තමුන්ගේ අසනීපයට බේත් තියෙනවා ඔන්න බලාගනින් ..කියූ සිරිල් මහතා කලින් පිළියෙළ කරගෙන තිබු බේත් කසාය සහ ....කොටන ලද පත්තුව පෙරේත තටුව මත තැබීය.... තමුන්ට සැර ජාති කන්න බොන්න බැහැනේ ....හ්ම් බද පිරෙනකන් ඔය කිරි හොදි එක්ක බත් ටික කනවා යයි කියා අසල තබූ බඳුන් පෙන්වීය... බල සිටියවුන් මවිතයට පත් කරමින් ශිරානි බත් පිගාන සහ කිරි හොද්ද බිමට හලා ඉතා අප්රසන්න ලිලාවෙන් කාගේ කාගෙන ගීයෙය. පුද කලයුතු සියල්ල පුද කල නමුදු යක්ෂයා මිනිසුන් ඇත හැර යන වගක් පෙනෙන්නට නැත. උබට වැඩ කෙරුම් කාරයෝ මෙල්ල කරපු මට උබ මහා කජ්ජක් නෙවෙයි....මේ මිනිස්සු ඇත හැරලා යනවද නැද්ද ....

    තර්ජනය නිෂ්පලය. කෙසේවත් මෙවැනි බලවත් යක්ශාත්මයක් සමග තමන්ට පහසුවෙන් ගැටෙන්නට නොහැකි බව සිරිල් මහතාට තේරුම් යමින් පැවතුනි. කල හැක්කේ යක්ෂයාවද බොරුවෙන් හෝ රැවටීම පමණි. සිරිල් මහතා සිය අත්දැකීම් මගින් දන සිටි අන්දමට ඒ සඳහා උපායක් යෙදීය පියල් .....උබ දන්නවද මේ අඩවිය මන් කාටද බාර කරේ කියල...පියල් (ශිරානි) උගුරෙන් ගොර ගොර ශබ්ධය නැගුවා විනා කතා නොකරයි මේක ඊශ්වර දෙවියෝන්ට කැප කරපු අඩවිය....උබ හදන්නේ ඊශ්වර දෙවියන්ට පිටින් යන්නද බොල...උබ පුච්චලා අළු කරනවා දැනගනින් ... සිරිල් මහතා ගුගුරමින් මන්ත්ර මතුරන්නට පටන් ගත්තේය. යක්ෂයන් , පෙරේතයන් පමණක් නොව දෙවියන්ද බිය කරන ඊශ්වර දෙවියන්ගේ අණට පිටින් යාමට මලගිය ප්රානකාරයෙකු වුවද දෙවරක් සිතන බව පසක් කරමින් පියල් ක්රමයෙන් මෙල්ලවන ලකුණු පෙනෙන්නට තිබුණි. බොහෝ වෙලාවක් තිස්සේ මතුරන ලා දුම්මල සහ මන්තර වල බලයෙන් මෙල්ල කෙරුණු පියල් ගේ යක්ශාත්මය ශිරානීගේ ශරීරයෙන් ගලවාගෙන සිරිල මහතා විසින් ජපා නුලකින් ගැට ගසා බෝතලය සිර කළේය. ඔන්න කෙරුම් කාරය ඉවරයි....කියමින් සිරිල් මහතා හුන් තැනින් නැගිටින විට රාත්රී 12ත් පසුවී තිබුණි. ඉන් අනතුරුව නිවස ආරක්ෂා කරමින් බලගතු යන්ත්ර කීපයක් වල දැමු සිරිල් මහතා සහ පිරිස ජපා කරනු ලැබූ බිත්තරය සහ යක්ශාත්මය සිර කරනු ලැබූ බෝතලය ගෙන නිවසින් පිටවුඋයේ පාන්දර 5 කනිසමද පසුවූවාට පසුය

    ලුසිෆර් මෝර්නින්ග්ස්ටාර්​
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    මේක ඇත්තම කතාවක්...අපේ කොල්ලෝ ටික කට්ටියටම නිවාඩු වීකේන්ඩ් එකේ ට්‍රිප් එකක් යන්න සෙට් කරගත්තා..යාපනේ තමා යන්න කතා කර ගත්තේ එතකොට යුද්ධය ඉවරවෙලා ටික කාලයයි..කට්ටියම සෙට් වෙලා ඔන්න ට්‍රිප් එක ගියා..කට්ටිය දවසම ඇවිදලා මහන්සියට.නවාතැන් පලක් සොයන්න පටන් ගත්තා සුපිරි පහසුකම් තියෙන නවාතැන් පලවල් සේරම බුකින්.ඉතින් අපි..ආමි එකේ සහෝදරයෙක් ගෙ මාර්ගයෙන්.ගෙදරක් හොයා ගත්තා..ඒ ගෙදර ලගට ගියපු අපි හැමෝගෙම හිත බියෙන් වෙව්ලන්න උනා..බිත්ති පුරා වෙඩි උන්ඩ පාරවල්.ගෙදර එක කාමරයක බිත්තියක් නෑ මෝටාර් එකක් ගහලා..කොහොමින් කොහොම හරි අපි එය නවාතැන සදහා බාරගත්තා..අපේ තනියට කෙනෙක් එව්වා ඒත් පොරට සින්හල බෑ..
    ඔන්න කට්ටියම නින්දට ගියා....
    මාත් තව යාලුවෝ කීප දෙනෙකුත් කාඩ් සෙල්ලම් කරන්න ගත්තා..
    වෙලාව 11.30 එක පාරම ලොකු වෙඩි සද්දයක් ඇහුනා..ඒත් සමගම..කරන්ට් ගියා..සියලු දෙනා..කෑ ගසමින් එක රොත්ත්ට එක් උනා.මහා අමුතු විදියට සීතල සුලගක් හමා ගෙන ගියා..ගත වූයේ ටික වෙලාවකි..අපට කුස්සියේ සිට පොල් ගාන සද්දයක් ඇහෙන්න ගත්තා..කරස්..කරස්..සද්දය එක පරාම වැඩි වන්නට ගත්තේ පොල් කට්ටක් ගාන ආකාරයටයි.....
    4n එකේ ටෝච් එක ඔන් කරගෙන.අප කුස්සියට ගිහින් බැලුවත් එහි කවුරුත් හිටියේ නැත.පුදුමයකි අප කොච්චර බය උනා ද කිවහොත්..කටද ගොලු උනා..ඒත් අප තනියට නතර කර ගිය මිනිසාට නම් ගානක් වත් නෑ..අප ආයෙත් නිදාගන්නට සූදානම් උනා..කවුදෝ අඩන සද්දයක්.ඈතින් ඇහුනා..අප නැගිට බලන විට අප සමග සිටි මිනිසා කීවේ දෙමල වචනයකි එය අපට නොතේරුනත් ..ඒ කීවේ දුව යැයි අපට වැටහුනා..අපි කට්ටියම දැනන් හිටියා මේ වෙන දෙයනම්.එච්චර හොද දෙයක් නෙවෙයි කියලා..ටික වෙලාවක් ඈතින් ඇසුනු අඩන හඩ නතර වෙනවාත් එක්කම..අපි සැම නිකම්ම වගේ නින්දට වැටුනා...
    සුලු මොහොතකින් ඇසුනු හූ හඩත් සමග මා සමග තව යහලුවන් තුන් දෙනෙක් අවදි උනා..වේලාව පාන්දර 1.00 ..
    ඈතින් ඉතා කඩවසම්..කොල්ලෙක් ලන්තෑරුමක් අතේ ඇතිව අපි ඉන්න තැනට ආවා..ඔහු දමිල උවත් හොදින් සින්හල කතා කලේය..එය අපටත් පුදුමයකි .සුහද කතා බහකින් පසුවව..ඔහු අපට නම සදහන් කර.
    නික්ම ගියා..අපි බයට මෙන් බස් රියට නගින්නට සූදානම් උනා මොන එක දොරක් අරින්න බෑ..පස්සේ අපි..එලිවෙනකම් නිදිවරමින් හිද එලි ඌ වහාම උදේ ආහාරයද නැතුව එයින් පිටත් වෙන්නට පටන් ගත්තේ ..හිතේ තිබූ බය නිසා වෙනුයි..යාමට පෙර අප අප සමග සිටි මහලු දමිල මිනිසාටද ස්තූති කලේය..පුදුමයකි ඔහු සිංහල කතා කරන්න පටන් ගත්තා ..ඔහු අඩන්න ගත්තා ..මහත්තයෝ ඊයේ කට්ටියම ඇහැරලා නේද..මන් ඊයේ නොකියා හිටියේ..මගේ දුවයි එයාගෙ මහත්තයයි මේ ගෙදර තාමා කපලා කොටලා මරලා දැම්මේ..මගේ දුව රෑට අඩනවා ඇහෙනවලු මටනම් ඇහෙන්නේ නෑ..මහත්තයා ඊයේ කියපු හින්දා යි මන් කිවේ ඒ මගෙ දුව කියලා ඒත් මට මුකුත් ඇහුනේ නෑ ..මටත් නින්ද ගියා..මහත්තයලා මුලු රෑම ඇහැරලා නේද..ඒ වදන් අහපු ගමන් අපට දෙයියෝ සිහි උනා..එහෙත් කවුරුත් ඒ බවක් හැගෙව්වේ නැහැ..

    ඒත් සමගම..අපේ අයියා කෙනෙක් කීවා..අපෝ මාමේ මොන බයක් ද ඊයේ රෑ අපිත් එක්ක කතා කරන්න..යාලුවෙක් ආවා කියලා..රෑ පැමිනි අමුත්තා සදහන් කල නම් කීවා.(නඩේසන් )..ඊට පස්සේ මිනිහාගේ මුහුන ඇබුල් උනත් මුකුත් කීවේ නැහැ..අපි පිටත් වෙන්න සියලු දෙනා..බස් රියට නැග පලමු ජියරය දමනවාත් සමග අර මහලු මිනිසා දිව විත් කීවේ නඩේසන් කියන්නේ මගේ මිය ගිය බෑනා බවයි......

    Aravinda Rathnayaka​
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    මේක මට අත් විඳින්නට සිදු වූ සත්‍ය සිදුවීමක්😨😨😨

    මම ජීවත් වෙන්නෙ කළුතර ප්‍රදේශයේ පුංචි ගමක. ගමක් උනත් මෙහෙ මහා ලොකු පාළු ගතියක්වත් භය හිතෙන ගතියක්වත් නෑ.. එහෙමත් තැනක හැර එක ලඟ වගේ තමයි ගෙවල් පිහිටලා තියෙන්නෙ..
    මම ඉන්නෙ ගමේ නැගෙනහිර පැත්තෙ.මේ පැත්තෙ තමයි ⁣ගමේ දේවාලෙ ති⁣යෙන්නෙ.ඒ වගේම වෙල් යායවල්.. ගහ කොළ එහෙම බහුලයි. ටිකක් කැලෑබද ගතියක් තියෙන්නෙ.

