Real Ghost Stories (සත්‍ය හොල්මන් කථා)

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    සත්‍ය සිදුවීමක්....මේ සීන් එක උන දවසෙ කොහොමහරි මායි තව කොල්ලො 3කුයි මලගේක ගියා නැතිවෙලා තිබුනෙ වයසක යලුවෙක්ගෙ සීයා කෙනෙක්.කොහොමහරි මලගෙදර යන්න කලින්ම අම්මා කිවුවා යන්තරෙ ගලෝල තියල යන්න තාම දාල මාස 6ක් උනෙත් නෑනෙ කියල මම් ගලෝල බුදුපහන ගාවින් තියල ගියා......කොහොමහරි මගෙ බයික් එකේ මගින් එකයි අනික් එකේ තව උන් 2නයි අපි 4ක් ගියා යාලුවත් හම්බෙලා කෑම කාලා ඕමියක් හෙම බලලා කයියක් ගහන් ඉන්නකොට දන්නෙම නෑ රෑ 1යි ගානක් මටනම් නිදිමතක් වත් නෑ ඒත් මාත් එක්ක ආපු අනිකගෙ කඩේ හදනව ඌට යන්න ඕනි උන හන්දා අනික් උන් දෙන්නත් ඉද්දිම එන්න උනා.කොහොමහරි ඌවත් ගේ ගාවින් දාල මම් තව 1km විතර ඇතුල් පාරෙ එන්න ඕනි ඌ බැස්සාම "චු කරල නිදගනින් උත්තෝ" කියල පොඩි කින්ඩියක් දාගෙන හෝන් පාරකුත් සද්දෙට ගහලා ආවා.ඒ එනකොට සුද්දා අයියා උදේම පොල් අරගෙන යන්න පොල් ටික බට්ටට පටෝනව ඌටත් හෝන් පාරක් ගහලා හීතල හන්දාම තව වේගෙන් ගියේ ඇදට පයින්න බලාගෙනම ඔහොම ගේ ගාවටම අවාම පරෙන් ගේ පැත්තට හරෝනකොටම දඩෝරියා කවදාවත් නැතිව දත් විලිස්ස ගෙන බුර බුර පයිනවා වෙනදට නවත්තන්න කලින් ඇගේ නගින එකා අද එන්න දෙන්නෙම නෑ කොච්චර හොදින් කතා කලත් බුරාගෙන පයිනවා මටත් හොදටම මල උබට මොකක් වෙලාද කියාගෙනම මාමට කතා කලා මාමා දොර ඇරගෙන ආපුගමන් දඩෝරියත් අල්ලගත්තා බයික් එක ගේ පිටිපස්සට දාලා එන එනකොටත් මාමා පාර දිහා බලාගෙන ඉන්නව දඩෝරියත් දැන් සමාව ගන්න වගේ කැරකි කැරකි කෙදිරි ගානව උබට පිස්සුද බන් කියාගෙනම ම මොකක්ද බලන්නෙ ඇහුවාම නිදාගනින් ගිහින් රෑ වෙලා තනියම ඇවිදිනවා කිවුවා.මාත් ඉතින් අතපය හෝදන් හොදට වැටිල නිදාගත්තා උදේ ඇහරෙනකොට 9යි ගානක් අම්මා තේ එක හදන ගමන් කියනවා අයේ උබ තනියම රෑට ඇවිදිනවා හෙම නෙවෙයි කියනවා. මට හෙන ගැටලුව ඒක." වෙනදටත් එන්නෙ තනියමනේ අම්මේ මොකෝ කේස් එක" උබව රෑ අරූ කන්න පැන්නෙ නිකන් නෙවෙයි මාමා දැකල තියෙනවා පාරගාවදි බයික් එක ගාව ඉදන් සුදු චායාවක් යනවා පාර දිගේ උඩහට" නිදිමත විකාරෙ දකින්න ඇති අම්මෙ කියල ගනන් නොගෙන ඉදියා කොහොමහරි හවස 4 විතර වෙනකොට පිට්ටනිය පැත්තට යනකොට සුද්දා අයියා ලොරිය හෝදනවා බයික් එක නවත්තල "රෑට උබල අයියේ නිදාගන්නෙවත් නැද්ද බන් අහනකොට්ම මූ කියනවා ඒක නෙවෙයි උබ ඊයෙ රෑ දෙගොඩහරියෙ කොහේ කෙල්ලෙක්ද බන් දාගෙන ගියේ ගිය වේගෙට දැක්කෙත් නෑ හරියට. එතකොට තමයි මුලු ඇගම හිරි වැටිලා ගියේ ඌටත් මොකවත්ම නොකියා එවලෙම ගෙදර ගියේ ඒ තරමට බයඋන හන්දා
    .
    Supun Bimsara
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    සරුංගලේ

    " මචං පට්ට හුලගක් එනව නූල් දීපන් .... තව තව.."

    " මං නම් කියන්නෙ බං සැර වැඩී... කෝකටත් චුට්ටක් පහලට ගනින්..."

    " පිස්සුද බං... එහෙම කැඩෙනවද මේවා... බලපන් හයිය...!

    " නොදකින් කාලකණ්ණිය තොගෙ කට... කැඩුන යකෝ.."

    " මල කෙලියයි කැලේ පැත්තට බෑවෙ ශුවර් එකට ගහක රැදෙයි..."

    අනපේක්ෂිත ලෙස නුල කැඩී ගසාගෙන ගිය සරුංගලය ඇදුනේ පිට්ටනිය කොනේ තිබූ කුඩා කැලෑවක් දෙසටයි ... විශාල අතු විහිදුනු ගස් තිබූ නිසා සරුංගලය බිම පතිත වන්නේ නැති බව දැන දැනම සරුංගලය සෙවීමට ආරම්භ කලේ එයට අත්වූ ඉරණම දැන ගත යුතු නිසාය

    " මේ කැලේ ඕක හොයන්න බෑ බං යමන් යන්න... හෙට වෙන එකක් හදමු බන්..."

    " අනෙ පල පල.... උබ සරුංගල් ම හදයි.. උබ කොහෙද බන් ඕව දන්නෙ... මේක හැදුවෙ ලකියා... සව් කොල මගෙ. "

    " හදනවා තමයි යකෝ...."

    " කට වහන් හොයපන් බැරි නම් ගෙදර පලයන්..."

    " හරි එහෙනම් හොයා ගත්ත එකාට සරුංගලේ අයිති හොදේ...."

    සරුංගලය සෙවීමට ඇති උනන්දුව වැඩි කිරීමට මම එසේ කීවත් අපගේ වෑයම නිශ්ඵල බව තේරුම් ගන්නට සිදු වූයේ සැබෑ අදුරට වඩා වේගයෙන් කැලය ඇතුලත අදුරු වන්නට පටන් ගත් නිසාවෙනි...

    " වැඩක් නෑ බන් අපි යමු... මට නම් බෑ ...."
    එකෙක් කීවත් එයට අනික් උනුත් එකග විය.

    " උබල යමල්ල මං තව ටිකක් බලල යනව... "

    " අඩෝ... මේ කැලේ හොල්මන් ඉන්නව හොදේ... උබව කලු කුමාරයට සෙට් උනොත් මතක් කරන්න කිවුව කියහන්.."

    තවත් සරුංගලයක් සෑදීමට වඩා මෙය සොයා ගත්තොත් අගනා බව මම සිතිමි..
    නමුත් මිතුරන් හැර ගිය පසු කැලය මහත් පාලු විය.. කටු පදුරුත් මදුරුවනුත් පාලු මැකුවත් එය ඉමහත් කරදරයක් වූ බව නම් නිසැකය...

    සෝදිසි මෙහෙයුම අවසන් කර යාමට සැරසෙත්ම මට ගහක් උඩ වර්ණවත් යමක් දක්නට ලැබිනි.. ඔහො... මගේ වාසනාව සරුංගලයක්... නමුත් ඒ මගෙ සරුංගලය නම් නොවීය.. පෙනෙන තෙක්මානයක කවුරුත් නැත.. එසේ නම් ඒ සරුංගලය මගෙ වීම කවුරුන් නවතන්නද..

    ගස මග හැරේවි යැයි යන බයට උඩ බලාගෙනම සිමින් ඉදිරියට යද්දී මා දුටුවෙ බලාපොරොත්තු සුන් වන දර්ශනය කි..
    උඩුකය නිරුවත්ව කොට කලිසමක් හැද ගත් පුංචි කොලු ගැටයෙක් ගස පාමුල සිට උඩ බලා සිටිනු මම දුටිමි.. රාත්‍රිය තරම් නිවුනත් ඇස් රැවටෙන තරම් අදුරක් මේ වන විටත් පරිසරයම වෙලා ගෙන අවසන් නිසා මුහුණ හදුනා ගැනීමට මා අසමත් විය.

    එක් වරම මා පසු පස බැලුවේ... " ටටස් "
    ගාමින් කෝටුවක් බිදි යන ශබ්දයක් ඇසුනු නිසාය.... එපමණක් නොව බස්සෙක් ද උලමෙක් ද මොකෙක් ද යන්න අදුනා ගත නොහැකි ශබ්දයන්ද ඇසෙන්නට විය.. හොල්මන් පිලිබඳ හැගීම කුමක් වුවත් ගොම්මන් අදුරත් සමග ඇග කිලිපොළා යන ශබ්ධ ඇසිමත් සමග හදවත සලිත වීම නම් අස්වාභාවික යැයි මම නොසිතමි... ලබ් ඩබ්.. ලබ් ඩබ්.... ගැහෙන හදවතත් හිර කර මා වටපිට බැලුවෙමි ...

    " බුදු අම්මො....." තප්පර ගනනකට මගේ හද ගැස්ම නතර විය...

    " හ හා හා..... හෙ හේ.... අපෝ මොකෙක්ද බං උබ.. බලහන්කො මූ බය වුන හැටි.... ඉකේ....."

    කිසිවක් නැත.... මගේ මිතුරන්ගේ නොමනා විහිලුවකි... කෙතරම් සැගවීමට උත්සහ කලත් සැබවින්ම මා බිය විය

    " පලයන් කාලකණ්ණි බල්ලො යන්න... බය වුනේ නෑ ගැස්සුනා විතරයි ...."
    ඔවුන් ගේ සිනහව මගෙ කෝපයට හේතු විය..
    " මේ මං නොකිවුවයි කියන්න එපා... ඉල්ලන්නත් එපා... අර සරුංගලේ මගෙ... හොයා ගත්තෙත් මම...අරන් යන්නෙත් මම "
    සරුංගලයට ත් වඩා මට මුන් ගේ උසුලු විසුලු මග හැරීමට අවශ්‍ය වූ නිසා මා සොයා ගත් සරුංගලය පෙන්වා කීවෙමි..

    ගසට නැග සරුංගලය බා ගත්තත් ගස ලග සිටි ළමයා කොහේ ගියාදෝ යන්න මා ඒ මොහොතේ වැඩි සැලකිල්ලක් නොවීය...

    .........................................................................

    පුදුමාකාර සටනකින් පසුව යහලුවන්ගෙන් බේරි සරුංගලය රැගෙන පලා ආවේ ඉතාමත් අපහසුවෙනි.. ඒ එන්නට සිදු වූයේද අමතර කිලෝමීටර් 2ක් පමණ දුර වෙනත් පරකිනි... වේලාව 7.30 හෝ 8 ට ආසන්නව ඇති යැයි අදුර දැක ගනනය කරන්නට උත්සහ කලෙමි...

    සුපුරුදු පරිදි පාරේ සිටින බල්ලන්ට ගල් ගසමින් නිවසට එමින් සිටියෙමි.. වෙනදා එන පාර නොවන නිසා තරමක් නුහුරු බවක් දැනුනත් එය කමකට නොගෙන මගේ ගමන් ගියෙමි.. මග දෙපස නිවෙස් වල විදුලි පහන් එලිය නොවන්න මුලු පාරම අදුරු වනවා නිසැකය.. ඒ අදුරේ මා එක් වරම දුටු දෙයින් මා පුදුම විය...

    නිවසකට ඇතුල් වන මාවතක් අසල ප්‍රධාන පාර මැද්දට වන්න සිටගෙන සිටියේ පුංචි කොල්ලෙකි.. ඌ සිටියේ පෙර පරිදිම කොට කලිසමක් පමණක් හැදගෙනය. ඔහු එක එල්ලේම මා දෙස බලා ඉන්න බව මට දැනුනේ ඇයිදැයි මා නොදනිමි

    " මේ අර ගහ යට හිටිය කොල්ලා නෙද.. එහෙනම් මේක වෙන්න ඇති ගෙදර.."
    මම තනිවම කල්පනා කලෙමි..

    නමුත් එක්වරම ඔහු පිටුපසින් විහිදුනේ ඇස් නිලංකාර කරන තියුනු එලියකි.. ඒ එලියට මා ඇස් වසා ගත්තා නොව ඉබේටම ඇස් වැසී ගියාය. හ්ම්ම්ම්ම් ඒ එක්කම ඇසුන මෝටර් සයිකලය ක හඩත් සමග මා දෑස් හැරියෙමි..

    " කොහෙද බොල උගුඩුවො යන්නේ.... බලන් ඉදල අම්ම එවුව උබව හොයන්න... මේ පාරෙ කොහෙද වෙනද එන්නෙ දෙනිය පැත්තෙන් නෙ"
    ඒ මගේ වැඩිමල් සොහොයුරාය.