    මම නම් හොල්මන් කෙසේවෙතත් යක්ෂයෝ, පෙරේතයෝ, භූතයෝ නම් තදින් විශ්වාස කරනවා පොඩි කාලෙ ඉඳලම.. මොකද මගෙ තාත්තා ධර්මයට නැඹුරුයි වගේම අපිට ගොඩක් දේ කියල දෙනවා නිතරම.ඒ නිසාම මම ඒ දේවල් ගැන විශ්වාස කරනවා.

    මේක මට සිදු උන පළවෙනි දේ නම් නෙමෙයි.. ඒත් මෙහෙමයි කතාව.. 😌😌😌

    මගේ ගෙදරට ගෙවල් 2කට විතර පස්සෙ තියන ගෙදර ජීවත් උනේ සිරියාවතී කියලා නැන්දා කෙනෙක්.මෙයාට හිටියා ඉටි රූපෙ වගේ ලස්සන දුවෙකුයි පුතාලා දෙන්නෙකුයි.මෙයාගෙ මහත්තයා අන්ත්‍රා වෙලා දැන් අවුරුදු 10ක් 15ක් විතර වෙනවා.

    මේ ළමයි තුන් දෙනාගෙන් බාල ගෑණු ළමයා. වැඩිමල් පුතා සුජීව.දෙවනියා සංජීව. දුව ළිහිණි.⁣ කොහොම හරි මෙයාගෙ ලොකු පුතා හිතුවක්කාර කමට කසාදයක් කරගෙන වෙනම හිටියෙ.. දුව ලස්සන නිසාත්, හොඳට ඉගෙනගත්ත නිසාත් කොළඹ සල්ලිකාර කොල්ලෙක් මෙයාව විවාහ කර ගත්තා.
    දැන් ගෙදර ඉන්නෙ පද්මා නැන්දයි එයාගෙ දෙවනි පුතයි විතරයි. සජීවත් ටික කාලෙකින් පොලීසියට බැඳුණෙ අම්මව හොඳට බලා කියාගෙන ඉන්න හිතාගෙන.සජීව අඩි 6ක් විතර උසයි. හොඳට ඇඟ පත එහෙම තිබ්බ නිසා ලේසියෙන් පොලිස් training එකට තේරුනා.

    සංජීව පොලීසියට ගිහින් අවුරුදු කීපයක් ගත උනා.. දැන් වයස 30 ක් වෙනවා මෙයාට.මේ නිසා සිරියාවතී ⁣සංජීවට කසාදයක් හොයන්න වෙහෙසුනා.ඒත් සංජීව කසාදයකට කැමති උනේ නෑ. එයාට ඕන උනේ අම්මව බලාගෙන තනියම ජීවත් වෙන්න.ඒත් අන්තිමට අම්මගෙ බල කිරීමට අම්මගෙ හිත ගිය ලේලියට කැමති වී විවාහය register කළා. ඇය ගුරුවරියක්.

    ⁣විවාහ වී මාසයකට විතර පසු සංජීව හදිසියේ අසනීප උණා.කිසිම කෙනෙක්ට මෙයාගෙ ලෙඩේ හරියට හොයා ගන්න බැරි උනා.
    සමහර doctors ලා කිව්වේ මොලේ ගෙඩියක් කියලා. සමහරු කිව්වෙ Leukemia කියලා. ඇඳෙන් බස්සන්න එපා කියලා doctor අවවාද කරලා තිබ්බා එයාට.

    කොහොම හරි කරන්න දෙයක් නැති පාර සිරියාවතී සංජීවගේ හඳහනත් අරන් ගියා හාමුදුරු නමක් හමුවෙන්න. එහිිදී කියා කිබෙන්නේ බලගතු යක්ෂ ආත්මයක් බන්ධනය කර ඇති බවත් එය ඉක්මනින් ඉවත් නොකරොත් මොහුවත් රැගෙනම එම යක්ෂයා යන බවයි. එහි රැගෙන එන ලෙස හාමුදුරුවන් වහන්සේ අවවාද කරත් ඇඳෙන් බහින්නට එපා කියලා doctors ලා අවවාද කරලා තිබ්බ නිසා එය ටික ටික ප්‍රමාද උනා.

    😱😱😱😱😱😱😱😱😱😱

    කාලය ගෙවිලා ගියා. දවසක් මම රෑ 8ට විතර වතුර ගේන්න ළිඳට ගියා. ඒ වෙලාවෙ මට අපේ ගෙට එහා පැත්තෙ තියන පාළු වත්ත පැත්තෙන් සද්දයක් ආවා.ඒ වත්තෙ තනිකර කැලයක් වාගේ.ගොඩක් ලොකු නෑ.
    කොහොම හරි මම ඒ පැත්ත බැලුවා. බලද්දි සංජීව අයියා ඒ පැත්තෙ ඉඳලා හොඳට ඇවිදගෙන එනවා මගේ දිහාවට.ඇත්තටම මට අහිංසක සතුටක් ඇති උනා.මොකද ඇඳෙන් නැගිටගන්නවත් බැරිව හිටපු සංජීව අයියා හොඳට ඇවිදගෙන එනවා දැකලා.

    මගෙ ලඟට ඇවිත් සංජීව අයියා නතර වෙලා හිනා උනා මං එක්ක. මමත් හිනාවෙලා ඇහුවා ඇයි අයියෙ මේ රෑ මේ පැත්තෙ කියලා. ඒත් එයා මුකුත් නොකියම ආයෙත් හිනාවෙලා අත් දෙකත් පිටි පස්සට බැඳගෙන එයාලගෙ ගෙවල් පැත්තට ගියා. ඇයි මුකුත් නොකිව්වෙ කියලා කල්පනා කරගෙනම මම වතුරත් අරන් ගෙදර ගියා.

    කාලා එහෙම මම බලන් හිටියෙ අම්මා වැඩ ඇරිලා එනකම්.ඒත් අම්මා පරක්කුයි.10ට විතර අම්මා ආවා ගෙදර.

    මම :ඇයි අම්මා අද පරක්කු?

    අම්මා : සිරියාවතී නැන්දලාට කරදරයක් වෙලා දුවේ.එහේට ගියා.උඹත් නංගි එක්ක ටිකක් ගිහින් මොනා හරි කරන්න තියන දෙයක් කරලා දීලා වරෙන්.

    මම : මොකක්ද අම්මා කරදරේ?

    අම්මා : පණ්ඩිත නොවී ගිහින් වරෙන්.

    මම නංගීත් එක්ක එහේ ගියේ මොකක්ද කරදරේ කියලා දැන ගන්න නොඉවසිල්ලෙන්. එහෙට ගිය ගමන් ළිහිණි අක්කා මාව බදාගෙන මහා හයියෙන් අඬන්න පටන් ගත්තා.. "අනේ නංගි සජී අයියා අපිව දාලා ගියා" කියලා.සිරියාවතී නැන්දා පැත්තකට වෙලා විකා⁣රෙන් වගේ කියවනවා. ඒ අතරතුර මම සුමුදු අක්කගෙන් ඇහුවා අයියා කීයට විතරද නැති උනේ කියලා.අක්කා අඬ අඬාාම කිව්වා 7.40ට 7.45ට වගේ නංගි අයියා ලඟ හිටපු කෙනා call කරේ අයියා මේ දැන් අන්ත්‍රා උනා කියලා. අක්කා කියපු දෙයින් මාව ගල් ගැහුණා වගේ උනා.

    මම නංගිට මුකුත් නොකිය ඉක්මන්ටම ගේ අස්පස් කරලා දීලා ගෙදර ආවා නංගිවත් ඇදගෙන. ඇවිත් තමයි⁣ ගෙදර අයට කිව්වෙ. අම්මා කිව්වා මැරෙණ වෙලාවෙ ගෙවල් පැත්ත මතක් වෙන්න ඇති කියලා. මට තුන් සූත්‍රය කියලා නිදාගන්න කිව්වා. ඒත් එදයින් පස්සෙ මම එයාව එහෙම දැක්කෙ නෑ කවදාවත්.

    Upeksha Jeewani
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    බෙන් 10;23176618 said:

    31946492_1685092651544096_5607412720728014848_n.jpg


    වසර තිහකින් මිනිස් වාසයෙන් තොරයි.
    යටියන තවමත් නොදියුනු ගම්මානයක් වුවද යටියන යන නාමය දෙස් විදෙස්හි පවා පතල නමකි. යටියන නම ලොව පුරා පතල වූයේ එක් පුද්ගලයකු නිසාය. නැතහොත් යටියන මහත්තයා නමින් පතල මහ කළු සිංහලයා නිසාය.
    31956841_1685092698210758_3824321116097216512_n.jpg


    31933382_1685092738210754_3687338502900416512_n.jpg

    එංගලන්තයේ සුද්දන් හා තරඟ කොට සුදු වතු අධිරාජ්‍ය ශ්‍රී ලංකාවේ බිඳහෙළුවේ යටියන මහත්තයා නමින් සුදු වේටිය රෙද්දත් කෝට් එකත් අඳින ගැමියකු විසිනි. ඔහු සුදු ටුවිට් රෙද්දත් කර වැසූ කබායත් අඳින මූහුණට ගාම්භීර බවක් පෙන්වූ උඩු රැවුළක් ඇති උසේ හැටියට මහත ඇති හතර රියන් පුරුෂයකු විය. මෙයින් දශක අට නවයකට පෙර ලංකාවේ තේවතු රබර් වතු වැඩි බිම් ප්‍රමාණයක් තිබූ සමාගමක් නොවන පුදුගලයකු නම් ඒ යටියන මහත්තයා පමණි. ඔහුට ඉඩම් ධනය හිමි වූ වාසනාව මතු වූ කතාව ඉතාමත් රසවත් සිද්ධියකි. යටියන මහත්තයා එකළ පදිංචිව සිටියේ යටියන දැනට ඔහු තැනූ නිවස තිබූ ඉඩමේ ඉහළම කඳු ගැටය මත වූ කුඩා නිවසකය. එවකට ඔවුන්ගේ අවශ්‍යතාවයන් සඳහා ජලය ගෙන් යන්නේ දැනට යටියන කැකණදුර පාරේ සමීපයේ ඉඩමේ පල්ලමේ ඇති ළිඳකිනි.