    " නෑ මේ යාලුවො ටික එක්ක මේ පැත්තෙන් ආවා..."
    කියා මා බයිසිකලයට නැග වටපිට බැලුවේ අර කොල්ලා සිටිදැයි බැලීමටය..
    සමහරවිට ඌ ගෙදර යන්න ඇති යැයි මම සිතුවෙමි

    පියා නිවසේ නොසිටි නිසා මවගේ බැනුම් වලින් පිරිමසා ගන්නට හැකි විය... නිතරම එය එසේ වන නිසා එය බැනුමකටත් වඩා විහිලුවක් වී හමාරය... ඒ නිසා පියා නිවසට ඒමට පෙර නින්දට වැටීමට තීරනය කලේ ඇදුම් රාක්කයේ සරුංගලය ප්‍රවේසමෙන් එල්ලනවාත් සමගය..

    එදින තරමක් උණුසුම් දවසක් වූ නිසා එක් ජනේලයක් හැර තබාම නිදා ගත්තේ වෙන මගක යන හුලගක්වත් වැරදිලා හෝ මේ පැත්‍තට ඒවි යන බලාපොරොත්තුව ඇතිවය...
    ඇදට පැන හරි බරි ගැසී නිදා ගැනීමට සැරසී දුරකතනය අතට ගෙන මුහුණු පොතේ එබුනේ අවශ්‍යතාව ට වඩා පුරුද්දක් ලෙසිනි... එයත් සමග කාලය ගත වනවා දැනුනේම නැත.. නින්දට එරෙහිව සිටීමට දෑස් උත්සහ කලත් අවසානයේ නින්දට වැටීමට මමම තීරණය කලෙමි.

    " හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්......."

    අන්ධකාරයෙ ඇස් දුර්වල කල දුරකථන එලියෙන් නිලංකාර වු මගේ ඇස් වලින් දුටු දෙයින් මා ගැස්සී ගියෙමි.. මා දුටුවේ බිත්තිය අසල අත් පණ නැතිව වැනෙන කොට මිනිසෙකි..

    හැර දමා තිබූ කවුලුව හරහා නිවසේ ඉස්තෝප්පුවේ විදුලි පහනෙන් එන ආලෝකය සමග මිත්‍ර වූ ඇදුම් රාක්කයේ ඇදුම් හා සරුංගලය බිත්තිය මත මැවුවේ කොට මිනිස් රූපයකි.. එය සෙවනැල්ලක් පමණක් වුවත් මා සිත නොමග යවා බියක් ඇති කිරීමට ප්‍රමාණවත් විය.. හිතට දිරි ගෙන ගොස් ජනේලය වසා දම ක්ෂණිකව නැවත ඇදට පැන වට පිට නොබලාම ඇස් පියා ගතිමි.

    " පුතා... නැගිටින්න.... මේ යලුවෙක් ද කොහෙද ඇවිත්..."

    මා අවදි වන විට හොටම එලිය වැටී තිබුනි ... කබ කඩ කඩ එලියට ගියේ වසවර්ති යාලුවෙක් බලාපොරොත්තුවෙනි.. නමුත් කවුරුත් නොවීය..

    " අම්මේ.. කෝ කවුද ආවේ.... ?"

    " ඇයි ඔය හිටියේ..."

    " කෝ නෑ නේ කවුද.... අපෙ එකෙක්ද, අවන්තයද, සමීරයද.." අසමින් මම කුස්සියට ගියේ ආවේ කවුද දැන ගැනීම්ටය.

    " නෑ නෑ... කොන්ඩෙ බොකුටු පොඩි කොලු පැටියෙක්.. "

    "මොකක් ඌ මොකද මෙහේ.. " මම මටම කියා ගතිමි..
    " ඌ ඇහුවද මං ඉන්නවද කියලා..."

    " නෑ ඇහුවෙ නම් නෑ ඔය ඉස්සරහ කොට්ටං ගහ යට ඉදන් මෙහෙ බලන් හිටියා මං හිතුව ඔයා එන්න කියන්න ඇති කියලා.."

    මට කිසිවක් හිතා ගත නොහැකි විය... අම්මා මේ කියන්නේ මම දැකපු කොල්ලා ගැනමද අනෙ මන්දා...හ්ම්ම් සියල්ල සිතින් අත් හැර සරුංගලය ද රැගෙන පිට්ටනියට යන්න සූදානම් වුනෙමි...

    ............................................................................

    " රංග යෝ... රංගෝ.... වරෙන් යන්න අපි ආවෝ.."
    යහලුවන් පැමිණ ඇත..

    " අම්මෙ මම යනව දවල්ට එන් නෑ හොදේ අරුන් ගෙ ගෙදරින් කනවා...."

    " යන තැනක පරිස්සමෙන් ... අ මේ අද රෑ වෙන්නේ එහෙම නෑ මම අයියා එක්ක මල ගෙදරක යනවා.. තාත්තා කෙලින්ම එහෙට එයි... රෑට කන්න මොනා හරි අරන් එන්නම් දොරවල් වහන් ඉන්න ගෙට වෙලා..."

    " කාගෙද මල ගේ "..

    " දන්නෙ නෑ... මරණාදාර සමිතියෙන් එන්න කිවුවෙ..."

    ඇය මට නීති දමන්නේ නැත.. ගෙදරින් එලියට බැසගත් විට මා එන්නේ රෑ බෝවී බව ඈ හොදින්ම දනී..

    එදින හොදින් හිරු පෑයූ දීප්තිමත් දිනයක් විය...සයිකල් වලින් පිට්ටනිය බලා ගිය අපි පලමුව ක්‍රිකට් ගසා හවස් වන විට සරුංගල් යැවීමට තීරණය කලෙමු..

    සෙල්ලම් කරන විට කාලය කොතරම් වේගයෙන් ඉගිල යන්නේද සිතේ...පාසල් නිවාඩු කාලයෙන්ද බාගයක්ම ගෙවි ඇත... කෙමෙන් කෙමෙන් සවස් යාමය උදා වත්ම සරුංගල් සැනකෙලිය ආරම්භ කලෙමු .. නමුත් උදෑසන පරිසරයෙ තිබූ දීප්තිමත් බව වෙනුවට මුලු අහසම අදුරු වන්නේ දැයි මට සිතිනි

    " අඩෝ උබද මේක හැදුවේ... "
    සරුංගලය සොයා ගත් එකක් බව නොදන්නා එකෙක් ඇසුවත් මා බොරු කීමට තිරනේ කලේ සරුංගලය උගෙ ද නොදන්නා බැවිනි..

    " ඔව් මං තමයි ඇයි අවුල් ද..?

    " අපො මොන අවුලක් ද පට්ට... මේකෙ ලේ ගෑවිලා තියන හින්ද බං මං ඇහුවෙ"

    එය ඇසූ විට මමද තුශ්නිම්භූත විය... සැබවින්ම එහි ලේ පැල්ලමක් විය.. ලේ වලින් රැලි කිහිපයක් එකිනෙක ඇලී ඇත... හොදින් බැලූ විට පෙනුනේ ඇගිලි පාරවල් 2ක් ලෙසය මා එය සොයා ගන්නා විට එසේ තිබූ බවක් මතකයක් නැත.

    " හ්ම්ම්ම්ම්ම්" කියා මා නිහඩ වූයේ මට කීමට දෙයක් නොමැති නිසාවෙනි..

    කෙසේ නමුත් එදින හවස මට එයින් පසුව සෙල්ලම එපා විය.. කුමක්ද මේ වන්නේ කියා නිතරම සිතට වද දෙන්නට විය. ඒ නිසා කල් ඇතිව ගෙදර යාමට පිටත් වීමි..

    සවස 6 වන විට මා නිවසට පැමින සගවා ඇති යතුරකින් දොර විවෘත කර කාමරයට ගොස් සරුංගලය එල්ලා තබා ඇගපත සෝදා ගන්නට ගියෙමි.. සියලු වැඩ නිමා කර අයියාගේ කාමරයට ගියේ කාලයකින් පරිගණක ක්‍රීඩාවක් කිරීමට අවස්තාවක් නොලැබෙනු නිසාය... හැකි උපරිම ශබ්දය වැඩි කර උපරිම නිදහසේ කොතරම් වේලා ක්‍රීඩාව කලාදැයි කල්පනාවක් නැති තරම් ය

    හදිස්සියෙ එය නතර වූයේ මහා හඩින් දොරක් වැසී යනු ඇසීමත් සමගය..

    " අම්මල ඇවිත් වගේ " සිතමින් මා කාමරයෙන් ඉවතට ආවෙමි.. මහදොර තවමත් වසා දමා ඇත

    "අම්මේ....."
    ම්ම්හ්ම්ම් කිසිම ශබ්දයක් නැත.. නිවස වටේම ගොස් බැලුවත් දොරවල් සියල්ල අගුල් දමා වසා ඇත.. වැරදීමකින් වගේ වෙලාව බැලුවෙමි ..
    " දෙයියනේ 9 ටත් කිට්ටුයි මෙයාලා තාම නැත්තේ මොකද..."

    මා නැවත අයියාගේ කාමරයට ගියේ ඔවුනට දුරකතන ඇමතුමක් ලබා දී බැලීමටය..

    " අයියෝ ශික්.... මේ මගුලෙත් බැටරි නෑනේ..." අවාසනාවට දුරකථන යේ බැටරි බැසීමට ආසන්නය... එය නැවත් ආරෝපණය කිරීමට අවශ්‍ය චාජර ය ගැනීමට මා මගේ කාමරයට ගියෙමි...

    " අයියෝ ..."
    සරුංගලය ඇද ලග බිම වැටී තිබුනි... ජනේලය ඇර තිබූ නිසා සුලගට එය වැටෙන්නට ඇතැයි සිතා නැවත එය එල්ලා ජනේලය ද වසා දුරකථන ය චාජරයට ගසා කාමරයෙන් එලියට යද්දීම
    " ක්‍රී.....ස් " හඩ නංවමින් ජනේලය නැවත විවෘත විය.. අවට තදින් සුලං තිබූ නිසා හිත හදා ගත්තත් එයින් මගේ සිත චංචල වූ බව නම් සත්‍ය කි.. නැවත ජනේලය තදින් වසා අගුලු දමා අයියාගේ කාමරයට ගියෙමි.

    නැවත පරිගණකය අසල හිද ගත්තත් මා පිටුපස කවුරුන් හෝ සිටීදැයි මගේ සිත කියන්නට වූ නිසා කී වරක් මා පසු පස හැරී බැලුවාද මතක නැත

    අද පරිසරයේ සුලග තදින් හමන බව දැනුනි.. නිවස ඉදිරියේ තිබූ කොට්ටම් ගසේත් අඹ ගසේ ත් අතු එකිනෙක ඇතිල්ලෙමින් මහා මූසල හඩක් නැංවීය... මේ සුලං කාලය නිසා එය වැඩි ගනනකට නොගත්තත් හදිස්සියෙ ම විදුලි ආලෝකය අඩු වැඩි වන්නට වූයේ විදුලි බල ඇනහිටීමක් ලග ලගම බව අනතුරු අගවමිනි..

    එක්වරම මට සිහියට ආවේ චාජරයට ගසා ඇති දුරකතනයයි. වහාම මා කාමරයට දිව යත්ම විදුලිය විසන්ධි විය. අදුරේම මා ඇද අසලට ගියේ පුරුද්ද ට මෙනි

    " අනෙ අම්මේ...."

    මම යටි ගිරියෙන් කෑ ගසමින් කාමරයේ දොර ලග ඇද වැටුනෙමි.. ඒ පිම්මටම බඩගාමින් මා කාමරයෙන් එලියට ඇදුනෙමි .. දෙවියනේ ... මා ඒ දුටු දේ සත්‍ය ක් ද... මගෙ ඇද අසල බිම එරමිණියා ගොතාගෙන වාඩි වී ඇදුම් රාක්කයේ එල්ලා තිබූ සරුංගලය දෙස බලා සිටියේ අර පොඩි කොල්ලාය ... ඔහු සෙමින් හිස හරවා මා දෙසද බැලීය...

    සිදු වන්නේ කුමක්ද මට කිසි තේරුමක් නැත.. මේ කවුද ඇයි මගේ පස්සෙන් එන්නේ . දොරවල් වසා දමා තිබියදී ඇතුලට ආවේ කෙසේද .. සිතට දිරි ගෙන නැවත කාමරයට ගොස් දුරකතනය ගෙන නිවසෙන් එලියටම දිවුවෙමි..

    ආරොපණය වී ඇති බැටරි ප්‍රමාණයෙන් මා අම්මාට ඇමතුමක් ලබා දුනිමි..

    " අම්මේ කොහෙද ඉන්නේ ... තව රෑ වෙනවද..."

    " තාම තාත්තා ආවේ නෑ ආවම එන්නම්... මං කෝල් ගත්ත ඔයාට වැඩ කලේ නෑ"

    " අම්මේ අම්මේ ඔය මලගේ කොහෙද තියෙන්නේ..."

    " ඉස්කෝලේ පාරේ මොකද මේ ඉන්න ඉක්කමනින් එනවා නිදා ගන්න එපා..."

    දෙවරක් නොසිතාම සයිකලයට නැග මලගෙදර යන්නට තීරණය කලෙමි.. නිවසේ තනි වනවාට වඩා එය නුවණක්කාර බව මම සිතිමි . බයිසිකලයක ගියහොත් එතනට ඇත්තේ පැය බාගයක පමණ දුරකි..
    මා දුටු දේ සිතෙන් ඉවත් කර ගැනීමට ඉතා අපහසු විය.. ඒ කොල්ලා මා දෙස බැලූ හැටි මට මැවි මැවි පෙනෙන්නට විය

    තදින් හමන සුලග මරණයේ සුලග දැයි දැනෙන තරමටම මා බිය විය.. ඉස්කෝලේ ලග තුන්මංසල අසල සිටම සුදු කොඩි සහ බැනර දමා තිබින.. ඒවා මග සලකුණු කර ගනිමින් ඒ දෙසට ගමන් කලෙමි...සුලං සැරට ලෙලදෙන සුදු කොඩි වල හඩ සරුංගලේ රැලි වලින් නැගෙන හඩටම සමාන වූයේ ධෛවයේ සරදමකට මෙනි..යමකට බියවී ඒ බියටම මල ගෙදරක යන එකම එකා මම වන්නට ඇතැයි මම සිතමි..

    " චූටි පුතා ... මොකෝ මෙහෙ.. ඇයි මේ.. "
    මලගෙදරට ඇතුල් වූ විගස මා දුටු අම්මා ඇසීය .. නමුත් මට එයට පිලිතුරු දීමට තරම් සිහියක් නැත... මගේ ඇස් යොමුවී ඇත්තේ අදහා ගත නොහැකි දෙයක් දෙසටය..

    වර්ණවත් බැනරයක සිනහමුසු මුහුණින් මා දෙස බලා සිටියේ බොකුටු කෙස් සහිත එ මා දුටු කොලු ගැටයාය.. මව මොන මොනවදෝ අසනු දුටුවත් එය මගෙ මොලයට ගියේ නැත..

    සෙමින් සෙමින් මා ඇදුනේ නිවස තුලටය.. තබන තබන පියවරක් පාසාම මා ප්‍රාර්ථනා කලේ මෙය මා සිතන දර්ශනය නොවේවා කියාය.. බියටත් මහන්සියට ත් ගලා ආ දහඩිය සිරුර පුරා ගලා යන බවත් මුලු ශරීරය ම හදවතේ රිද්මයට ගැහෙන බව ත් තදින්ම මට දැනෙන්නට විය...
    සාලය මැද තබා තිබූ අලංකාර කුඩා මිනි පෙට්ටියක සුදුමැලි මුහුණින් පාසල් නිල ඇදුමින් සැරසී වැතිර සිටියේ ඊයේ සිටම මා ලිහුබැද ආ ඒ උඩුකය නිරුවත් කොල්ලාය..

    තත්පර කිහිපයක් එක එල්ලේ ඔහු දෙස බලා සිටියත් ඔහු මා දෙස බලාවි යැයි මා බිය විය...ඇතිවූ ක්ලාන්ත ගතිය නිසා මා එතැනම දණ ගසා ගත් විට මා ලගට පැමිණි පිරිමි කෙනෙක් මොනවදෝ කියවන්නට විය.. ඔහු සිතන්නට ඇත්තේ මා ඒ කොල්ලාගේ මිතුරකු කියාය.. නමුත් මට ඇසුනේ මෙපමණකි...

    " අනේ පුතේ මගෙ කොල්ලව මම මරා ගත්තා... ඊයේ හවස මගෙම අතින් හදල දුන්න සරුංගලේ යව යව ඉද්දි උඩ ස්ලැබ් එකෙන් බිමට වැටිල මගෙ දරුවා අපිව දාලා යන්න ගියා පුතේ...."

    නිමි....

    Prageeth Leetus
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    මේ කියන්න යන කතාව නම් මට අයියා කෙනෙක් කියපු එකක්. දැනට අවුරුදු 3කට විතර කලින් සිද්ද උන ඇත්ත කතාවක්.

    ඉස්සෙල්ලම කෙනෙක් මතක් කරන්නෝනි.මේක කියපු අයියගෙ යාලුවාව.RIP අයියේ

    අයියලා set එක A/l එහෙම ලියලා කතා වුනා trip එකක් යන්න.trip එකක් උනාට මුන්ගෙ මූලික පරමාර්ථය වුනේ නම් ගෙදර අයට හොරෙන් පොඩ්ඩක් සප්පායම් වෙන එක.පොඩි අඩියක් ගහලා ජොලියක් එහෙම අරන් එන්න.😆😆 කොල්ලොනේ..

    ඉතින් set එකම ගියා කලවාන පැත්තට වෙන්න තිබුන ftt දිය ඇල්ලක් ලගට.set එකම එකට යන්න කතා කරගෙන තිබුනත් ප්‍රමෝ අයියා එන්න ටිකක් late වෙනවා කිවුවා නිසා අපේ අයියලා ගිහින්.bait එකක් හදාගෙන නැති නිසා මුන් ටික ඒ පැත්තට වෙන්න තිබුන ගෙදරකට ගිහින්.එහේ ඉදලා තියෙන්නෙ අන්කල් කෙනෙකුයි,ඇන්ටි කෙනෙකුයි,පොඩි නංගියෙකුයි විතරයි.බොන උන් කියලා තේරුන නිසාදෝ මංදා ඒ ඇන්‍ටි කියලා අපි මස් මාලු කන්නෙ නැ පුතේ එහා පැත්තේ කුස්සිය ඇති හදාගන්න කියලා.කුස්සිය තිබිලා තියෙන්නෙ වෙනම.ගෙදරට ටිකක් මෙහාට වෙන්න.set එකම bait එකත් හදාගෙන ප්‍රමෝ අයියා එනකම් ගොඩක් වෙලා බලන් ඉදලා..ඒත් මූ නෑ.. ඒ නිසාම මේ කට්ටිය ප්‍රමෝ අයියා එනකම් කියලා දිය ඇල්ලට ගිහින් හොදට නාලා එහෙම ඇවිල්ලා.සෙල්ෆි,4ටෝ එහෙමත් අරගෙන.ඒ එන අතරමගදි ප්‍රමෝ අයියට call කලාට මූ answer කරලත් නැ.baik එකේ එන නිසා අපේ අයියලා ගනන් අරන් නෑ වැඩිය.

    ප්‍රමෝ අයියා එනකම් පැය ගානක් බලන් ඉදලා රෑ 7ට විතර අපේ අයියලා අර කියපු ගෙදරට ගිහින්.ඒ ගිහින් බලද්දි හදපු chicken චුට්ටක් වත් ඉතුරු නෑලු.අම්බානට තද වෙලා set එකටම.මුන් ගෙදර උන්ටත් හොදටම බැනලා.

    ඒ එක්කම වගේ ප්‍රමෝ අයියගෙ ගෙදරින් call එකක් ඇවිල්ලා අයියගෙ 4න් එක වැඩ නෑ කියලා..අපෙ අයියලත් බොන එක පැත්තකින් තියලා ප්‍රමෝ අයියා ගැන හිත හිත ඉද්දි තමයි ආයෙ ප්‍රමෝ අයියලගෙ තාත්තා call කරලා තියෙන්නෙ අයියා එනකොට accident වෙලා එයාලගෙ අම්මට ඒ නිසා heart attack එකක් හැදිලා කියලා.මුන් ටික hospital යද්දි ප්‍රමෝ අයියා අවසන් හුස්ම හෙලලා පැය ගානක්ලු..

    ඒ එක්කම අර ගෙදර අය කියපු දෙයක් අයියලා එක්ක හිටපු අයියා කෙනෙක්ට මතක් වෙලා.ඌ සිහි නැතුව වැටිලා.අයියලගෙ යාලුවෙක් එයාලා නාන වෙලාවෙ ඇවිල්ලා bait ඔක්කොම අරන් ගිහින්ලු.ඒ set එකේ කවුරුත් නෙවෙයි කියන්නෙ ඇවිත් තියෙන්නෙ කවුද කියලා අමුතුවෙන් කියන්නෝනි නෑනේ..

    කොහොමින් කොහොම හරි හැමදේම වෙලා ඉවරයි කියලා හිතලා ප්‍රමෝ අයියගෙ අවසන් කරයුතු ඉවර කරලා ටික දවසක් ගියාට පස්සෙ කට්ටිය දවසක් ආයෙ set වෙලා.එදා ගත්තු 4ටෝස් බලද්දි හැමෝටම උන් හිටි තැන් අමතක වෙලා.. set එකේ හිටපු ලස්සනම කොල්ලා..ප්‍රමෝ අයියා ඒ හැම 4ටෝ එහෙකම ලේ පෙරාගෙන හිනා වෙලා ඉන්නවා.. ඒ අතර ගහක් ලග ගත්තු අන්තිම 4ටෝ එකේ ඒ ගහ උඩ නැගගෙන bait කනවා..

    මුන් set එක බය උන පාර සති ගානක් උන.පිරිතකුත් තියලා තමයි හැමදේම ඉවර උනේ..

    Pubudu Rulz
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    මෑතකදි මම මුහුණදීපු 100% සත්‍ය සිදුවීමක්...

    මේ වැඩේ වෙලා දැනට මාස එක හමාරක් විතර ඇති...හරියටම කියනවානම් 2017.11.25 රෑ 9.30ට විතර...

    2017 Exam එක ලියන්න තිබ්බ නිසා පන්තියෙ යාලුවො එකතු වෙලා මැදිරිගිරිය පන්සලේ බෝධි පූජාවත් තියන්න කතා කරගත්තා 25 වෙනිදා...පන්තියෙ කීප දෙනෙක් ඇරෙන්න ⁣බහුතරයක් සහභාගී උනා ඒකට...

    ඒ පන්සලට ගෙදර ඉඳන් 12km විතර දුර නිසත් බෝධි පූජාව ඉවර වෙන්න රෑ උනොත් ගෙදර එන්න බස් නැති වෙන නිසාත් මම bike එකේ තමයි පන්සලට ආවෙ...තව කොල්ලො දෙන්නෙක් විතර බයික් වල ඇවිත් තිබුනා...

    බෝදිපූජාව හිතුවට වඩා ටිකක් කලින් ඉවර උන නිසා කෙල්ලො ටික ගියාට පස්සෙ බයික් තුනේ කොල්ලො නව දෙනෙක් විතර පොඩි රවුමක දාලා කඩේකින් කාලා එහෙම ඉවර වෙලා එක එකා ගෙවල් වලට දාගෙන ගියා...

    අන්තිමේට ඉතිරි උනේ මගෙ bike එකේ හිටපු කොල්ලො දෙන්නා...දැන් ඉතින් කොරාංකො එකෙක් මහ වනාන්තරේ 10km විතර Town එකෙන් ඇතුලෙ...අනිත් එකා අනිත් Town එකේ, 20 km විතර දුරයි...ඉතින් මම bike එකට petrol ලීටර 2ක් විතර දාගෙන අර Town එකෙන් ඇතුලට වෙන්න ඉන්න එකාව දාන්න ගියා...

    කොහොමත් මම bike ride කරද්දි නරක පුරුද්දක් තියෙනවා...හිමින් යන්නම බැරි...අරුන් දෙන්නවත් දාගෙන 80ට විතර ගියා පාලු වෙල් පාරක...යද්දි bike එකේ කිසි අවුලක් තිබුනෙත් නැහැ...අරුන් ආතල් කතා කිය කියා යන නිසා පාලු වෙල් පාරක ගියත් කිසි අමුත්තකුත් දැනුන් නෑ...

    කොහොම හරි අතුරු පාරවල් අස්සෙ රිංගලා රිංගලා අරූව ගෙවල් ලඟින් බස්සලා අනිත් එකාව දාන්න යන්න කලින් එතන ඉදන්ම උන්ගෙ අම්මට call එකක් දාලා කීවා මාත් එක්ක bike එකේ එන්නෙ තව 45 min වත් යයි කියලා...

    එහෙම කියලා අරූවත් දාගෙන ආපහු අදින්න පටන්ගත්තා...මම Jacket එකයි Helmet එකයි දාගෙන හිටියෙ...අරූට Helmet තිබුනෙ නෑ...මටත් ඕක එච්චර ගානක් ගියෙ නෑ 90ත් පන්නලා ඇද්දා...මගෙ Riding ගැන උට කිසි සැකයක් නැති නිසා ඌත් ගානක් නැතුව හිටියා...

    ටික දුරක් යද්දි ඇලක් උඩින් යන පාලමක්...එතනින් දාලා තව ටික දුරක් යද්දි ලොකු ගස් දෙපැත්තෙ තියෙන ටිකක් මූසල Lane එකක්...ලාවට වැහලා තිබ්බ නිසා Lite එකේ එලිය වදිත්දි පාරෙන් දුං යනවා වගේ පේනවා...පොඩි අමුත්තක් දැනුනත් අරූ හිටපු නිසා ගනන් ගන් නැතුව ගියා...

    ඔහොම මීටර් 100 / 150ක් යද්දි නිකං බයික් එක එක පාරට වම් පැත්තට තල්ලු කරනවා වගේ දැනුනා...මං හිතුවෙ අරු දගලනවා කියලා...මං උට බැන්නා "නටන් නැතුව ඉදපං කියලා හු&#&# "කියලා ඌ ආපහු මට බැන්නා "මං දඟලන් නෑ ප#&# තොට ඕක පදින්ඩ බැරිද කියලා"

    මං හිතුවෙ මූ ජෝක් එකට දඟලනවා කියලා මං උට බැන බැනම වම් පැත්තෙ කන්නාඩිය ලාවට හරවලා මු දිහා චුට්ටක් බැලුවෙ speed එකත් 60ට විතර අඩු කරන ගමන්...මූ නෝමල් ඉන්නවා...ඒ බලං ඉද්දිම ආයෙත් ටිකක් හයියෙන් තල්ලු කරා වගේ දකුනු පැත්තට...බයික් එක ටිකක් එහාටම ගිහින් හැඩල් එකක් කැපෙන්න වගේ ගියා...

    Break කරලා චුට්ටක් shape කරා...මට එහෙම්මම දාඩියකුත් දැම්මා...කිසි දෙයක් හිතාගන්න බෑ මොකද්ද මේ වෙන්නෙ කියලා...bike එකෙත් අවුලක් නෑ කියලා මට ශුවර්...ඕන මගුලක් කියලා හිතලා මම අරූට තට්ටුවක් දාලා හයියෙන් අල්ලගනින් කියලා 100ත් පන්නලා ඇද්දා...