    31948745_1685092768210751_4277807510083076096_n.jpg


    31919368_1685092868210741_253230176555499520_n.jpg

    දිනක් යටියන මහත්තයාගේ බිරිය කඹුරුපිටිය හාමිනේ සුපුරුදු පරිදි රෙද්දත් හැට්ටයත් හැඳ ගෙදර පහල ළිඳෙන් වතුර කළයක් පුරවාගෙන ඉනේ තබා ගෙන කන්ද උඩ ඇති තම ගෙදරට ගෙනයන්නීය. කන්ද පහල සිට කන්ද නැග කඳු ගැටේ අඩක් පමණ ඉහළට නගින විට ඇය හැඳ සිටි චීත්ත රෙද්ද බුරුල් විය. ඇය ඉන තබා ගෙන සිටි වතුර කළය වහා බිම තබා රෙද්ද හැඳ ගැනීමට සැරසුනාය. වතුර කළය බිම තබා රෙද්ද තද කර අඳින කඹුරුපිටිය හාමිනේ ඇස් අදහාගත නොහැකි අරුම පුදුම දෙයක් සිදු වන්නට විය. ඇය මහා හඬින් කෑගසා ගෙදර සිටින සැමියාට අඩ ගැසුවාය. යටියන් මහත්තයාද ඇඳ සිටි සරම තද කොට ඇඳ වහාම කඹුරුපිටිය හාමිනේ සිටි තැනට දුව ආවාය. සිය බිරිය වතුර කළය බිම තබාගෙන සිටින තැනට පැමිනෙන විට ඔහුට ඇස් අදහා ගත නොහිකි විය. සිය බිරිය බිම තැබූ වතුර කළය බුබුළු දමමින් උතුරා යමින් තිබුණි. වහා ගෙදර දුව ගොස් ලොකු රෙද්දක් ගෙනවිත් උතුරන වතුර කළය කිසිවෙකුට නොපෙනෙන සේ කෝටු හතරක් සිටුවා ඒ වටා සුදු රෙද්දෙන් ආවරණය කලේය. එයින් පස නිමිති කරුවෙකු හමුවී
    සිද්ධිය පැවසූ විට ඔවුන්ගේ උපදෙස් වූයේ කළය උතුරා ගිය ස්ථානය මැදිවන සේ නිවසක් තනා පදිංචි වන ලෙසය. යටිටන මහත්තයා එම ස්ථානයේ තැනූ නිවස සිසිරගිරි වළව්ව ලෙස හඳුන්වයි.

    31934782_1685092911544070_7001710481131962368_n.jpg

    31898520_1685092948210733_4005958637414514688_n.jpg

    යටියන ලක්දිව පමණක් නොව එතෙර රටවල පවා පතල නමක් ඇති වූයේ යටියන මහත්තයා නිසා බව මාතර සැවොම දනී. මහනුවර ක්වීන්ස්(රැජින) හෝටළය ඔහු මිළදී ගත් කතාවද රසවත්ය. මහනුවර ක්වීන්ස් හෝටල මිළදී ගන්නා අවස්ථාවේ යටියන මහත්තයා ටුවිට් රෙද්දත් හඳ සුපුරුදු සුදු කබාය ද හැඳ පසෙකට වූ බලා සිටියේය. ක්වීන්ස් හෝටල විකිණිමට වෙන්දේසි කරන සුද්දා ලංසුව තියන විට යටියන ලංසුව වැඩිකර ඉල්ලුවේය. මේ රෙදි කෝට්කාරයාට ක්වීන්ස් හෝටල මිළදී ගත හැකිදැය සුද්දා උපහාසය සිනාසුණි. වෙන්දේසියේදී වැඩිම මිල ගෙවා යටියන මහත්තයා ක්වීන්ස් හෝටලය මිළදී ගෙන උපහාසයට සිනාසුනු සුද්දාගෙන් ඇසුවේ උඹට සල්ලි ඕන මොන රටේ බැංකුවකින් ද කියාය. ඒ වන විට එංගලන්තය ආදී රටවල බැංකුවල මුදල් තැන්පත් කර තිබූ යටියන මහත්තයාගේ තත්වය හරිහැටි දැනගත් සුද්දාට උපහාසයෙන් සිනාසීමට නොව පොළව පලාගෙන යන්න තරම් ලැජ්ජාවට පත් විය. ඒවන විට ඔහුට රටේ මාතර හැටන්, නුවර එලිය ආදී බොහෝ ප්‍රෙද්ශවල තේ, රබර් වගාවන් අක්කර දස දහසකට වඩාතනි අයිතියක් යටතේ තිබුණු බව කියවේ. මේ සැමට වාසනාව පෑදුනේ යටියන සිසිරගිරි වළව්වේ භූමි වාසනා බලයෙන් බව කියවේ.

    31531483_1685092988210729_3203370841978961920_n.jpg


    31956287_1685093094877385_5440974762253746176_n.jpg

    දිනක් යටියන මහතාට ආරංචියක් ලැබුණි ලංකාවට අළුත්ම වර්ගයේ බෙන්ස් රත තොගයක් ගෙන්වා ඇති බවට. ඔහු එම බෙන්ස් රත ගෙන්වා ඇති කොම්පැනිය වෙත ගොස් වාහන අතපත ගාමින් බලමින් සිටියේය. මේම නවීනම වර්ගයේ බෙන්ස් රථ එම කොම්පැනිය ගෙන්වා තිබුනේ තුනක් පමණි. එතන ජැන්ඩියට ඇඳ පැළඳ ටයි කෝට් දමා සිටි කළමනාකරුගෙන් මෙම බෙන්ස් එකක් කීයදැයි විමසවේය. රෙද්ද බැනියම හැඳ සිටි යටියන මහතා දෙස බැලූ කළමනාකරු පැවසුවේ අනේ තමුසෙ ගන්න බෙන්ස් යනුවෙනි. එකළ තිබූ මිළ අදිකම වාහනය වූ මෙම බෙන්ස් රථ තුනම එවලේම සල්ලි දී මිළදී ගත යටියන මහතා එය මාතර යටියන නිවසට රැගෙන ආවේය.

    ඔහුගේ පුත් ඩොනල් රණවීර මහතා පසුව නුවර එලිය මස්කෙළිය පාර්ලිමේන්තු මන්ත්‍රී විය. පසුව ටයිම්ස් පුවත්පත් ආයතනයේ සභාපති විය. යටියන මහතාගේ මුනුපුරන් කිහිප දෙනෙකු අකාලයේ ඇමරිකාවේදී හදිසි අනතුරකින් මිය ගියේය. යටියන මහතාගේ හා ඔහුගේ බිරිය කඹුරුපිටිය හාමිනේගේද ඔහුගේ පුත් ඩොනල් රණවීර මහතාගේද මුණුපුරන්ගේද සෙහොන් කොත් යටියන නිවස ඉදිරිපිට සාදා ඇත. 1989 භීෂණ සමයේ මේ සුවිසල් සිසිරගිරි වළව්වට ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයින් ගිනි තැබූවේය. ඒ වන විට මහා වැස්සක් පැමින ඒ ගිින්න නිවා දැමූ බව ගැමියෝ කියති. අද මේ සිසිර ගිරි වළව්ව පාව ස්ථානයකි. වසර තිහකට ආසන්න කාලයකින් කිසිවකු පදිංචියට පැමිණ නැත. දවල්ට පමණක් මුරකරුවෙකු සිටී. අඟුව දැමූ නිවසේ ප්‍රධාන ගේට්ටුවේ ඉබ්බා වසර 25කින් පමණ විවෘත කර නැත. වත්ත වටේටම වසර සීයයකට වඩා පැරණි අරලියා මල් ගස්ය. වත්තේ දුර්ලභ මූර්ති නිර්මාණයන්ගෙන්ද අලංකාරය . යටියන ගමේ කිසිවකු මෙම නිවසට හෝ වත්තට ඇතුළු නොවේ. ප්‍රතාපවත් තාප්පයකින් වටවී ඇති මේ වළව්ව හුදකලාව පවතී. ඇතමුන් පවසනුයේ මෙහි හොල්මන් ඇති බවකි. කඹුරුපිටිය හාමිනේ වතුර කළය බිම තැබූ විට බුබුළු දමමින් උතුරපු ස්ථානය හි ඇති වලව්වේ කාමරය අදද ආවරණය කර වසා දමා ඇති බව පැවසේ.

    නන්දික බැද්දේගම
    චායාරූප L Sameera

    84.gif

    රෙප් දුන්නා
     
    • Like
    Reactions: බෙන් 10

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    හිමිකරුවන්ට අවාසනාව ගෙනා ශාපලත් භාණ්ඩ ...

    අපේ රටේ විතරක් නෙවෙයි ලෝකයේ අනෙක් රට වලත් සමහර උදවිය තමන්ට වාසනාව ලැබේ යයි බලාපොරොත්තුවෙන් විවිධ භාණ්ඩ තමන් ළඟ තියාගන්නවා. අපේ රටේ බොහෝ දෙනා අපල උපද්‍රව වලින් සහනය ලබා ගන්නට විවිධ මැණික් වර්ග පළඳිනවා. කවුරුවත් තමන්ට අවාසනාව ගෙන එන දෙයක් නම් ළඟ තබා ගැනීමට කැමති වෙන්නේ නැහැ. ඒත් අහම්බයකින් එවැන්නක් තමන් ළඟ තිබුණොත්?

    ඒ වගේ තම හිමිකාරයාට අවාසනාව විතරක් නෙවෙයි මරණය පවා ළඟා කර දුන්නා ‍යැයි සැලකෙන වටිනා භාණ්ඩ කීපයක්ම ඉතිහාසය පිරික්සීමේදී අපට හඳුනාගන්නට පුළුවන්.

    හුදු අහඹු සිදුවීම් වලට එහා ගොස් සිදු වී තිබෙන විවිධ සිදුවීම් නිසා හා ඒ ඒ අවස්ථා වල ඒ ඒ භාණ්ඩ ඒ සිදුවීම් කෙරෙහි සම්බන්ධව තිබූ ආකාරයේ යම් කිසි අත්භූත සමානකම් නිසා මිනිසුන් ඒවා ශාපලත් භණ්ඩ යැයි සලකන්නට පටන් ගත්ත එකට එක එල්ලේම දොස් නඟන්නත් බැහැ. මේවා වල සත්‍ය අසත්‍ය කෙසේ වෙතත් ලඟ තබා ගැනීමෙන් අවාසනාව ලඟා වෙනවා යැයි හංවඩු ගැසුණු භාණ්ඩ කීපයක් ගැන විස්තරයි මේ.

    පිලි ගැනීම නොපිළිගැනීම ඔබට බාරයි , හැබැයි මෙහෙම දේවලුත් වෙලා තියෙනවා කියන එක අමතක කරන්න එපා !!!

    " උපුටා ගැනීමකි සත්‍ය අසත්‍යතාවය තීරණය කිරීම ඔබට බාරයි ...."

    1. හෝප් දියමන්තිය

    20597304_1515854711786003_2550195527758189554_n.jpg


    මේ වටිනා දියමන්තිය මීට අවුරුදු බිලියන 1.1 කටත් වඩා පෙරාතුව නිර්මාණය වූ බවට සැළකෙනවා. මෙහි වර්තමාන වටිනාකම ශ්‍රී ලංකා රුපියල් බිලියන 30ත් 37.5 ත් අතර අගයක් ගන්නවා. ලෝකය පුරා කරක් ගසමින් විවිධාකාර පුද්ගාලයන් අතට පත්වූ මෙය වර්තමානය වන විට වොෂින්ටනයේ ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ නිසොල්මන්ව තැන්පත්ව තිබෙනවා.