    ඉස්සරහා U turn එකක් එක්ක ගෙවල් පෝලිමක් speed අඩු කරලා turn එක අරන් 100 මීටර් විතර යද්දි පොඩි වංගුවක් එක්කම ලොකු ඇලක්...වංගුව නවන්න හදත්දිම head light එකේ එලිය අඩුු ⁣වෙලා ගැහෙන්න ගත්තා...කර කියාගන්න දෙයක් නෑ මුක්ත් පෙන් නෑ ඒත්,ලාවට ලොකු කලු බල්ලෙක් ඉන්නවා වගේ දැක්කා...

    ඒ ගිය speed එකට බල්ලෙක්ගෙ වැදුනොත් කුඩේ කුඩු
    පිටිපස්සෙ ඉන්න එකාට හෙල්මටුත් නෑ කලුවරේම බයික් එක වමට කැපුව බල්ලා ඉන්නවා වගේ දැක්කෙ වම් පැත්තෙ නිසා...ලාවට හරවන්න හදත්දිම අයෛත් මොකෙක් හරි පයින් ගැහුවා වගේ සැරටම වම් පත්තට විසි වෙලා කාපට් එකෙන් පහලටම වැටුනා...

    කාපට් එකෙන් පහල නිකං වලවල් වගේ තිබ්බෙ එහායින් ඇල...හැඩල් එක එහෙම්ම එහාට මෙහාට වැනෙන්න ගත්තා වලවල් වල වැටිලා...ඒ ගියපු විදිහට කෙලින්ම ගියනං ඇලට වැටිලා මැරෙනවා...කරන්න දෙයක් නෑ වෙන මගුලක් වෙන්න කියලා කාපට් එකෙන් උඩට බයික එක දැම්මා...

    එතන කාපට් එකෙයි පොලවෙයි ගැප් එක අගල් හයක් විතර ඇති...බයික් පදින අය නං දන්නවා එහෙම තැනකින් 60ට විතර ගිහින් දැම්මොත් මොකද වෙන්නෙ කියල⁣...කාපට් එකෙන් උඩට දාත්දිම තඩි බල්⁣ලෙක් කොහෙන්දක් මන්ද ඇවිත් වැදුනා... පුලුවං උපරිමෙං break එක ගැහුවට වැඩක් උනේ නෑ එහෙම්මම
    බයික් එක දෙපැත්තට වැනිලා පෙරලුනා...අපි දෙන්නවම පාර දිගේ ඇදිලා ගියා...

    අන්තිමට ඇහුනෙ අරූ කෑගහනවා විතරයි...Helmet දාං හිටියට හයියෙන්ම මගෙ ඔලුව Hit උනා...මගෙ ඇස් නිකං බොඳ වෙලා වගේ...ලාවට ඇස් පිහාගෙන මට පිටිපස්සෙන් වැටිලා හිටපු යාලුව දිහා හැරලා බැලුවා... එකපාරට මාව shok වෙලා ගියා...මීට කලින් එහෙම දෙයක් දැකලා නැහැ...වගේ අරූ පහුකරගෙන ඈතට පාවෙලා වගේ යන අඳුරක් දැක්කා...

    හරියට හැඩයක් පැහැදිලි කරන්න තේරෙන් නෑ ලොකු කලු දුමාරයක් වගේ...අරූ පෙ⁣රේතයා පොලවෙ ගහලා වගෙ පතබෑවිලා බිම ඉන්නවා දැකලා තමයි මං ආපහු පියවි සිහියට ආවෙ...ඒත් උට සිහිය නෑ...වටපිට බලද්දි බල්ලෙක් තියා බලු මයිලක් වත් නෑ..

    අපි වැටිලා විනාඩියක් යන්නත් කලින් ගෙවල් වල හිටපු මිනිස්සු ගොඩක් අය දුවගෙන ඇවිත් වට උනි...අරූගෙ මූන ඉවරයි...මූන පුරා ලේ...මම දිහා බලද්දි මට අවුලක් පෙනුන් නෑ...

    එතන හිටපු අයියලා ටිකක් අපි දෙන්නව අරගෙන hospital ගියා...යන ගමන් එක අයියා කෙනෙක් කීවා "ඔතන අනිවාරෙන් සතියට දෙතුන් දෙනෙක් වත් අඬු කඩාගන්නවා මල්ලි"කියලා...

    එවෙලෙ අරූව ඇඩ්මිට් කරලා උගෙ ගෙදරටත් කියලා මම අපේ ගෙදරින් ගෙන්නගෙන ගෙදර ගියා...මට Licen නෑ අරූට Helmet නෑ...මම hospitl ඇඩ්මිට් උනා නං හිරෙත් යන්ඩ වෙන නිසා Docters ලටත් පච 1000ක් කියලා ගෙදර ආවා...

    ඇවිත් ඇදුම් මාරු කරද්දි තමා මගෙ තුවාල ටික දැක්කෙ...

    කොහොම උනත් ඒ වෙච්ච දේ තාමත් හිතාගන්න බෑ...5 වසරෙ ඉදන් වගේ bike පැද්දට Axcident වෙලා තිබුන් නෑ...ඒත් අර හැප්පිච්ච එකාගෙ ලේ පාරක් වත් තිබුනෙ නැති එකයි අර දුමාරයක් වගේ ගියපු දේයි තාමත් මටත් ප්‍රශ්ණයක්...

    මගෙත් එක්ක පිටිපස්සෙන් ගියපු එකාටවත් මම ඒ සිද්දිය හරියට කිව්වෙ නැහැ...හැමෝටම කීවෙ බල්ලෙක් පැනලා වැටුනයි කියලා...දවස් තුනකින් විතර යාලුවත් Ticket කපාගෙන ගෙදර ඇවිත් තිබුනා...

    bike එකෙත් ඒ විදිහට එක පාරට පැරෙන් එහාට විසිවෙලා යන්න තරම් කිසි අවුලක් තිබුනෙ නැහැ...Head Light එකෙත් කිසිම අවුලක් තිබුනෙ නෑ...එතකොට ඒ සේරටම හේතුව.........????

    කොහොම උනත් bike වල යද්දි ගොඩක් පරිස්සමෙන්...මොකද සමහර දේවල් කිය කිය වෙන්නෑ සමහර දේවල් දැක්කත් තේරුම් ගන්න බෑ...

    වැඩි අලංකාර දාන්නෙ නැතුව අපිට වෙච්ච දේ විතරයි යාලුවනේ මම මේ කීවෙ...කැමති කෙනෙක්ට විශ්වාස කරන්න පුලුවන්...තවත් අයට බයික් වල යද්දි වෙච්ච අමුතු සිදුවීම් ඇති...මටත් එහෙම ගොඩක් දේවල් වෙලා තියෙනවා...ඒවා පසුව කියන්නම්කො...

    Dewmina Wathsana Randunu
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    මේක ඇත්තටම අපේ ජිවිතවලට සිදුවුන සිද්දියක්...

    මගේ විවාහය සිද්ද උනේ හදිසියේ.ගෙවල් වලින් අපේ සම්බන්ධයට මුල ඉඳලම තිබ්බ අකමැත්ත නිසා අපි යාලුවන්ගේ උදව්වෙන් හොරෙන් විවාහ උනා.මගේ හස්බන්ඩ් සාලින්ද. එයාගේ හොදම යාලුවෙක්ගේ මාර්ගෙන් අපි නුවරඑළියට කිට්ටුවට ගෙයක් ගත්තා ..
    ඒක ටිකක් පරන ගෙයක් ..වටපිටාව හරිම නිස්කලංකයි .අපි දෙන්නම අලුත් අපේ ගෙදරට ගියේ හරිම සතුටින් ..සතියක් විතර යනකම් කිසිම ප්‍රශ්නයක් නැතුව ගෙවුනා.ඊළග සතියේ ඉරිදා දවසක හවස සාලින්දගේ යාලුවෝ දෙන්නෙක් ආවා අපේ ගෙදර .හස්බන්ඩ් එයාලත් එක්ක චැට් එකේ හිටිය නිසා මම කුස්සියට එනකොටම මට ආවේ සතෙක් කුණු වෙලා එන ගඳ.නහයත් වහගෙන කෑම භාජන ටික ඇරලා බලද්දී ඒ සේරම පිළිණු වෙලා තිබ්බා ..

    හස්බන්ඩ්ට ඒ ගැන එච්චර ගානක් තිබ්බේ නැතත් මගේ හිතේ මොකක්ද පොඩි අමුතු බයක් වගේ එකක් තිබුනා .හේතුවක් නැතුව උනත් මම ඒ ගෙදර හිටියේ බයෙන්.දවසක් පාන්දර දෙකට විතර මට ඇහැරිලා බලනකොට හස්බන්ඩ් ඇඳේ හිටියේ නෑ.නම කියලා කතා කරත් කිසිම ප්‍රතිචාරයක් තිබ්බේ නැති නිසා මම එයාව හොයන්න යද්දී මම දැක්කේ ඉස්සරහා දොර ඇරලා එතන බිම වාඩිවෙලා ඉන්න එයාව.
    ලගට ගිහින් කතා කරලත් ඇහුනේ නෑ වගේ හිටිය නිසා මම අතින් ඇල්ලුවා.එයාගේ අත සීතල අයිස්කැටයක් වගේ වෙලා.එයා මගේ මූණ දිහා බලද්දී මම දැක්කේ ඒ ඇස් රතුම රතු වෙලා..කිසිම දෙයක් නොකියා මගේ දිහා බලන් හිටිය එයා අමුතු විදියට හිනාවෙලා කාමරේට ගියා.පහුවදා උදේ එයාට වැඩට යන්න මම කතා කරත් එයා ඇහැරුනේ නෑ.මුලු දවසම නිදාගත්තා .රෑට කෑවේ මස් විතරයි .මොනා හරි දෙයක් ඇහුවත් හරියට තරහා ගියා.කතා බහ අඩුඋනා.කම්මැලි විදියට දවසපුරාම නිදාගත්තා .නාන්න මූණ හෝදන්න ගානක් තිබ්බෙම නෑ.

    මේ දේවල් බලන් ඉන්න බැරිම තත්වෙට අාවේ ගෙදර පිටිපස්සේ තිබුන ගලට වෙලා එයා කාත් එක්කදෝ කතාකරන්න පටන්ගත්තට පස්සේ .⁣මම එයාගේ හොදම යාලුවට කතා කරලා මේ වෙන හැමදේම කිව්වා .ඒ වෙනකොට මම අපේ නන්ගිටත් මේ හැමදේම කියලා තිබ්බේ .එයාගේ යාලුවා ගෙදර අපිට දුන්න බ්‍රෝකර්ගේ මාර්ගෙන් මේ ගෙදර ඇත්ත අයිතිකාර ගෑනු කෙනා හම්බෙලා කතා කරල විස්තර දැනගෙන තිබුනා .

    කියපු දේවල් හැටියට මේ ගෙදරට කලින් ඉදලා තියෙන්නේ අවුරුදු හතලිහක් විතර කසාඳ නොබැදපු ගෑනු කෙනෙකුයි එයාගේ අම්මයි.දවසක් රෑ පිරිමි හතරදෙනෙක් මේ ගෑනු කෙනාව පාන්දර වෙනකම් දූෂණය කරලා.අර අම්මව බෙල්ල මිරිකලා මරලා.පස්සේ අර ගෑනු කෙනත් ගේ පිටිපස්සේ තියෙන ගල ලග ගහේ බෙල්ලේ වැල දාන් මැරිලා ඉදලා .මේකට සම්බන්ධ අර මිනිස්සු හොයාගත්තත් මේ ගෙදර කවුරුත් පදිංචියට ඇවිත් නෑ.පස්සේ කලින් ගෙදර කඩලා තැන තැන අලුත් වැඩියා කරලා අවුරුදු ගානකට පස්සේ තමා අපි අරන් තියෙන්නේ .

    ගෙවල් වලිනුත් මේ හැමදේම දැනගෙන මමයි මගේ මහත්තයයි නුවර අපේ ගෙදරට ගිහින් එහේ හිටිය කට්ටඩිමහත්තයෙක් මාර්ගෙන් තමා මහත්තයගේ ඇඟට වැහිලා හිටිය අර ගෑනු කෙනාව යැව්වේ .

    Nilu Harshi
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    මධ්‍යම රාත්‍රියේ සප්ත කන්‍යා කඳු වැටියෙන් මතු වූ රූමත් ගුවන් සේවිකාවගේ අබිරහස ...
    උපුටා ගැනීමකි , සියලු හිමිකම් රචකයා සතු වේ ( විශ්වකර්ම - සාගර සම්පත් ජයසිංහ )

    වෙලාව හවස තුන පමණ වන්නට ඇත. ඉරිදා දින කම්මැලිකම නිසාම මා කාමරයට වී නිදා සිටියෙමි. තොර තෝංචියක්‌ නැතිවම නාද වෙන ජංගම දුරකථනය නිදි යහනේ සිටම මා ඇමතුම් ලබා ගත්තේ තරමක්‌ කෝපයෙනි.

    මචං මම දිල්ශාන්. ඔයා හරියටම හෙට එනවද කියලා දැන ගන්නයි කථා කළේ. ගොඩක්‌ දේවල් ලෑස්‌ති කර ගන්න තියෙනවා යනවා නම් ගමනට. ඇමතුමත් සමඟ මාගේ ඔලුව යකාගේ කම්මල තරම් විය. දිල්ශාන් මාගේ පැරැණි මිතුරෙක්‌. කලකට ඉහත මා එක්‌තරා ගුවන් විදුලි නාලිකාවක සේවය කරන කල්හි ඔහු ද එම නාලිකාවට සම්බන්ධව සේවය කළේය. විශ්‍රාමික වන ජීවී නිලධාරියකු වූ දිල්ශාන්ගේ පියාගේ හදිසි මරණයෙන් පසු රැකියාවට සමු දීමට සිදු වුයේ ඔවුන්ගේ තේ වතු සහ අනෙකුත් ව්‍යාපාර බලා කියා ගැනීමට ඔහුගේ මවට සහ නැඟණියට නොහැකි වූ නිසාවෙනි.

    දිල්ශාන්ගේ පියා වනජීවී නිලධාරියකු ලෙස කටයුතු කරන කාලයේ දිනක්‌ හදිසියේම සප්තකන්‍යා කඳුවැටියේ මාර්ටින් එයාර් ඩී. සී. 08 ගුවන් යානය අනතුරට පත් වූ ප්‍රදේශයේ මෙහෙයුමක්‌ සඳහා යැමට සිදු වී තිබිණි. මේ සඳහා පහළොස්‌ දෙනෙකුගෙන් යුත් වනජීවී නිලධාරීන් හා පොලිස්‌ නිලධාරීන් ද සමඟ ඔවුන් කැලයට වැදී ඇත්තේ දඩයක්‌කරුවන් සහ දැව ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ අදහසිනි. එය ඉතා දුෂ්කර මෙහෙයුමක්‌ බව දිල්ශාන්ගේ පියා දිනක්‌ මා සමඟ ද පවසා තිබිණි. මේ පිළිබඳ විස්‌තර මා හට පවසද්දීත් මෙහෙයුම සිදු වී වසර පහළොවකටත් වඩා වැඩි බව අඩවි වන නිලධාරියකු වූ වික්‍රමසූරිය මහතා මා හට පවසා අදට වසර තුනකට ආසන්නය. ඔහු මියගියේ හරියටම මීට මාස හයකට පෙර බව මතකය.

    මෙම මෙහෙයුමේ විශේෂත්වය වූයේ දිල්ශාන්ගේ පියා ඇතුළු වනජීවී නිලධාරීන් කිහිපදෙනෙකුටම සප්තකන්‍යා ඝන වනාන්තරයේදී හමු වූ සුදු ජාතික රූමත් තරුණියක්‌ නිසාවෙනි. මේ සඳහා සහභාගි වූ නිලධාරීන්ට නොයෙකුත් ගැටලුවලට මුහුණ පාන්නට සිදු වූයේ සිදුවූ අසාමාන්‍ය හේතූන් නිසාමය. කැලයට ඇතුළු වූ ඔවුන් කණ්‌ඩායම්වලට බෙදී කටයුතු කිරීමට කථිකා කරගෙන ඇත. ඒ අනුව වනය තුළදී තිදෙනෙකු බැගින් වූ කණ්‌ඩායම් වලින් සැදුම් ලද අතර එක්‌ කණ්‌ඩායමකට එක්‌ ගිනි අවිය බැගින් ද ගමන් කථනය බැගින් ද තිබූ බව කියවේ. යානය වැටුන ඉසව්වට ළං වත්ම රාත්‍රි කාලයේදී වේදනාත්මක අඳෝනා හා කෑ ගැසීම්වලින් ද අඩුවක්‌ නොවූ බව වික්‍රමසූරිය මහතා අනාවරණය කර තිබිණි.

    මීට වසර ගණනකට ඉහත දී සුදු තරුණිය හමු වූ අයුරුත් ඇයගේ රුව බොහෝ සෙයින් මාර්ටින් එයාර් ගුවන් අනතුරින් පසු හඳුනා ගැනීමට හැකිව තිබූ ගුවන් සේවිකාවකගේ මළ සිරුරකට සමාන බවත් වික්‍රමසූරිය මහතා අප සමඟ පවසා තිබේ. වනගත වූ දෙවැනි දිනයේම ඔවුන්ගේ කණ්‌ඩායම ගුවන් අනතුර සිදු වූ ප්‍රදේශය ආසන්නයේ කඳවුරු ලෑමට සූදානම් කර ගත්තාය. එක්‌ අයකු කූඩාරම අසල මුර කිරීමටත්, අනෙක්‌ දෙදෙනා නිදා ගැනීමටත් මාරුවෙන් මාරුවට එසේ මුර කිරීමටත් තීරණය කළේ ජාවාරම්කරුවන් ගෙන් සහ වන සතුන්ගෙන් ඇතිවන පීඩා වලකා ගැනීමටය. එදින මධ්‍යම රාත්‍රිය ආසන්නයේ මුරය යෙදී තිබුණේ වික්‍රමසූරිය මහතාට ය. බෝර 12 රිපිටර් තුවක්‌කුවත් ඔලුව ලොකු එවරෙඩි විදුලි පන්දමකුත් ඔහු සතු විය. කුඩා දිය පහරවල් වලින් පෝෂිත වූ සප්තකන්‍යා කුමරියගේ කඳුලුවලින් සැදුම් ලත් ඔවුන්ගේ කූඩාරම ළඟින් ගලා ගිය දිය පහරේ හෝ හෝ හඬ මහත් මූසල භාවයක්‌ මේ සුවිසල් වනයට එක්‌ විය.

    නිදි වර්ජිතව සිටි වික්‍රමසූරිය මහතාට ගලා යන දිය පහරින් ඉංග්‍රීසි බසට සමාන බසින් සෙමෙන් ළයාන්විත ගීයක්‌ මුමුණනු ඇසීම මහත් පුදුමය ගෙන දෙන්නක්‌ විය. ජාවාරම්කරුවන් අතර ඉංග්‍රීසි තරුණියක්‌ කිසිසේත්ම මේ සුවිසල් වනයේ සිටිය නොහැක. කෙසේ වෙතත් ප්‍රදේශය කෙතරම් සෝදිසි කළ ද කිසිවකු ද සොයා ගැනීමට ඔහුට නොහැකි විය. පසුදා උදේ මිතුරන් දෙදෙනාට ද සිද්ධිය පැවසූ වික්‍රමසූරිය මහතා ඔවුන්ගෙන් මහත් අපහසුතාවයට පත් වූයේ ඔහුව බරපතළ ලෙස සමච්චලයට ලක්‌ කළ නිසා ය. පසුව නිගමනය වූයේ කුරුල්ලෙකුගේ හෝ වෙනත් සතෙකුගේ හඬක්‌ විය හැකි බව ය. දවල් කාලය සෙමෙන් ගෙවෙමින් තිබිණි. ඔවුන් කැලයේ මුර සංචාරය කරද්දී අනතුරට පත් යානයේ මළ කෑ සුන්බුන් කොටස්‌ ද මගීන්ගේ ඇට කැබලි ද හමු වී තිබිණි.

    සුපුරුදු පරිදි ඒ සුවිසල් කඳු වැටියේදී එදින රාත්‍රියටත් ඔවුනට මූණදීමට සිදු වූයේ ජාවාරම්කරුවන් ගැන කිසිදු හෝඩුවාවක්‌ හෝ සොයා ගැනීමට අපොහොසත්ව සිටියදී ය. ඔවුන්ගේ අනෙකුත් කණ්‌ඩායම්වලට ද තත්ත්වය එසේම විය. වෝකි ටෝකි යන්ත්‍රය මගින් අමතර බැටරි සහ ආහාර ගෙන එන ලෙස ප්‍රධාන කාර්යාලය දැනුවත් කළ ඔවුන් පෙර සිටි ස්‌ථානයේදී ම රාත්‍රියට මුහුණදීමට සූදානම් විය. එදින මධ්‍යම රාත්‍රිය මුරය යෙදී තිබුණේ වික්‍රමසූරිය මහතාගේ මිතුරා වූ කමල් පෙරේරාටය. ඔහු තරුණ වන නිලධාරියෙකි. රාත්‍රිය උදා වෙමින් පැවතුණි. උල ලේනුන්ගේ මූසල නාදයත් නරින්ගේ උඩු බිරීමත් වේගවත් මූසල සුළං හඬත් දිය පහරේ හෝ හෝ හඬත් වනයට එක්‌ කළේ මහත් භයංකාරයකි. කමල් තමා සතු වූ රිපීටර් ගිනි අවිය සුරතෙහි දරා සිටියේ ඕනෑම සතුරෙකුට මුහුණදීමේ සූදානමෙනි. බැටරි දුර්වල වී යැම නිසා වනයට පැමිණි අනෙක්‌ කණ්‌ඩායම් සමඟ පණිවුඩ හුවමාරුව ද මේ වන විට ඇනහිට තිබුණි.

    මධ්‍යම රාත්‍රිය උදාවෙමින් තිබිණි. ඉංග්‍රීසි බසට සමාන බසකින් තරුණියක්‌ ගීතයක්‌ ගායනා කරනු කමල්ට පැහැදිලිව ඇසෙන්නට වීමෙන් දෙලෝ රත්විය. දවල් කාලයේදී වික්‍රමසූරිය මහතා මේ පිළිබඳ පැවසූ විට ඔහුට සමච්චල් කළ ආකාරය කමල්ට මැවී පෙනෙන්නට විය. ගීතය තව තවත් පැහැදිලිව ඇසෙන්නට විය. දෙපාරක්‌ නොසිතූ කමල් අසල වූ දිය පහර දෙසට විදුලි පන්දම යොමු කළේය. පුදුමයකි. මේ මහ රෑ ඝන වනයේ සුදු තරුණියක්‌ නිරුවතින් දිය නාමින් සිටියාය. කමල් වෙව්ලන්නට විය. මේ සීතල රාත්‍රියේ මුළු සිරුරම දහඩියෙන් නැහැවී තිබිණි. අත වූ ගිනි අවිය වෙව්ලන දැතින් යුතුව කමල් ඇය දෙසට එල්ල කළේය.

    “කවුද ඔතන, හෙළවුණොත් වෙඩි තියනවා.” කමල්ගේ විධානයට ඇය අවනත නොවූවාය. නග්න වූ ධවල ශරීරයෙහි රුවට කමල් වසඟ වූවා වැනිය. සුදු පැහැති කුඩා පියයුරු ඇය හිරිමල් නොයිඳුල් තරුණියක්‌ බව කියා පෑවාය.

    ගිනි අවිය ඈ දෙසට එල්ල කර ගත් කමල් දිය පහර අසලට ළං වන්නේ ඇයව අත්අඩංගුවට ගැනීමට හෝ මෙල්ල කර ගැනීමේ අදහසිනි.

    “හෑන්ස්‌ අප්” කමල් ගිගුරුවේ වහාම තමන්ට යටත් වන ලෙස සංඥා කරමිනි.

    “ඇයි මම ඔයාට යටත් වෙන්නේ” ඇය පෙරළා ප්‍රශ්න කළාය.

    සඳ එළියට දිලිසෙන අගේ දෙකළවා හා නග්න සිරුර විදුලි පංදම් එළියට දිළිසුණේ මිහිබට සුරඟනක්‌ සිහි කරමිනි.

    “ඔයා කවුද?”

    “මං කවුරු වුණත් ඔයාට මොකද”

    “ඒක හරි. ඒත් මං මෙතන කරන්නේ රාජකාරියක්‌. මට ඔයා කවුද කියලා දැන ගන්නම වෙනවා” කමල් එසේ පැවසුවේ ඇය දෙසට එල්ල කර තිබූ රිපීටර් අවිය පහතට හෙළමිනි.

    “මම කාටවත් වැරැද්දක්‌ කරන් නෑ. කැලේට ඇවිල්ලත් අවුරුදු ගානක්‌ වෙනවා. ඉතින් ඇයි මට කරදර කරන්නේ”

    “ඔයා කොහොමද මෙහෙට ආවෙ”

    “ඒක දිග කතාවක්‌” ඇය දිග සුසුමක්‌ හෙළුවාය. හිවලුන්ගේ උඩුබිරුම වනාන්තරය දෙසින් තාමත් ඇසෙන්නේ තොර තෝංචියක්‌ නැති ලෙසිනි.

    කමල් ඇය වෙත ළං වූයේ තවමත් සිහින ලොවක සිsටින්නේ දැයි සිතමිනි. මේ සුන්දර ධවල තරුණියගේ නග්න සිරුර දැකීමෙන් ඔහු උමතු වී සිටියේය. ඇය ආසන්නයට පැමිණි කමල් එක්‌වරම සුදු තරුණිය බදාගත්තේය. පුදුමයකි. ඇගේ කිසිම විරුද්ධත්වයක්‌ ඇති නොවුණි. “ප්ලීස්‌….. ඔයාගෙ යාළුවො දකින්න පුළුවන්. අපි පොඩ්ඩක්‌ පල්ලෙහාට යං.” ඇගේ ඉල්ලීමට ඔහු එකඟ විය. හැඟීම් ඇවිස්‌සී පොදිකමින් හද තුළ තෙරපෙන බව කමල්ට පසක්‌ වී තිබිණි. වාත්තු කෙරුවාක්‌ බඳු ඇගේ නග්න සිරුර දිව්‍යාංගනාවක්‌ පරදන බව කිව යුතුය.

    “අනේ මගෙ ළඟට එන්න.”

    කුරුල්ලන්ගේ කිචි බිචි නාදය වනය තුළ රැව් දෙද්දී වන ජීවී මිතුරෝ කමල් සොයන්නට විය. ඔහුට අයත් පාවහන් යුගල පහළ දොළ ළඟ තිබෙනු මුලින්ම දුටුවේ වික්‍රමසූරිය මහතායි. පළපුරුදු බුද්ධිමත් නිලධාරියෙකු වූ ඒ මහතා කඳු ගැටයෙන් පහළට වෙන්නට කුඩා අතු රිකිළි පොඩි වී තිබෙනු දැකීමෙන් මහත් කලබලයට පත් විය. අනිවාර්යයෙන් ම කමල්ට අනතුරක්‌ සිදු වී ඇති බව ඔහුට වැටහිණි. ඔවුන් සතු එකම ආරක්‍ෂකයා වූ රිපීටර් ගිනි අවිය ද කමල් සමඟ අතුරුදන්වීම කණ්‌ඩායම මහත් අසරණ කිරීමට සමත් වී තිබිණි. වෝකි ටෝකි යන්ත්‍රයෙන් අනෙකුත් කණ්‌ඩායම් සම්බන්ධ කර ගැනීමට නොහැකි වූයේ ගුවන් විදුලි සංඥා ඉතාමත් දුර්වල මට්‌ටමක පැවති හෙයිනි. කෙසේ වෙතත් කමල් සොයා ගැනීමට කඳු ගැටයෙන් පහළට බැසීම ඔවුන්ගේ තීරණය විය.