    බරින් කැරට් 45.52ක් වන මෙහි ශාපයක් ගැබ්ව ඇතැයි සමහරු තාරායෙම විශ්වාස කරනවා. මෙය අයිතිව තිබූ පුද්ගලයින් ගණනාවක්ම දික් කසාද, සිර ගත වීම්, වද හිංසා වලට ලක් වීම්, බංකොළොත් වීම් වලට පමණක් නොවෙයි ජීවිත හානි වීම් වලට පවා ලක් වී ඇති බව ඉතිහාසයේ සඳහන් වෙනවා. නමුත් ඉතිහාසඥයින් පවසන්නේ මේ ශාපය පිළිබඳ කතාව දියමන්තියේ වටිනාකම වැඩි කිරීම සඳහා ගෙතූ එකක් බවයි...

    2. බසානෝ මල් බඳුන

    20638934_1515855435119264_1763315689986170029_n.jpg


    බසානෝ බඳුන රිදියෙන් සාදා තිබෙන්නේ 15 වෙනි ශතවර්ශයේදියි. ඒ ඉතාලියේ ජීවත් වූ කාන්තාවක් සිය විවාහ දින රාත්‍රියේදීයි. එදිනම ඇය ඝාතනය වී තිබියදී සොයා ගන්නවා. ඒ වන විට ඇය මේ බඳුන බදා ගෙන සිටියා. මේ බඳුන ඇගෙන් පසු ඇගේ පවුලේ සාමාජිකයන්ට හිමි වූ අතර සියළු දෙනා මෙහි හිමිකාරීත්වය තිබියදීම මිය යන්නේ අකාලයේ. අවසානයේ මෙය සඟවා දමනු ලබනවා.

    අවාසනාවට නැවතත් 1988 දී මේ බඳුන කිසිවෙක්ට හමු වෙනවා. ඒ මරණය පිළිබඳ අනතුරු ඇඟවෙන කොළ කැබැල්ලක්ද සමඟ. ඉන් අනතුරුව පෙර පරිදිම බඳුනේ හිමිකාරීත්වය ඇති තැනත්තා මිය යනවා. මේ බඳුන විවිධ කෞතුකාගාර වලට දෙන්නට උත්සාහ කළත් කිසිවක් විසින් එය බාර නොගන්නේ ශාපයට ඇති බිය නිසා. වර්තමානය වන විට නැවතත් එය හඳුනාගත නොහැකි ස්ථානයක වළ දමා තිබෙනවා.

    3. බස්බි ගේ පුටුව

    20621987_1515855488452592_8928359646317074840_n.jpg


    ඉංග්‍රීසි ජාතික සුරා සොඬෙක් වුණු තෝමස් බස්බි නැමැත්තෙක්ක් සිය මාමණ්ඩියව 1702 දී ඝාතනය කරනවා. මේ නිසා ඔහුට මරණ දඬුවම ලබා දුන් අතර එය ක්‍රියාත්මක වූ ස්ථානය ඉදිරියේ නවාතැන් පොළක් තිබී තිබෙනවා. තානායමේ සිට බස්බිට මරණ දඬුවම ලබා දෙනු හොඳින්ම පෙනෙන ස්ථානයක තිබූ පුටුවක් ඔහුගේ ශාපයට ලක් වී ඇති බව වැඩි කල් නොගොස්ම එහි ජනතාව තීරණය කරනවා.

    කිසිවෙක් මෙහි වැරදීමකින් හෝ හිඳ ගතහොත් ඔහු ඉතා අසාමාන්‍ය හදිසි අනතුරකට ලක්ව මිය ගොස් ඇති බව ඉතිහාසයේ සඳහන් වෙනවා. කෙසේ හෝ 1978 වසරේදී මෙම පිටුව ත්‍රිර්ස්ක් කෞතුකාගාරයට ලබා දී ඇති අතර අද එය පවතින්නේ උස් තාප්පයක් ඇති කුටියකයි. කිසිවෙක්ට දැන් එහි හිඳ ගන්නට බැහැ.

    4. ‘Hands resist him’ චිත්‍රය

    20604497_1515855585119249_25123684396889446_n.jpg


    ශාපලත් චිත්‍ර පිළිබඳ විවිධ විශ්වාස ලෝකයේ තිබෙනවා. මේ මෑත කාලයේ සිදු වුණු එවැන්නක්. මේ චිත්‍රය අඳින ලද්දේ කැලිෆෝනියාවේ චිත්‍ර ශිල්පියෙක් වූ බිල් ස්ටෝන්හැම් විසින්. ඒ 1972 දී. මෙහි අන්තර්ගත වෙන්නේ ගැහැණු බෝනික්කෙන් අසල සිටින පිරිමි ළමයෙක් ජනේලයක් අසළ සිටගෙන සිටින ආකාරයයි. මෙය 2000 වසරේ eBay හි වෙන්දේසි කරෙනවා. ඒ වන විට දැනුවත් පරිදි අවසානය හිමිකාරීත්වය දැරුවේ 1984 වසරේ මිය ගිය රංගන ශිල්පී ජෝන් මාලි සතුවයි.

    මේ කාලයේදීම මෙය ශාපලත් එකක් බව කියවුණා. මෙය වෙන්දේසි කළ නිර්නාමික වෙළෙන්දන් පැවසුවේ ඔවුන්ට එය හමු වූයේ පැරැණි ඉස්කාගාරයක් පසුපස අත හැර දමා තිබියදී කියායි.

    එක් වෙළෙන්දෙක් විසින් එය නිවසට ගෙන ඒමෙන් අනතුරුව රාත්‍රියේදී එහි අත් සෙළවුණු බවත්, කොටින්ම පිරිමි ළමයා ඉවතට එන්නට හැදූ බවත් සිය කුඩා දියණිය ප්‍රකාශ කළ බවත් තව දුරටත් ඔවුන් විසින් ප්‍රකාශ කර තිබුණා. ශාප වල ඇත්ත නැත්ත කෙසේ වෙතත් මේ කතා නිසා චිත්‍රයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 1025 දක්වා ඉහළ නැග්ගා.

    5. අඬන ළමයාගේ චිත්‍රය

    20638601_1515855805119227_5357751842242404568_n.jpg


    මේ තවත් ශාපලත් යැයි සැළකෙන චිත්‍රයක කතාවක්. 1950 දශකයේ බෲනෝ ඇමඩියෝ විසින් අඳින ලද ‘The crying Boy’ නම් චිත්‍රයේ දැක්වෙන්නේ හැඬුම් බර මුහුණකින් බලා සිටින ළමයෙකුගේ රුවක්.

    සමහරුන්ගේ විශ්වාසයට අනුව මේ සේයාරුව නිසා ගිනි අනතුරු ඇති වෙනවා. 1985 වසරේ සැප්තැම්බර් 4 වැනි දින ‘The Sun’ නම් පුවත්පතක දැක්වුණේ එක් යුවලකට අයත් නිවසක් සම්පූර්ණයෙන් දැවී අළු වී ඇති අතර මේ චිත්‍රය පමණක් නිරුපද්‍රිතව ඉතිරි වී ඇති බවයි.

    මේ අතර තුර එක් ගිනි නිවන භටයෙක් මාධ්‍යයට ප්‍රකාශ කළේ මේ හා සමාන සිද්ධීන් කිහිපයක්ම තමන් අත්දැක ඇති බවයි. එනම් මේ පින්තූරය ඉතිරි වුණු සම්පූර්ණයෙන්ම දැවී ගිය නිවාස තමන් දැක ඇති බවයි. මේත් සමඟ මේ චිත්‍රයට ඈඳුණු ශාපයේ කතාවට තටු ලැබුණා.

    6. ටූටන්කාමන් ගේ සොහොන

    20604668_1515855888452552_388430314060230136_n.jpg


    ශාපලත් ‍යැයි සැලකෙන දේවල් අතුරින් ලොව වැඩිම දෙනා බියක් දක්වන හා ප්‍රසිද්ධම ස්ථානය හෝ භාණ්ඩය තමයි ටූටන්කාමන්ගේ සොහොන් ගැබ. මිය යන විට 19 වි‍යැති වූ මේ පාරාවෝ රජුගේ සොහොනට ඇතුළු වෙන ඕනෑම අයෙකුට පාරාවෝ වරුන්ගේ ශාපය වැදී අවාසනාවන්ත කම, ලෙඩ දුක් හෝ මරණය උරුම වන බව විශ්වාස කෙරෙනවා.

    ක්‍රි. ව 1922 හොවාඩ් කාටර් විසින් පළමු වරට මෙම සොහොන් ගැබ විවෘත කිරීමෙන් පසුව මුලින්ම අද්භූත ලෙස මිය යන්නේ සොහොනට මඟ කිවු කැනරි කුරුල්ලායි. ඉන් අනතුරුව මදුරු දෂ්ඨනයක් විෂ වීමෙන් හොවාඩ් ගේ මූල්‍ය සැපයුම් කරු මිය යනවා.

    1935 වන විට මේ සොහොනට ඈඳුණු මරණ සංඛ්‍යාව 20ක් පමණ වී තිබුණා. සමහරු පවසන්නේ මේ මරණ වලට හේතුව ඒක්කෝ අහම්බයක් බවයි. නැතහොත් සොහොන් බිමේ තිබූ මරණීය දිලීරයක් බවයි.

    7. +359 888 888 888 දුරකථන අංකය

    දුරකථන අංකයක් ශාපලත් එකක් වෙන්නේ කොහොමද කියලා කෙනෙක් විමසන්නට පුළුවන්. නමුත් බල්ගේරියාවට අයත් මේ අංකය හිමිව තිබූ කීප දෙනෙක්ටම අත් වූ ඉරණම දෙස බලන විට කෙනෙක් එහෙම හිතීම ගැන එක එල්ලේ දොසක් කියන්නත් බැහැ. මුලින්ම මේ අංකය හිමිව තිබූ තැනැත්තා අකාලයේ මිය යන අතර පසුව සමාගම් ප්‍රධානියෙකුට අයත්ව තිබුණා.

    ඔහු අවුරුදු 48 දී පිළිකා රෝගයෙන් මිය යනවා. ඉන් අනතුරුව මෙම අංකය පත් වන්නේ මාෆියා කණ්ඩායමකටයි. එය අයත්ව තිබූ මාෆියා මහ මොළකරු හා ඉන්පසුව අයත් ව තිබූ කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවා වෙඩි වැදී මිය යනවා. අවසාන මරණ 3 ම සිදු වන්නේ අවුරුදු 4ක් ඇතුලත් වීම විශේෂත්වයක්. ඉන් අනතුරුව දුරකථන සමාගම එම අංකය භාවිතයෙන් ඉවත් කරනවා


    මූලාශ්‍ර
    Dinindu Ekanayake
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    අමනුෂ්‍ය බලපෑම් සදහා පුද්ගලයෙකු තෝරාගැනීමට හේතු ........

    හායි යාලුවනේ කොහොමද ? මගේ කලින් පොස්ට් වගේ අදත් ගෙනාව අලුත් දෙයක් . අපි කතාකරන්න යන්නේ අමනුෂ්‍ය බලපෑමක් ඇති වන්නේ කුමනාකරයක පුද්ගලයින්ටද කියල තමයි අද කතාකරන්න යන්නේ . මේ විදියට අපිට පුද්ගලයෙකු අමනුෂ්‍ය බලපෑමකට යටත් වන්න හේතු කිහිපයක් තියනවා ඉතින් මන් විශ්වාස කරනවා මෙයත් ඔබට උදව්වක් වෙයි කියල අපි බලමු ඒ මොනවද කියලා ..

    01 නිමා නොවූ ගනු දෙනු

    යම් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක් සමග ජීවත්ව සිටි කාලයේ ඇතිවූ වෛරයක්, තරහක්, ණයක් , ආදරයක් . වැනී මරණයට පෙර ඇතිවූ යම්කිසි ගනුදෙනුවක් නිමාකිරීමට නොහැකි වූ නිසා මරණයෙන් මතු පැමිණීමට ඉඩකඩ තිබීම මෙය සමහරක් විට තමන්ගෙන් පසු පරම්පරාව දක්වා වුවද පැතිරී යා හැක මෙය අප කර්මය යනුවෙනුත් හදුන්වන්න පුලුවන් ..

    02 අමනුෂ්‍ය ආශාවන් ඉටුකරන්නෙකු වීම

    සාමාන්‍යයෙන් අමනුෂයෙක් පුද්ගලයෙකු තෝරාගන්න මෙය ඉතාමත් බලපාන කරුණක් . පුද්ගලයෙක් මානසික ශක්තියෙන් අඩු අයෙක් නම් හෝ එම පුද්ගලයා අමනුෂ්‍ය ආශාවන්ගෙන් පෙළෙන්නෙකු වේනම් ( තණ්හාව , වෛරය , ක්‍රෝදය ) එම පුද්ගලයට අමනුෂයෙකු සදහා තමන්ගේ මනසේ ඉඩ ලෙහෙසියෙන් උදුරාගැනීමට පුළුවන්

    03 අමනුෂ්‍යන් හා සන්නිවේදනය

    අදවන විට බොහොම දෙනෙක් දන්නා කාරණයක් තමයි අමනුෂ්‍ය ක්‍රීඩා වැනි සෙල්ලම් ඔව් සමහරු කියන්න පුළුවන් මේවා බොරු කියලා නමුත් ලෝකයේ සිදුවූ සතය සිදුවීම් වලින් වැඩි ප්‍රමාණයක සුල මුල සොයාගෙන ගියොත් මෙහි මුල මෙම ක්‍රීඩා වක් බව පැහැදිලියි .
    මොකද මෙමගින් සිදුවන ආත්මයක් මනුෂ්‍ය ලෝකයට කැදවීමක් නිසා හරි හැටි නොදැන සිටීම මගින් ආපසු යැවීම නොකිරීම නිසයි

    04 මනුෂයෙක් විසින් අමනුෂයෙක් ලවා කරන පලිගැනීම්

    මෙය නම් ඔබට අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශ්‍ය වන්නේ නැහැ මොකද මේ ගැන මේ සමුහයේ ඉන්න අය හොදටම දැනුවත් කියලා මන් දන්නවා

    05 අමනුෂ්‍ය බලපෑම් සහිත ස්ථාන

    විශේෂයෙන් ඔබ මෙවැනි ස්ථාන වෙත් යාමේදී ඉතාම කල්පනාකාරී වන්න මොකද මෙම ස්ථාන තුලදී වැඩි වශයෙන් ඔබව දඩයම් වීමට ඇති ඉඩප්‍රස්ථාව බොහොම වැඩියි

    ඉතින් යාලුවනේ ලොකු අදහසක් ඉතාම කෙටි කරලා තමයි ලිව්වේ මොකද සමහරු ගොඩක් විස්තර වලට අකමැති නිසා . තවත් දෙයක් මේ පොස්ට් එකට අමතරව තව විවිද දේවල් තියෙන්න පුළුවන් නමුත් ප්‍රධාන ටික තමයි මන් මෙතන සදහන් කලේ
    වැරද්දක් තියනවනම් කියන්න මෙමගින් ඔයාලට සුළු හෝ දැනුමක් ලැබුණානම් කොමෙන්ට් එකක් මගින් සදහන් කරන්න