    කඳු ගැටය පාමුල නිරුවතින් මියගොස්‌ සිටි කමල් මහතාගේ සිරුර වික්‍රමසූරිය මහතා ඇතුළු වනජීවී නිලධාරි කණ්‌ඩායම මගින් සොයා ගන්නා විට සවස තුන ද පසු වී තිබිණි. ඔහුගේ ඇඳුම් ද රිපීටර් ගිනි අවිය ද ඔහු අසල විය. ගැටලුවකට තිබුණේ කමල් ඇඳ සිටි සියලුම ඇඳුම් පිළිවෙළකට ගලවා තිබීම හා ගිනි අවිය ද ආරක්‍ෂිත අගුල දමා තිබීම හේතුවෙන් කමල්ට කැලයේ සිටින ජාවාරම්කරුවන්ගෙන් කරදරයක්‌ සිදු වී දැයි තිබූ හැඟීම ඔවුන්ගෙන් ඉවත් වීමට හේතු විය. . ඔහුට කුමක්‌ සිදුවීද මහත් ප්‍රහෙලිකාවකි.

    මළ සිරුර මහත් පරිශ්‍රමයකින් ඔවුන් සිටින කඳවුරු භූමිය වෙත ගෙන ඒමට වනජීවී නිලධාරීන් කටයුතු කළහ. ඔවුන් මැදි වී ඇත්තේ ගැටලු රාශියකටය. එක්‌ අතකින් ප්‍රධාන කාර්යාලය සම්බන්ධ කර ගැනීමට නොහැකි වීමත්, කැලයට ඇතුළු වූ අනෙකුත් කණ්‌ඩායම් සමඟ සම්බන්ධතා ඇනහිටීමත් ආහාර හිඟ වීමත් නිසා ඔවුන් උභතෝකෝටික ප්‍රශ්න රාශියකට මුහුණ දුන්හ. සියල්ලටම වඩා ගැටලුව වූයේ භයානක ලෙස මියගොස්‌ ඉදිමී කුණු වීමට ආසන්නව තිබූ කමල්ගේ සිරුරට කුමක්‌ කරමුද යන්නයි. රාත්‍රි කාලයේ හිවලුන් මළමිණිය ඇදගෙන යාවිදෝ ඇති වූ සැකය නිසා ඔවුන් සිරුර ගසක එල්ලීමට කටයුතු කළහ. උදව් ලැබෙන තුරු මේ ස්‌ථානයේ කඳවුරු ලාගෙන සිටීමටත්, රාත්‍රියේ සියලු දෙනා නිදි වර්ජිතව සිටීමටත් වික්‍රමසූරිය මහතා ඇතුළු අනෙකුත් නිලධාරීන් තීරණය කළේ වෙනත් විකල්පයක්‌ නැති නිසාවෙනි.

    සියලු දෙනා අකමැත්තෙන් සිටියදී රාත්‍රිය උදා විය. නිලධාරීන්ගේ මානසිකත්වය කුඩා දරුවන්ට සමාන විය. පාළු කැලයේ දොල පහර අඳෝනා නගමින් ගලා යමින් තිබිණි. විඩාබර වූ ඔවුන් රැහැයියන්ගේ නාදයෙන් පවා තැති ගත්හ. සම්බන්ධතාවය ගිලිහුණු රේඩියෝව ද චුරු චුරු හඬ නඟමින් තිබිණි. ඔවුන් සිටියේ කුමක්‌ සිදුවෙයිදෝ දෙගිඩියාවකිනි. ආහාර සකසා ගත්තද, කමල්ගේ මළ කුණෙන් වහනය වන දුර්ගන්ධය හේතුවෙන් කෑම ගන්නවා තබා ඔක්‌කාරය නොකර සිටියේ ඉතා අමාරුවෙනි.

    “මොනව වුණත් අපි කල්පනාවෙන් ඉමු” වික්‍රමසූරිය මහතා එසේ පැවසුයේ බෝර 12 අර්ධ ස්‌වයංක්‍රීය රිපීටර්තුවක්‌කුව සුරතට ගනිමිනි.

    කෙමෙන් මධ්‍යම රාත්‍රිය ළං විය. ලතින් භාෂාවට සමාන ලයාන්විත ගීතය දොළ පාර දෙසින් ඇසෙන්නට විය. වික්‍රමසූරිය ඇතුළු කම්පනයට පත් නිලධාරීන් යුහුසුළු විය. ‘ක්‌ලික්‌’ හඬින් ගිනි අවියේ ආරක්‍ෂිත අගුල ඉවත් විය. විදුලි පන්දම් එළියට ධවල තරුණිය දිස්‌වූයේ දෙවඟනක්‌ මෙනි. ”දෙයියනේ සුද්දියෙක්‌” වික්‍රමසුරිය මහතාට කෑ ගැසිනි. ඇය නිරුවතින් දිය නාමින් සිටියාය. බියට පත්ව සිටි නිලධාරීහු ඇය දෙසට වෙඩි තබන ලෙස ඉල්ලා සිටි අතර වික්‍රමසූරිය මහතා අන්දුන් කුන්දුන් විය. ‘චීෆ් ඔය හොල්මනක්‌ ඉක්‌මනට වෙඩි තියන්න” මේකිට පණ තිබුණොත් මේකි තමා කමල්ව මරලා තියෙන්නෙත්. සිතීමට වේලාවක්‌ නැත. දිය නාමින් සිටි සුදු තරුණිය දෙසට එල්ලය ගත් වික්‍රමසූරිය මහතා මහා වනය දෙවනක්‌ කරමින් පිට පිට වෙඩි දෙකක්‌ ඇය දෙසට මුදා හැරියේත් තරුණිය දොළ පහරට ඇද වැටුනේත් එකම අවස්‌ථාවකය.

    දෙයියනේ කෙල්ල ඇළට වැටුනා අපි ගිහින් බලමු වික්‍රමසූරිය මහතාගේ නියෝගය මත නිලධාරීන් දොළ පහළ පරීක්‍ෂා කළද මළ සිරුරක්‌ සොයා ගැනීමට නොහැකි විය. උදේට බලමු සමහර විට කෙල්ල බයට ඇළට වැටෙන්නට ඇති. මේ රෑ කන්ද බහින්න ගියොත් අපිටත් අනතුරක්‌ වෙන්න පුළුවන් ඔවුහු කුඩාරමට ගියහ. කලින්ම ඇතුළු වූ නිළදරුවා ගියාටත් වඩා වේගයෙන් වික්‍රමසූරිය වෙත දිව ආවාය. චීෆ් අරකි කුඩාරම ඇතුලෙ. මැරිලාවත් වෙඩි වැදිලාවත් නෑ. හෙලුවැල්ලෙන් ඇතුලෙ ඉඳගෙන ඉන්නවා අපි ඇතුලෙම ඕකිව ඉවරයක්‌ කරමු. කනිෂ්ඨ නිලධාරියා වික්‍රමසූරියගෙන් අවිය උදුරා ගැනීමට උත්සාහ කළද එයට ඉඩ නොදුන් වික්‍රමසූරිය කූඩාරමට ඇතුළු වූයේ සිදු වූ දෙය හරි හැටි දැන ගැනීමටය. නෙළුම් මලක්‌ සේ ඇය කුඩාරම මැද නිරුවතින් වැතිර සිටියාය.

    කරුණාකරලා ඔය ළමයා ඔතනින් නැගිටිනවාද.

    ඔයගොල්ල මට මොකද කරදර කරන්නෙ.

    අපි කාටවත් කරදර කරන්නෑ අපි කරන්නෙ රාජකාරිය.

    රාජකාරිය කියලා මට වෙඩි තියන එක හරිද.

    වෙඩි තියන්න සිද්ධ වුණා කට්‌ටිය ඔක්‌කොම කලබල වෙලා. ඔයා මොකද කැලේ කරන්නෙ. කොච්චර කල් වෙනවද මෙහෙට ඇවිත්.

    මම ගොඩක්‌ කල් ඉඳන් මෙහෙ ඉන්නවා.

    ඔයා තනියමද ඉන්නෙ.

    ඔව් මම දැන් තනියම ඉන්නෙ. ළඟක්‌ වෙනකම්ම මගෙ මහත්තයත් හිටියා. හැබැයි හිටි හැටියෙම එයා නැතිව ගියා. අහසට ඇදිලා ගිහින් එකපාරට නොපෙනී ගියා.

    ඔයාගෙ මහත්තයා කව්ද.

    මගේ මහත්තයා තමයි මාර්ටින් එයාර් ප්ලේන් එකේ පයිලට්‌.

    එතකොට ඔයා.

    මම මාර්ටින් එයාර් සමාගමේ ගුවන් සේවිකාවක්‌.

    විවාහ වෙලා හිටියේ ඩී. සී 08 යානයේ ප්‍රධාන නියමු ස්‌මිත් එක්‌ක.

    එතකොට කමල්ට මොකද වුණේ.

    එයා පිස්‌සුවෙන් වගේ මගේ පස්‌සෙන් ආවා.

    සර්පයෝ කාලයි මැරුනෙ. ඒකට මගෙ සම්බන්ධයක්‌ නෑ.

    ඇය සියලු විස්‌තර හෙළි කළේ ඔවුන් විමතියට පත් කරමිනි.

    එදා ලංකාවෙ ගුවන් තොටුපලෙන් හරියට සිග්නල් දුන්නනම් අපිට මෙහෙම වෙන් නෑ. ඒ ගොල්ල වැරදියට සිග්නල් දීලා අපේ යානය මේ කන්දෙ හැප්පෙන්න සැලැස්‌සුවා. අන්තිමට මගෙ මහත්තයාගේ වැරැද්ද කියලා පත්තරවල දැම්මා. ඒ ඔක්‌කොම බොරු. වැරැද්ද ලංකාවේ කන්ට්‍රොල් රූම් එකේ. ඒ ගොල්ල හරියට වැඩ කරානම් අදත් අපි ජීවතුන් අතර. අපිට මෙහෙම කරේ ඔය ගොල්ල. ඉතින් මං මොකටද ඔයාලට බය වෙන්නෙ.

    ඊට අමතරව වසර ගණනකට පෙරදී යානය අනතුරට පත් අවස්‌ථාවේ මිය ගිය ඔටාන්යාගේ සිරුර අනතුරෙන් ගල් දෙබොක්‌කාවක්‌ අතරට විසි වූ බවත් කිසිවෙකු එය සොයා නොගත් බවත් තුවාල සිදු වී කුස ගින්නේ ඉතා කනගාටුදායක ලෙස මිය ගිය බවත් හැකිනම් මළ සිරුර තිබූ ස්‌ථානයට ගොස්‌ ඇට කැබලිති මිහිදන් කර දමන ලෙසත් ඉල්ලා සිටියාය.

    වික්‍රමසූරිය ඇතුළු නිලධාරීන් මෙම සිද්ධියෙන් බොහෝ කම්පනයට පත්ව සිටියහ. එහෙත් කමල්ගේ මරණය හා ඇති වූ අනෙකුත් සිද්ධීන් හේතු කර ගෙන ඇගේ සිරුර තිබූ ස්‌ථානය ඔවුන්ට සොයා ගැනීමට නොහැකි වී ඇත. නමුත් පළපුරුදු නිලධාරියෙකු වූ වික්‍රමසූරිය මහතා මැනවින් එම ස්‌ථානය සිතියම් ගත කර තිබිණි. ඔහු මිය යන විට පුතු වූ මා මිතුරාගෙන් කළ අවසාන ඉල්ලීම වූයේ මිතුරන් සමග එම ස්‌ථානය සොයා ගොස්‌ ගුවන් සේවිකාවගේ අස්‌ථි කොටස්‌ සොයා ආගමික වතාවත් ඉටු කර මිහිඳන් කරන ලෙසය. මා මිතුරා මා එහි ගෙන්වා ගැනීමට මෙතරම් උනන්දු වන්නේ සප්තකන්‍යා කඳු වැටිය වෙත යැමට ඔහු විසින් සියල්ල සූදානම් කර තිබූ බැවිනි. මස්‌කෙළිය ප්‍රදේශයේ මා මිතුරාගේ නිවසට යන විට රෑ බෝ වී තිබුණි. ඔවුන් ඉතා සෙනෙහසින් මා වැළඳ ගත් අතර පසුදා උදෑසන කන්‍යාවන්ගේ කඳු වැටිය බලා පිටත්වීමේ අදහසින් රාත්‍රී නිදි දෙව්දුව වැළඳ ගතිමි.

    එදින වැසි බර දිනයක්‌ විය. වැස්‌සට පැරදීමට අපේ සූදානමක්‌ නැත. පියාගේ අවසාන ඉල්ලීම ඉටු කිරීමට මිතුරාත් ඔබ වෙත සත්‍ය කතා ලබා දීමේ අරමුණින් මාත් මෙහි සත්‍ය දැන ගැනීමට හිතවත් ස්‌වාමීන් වහන්සේ නමකුත් භූත ශාස්‌ත්‍රය පිළිබඳ නිපුන තරුණයෙකුත් ප්‍රදේශයේ දඩයමින් ජීවත් වන දක්‍ෂ වෙඩික්‌කරුවෙකුත් නිවාඩුවට ගමේ පැමිණි ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශේෂ බළකායේ කපිතාන් වරයෙකුත් අප කණ්‌ඩායමේ සාමාජිකයෝ වූහ. වෙඩික්‌කරුවාගේ ගිනි අවියට අමතරව මා කොළඹ සිට රහසිගතව ගෙන එන ලද බලපත්‍ර සහිත පොයින්ට්‌ දෙකේ ස්‌වයක්‍රීය පිස්‌තෝලයකුත් අප සතු විය. මිතුරාට අයත් පැරණි මිට්‌ෂුබිසි ජීප් රථයෙන් කන්‍යාවන්ගේ කැලයට හැකිතාක්‌ දුර ගොස්‌ ඉන් පසු පයින් යාම අප අරමුණ විය. ගමන ආරම්භ කෙරිණි. සීතල වැහි බිඳුවලින් අප තෙමා දැමුවේ මෙම ගමනට ආසිරි පතන්නාක්‌ මෙනි.

    දුර්ග මාර්ගය අවසානයේ අප කණ්‌ඩායම කැලයට ඇතුළු විය. වැස්‌සෙන් ශක්‌තිමත්ව සිටි කූඩැල්ලන්ගෙන් අපට මහත් කරදර විඳීමට සිදු විය. වර්ෂාවෙන් බොහෝ ස්‌ථාන ජලයෙන් යට වී තිබුණද එම බාධක ජය ගැනීමට තීරණය කළෙමු. දින දෙකක දුෂ්කර ගමනකින් පසු ආසන්න වශයෙන් මීට වසර දාහතකට පෙර මා මිතුරාගේ පියා කඳවුරු ගසාගෙන සිටි ස්‌ථානය වෙත ළඟා වන විට හවස්‌ වී තිබිණි. අප ගෙන ගිය ද්‍රව්‍ය උපයෝගී කර ගෙන රාත්‍රිය ගත කිරීම සඳහා කූඩාරමක්‌ තනා ගතිමු. ස්‌වාමින් වහන්සේට කූඩාරම තුළ සැතපීමට සලස්‌වා අප ආසන්නයේ එළියේ ගිමන් හරිමින් සිටියෙමු. කෙමෙන් රාත්‍රිය උදා විය. මධ්‍යම රාත්‍රිය ආසන්න වෙත්ම තරුණියකගේ සිහින් ගීත රාවයක්‌ අපටද ඇසෙන්නට විය. අප සූදානම් වුණෙමු. වෙඩික්‌කරුද මා ද ගිනි අවි සූදානම් කර ගත් අතර කපු මහතා ද ලහි ලහියේ සූදානම් විය.

    අප ඇය සිටින ස්‌ථානයට වේගයෙන් දිව ගියෙමු. කපු මහතාගේ මැතිරීමෙන් යම් වෙනසක්‌ සිදු වෙමින් පැවතිනි. ස්‌වාමීන් වහන්සේ කෙලින්ම ඇගෙන් ප්‍රශ්න අසන්නට විය. මීට වසර දාහතකට පමණ පෙර වික්‍රමසූරිය මහතා පැමිණි ආකාරයත් ඔහු මිය යන අවස්‌ථාවේ අවසාන ඉල්ලීම ලෙස අනතුරෙන් මිය ගිය ගුවන් සේවිකාවගේ ඇට සැකිල්ල සොයා මිහිදන් කරන ලෙස පැවසූ ආකාරයත් ඇයට දැන්වීය. එබැවින් ඇය මිය ගිය ස්‌ථානය පෙන්වන ලෙසත් අප ධවල තරුණ අවතාරයෙන් ඉල්ලා සිටියෙමු. ධවල තරුණිය ඒ සියල්ල අප හට පෙන්වීමට එකඟ විය. ඇය ලබා දුන් තොරතුරු මත ගල් දෙබොක්‌කාවක්‌ තුළ තිබී ඇගේ අස්‌ථි කොටස්‌ හා ගුවන් සමාගම වෙතින් ඇය වෙත ලබා දුන් රාජකාරී හැදුනුම්පතද අපට සොයා ගත හැකි විය. බෞද්ධ ආගමානුකූලව ඇගේ අස්‌ථි කොටස්‌ මිහිදන් කිරීමට අප තීරණය කළේය. ඒ සඳහා එම ස්‌ථානය සුදුසු යෑයි තීරණය වුවද ඇගේ ඉල්ලීම වූයේ ඊට පහලින් ඇති දොල පහර අසල ගුවන් නියමු සැමියා වළදැමූ ස්‌ථානයේ ඇයද වළ දමන ලෙසයි. අපි ඊට එකඟ වූයෙමු.

    සියල්ල සූදානම්ය. ස්‌වාමීන් වහන්සේ පිරිත් සඡ්ජායනා කරන්නට විය. සුදු රෙදි කඩක එතූ මාර්ටින් එයාර් ධවල සුරූපිනියගේ ඇට කැබලිති අප විසින් වළ තුළ තැන්පත් කර සෙමෙන් පස්‌ වලින් වැසුවෙමු. කපු මහතාද ඔහුගේ කටයුතු මනා සේ ඉටු කළේය. එදින සවස්‌ යාමය වන විට අප හිටපු වනජීවී නිලධාරී වික්‍රමසූරිය මහතාගේ හා පෘතුගාල ජාතික ගුවන් සේවිකාවගේ ඉල්ලීම වූ ඇගේ අවසාන කටයුතු ඉටු කිරීම හමාර කළෙමු. එදින නැවත රෑ බෝ වූ බැවින් වනය තුළ අප කූඩාරමේ නැවතීමට තීරණය කළේ සියලු දෙනාගේම එකඟතාවයෙන් අනතුරුවයි. හරියටම හෝරා යන්ත්‍රයෙහි රාත්‍රී 12 න් සටහන් විය. සුපුරුදු පරිදි දොල පහර ගලා බසී. අප ඒ දෙස නෙත් අයා සිටියාය. නමුත් එදින රෑ නිරුවත් ධවල සුරූපිනිය එහි නොවූවාය. වසර ගණනකට පසුව ඇය භූතාත්මයෙන් මිදී වෙනත් උපතක්‌ කරා යන්නට ඇතැයි ස්‌වාමීන් වහන්සේ පැවසූහ....
     

    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    මෝහිනීගේ උනුසුම් රාත්‍රිය

    කොප්පර මඩුවේ රාත්‍රිය ගතකරන එක විලියොන් මාමාගේ සිරිතය..මඩුවේ කොප්පර විශාල ප්‍රමානයක් දිනපතා වේලනු ලබයි දහවල් කාලයේදී ඔහුගේ පියානන් වු සීලිං සීයා සමග එක්වි කොප්පර වේලීම සිදුකර රාත්‍රි කාලයේ දී මඩුවේ හා කොප්පර වල ආරක්ෂාව වෙනුවෙන් රැය පහන් කරනු ලබන්නේ එහිමය.
    අැගේ පතේ මහන්සිය දුරුවන්නට විලියොන් මාමා විසින්ම උදේ රැයෙන්ම ගහෙන් බාගත් රාමුට්ටිය සමග සැන්දෑ යාමේ හාද වීම ඔහුගේ දිනචරියාවේ කොටසකි සිය තෙවැනි පුතුගේ සිතැගි හදුනන සීලිං සීයා හාමිනේ සකසා දුන් බත් මුලට අමතරව කටගැස්මක් රැගෙන එන්නට අමතක නොකරයි. කොප්පර මඩුවට සැතපුම් කාලක් පමණ දුරින් පිහිටි නිවසේ රැය පහන්කල දිනක් විලියොන් මාමාට මතක නැත අවුරුදු විස්සට කිට්ටු වෙච්ච සංදියේදි ඉදන් අවුරුදු තිහක් වෙච්චි මේ කතාව සිදුවූ කාලය තුරාවටම ව්ලියොන් මාමා නැත්නම් ඒ කාලයේ හැටියට විලියොන් තරුණයාගේ නිදියහන වූයේ මේ කොප්පර මඩුවයි.. සීලිං සීයා බත්මුල මඩුවේ රැදවුම් කුටියේ තබා පුතුට දියනා ගැනීමට ඉඩ ලබාදී කොප්පර මඩුවේ ඉතිරි කටයුතු සිදුකරයි.
    .දියනා පැමිණි විලියොන් මාමා ගිනිමැලයක්ද අවුලුවා පියානන් පිටත්ව ගියපසු ලංතෑරුම සිය කුටියේ රදවා කටගැස්ම ලෙසට තිබූ බැදපු වැව්මාලු කූරියන් සමග රා මුට්ටියම සප්පායම් වූයේය .. ඉන් ඉක්බිති පලාත දෙවනත් වන්නට සීපද කීම ඔහුගේ විනෝදාංශයයි අවිවාහකයෙක් වූ විලියොන් මාමා සිය පාලුව තනිකම කාන්සිය මකා ගත්තේ ඒ අයුරිනි ඔහුගේ මධුර මනෝහර සීපද හඩ රැව් පිලිරැව් දුන්නා ගම්මානය පුරා... එදා උදුවප් මාසේ සීතල රැයක් එදත් සුපුරුදු ලෙසින් ඒ විදියටම කාලය ගෙවීගියා ..... නමුත් අනපේක්ෂිත සිද්ධියක් සිදුවුණා ඒ රාත්‍රියේදී .....

    ගෙජ්ජි නාදයක් හෝ ගෙජ්ජි වැලක් සැලෙන හඩක් අැසෙන්නට උනා කොප්පර මඩුව ආසන්නයෙන් ... සීපදය නතර කල විලියොන් තරුණයා කෑලි පහේ ටෝච් එක දල්වාගෙන ආරක්ෂාවට අැති කඩුවද සරම් පොටේ සගවා ගෙජ්ජි නාදය අැසුන කොප්පර මඩුව පිහිටි පොල්වත්තේ පහලට ගමන් කලා කොප්පර මඩුව දෙසට හෙමින් හෙමින් පැමිණි අමුත්තිය මුණගැසුණෙ එවිටයි ඒ සුදු පැහැති නාබර එලදෙනකි උබ හෙට අයිතිකාරයාට භාරදෙන්නම් කෙල්ලේ. පවසමින් එලදෙන මඩුව ආසන්නයේ පොල්ගසක ගැට ගසා සිය කුටිය වෙත පැමිණියා ඔහු ..... පුදුමයකි එහි උන්නා තවත් අමුත්තියක් අැය සුරූපී ලදකි ... ඔහු පුදුමයෙන් විමසුවා කවුද ඔබ කුමක් නිසා මෙහි පැමිණියේද මේ රාත්‍රියේ තනිපංගලමේ .. අයියා මගේ එලදෙන මේ පැත්තට මංමුළා වෙලා අැවිත් මම ඌව හොයාගෙනයි ආවේ ආන් එලදෙන ඉන්නවා මම ගහක ගැටගැහුවා ඔයා කොහෙද මම අැරලවන්නම් ගෙදරට... අනේ අයියා මම ගම් දෙකකට එහා මට උදව්වක් කරනවද තරහ නැතිව ... ඔව් මොකක්ද උදව්ව කියන්න ... මට අද රෑට නවාතැන් දෙන්න පුලුවන්ද මෙහෙ ... ගැහැණු කෙනෙක් කොහොමද මේ රාත්‍රියේ තනිපංගලමේ යන්නේ හා එහෙනම් ඉන්න මේ පැදුරු කෑල්ලේ තමා දෙන්නටම ඉන්න වෙන්නේ ... ඒකට කමක් නැහැ අයියා ... විලියොන් මාමා සිය බත් පතෙන් කොටසක්ද අැයට තිලිණ කලා සුන්දරම සේද සුදු ගවුමකින් සැරසුණු අැය පෙනුමෙන් ලමාතැනියක් ලෙසින් දිස්වූයේ ... ඝන අන්ධ කාර රාත්‍රිය උදා වූ නිසා දෙදෙනා පැදුරු කඩමල්ලේ ගුලි උනා සෙමෙන් අෑ විලියොන් තරුණයාගේ ගතට තුරුලු උනා නුහුරු නුපුරුදු ගැහැනියකගේ උනුසුමට ඔහුත් රහසින්ම ලොභ උනා ඒ රාත්‍රිය විලියොන් මාමාගේ ජීවිතයේ සුන්දර රාත්‍රියයි ............... පසුවදා අවදි වී බලද්දී ඒ සුන්දර ගැහැනිය සිටියේ නැහැ පොල් ගසේ ගැට ගසා එලදෙන නම් එලෙසින්ම සිටියා ඒ රාත්‍රියේ ඔහු සොයා පැමිණි අද්භූත ගැහැනිය කවුද ඉන්පසු කිසිදිනෙක විලියොන් මාමාට අැය මුනගැසුනේ නැත

    අැය අමනුෂ්‍යයෙක් නම් අැගේ ස්පර්ශය දැනුනේ කෙසේද... අැය මෝහිනී නම් අවතාරයද...? නැත්නම් මනුෂ්‍ය දුවක්ද අදටත් නොවිසඳුණු ගැටලුවකි .... නිමි.


    Thusara Maldeniya
     

    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    උපුටා ගන්නා ලදි..