    ෆොක්ස් ........../
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    සත්‍ය සිදුවීමකි. මා මේ ලියන්ට යෙදුන සිද්ධිය 2002 වසරේ අනතුරට පත් වූ මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වු නගරාන්තර සීග්‍රගාමී දුම්රියෙ සිදුවූ සත්‍ය සිදුවීමකි.සැබවින්ම මෙය කියවන ඔබට හොල්මන් සිද්ධියකට වඩා එහා ගිය මෙය අවසානයේදී ඔබව ත්‍රාසයටත්,භීතිය ටත් පත්වෙන සිද්ධියක් වනවාට කිසිදු සැකයක් නැත.මෙය අවසාන වන තෙක් කියවන්න.නම් ගම් මනංකල්පිතයි. දින වකවානු ද මතක නැත. මේ සිදුවීමට මුහුණ දුන් මාගේ මිතුරා මා හට මුන ගැසුනේ කොළඹ රාත්‍රි සමාජ ශාලාවකදී ය.ඔහු නමින් නිමල් කියා මා අනුවර්තව හදුන්වමි.ඔහු ඒ වන විටත් දැඩි ලෙස කැසිනෝ සූදු කෙලියටත්,බීමත් කමටත් දැඩි ලෙස ලොල් වූ කෙනෙකි.මුදල් යහමින් ඔහු අත සැරි සැරීය.එම සමාජ ශාලාවේ සංගීතය සැපයීම මාගේ කාර්ය විය.කල්‍ යත්ම ඔහු මාගේ සමීපතම මිතුරෙක් විය.එකල මා විනෝදාංශයක් වශයෙන් පුවත්පත් වලට ලිපි ලීවෙමි.එය දැන ගත් ඔහු මේ කතාවද ලිපියක් ලෙස පල කරන මෙන් මාගෙන් ඉල්ලා සිටියේ ය.නමුත් මේ පිලිබඳ ඔප්පු කිරීමට තරම් ඔහු අත සාක්ෂි නොවූ බැවින් මෙම සිදුවීම ඔහුත් මාත් අතර තවමත් නොවිසඳුණු රහසකි.
    මාගේ මිතුරා නිමල් මහනුවර නගරයට එදා පැමිනියේ රාජකාරි කටයුත්තක් සදහාය. කෙසේ හෝ එය නිමවී නැවත කොළඹ ඒම සදහා පිටත් උවත් නියමිත වේලාවට දුම්රිය පලට ඒමට නොහැකි විය.ඊලග දුම්රිය නගරාන්තර සීග්‍රගාමී දුම්රිය විය.නමුත් එ සදහා වේලාව බොහෝ සේ තිබූ බැවින් ඔහු නැවතත් නගරය වෙත පැමිනියේ ඔහුගේම වචනයෙන් කීවොත් පොඩි ශොට් එකක් දැමීමේ අභිලාෂයෙන්.හෙමින් සැරේ අවන් හලකට ගොඩවූ ඔහු සෙමින් සෙමින් මීවිත වීදුරුවක් තොල ගාන්නට විය."මල්ලී ගින්දර ටිකක් දියන්කෝ"ඔහු අසල ටිකක් උස මහත කෙනෙක් හිටන් සිටියේ සිකරට්ටුවක් කටේ කොනක රදවා ගෙනය.නිමල් තම අත තිබු සිකරට්ටුව අමුත්තා වෙත දික් කලේය. "මල්ලි නුවර ද'...? ඔහු ඇසීය.'නෑ අයියේ..මන් කොළඹ..'නිමල් සැකෙවින් වුනු සිද්ධිය විස්තර කලේය. "අප්පටසිරි..මටත් ඕකමයි උනේ.මාත් ඉන්ටසිටියේ යන්නෙ.වෙලා තියෙන නිසා පොඩ්ඩක් රත්වෙන්න හිතුවේ..මාත් මෙතනින් වාඩි වෙන්නද?.." " හා..එන්න"නිමල් දෙවරක් නොසිතා කීය.අමුත්තා නිමල් හා එකතු විය."මන්..අජිත්..නයිස් ටු මීට් යූ.." ඉන්පසු නිමල් සහ අජිත් කලක පටන් දන්නා මිතුරන් ලෙස ඉතා සුහද ලෙස ආ ගිය තොරතුරු කතා කලේය. "මලේ දැන් නම් වෙලාව හරි...හෙමින් අදිමු නේ ස්ටේෂන් එක පැත්තට"අජිත් කීය."පොඩ්ඩක් ඉදහන්..මන් තව බාගයක් අරන් එන්නම්..කොළඹ ට යනකන් අපි ගහමු..බැහැලත් ගහමු..හා හා හා"දෙදෙනාම මහ හයියෙන් සිනා සෙමින් දුම්රිය ස්ථානය වෙත ඇදෙන්නට විය. ජීවිත ගනනාවකට මරු කැදවූ ඒ අවාසනාවන්ත දුම්රිය ඒ වන් විටත් වේදිකාවට සේන්දු වී අවසානය.දුම්රිය ට ගොඩවූ මිතුරන් දෙදෙනා ජනේලයක් අසලම අසුන් ගත්තේය.නියමිත වේලාවට දුම්රිය පිටත් ව්ය.කඩුගන්නාව පසු කරත්ම දුම්රියෙ වේගය ක්‍රමයෙන් වැඩි විය.බලන කපොල්ල පසු කරන දුම්රිය වෙනදාටත් වඩා වේගෙන් ඇදි යයි.මිතුරන් දෙදෙනාගේ මත් ගතිය නිසා ඔවුන්ට මේ බව ගානක් නැත.නමුත් එක වරම දුම්රිය ඒ මේ අත වේගෙන් පැද්දුනු හෙයින් මා මිතුරු නිමල් කලබල වී වට පිට බැලීය.ජනේලය තුලින් එලිය බැලූ කල ඔහුට දැක ගත හැකි වූයේ පා පුවරුවේ එල්ලී කෑ ගසන මිනිසුන් කීප දෙනෙකි.ඔවුන් සිටි මැදිරිය කලු පාට දුමාරයකින් වැසෙන්නට විය.වහාම අජිත් ව අවදි කෙරූ නිමල් කුමක් හෝ දෙයක් සිද්ද වෙන බව පැවසීය.වහා කලබල වූ අජිත්ගේ මත් ගතිය හිදී ගියේය. මෙසේ තත්වය කලබලකාරී ස්වරූපයක් ගත් අවස්තාවේ අජිත් සහ නිමල් අසුන්ගෙන සිටි අසුන අසල ට වයස අවුරුදු 7ක පමන කුඩා පිරිමි දරුවෙක් පැමින සිට ගත්තේය.ඔහු ඉතා ඕන කමින් අජිත් දෙස බලා සිටින අයුරු නිමල් හොදාකාරවම දුටුවේය.අජිත් පවා තුශ්නිම්බූත ස්වරූපයෙන් දරුවා දෙස බලා සිටියේය.දරුවා මද සිනහවක් පා නැවතත් අජිත් දෙස බලා එක වරම පිටු පස දෙසට හැරී දිව ගියේය.දරුවා අනුගමනය කරමින් අජිත් ද ඔහු පිටු පස දිව ගියේය.කොහෙද බන් යන්නේ කියා නිමල් ඇසුවත් එයට පිලිතුරු නොදී අජිත් නොපෙනී ගියේය.නිමල් අජිත්ව දුටු අවසන් අවස්තව එය විය.ඉන් සුවල්ප මොහොතකට පසු දුම්රිය ඉදිරිපසින් මහා හඩක් ඇසෙන්නට විය.මිනිසුන්ගේ මහා විලාප හඩක් හීනෙන් මෙන් නිමල්ට ඇසුනි.නිමල් ට මතක එපමණකි. සිහිය එන විට නිමල් සිටියේ රෝහලක ඇදක් මතය.උන කිසිවක් නිමල්ට මතක නැත.ඊට පසු ඔහු විස්තරය දැන ගත්තේය.තමන් පැමිනි දුම්රිය රඹුක්කන ආසන්නයේ පෙරලි ගිය වගත් ජීවිත ප්‍රමාණයක් අහිමි වී ගිය වගත් ඔහුට දැනගන්නට ලැබිනි.පෙර පිනක් නිසා ඔහුගේ ජීවිතය බේරි ඇති බව දැන ගත් ඔහුට තම දකුනු අත පමනක් වෙලුම් පටි යොදා වෙලා ඇති ආකාරය ඔහුට දැක ගත හැකි විය.එසැනින් ඔහුට අහම්බෙන් හමුවූ තම මිතුරා අජිත් සිහි විය.
    ඉතා කලබලකාරී ස්වරූපයක් මුලු රෝහල පුරාම දිස් විය.ඔහු වහා නැගී සිට රෝහල් කාර්‍ය මන්ඩලේ කෙනෙකු ගෙන් තම මිතුරා පිලිබඳ විමසීය.නමුත් නමින් එසේ කෙනෙකු ගැන තොරතුරු නොදන්නා බවත් ඔහුට ඒ ගැන ස්වයංව සොයා බලන ලෙසත් කීය.නිමල් මුලු වාට්ටු පුරා ඇවිද තුවාල කරුවන් අතර අජිත් සෙවිය.ඒත් අජිත් සොයා ගැනීමට නොහැකු වූ නිමල් මිය ගිය අය අතර වත් අජිත් සිටීදැයි සෙවීය.අවසානයේදී ඔහුට අජිත් මුන ගැසින.නමුත් එ අජිත් ගේ නිසල සිරුරයි.නිමල් බොහෝ සේ කම්පා විය.ඉන්පසු නිමල්ට අජිත් විසින් ඔහුගේ නිවසේ දුරකථන අංකය දුන් බව මතක් විය.ඔහු වහාම එය පසුම්බිය මතින් සොයා ගෙන රෝහල් භූමියහි සවිකර තිබූ දුරකථනයෙන් වහාම එම අංකයට දුරකථන ඇමතුමක් ලබා ගෙන නිවසට මේ පිලිබද දැනුම් දුනි.
    එදින රාත්‍රි කාලයේදීම අජිත් ගේ නිවසේ අය රෝහල වෙත පැමිනියේය.ඒ අතර අජිත් ගේ මව,පියා සහ බාල නැගනිය ද විය.ඔවුන් සියලුම දෙනා එදා බොහෝ සේ හඩා වැලපුනි.
    ඉන්පසු අජිත්ගේ දේහය පිලිබඳ අවසන් කටයුතු සිදු කෙරින.දේහය නිවසට රැගෙන ආ අවස්තාවේ සිට නිමල් විශාල කාර්ය භාරයක් තම මිතුරා වෙනුවෙන් ඉටු කරන ලදි.ඔහු කාලෙක පටන් දන්නා කෙනෙකුට මෙන් අජිත්ගේ නිවසේ උදවියද ඔහුට සැලකූහමෙසේ අජිත් දහසක් සෝ සුසුම් මැද අවසන් ගමන් යන් ලදි.
    ඉන්පසු හත් දොහේ දානය දින උදෑසන උදාවිය.එ අවස්තාවේ අජිත්ගේ නැගනිය පැමින නිමල්ට කතා කර සිටියේ අජිත්ගේ කාමරයේ තිබූ පුටු කිහිපයක් රැගෙන එන ලෙසයි.අලුතින් තැනු සුවිසල් නිවසේ උඩ තට්ටුවේ තිබූ අජිත් ගේ කාමරය වෙත සෙමින් සෙමින් පිය නැගූ නිමල් කාමරයට ඇතුල් වී වටපිට බැලුවේය.සැබවින්ම අජිත් බොහෝ ධනවත් පවුලක කෙනෙක් බව නිමල් ට ඒත්තු ගියේ ඔහුගේ කාමරයේ තිබූ බඩු බාහිරාදිය දුටු සැනිනි.මෙසේ විපරම් කරමින් සිටි නිමල් ට එක වරම නෙත ගැටුනේ කාමරයේ කැබිනෙට්ටු මත තිබූ චායාරූපයක්‍ ය.එය අවුරුදු 7 ක පමන පිරිමි දරුවෙකුගේ රූපයකි.කෙසේ වෙතත් එම දරුවා මීට පෙර කොහේදී හෝ දැක හුරුපුරුදු නිසාම නිමල් එය අතට ගෙන තවත් හොදින් ලං කර බැලුවේය.නිමල් ගෙ මතකය පැමිනියේය.ඒ වෙන කවුරුත් නොව එදා අනතුර වෙන අවස්තාවේ අවසාන මොහොතේ ඔවුන් සිටි ආසනය අසලට පැමින අජිත් සමග සිනහාසුන පිරිමි දරුවාය.
    නිමල් ගේ ප්‍රමාදය නිසා අජිත් ගේ නැගනිය කාමරයට පැමිනියේ මේ අවස්තාවදීය.ඒ වන විටත් නිමල් අත අර චායාරූපය විය.
    "මේ කවුද නංගි ?මේ ලමයව දැකලා තමයි අයියා එදා එක පාරම පස්සෙන් ගියේ..මේ කවුරු හරි ඔයලගේ පවුලේ කෙනෙක් ද?"අජිත් ගේ නංගි පින්තූර ය දෙසත් නිමල් දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේය.
    "මේ වෙන කවුරුත් නෙමෙයි..මේ අපේ අජිත් අයියා පොඩි කාලේ ගත්තු ෆොටෝ එකක්...මේ ඉන්නේ අපේ අජිත් අයියා"....
    එම වදන් කිහිපය දෝංකාර දෙමින් නිමල් සවන් පුපුරා මෙන් විහිදෙන්නට විය.ඔහු වහාම ඒ අසල තිබූ පුටුවක් මත වාඩිව මේ සිද්ද වූ දෙය පිලිබඳ කල්පනා කරන්නට විය.කෙසේ හෝ දුම්රිය පෙරලීමට මොහොතකට පෙර,අජිත් ස්තීරවම මිය යන බව ඒත්තු ගැන්වීමට මාරයා විසින් අජිත්ගේ කුඩා කල රුපයක් මවා අජිත් ව කැදවා යාමට පැමිනියාද?නැත්නම් මේ සිදුවූයේ කුමක්ද?සිතීමට ඔබට බාරයි.


    Chamantha Wijesinghe
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    බෝදිලිමා..

    සිරාවටම මං හොල්මන් ගැන කතා වලට මාරම කැමති ඩයල් එකක්.. ඒ වගේම එහෙම තඹ දොයිතුවක අත්දැකීමකට මුහුණ දීලත් නෑ.. මේ ඔය හොල්මන් අව් අස්සෙම යන බෝදිලිමා ගැන පොඩි සිද්ධි දාමයක්.. ⁣කතාවක් නෙමේ මේක මේ මගෙ කනට අැහුන අත්විඳපු දේවල් ගැන ලියපු කිසිම අගක් මුලක් නැති එකක්.. සරලවම සාකච්ඡාවක්..

    ඔය බේදිලිමා සීන් එකක් මාරම interesting කතාවක්.. ඕක ගැන එක එක අයගෙන් ඇහුවම කතා ගොඩයි.. අපේ පරන පරම්පරාවෙන් ඇහුවම මෙහෙම කතාවක් තමා කියන්නෙ?

    ඉස්සර කාලේ පවුලක.. සැමියයි බිරිඳයි.. මේ සැමියා ඒ කියන්නේ මේ මිනිහා හරිම මස් කෑදරයලු.. තුන් වේලටම මස් කෑල්ලක් තියෙන්නම ඕනලු.. දඩයමක් කරල හරි නැතුව හරි මස් ඕනමලු.. ගෑනිත් ඒකටම හපන්.. මිනිහා මොන දීපංකරෙන් හරි මස් හොයන් අාවොත් ගෑනි හොඳ පදමට තුන පහේ දාලා හදල දෙනවලු.. ගෑනිත් ඒවගෙන්ම හොඳට කනවලු... ඔහොම කාලයක් යද්දි.. මේ දෙන්නට ළමයෙක් හම්බුනාලු.. පිරිමි ලමයෙක්ද ගැහැනු ලමයෙක්ද කියල නන් ⁣සඳහනක් නෑ.. දැන් මේ පවුල තුන් දෙනෙක්නෙ.. දවසක් මේ මනුස්සයට දවල් වරුවෙ ගෙදර ආවම දවල්ට කන්න වෙනද වගේ මස් ව්‍යංජනය නෑලු.. මේකට තරහ ගිහින් ගෑනිටත් බැනල මිනිහා කීවලු මං දැන් කොහින් හරි මස් හොයන් එනව හදලා දියන් කියල.. මිනිහගේ තියන මල පෙරේත කෑදර කමට හතරදිග් බාගේම මස් හෙව්වත් බැරිවුනාලු.. ඔය අස්සෙ මස් හම්බුන් නැති තරහට ආපහු ගෙදර එද්දි, මිදුලේ සෙල්ලම් කර කර හිටපු තමන්ගෙම පොඩි දරුවා හම්බුනාලු.. මේ යකා තරහත් කෑදරකමත් එක්කම ළමයාව මැරුවලු.. මරලා ගෑනිට මස් ගෙනත දීල කීවලු මෙව්ව හදල දියල්ල කියල? ගෑනිත් හොඳ පදමට රහට හදල දැන් දෙන්නා කනවලු ඒත් මෙතන මිනිහා මේ තමන්ගෙ ළමයගෙ මස් කියල දැන ගෙන කෑවට ගෑනි ඒ ව⁣ගක් දන් නෑලු.. ඔහොම ගෑනි තලු මර මර කද්දි ගැනීට පුංචි ළමයගෙ මහපට ඇඟිල්ල කන මස් ව්‍යංජනයෙ තිබිල ⁣හම්බුනාලු.. දවල් ඉඳන් ළමයා සෙල්ලම් කරන් ඇති කියල හිතුවට දැන් තමයිලු ගෑනිට වැඩේ තේරුනේ.. ඔහොමම වෙච්ච වැඩේ ගෑනි මිනිහගෙන් තහවුරු කරගත්තට පස්සේ ඒ කම්පනේට කකා ඉඳපු බත් නෑඹිලියෙන්ම හිස් මුදුනට ගහගෙන ගෑනි මලාලු.. ඔන්න ඔය ගෑනිලු දැන් පිරිමිත් එක්ක තරහට හොල්මන් කරන් බය කරන්නෙ...

    ඔන්න ඔහොම කතාවක් තමා කියන්නෙ පරන ඇත්තො.. දැන් අහන්න එපා ඇයි මස් හදද්දි ඇඟිල්ල හම්බුන් නැද්ද? අම්මට තිබ්බෙ නැද්ද ළමය ගැන තව හොඳට හොයල බලන්න කියල? මාත් ඔය වගේ අහන්න හදල ඇහුවෙ නෑ බොරුවට පද අහගන්න ඕන නෑනේ කියල.. කියපු අහපු කතාව තමා ඒ විදියටම ඔය කීවේ...

    තව සීන් එකක් මේක මගෙ යාලුවෙක්ට වෙච්ච දෙයක්... මේ කියන මගේ යාලුවා හවස යාමේ නාන ගමන්ලු හිටියෙ.. මේ නාන තැන පොල්අතු ටිකක් වට කරපු නාන්න ශවර් එකක් දාපු තැනක්.. එහෙම ලොකුවට කැලයකුත් නෑ.. වෙලක් ළඟ ⁣තමා ගෙදර.. ගෙවල් හැමතැනම.. හැබැයි හවස අර රතු පාටට ඉර බැහැල යන වේලාව.. මූ දැන් නානවලු.. ටික ටික සද්දයක් එනවලු හූ කියාගෙන.. මූ වැඩි ගානක් නැතුව නානවලු.. දැන් අර ඈතින් ඇහුන සද්දෙ ළඟ ඇහෙනවලු.. කන් හිරි වැටෙන සද්දයක්.. දැන් නාන තැනටම වගේ සද්දෙ එද්දින් මූට දෙලොව රත් වුනාලු.. මූ නාන එක පැත්තට දාලා දිව්වලු ගෙට ඇතුලට කෙලින්ම අම්මේ කියාගෙනම ඒ තරම් මූ බයවෙලා... අම්මෙ අම්මෙ සද්දයක් ඇහුනා කියද්දිම අම්මට වැඩේ මීටර් වුනාලු... අම්ම එහෙම්ම මූගෙ නලලට අත තියද්දි ගිනි ගහන රස්නෙලු.. අම්ම එහෙම්ම කුස්සියෙ වැඩ කරද්දි ඇඳන් හිටපු චීත්තෙ කඩල අරන් මූගේ ඇඟෙන් පොරවලා දැම්මලු.. පස්සෙ ඩයල් එකට පිරිතක් එහෙම කිව්වට පස්සෙ ඉතිං අවුලක්ම නෑලු.. මේකෙන් ගන්න දෙයක් තියනවා ඔය අපේ අම්මලා හවස නාන්න යන්න එපා යකෝ කියල කියන්නෙ කට කහනවට නෙමේ කියල හිතපල්ල...
    ඔය සිද්ධියට පස්සෙ අපි මූව බලන්න ගියාම තමා ඔය බෝදිලිමගෙ සීන් එකක්ලුය... ගෑනු අයට කරදර කරන් නෑලුය.. ඒ හන්දලු ගෑනු කෙනෙක්ගෙ ඇඳුමක් කඩල ඇඟට දැම්මෙලු.... කතා ගොඩයි.. මං ඉතිං හැම රෙද්දම ජෝක් එකට ගන්න ඒකා හන්දා මේකටත් ඔහොම්ම ජෝක් කර කර හිටියා.. ඒ අව් අව්සෙ ඉඳපන්කො තොට කියල එතන හිටපු තව එකෙක් youtube ගිහින් බෝදිලිමා කියල search පාරක් දාලා වීඩීයෝවක් පෙන්නුවා.. විඩීයෝවනන් පිච්චිලා ගිය බෝනික්කෙක්ද කොහෙද? ඒකේ සද්දෙ අම්මො... සිරාවටම මං අම්බානක බය වුනා ඒ සද්දෙටනන් උඔලට අහන්න link දෙන්න තිබ්බ ඒත් මං පට්ට බයයි ඒක Open කරන්නත් ඒක හන්ද link දෙන්න බෑ... උඔලට ඕනමනන් bodilima කියල search පාරක් දාපන්...විඩීයෝ ටිකක් එන්නේ ඒ අතර මං කීව වීඩියෝව අනිවාර්යයෙන්ම තියනවා....

    මේක තමා අවසාන සීන් එක ඔය Bodilima ගෙ කතාව අපේ වුන්ට කීවම උන් දැනගත්ත මං මේ සීන් එකට සිරාම බය වෙලා කියලා.. ඉතිං කල් ගියාම අපේ එකෙක්ගෙ ආච්චි නැති වෙලා මල ගෙදර... ඔන්න දැන් කට්ටිය ඔමීයක් බලලා නයිට ගහල 12ට එකට විතර කට්ටිය කැපෙන වේලාව මායි තව තුන හතරයි ඉතුරු.. මුං පටන් ගත්ත බෝදිලිමා කතාව.. මට කෙලවන්න... මට දැන් අර පරන සීන් මතක් වෙනව හෝ ගාලා... මට දැන් ගෙදර යන්න ඕන.. මං අරුන්ට වැඳල වැඳල යමන් ගෙදර කියල මල ගෙදරින් ටිකක් ඈත ගෙදරක අපේ බයික් දාපු තැනට ආවා.. මුන්ට යන්න ගානක් වත් නෑ.. මලගෙදරක් තියන වේලාවක.. අනික හෙනම රූ කට්ටිය නෑ ගෙවල් වල.. උඔලට තේරෙනවනේ එතන පරිසර තත්වෙ.. අපේ එක පරයෙක් අර බෝදිලිමගෙ විඩීයෝව හොයා හෙන හයියෙන් Play කරා.. බුදු අම්මෝ.. උඔලට කියන්න මං දැන් කන් දෙක පුලුවන් උපරිමෙන් වහගෙන ඇඬිල මට.. අරූට කියනවා වහපන් ඕක කියල.. උෘටත් මේක සිරාම තේරිල වැහුවා.. ඇයි මං අඬපු නැති ටික විතරයි.. ඒ අව් අස්සෙ බොන්න කතාව මෙන්න.. මෙන්ඩිස් Old එකක්... චෑ.. කීවට අපි බොන් නැතුව ඉන්නවැයි.. දැන් ඉතිං කට්ටිය බීල.. මාත් බීල.. බෝදිලි බයත් මගෙන් ගිහින්.. දැන් යන්න කට්ටිය වෙරිත් නෑ ඒ හැටි.. දැන් මල ගෙදර ඇත්තොන්ටත් සමුදීලා එන ගමන් බයික් වල.. වැවක් පහු කරන් එද්දි.. මං පිටිපස්සෙ. බයික් එල එලවපු පරයා කතාවක් කියපි..."අඩේ බෝදිලිමා දැන් නන් ඇති වෙලේ" මේක ඇහුනම අයේත් මට හීන් දාඩිය දැම්ම... මූන් ඒ අස්සෙ බයික් Slow කරනවා.. අදටත් මං ලැජ්ජ වෙනව මේක කියන්න.. මං කතාවක් අහල තිබ්බ රථන සූත්‍රය දාපුවම බෝදිලිමා පේරෙත කුම්භාණ්ඩයෝ යනවා කියල.. මං රතන සුත්‍රය Download කරල ඇහුව.. සිරාවටම.. දැන් බය පහව ගිහින්.. මගෙ ගෙදර ගාවටත් ආවා. ඇවිත් අරුන්ටත් කුණුහරපෙන් බැනල ගෙදර ගිහින් නිද්දට වැටුනා.. පැය ගානක් නිද්ද ගියෙ නන් නෑ.. හිතලම හිතලම නිද්ද ගිහින්...

    ඔන්න ඕක තමා කතාව.. මේව ඔක්කොම ඇත්ත ඈ.. කිසිම බලපෑමක් නන් වුන් නෑ.. මට.. දැන් නන් බයක් ඇත්තෙම නෑ... හරබැයි අර සද්දෙ අහන්න මං කවදාවත් උත්සහ කරල නෑ...


    Buddhika C. Wijewardhana
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025

    වර්ෂ 1995 මාර්තු මාසයේ ඇමරිකාවට අයත් පුවටෝ රිකෝ ( Puerto Rico) දූපත්වාසීන්ට අත් දකින්න ලැබුණේ අද්භූතජනක සිදුවීමකටයි. දූපතේ ගොවිපොළක ඇතිකල බැටළුවන් අටදෙනෙක් එකවර මියගොස් තිබීම ඊට තුඩුදුන් කාරණයයි. සෑම සත්ත්වයෙකුගේම වාගේ පපු ප්රදේශයේ වූ තුවාලයකින් ලේගලා යාම නිසා මියගොස් සිටි එම සතුන්ට කුමක් සිදු වීදැයිසොයා ගන්නට හෝ මරණයට හේතුව සොයා කුමක්ද යන්න සොයාගැනීමට කිසිවෙකුට නොහැකිව තිබිණි.
    චුපකබ්රා
    මෙයින් මාස කිහිපයකට පසු එනම් අගෝස්තු මාසයේ දී පුවටෝ රිකෝ රාජ්යයේම කැනෝවන්ස් (Canóvanas) නගරයේ වැසියෙකු වූ මැඩෙලින් ටොලෙන්ටිනෝ විසින් අද්භූතජනක ජීවියෙකු විසින් නගරයේ නිවාස වල සුරතල් සතුන් මරා දමන අන්දම සියැසින් දුටු බවක් සඳහන් කර තිබේ. නමුත් එය එවකට කිසිවෙක් පිළිගෙන නැත්තේ ටොලෙන්ටිනෝ මානසික රෝගියෙකු යැයි සිතමින්. මේ ආකාරයට කැනෝවන්ස් නගරයේ සතුන් 150ක් පමණ අද්භූත ආකාරයෙන් මිය යන තෙක් නගරවාසීන්ගේ අවදානය එයට යොමු නොවී තිබීම පුදුමයකි.
    මැඩෙලයින් ටොලෙන්ටිනෝ
    මේ සිදුවීම් වලට සම්බන්ධ අද්භූත සත්ත්වයෙකු පිළිබඳ ඉඟියත් සමග පුවටෝ රිකෝවේ ප්රසිද්ධ හාස්ය නළුවෙක් හා ව්යාපාරිකයෙකු වන සිල්වරියෝ පෙරේස් ( Silverio Pérez) විසින් මෙම අද්භූත සත්ත්වයා චුපකබ්රා ලෙස නම් කරන ලදි. ස්පාඤ්ඤ බසින් චුපර් (chupar) යනු උරාබොන්නා යන්න වන අතර කබ්රා (kabra) යනු එළුවා යන්නයි. එනම් චුපකබ්රා යනු එළුවන් ගේ ලේ උරාබොන්නා යන අර්ථය දෙන ලෙසින් නාමය සැදී ඇත.
    මැඩෙලයින් දුටු බැව් කියන සත්ත්වයාගේ සටහන
    මේ ආකාරයට පුවටෝ රිකෝ රාජ්යයෙන් ආරම්භ වූ මෙම භීෂණය පසුව ඇමරිකානු මහද්වීපය පුරා විවිධ ස්ථාන වලින් වාර්ථා වීමට ආරම්භ වන්නේ මුලු ලෝකයේම අවධානය ඒ වෙතට යොමුවෙමින්. දකුණු ඇමරිකානු කළාපය පුරාම මෙම බිහිසුණු සිදුවීම් පෙළ ව්යාප්ත වෙමින් පේරු, චිලී, කොලොම්බියාව, බ්රසීලය, ආජන්ටිනාව, මෙක්සිකෝව, එල් සැල්වදෝරය, පැනමාව වැනි රටවලින් මෙන්ම ඒවාට සම්පූර්ණයෙන්ම එපිටින් වූ රුසියාව හා පිලිපීනය වැනි රටවල ද චුපකබ්රා සිදුවීම් වාර්තා වී ඇත.
    බෙන්ජමින් රඩ්ෆෝර්ඩ් සහ ඔහුගේ Tracking the Chupakabra පොත
    ඇමරිකානු ලේඛකයෙක් හා ගවේෂකයෙකු වන බෙන්ජමින් රඩ්ෆෝර්ඩ් ( Benjamin Radford) ගේ වසර පහක චුපක්බ්රා ගවේෂණ වලින් පසුව 2011 දී ඔහු විසින් නිකුත් කළ Tracking the Chupacabra නම් පොත චුපක්බ්රාවන්ගේ මතිමතාන්තර වෙනම දිශාවකට ගෙනයන්නක් විය. පුවටෝ රිකෝ හි පළමු චුපකබ්රා ඇසින් දුටු සාක්ෂිකාරිය වූ මැඩෙලයින් ටොලෙන්ටිනෝ ගේ ප්රකාශ සැලකිල්ලට ගත් ඔහු අනාවරණය කරගත්තේ වෙනත්ම කතාන්තරයකි.
    රඩ්ෆෝඩ් විසින් මැඩෙලයින්ගෙන් චුපකබ්රා පිළිබඳ තොරතුරු ලබාගනිමින්
    එනම් ඇය විසින් චුපකබ්රා දකින්න ආසන්න කාල වකවානුවේ දී ඇය විසින් එකල ජනප්රිය බිහිසුණු හොලිවුඩ් චිත්රපටයක් වූ Species චිත්රපටය නරඹා තිබුණු බවයි. එම සිනමාපටයේ සිටින බිහිසුණු සත්ත්වයා වන Sil ඇය විසින් විස්තර කරන චුපකබ්රාගේ ස්වරූපයට බොහෝ සෙයින් සමාන බැවින් එම චිත්රපටයේ දර්ශන ඇගේ සිතේ තදින් බැඳී තිබීම සතෙකු බුදිමින් සිටින වෘකයෙකු හෝ නරියෙකු ඇයට චුපකබ්රාවෙකු ලෙස පෙනීම සිදුවී ඇති බවට රඩ්ෆෝර්ඩ් පෙන්වාදෙයි.
    Species චිත්රපටය
    එමෙන්ම 2010 වසරේ ඔක්තෝබරයේ දී මිචිගන් සරසවියේ (University of Michigan)ජෛවවිද්යාඥයෙක වන බැරී ඕ කෝනර් විසින් විසින් කරන ලද පර්යේෂණ වලින් හෙලි වූයේ කාන්තාර ආශ්රිත කොයෝටේ (Coyote) සතුන්ට Sarcoptes scabiei නම් පරපෝෂිතයාගේ බෝවීම නිසා එම සතුන්ගේ ලෝම හැලී සම ඝනකම් වී විරූපී වීම නිසා භයංකාර ස්වරූපයක් ඇතිවීම මෙම චුපකබ්රා ස්වරූපය ඇතිවීමට හේතු වන්නට ඇති බවයි. එමෙන්ම ඔහු වැඩිදුරටත් කියාසිටින්නේ කොයෝටේ සතුන් එම පරපෝෂිත ආසාදයෙන් දුර්වල වීම නිසා පුරුදු ලෙස වනසතුන් දඩයමේ නොගොස් ගොවිපොළ වල සිටින් කොටු වූ සතුන් සොයා පැමිණෙන බවයි.
    මහාචාර්ය බැරී ඕ කෝනර්
    චුපකබ්රා දුටුවන් පවසන්නේ ඌ උරගයෙකු වැනි කොරපොතු සහිත අළු පැහැ හෝ කොල පැහැ ඝනකම් සමක් ඇති පිට මත ඉතා තියුණු කටු පෙළක් සහිත සත්ත්වයෙකු බවයි. අඩි 3ත් 4 ත් අතර උසක් ඇති මෙම සත්ත්වයා කැන්ගරුවෙකු මෙන් පසුපස ගාත් වලින් සිටගෙන සිටින බවක් කියැවේ.
    ආසාදිත කොයෝටේ සත්ත්වයෙක්
    මේ අනුව බොහෝ චුපකබ්රා පර්යේෂකයන් කියනා අන්දමට මෙම සත්ත්වයා කොයෝටේ හෝ කැලෑ බල්ලෙකු (Mexican Hairless Dogs)විය හැකි බව සඳහන් වුවත් මෙතෙක් සිදුවූ කිසිඳු චුපකබ්රා පහර දීමකදී එම කිසිඳු සතෙකුගේ සිරුරු වල මස් අනුභව කිරීමක් දැකගත හැකිවී නොමැත. කොයෝටේ හෝ බල්ලන් සතුන් මරන්නේ මස් කෑම පිණිස මිස සිරුරු වල රුධිරය බීමට නොවන බව නොරහසකි. චුපකබ්රා යනු කොයෝටේ සතෙකු හෝ වෙනත් හඳුනාගත් වනජීවියෙකු බව තහවුරු කිරීමට වෙර දරණ ගවේෂකයන් හා පර්යේෂකයන් ගැටළුවට ලක්වන තැන මෙතැනය.
    පිලිපීනයේ ඇති චුපකබ්රා අවන්හලක්
    කෙසේ නමුත් ඇතැම් රටවල් චුපකබ්රා නිසා තම රටේ සංචාරක කර්මාන්තය දියුණු කරගැනීමට උත්සුක වී සිටිති. එමෙන්ම ලෝ සුපතල අද්භූත සත්ත්වයෙකු බිහිකරමින් චුපකබ්රා නමින් බිහිවූ බිහිසුණු චිත්රපට, මාලා නාටක, ආදිය ද ඉතා විශාල ගණනක් පවතී.
    උපුටා ගැනීම අන්තර්ජාලය අැසුරෙන්
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    සෙල්ලමට කරන ක්‍රීඩාවේ අභිරහස් ලෙස මියගිය තරුණිය
    Veronica

    චිත්‍රපටය - Veronica 2017
    සත්‍ය සිද්දියේ තරුණියගේ නම - Estefania Gutierrez Lazaro
    සත්‍ය සිද්දිය වූ වර්ෂය - 1992
    රට - spain

    34779971_884594751742010_7995162160730734592_n.jpg


    හායි යාලුවනේ අද මන් චිතරපටයක් ගැනයි කතාකරන්න හිතුවේ මොකද මේක Ouija board සෙල්ලම නිසා ඇතිවුණු භයානක ඉරණමක් මෙය 1992 අවුරුදු 15 ක පමණ වැඩිවියට පත්නොවූ ගැහැණු ළමයෙකුට සිදුවුණු සතය සිදුවීමක් පොලිසියේ ලියවී ඇති නිසා මෙය තහවුරු කෙරෙනවා ඉතින් මන් මේ ගැන කතාකරන්න හිතුවේ අද ගොඩක් ය මේ Ouija board කියන සෙල්ලම කරනවා ඉතින් මන්නම් අනුමතකරන්නේ නැහැ මේ ගැන මොකද එක අපි ඔයාල දන්නවට වඩා භයානකයි

    34560488_884594875075331_5228806727905837056_n.jpg


    ▶️සිද්දිය කෙටියෙන්

    අවුරුදු 15 ක පමණ වයසේ ගැහැණු ළමුන් තිදෙනෙක් Ouija board සෙල්ලම පාසලේදී කටත් හොරෙන් සිදුකරනවා ඒ ඔවුන්ගේ මියගිය නෑදෑයින් සමග සම්බන්ධ වීම සදහා නමුත් Estefania Gutierrez Lazaro කියන තරුණියට යම්කිසි බලපෑමක් සිදු වෙනවා ඒ ඔවුන් විසින් ලෝක දෙක අතර වූ දොරටුවක් මේ සෙල්ලම මාර්ගයෙන් විවුර්ත වීමයි ඉතින් මේ Estefania Gutierrez Lazaro කියන ගැහැණු ළමයට මාස 6ක් පමණ ඉතාම තදින් මෙහි බලපෑම එල්ල වෙනවා අන්තිමට මැයගේ මරණය පොලිසියට පවා අද වෙනතුරුත් සොයාගැනීමට නොහැකි වී තිබෙනවා

    ▶️මාගේ විචාරය

    අමනුෂ්‍යයින් සමග ඇතිකරගන්න සම්බන්දය ඇත්තටම භයානකයි මොකද සම්බන්දයක් ඇතිකරගත්තොත් එකෙන් ලේසියෙන් ගැලවෙන්න බැහැ ඔයාලට මේ චිත්‍රපටය බැලුවොත් තේරෙයි ඇය කොතෙක් උත්සහ ගත්තත් යට බේරීමට නොහැකි උනා මොකද අමනුෂයින් ඒ වෙලාවට අපිට උදව් කරන පුද්ගලයින් පවා යම් යම් හේතුන් මත ඇත් වීම සිදුකරනවා . මොකද ඔවුන් අපට පහර දෙන්නේ යම්කිසි pattern එකකින් මන් මේ ගැන කලින් පොස්ට් එකක සදහන් කළා ඒ වගේම මෙහි එන තරුණියට ඇගේ නරක වෙලාව සහ ඇගේ වැඩිවියට පත්වීම පරක්කු වීමත් ඒ වගේම මේ සිද්දිය සිදුවෙන අවස්ථාවේ ඇයගේ වැඩිවියට පත්වීම සිදුවීම ඒ වගේම ඇයගේ මියගිය තාත්තා ලෙස යට පෙනෙන්නේ අයගේ තාත්තා නොව වෙනත් බලවත් අමනුෂ්‍ය ආත්මයක් ඉතින් එක නිසා හිතන්න මේ වගේ දෙයකින් තමන්ගේ කෙනෙක් පැමිණියත් ඇත්තටම ඉන්නේ ඒ පුද්ගලයමද කියන එක ගැන සැකයක් ඇතිවෙනවා නේද ?



    ෆොක්ස්