    වේලාව රාත්‍රි 10.45 යි.
    “අඩෝ ලසා අදනම් ඇගට පට්ට අමාරුයි බං. මිනී කීයක්නම් ඇද්දද? මට නම් මේ රස්සාව එපා වෙලා තියෙන්නෙ බං. අනික ළග පාත ඒවත් නෙමෙයිනෙ ….
    මොනව කරන්නද බං සාගරයා. මේ ඒක නෙමෙයි බං සගා අද ආපු එක උඹ දැක්කද බං ඒකි පට්ට කෑල්ල බං. පවු බන් accident එහෙකින්ලු නැති වෙලා තියෙන්නෙ. අර මං හවස ඇද්ද එකද බන්…
    නෑ නෑ ඒකි තාම අන්දනවා බං. සමහරවිට බොට දැන් යන්න වෙයි බොඩි එක අරන්..
    මොන කරුමයක්ද බං රෑටවත් නිදහසක් නෑනෙ…ඔන්න මහ එකා එනවා. මොකක් හරි ටොපියක් තමයි එන විදිහෙන්ම කියන්න පුලුවන්.
    මොකද දෙන්නත් එක්ක මෙතන කරන්නෙ ..
    නෑ, ලොකු අයියා. අපි මේ පොඩි කයියක හිටියෙ.. හරි හරි ඒකෙන් වැඩක් නෑ. මේ සාගර මල්ලි බොඩි එකක් තියෙනවා අරන් පලයන් හදිස්සි වැඩක් බං. බොඩි එක අයිති ඈයො Call කර කර වධ දෙනවා බං අරන් එන්න කියලා. තරහ නැතුව පලයන් මල්ලි. මම ඉතින් බොලාට හොඳට සලකනවනෙ. මේ ලසා කොලුවො අර පෙට්ටි ගොඩ ළග අස්සෙ ගහල බෝතලයක් ඇති අරන් වරෙන්.”
    “හා හා ලොකු අයියා මං තප්පරෙන් අරන් එන්නම්. මේ සාගර මල්ලි පරිස්සමින් ගිහින් වරෙන් හරිද? බොඩි එකේ වැඩ ඔක්කොම ඉවරයි. වාහනේට දාන්න විතරයි තියෙන්නෙ. මේ ගනකට ගහලා පලයන් නැත්නම් උබ කොහෙ හරි ඇන ගනියි. මට වැඩ ගොඩ ගැහිලා බං. හවසත් මිනී දෙකක් ආවා. තාම අතක්වත් තිබ්බෙ නෑ ….”
    “මෙන්න ලොකු අයියා භාන්ඩෙ. බයිට් එකට මුකුත් නැද්ද ලොකු අයියා.”
    “ඉඳා මෙතන රුපියල් 500ක් තියෙනවා. මාටියාගෙ night කඩෙන් full කොත්තුවකුයි ඉතිරි සල්ලි වල සිගරටුයි අරන් වරෙන්. ඉක්මනට පලයන් මූව තව රෑ වෙන්න කලින් යවන්න ඕන….”
    “Ok boss මන් සුටුස් ගලා එන්නම් ……”
    “හ්ම්ම්ම්ම්ම්ම්ම්…..”
    “ලොකු අයියා, කොහෙටද බොඩි එක අරන් යන්න තියෙන්නෙ ?..”
    “ටිකක් දුර බං සගා මලයො. අන්කෙන්දැවට තමයි බොඩි එක අරන් යන්න ඕන. අවුලක් නෑ කොට පාරක් තියෙනවා මං යනකොට බොට කියන්නම්. හැබැයි ටිකක් පාලු පාරක් උඹ ඉතින් ඔඩ්ඩියා වාගෙ පොරක්නෙ පරිස්සමින් ගිහින් වරෙන් …. ආ…… උඹ ආවද? ඉක්මනට ඕක දිග ඇරලා ගනින් මූව ඉක්මනට යවන්න ඕන.. සගා මලයා, ඔතන එහා පැත්තෙ වීදුරු වගයක් ඇති, 3 ක් හෝදලා ගනින්..
    දන්නෙම නෑ බෝතලේම ඉවර උනා. මේක තමයි බං නියම ගාන, හා හා පරක්කු වෙන්න එපා තවත් සගා මල්ලි පලයන්. ගොඩක් දුර යන්නත් එපැයි. මල්ලි drink එක දාන වෙලාවෙ කියපු දේ මතකනේ ……?”
    “ඔව් ඔව් ලොකු අයියා කොට පාර ගැනනෙ?”
    “අන්න right. උඹට ඒ පාරෙ ගියොත් පැය 2 ක් යද්දි ගිහින් එන්න පුලුවන් ….හා හා දැං පලයන්. කතාවෙන් කතාවෙන් පරක්කු වෙනවා ගමන .. යමන් බොඩි එක වාහනේට දාන්න විතරයි තියෙන්නෙ ..ඒයි චුක්කුවා වැඩේ complete නේද?”
    “ඔව් ඔව් ලොකු අයියා මනමාලියෙක් වගෙයි දැන්නම්. ටොපට දුන්නා ගේම. කෙල්ලත් ලස්සනයිනෙ. පවු මොනා උනත් තරුණ ජීවිත අකාලෙ නැති වෙලා යනවා”
    ” …. මොනා කරන්නද බන් මැරුන එකා මැරුනා ඔන්න ඕක අල්ලපන්. ඒයි වරෙන් බොලත්.;සේරම හරිනෙ? පරිස්සමින් ගිහින් වරෙන් මල්ලි. මළගෙදරට ගියාම call එකක් ගනින් .. ”
    “හරි ලොකු අයියා එහෙනම් මං යනවා….”
    “යනවා නෙමෙයි යකෝ ගිහින් එන්නම් කියපන් …..ඒයි ලසා චුක්කු මන් ගිහින් එන්නම් ඈ …”
    “හරි හරි බුදු සරණයි. පරිස්සමින් ගිහින් වරෙන්.”
    මං ගමන යන්න පිටත් උනා. වෙලාවත් 11.30 වගේ වෙලා තිබ්බෙ. දැනටමත් මම ලොකු අයියා කියප පාරෙ ගොඩක් දුර ඇවිදින්. ඒත් මට පාර පටන් ගත් තැන සිට මේ වෙන තෙක්ම එකම නිවසක්වත් මුන ගැහුනෙ නෑ. පාරෙ දෙපැත්තෙ වැඩිපුර තිබුනෙ ලොකුවට වැඩ්ච්ච රූස්ස ගස් පමණයි. පෝයට තිබුනෙ තව දවස් කීපයක් නිසා හද පායලා තිබුනත් දෙපැත්තෙ තිබ්බ උස රූස්ස ගස් නිසා පාරට හද එලිය පතිත වි තිබුනේ නැත. පාරේ හැම තැනම කණාමැදිරිිි එළි වලින් පිරීගොස් තිබුණි. පාරෙ තිබුන පාලු බවත් කණාමැදිරිි එළිත් මගේ සිතට එක් කළේ මහ මූසල හැඟීමකි. මම ඉක්මනින් ගිහින් නැවත එන සිතුවිල්ලෙන් මෝටර් රථයේ වේගය වැඩ කළෙමි. එසේ ටික දුරක් යන විට කිසියම් සුදු පාට දෙයක් ඈතින් දිස් වන බවක් මට දැනුණි. මම මෝටර් රථයේ වේගය තවත් වැඩි කලෙමි. සුදු ගවුමකික් සැරසුන ලස්සන යුවතියක් පාරේ පසෙකට වී සිටිනු මා දුටුවේ එවිටයි. පොඩි අඩියක් දාපු නිසාත්, මගේ හිතේ දැඩි බව නිසාත් මම නොබියව මෝටර් රථය ඉදිරියට ධාවනය කළෙමි…. මා ඇයව පසු කරනවාත් සමගම
    “”අයියෙ අයියෙ පොඩ්ඩක් නවත්වන්න”” කියා ඇය මගේ මෝටර් රථය දෙසට අත දික් කළාය. මෝටර් රථය නවත්වනවාද යන්න මට සිතා ගත නොහැකි උණි. “..කෝකත් එකයි දැන්.”කියා සිතමින් මම මෝටර් රථය නතර කර ඇය දෙස බැලුවෙමි. ඇය ඉතා පැහැපත් සුන්දර තරුණියකි.
    “ඇයි නංගි? මොකද මේ මහ රෑ මෙතන කරන්නෙ තනියම?”
    “අනේ අයියෙ මට පොඩි කරදරයක් උනා. විස්තර කිය කිය ඉන්න වේලාවක් නැ අනේ පුලුවන්නම් මාව ඉස්සරහින් දාගෙන යන්න”
    මොන තොප්පියක්ද මේ වැටෙන්න යන්නෙ? මගෙ යටි සිත කියන්නට වුනා. ඒත් ඇයගෙ ඉල්ලිම අහක දැමිමට තරම් මගෙ හිත එකග නොවීය…
    ” හ්ම්ම්ම්ම් නගින්නකො නංගි එහෙනම්” ..අනේ ලොකු උදවුවක් අයියෙ අයියාට ගොඩක් පින්”
    ටික දුරක් ඇයත් සමග මම ගියෙමි.. “නංගි කොහෙන්ද බහින්නෙ? මං අන්කෙන්කෙනදෑව හරියෙන් බහිනවා අයියෙ.” “මොකද නංගි, උනේ මොකක්ද? මොකක්ද ප්‍රශ්නෙ?.”
    “..අනේ අයියෙ මට දැන් ඔය ගැන කියන්න වෙලාවක් නෑ. මම ඉක්මනට යන්න ඕන. අනේ අයියෙ වාහනේ වේගෙ තව ටිකක් වැඩි කරන්නකො ”
    මගෙ හිතට දැනුනෙ මහා කුතුහලයෙකි … “අයියෙ ඔය ඉස්සරහින් නවත්වන්න. මම බහිනවා”
    …මා මෝටර් රථය පසෙකට කර නැවත්තුවෙමි..
    “මන් යනවා අයියෙ, අයියට ගොඩක් පින් මාව එක්කන් ආවට ,,”
    එලෙස පවසා ඇය විගසින් එතනින් වැටී තිබූ ගුරු පාරක් ඔස්සේ ඉදිරියට නික්ම ගියාය. මම මෝටර් රථය පණ ගන්වා නැවතත් ගමන ආරම්භ කළෙමි. එතැන් සිට මළගෙදර දක්වා තිබුනේ කෙටි දුරකි.. මා මළ ගෙදර වෙත ළගා උනි.
    “”අන්න අපේ සුදු නෝනා එනවා “යැයි කියා ඇයගෙ මව විලප දෙමින් වැලපෙනවා මා දුර සිටම දුටුවෙමී
    …”අයියෙ අල්ලන්න තව දෙතුන් දෙනෙක් ආව නම් හරි ” මා සියලු දේ සුදානම් කර පෙට්ටිය විවෘත කළෙමි. ඒ මොහෙතේ මා දුටු දෙයින් මගෙ මුලු ඇගම හිරි වැටි ගියේය. මට මගදි මුණ ගැසුන තරුණිය පෙට්ටිය තුළ නිහඬව වැතිර සිටියාය……!!! මෙවන් සිදුවීිමකට මා මින් පෙර මුහුණ දී තිබුනේ නැත. ඇය මගදි බැස ආ මාර්ගය ඇයගෙ නිවසට තිබු කෙටි මාර්ගයක් බව මම පසුව දැන ගත්තෙමි….

    Darshana Prasanga​
     

    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    මගේ කලු පූසා...
    මට අවුරුදු 9-10 කාලෙ පූසෙක් හදන්න ලොකු ආසාවක් තිබ්බා, ඉතින් බළල් පැටියෙක් හොයද්දි නිවුන්නු කලුම කලු පූසයි පූසි හම්බ වෙලා හිටිය එහා ගෙදර බැළලිට. බලල් පැටිය හරිම දුර්වලයි කෙට්ටුයි මවිලුත් අඩුයි මැරෙයි කියල හැමෝම කීව, තනි කලු නිසා හොද නෑ කියල ත් ගොඩක් අය කීව, ඒත් අපේ ගෙදර මිනිස්සු ඕව ගනන් ගන්න අය නෙවේ, ලස්සන ගෑනු සතා තියලා කැත පිරිමි සතා මන් අරන් ආව. කෝම කෝම හරි ඌ හෙන ලස්සන බෝලෙ වගේ ගමේම චන්ඩි පූස උනා, හැමෝම ඌට ආදරේ කලා, ඒත් පූස මට විතරයි ආදරේ අනික් අයට ගොරෝනව. අවුරුදු 8 විතර පස්සෙ ඌ අතුරුදන් උනා, කොච්චර හෙවුවත් හම්බ උනේ නෑ. පූසො ගෙදර මැරෙන්නේ නෑ කියනවනේ, පස්සේ ආරංචි උනා ඒවගේ පූසෙක් මැරිල හිටිය කියල ගග ගාව, ඔයින් අවුරුද්දකට විතර පස්සෙ අපේ මිදුලේ අපි සෙල්ලම් කර කර හිටිය, බෝලෙ විසි උනා කොස් ගහ යටට, මන් දුවගෙන ගිහින් තනකොල අස්සෙ ගහ මුල බෝලෙ හොයන්න ගත්ත ,
    පූසෙක් කෑගහනව ඇහුන මට, මගේ පූසගෙ සද්දේ මට හොදට හුරුයි ඒ කෑගැහුවෙ ඌම තමා, මන් හැරිල බැලුව, කලුව හිටිය මන් දිහා බලාගෙන. ඒත් එක්කම ලොකු ඉදුනු කොස් ගෙඩියක් බෝලෙ තිබ්බ තැනට වැටුනා, මන් ඔලුව පාත් කරන් බෝලෙ හෙවුව නම් මගේ ඔලුව උඩ කොස් ගෙඩිය, ලොකු අනතුරක් වැලැක්කුවා මගේ මැරුනු පූස. මන් ආපහු බලද්දී ඌ හිටියේ නෑ. මාව බේරගන්නම තමයි ඌ ඇවිත් තියෙන්නේ. සතා උනත් ඌ මට ආදරෙන් මැරිල තියෙන්නේ. මන් අදටත් ඒ පූසට පින් අනුමෝදන් කරනවා....

    Dilan Darshana Wijesingha
     

    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    ලස්සන මුහුණ පිටුපස සැඟවුණු වියරුව (ටයිටැ&#3505

    ආමන් රැජින මීට වසර 1500 පෙර ඊජිප්තුවේ රජකළ මනස්කාන්ත රූ සපුවක් හිමිකම් කිව් රැජිනකි.ඇය මිය යාමෙන් පසු සිරුර මමියක් බවට පත් කොට ඇගේ රුව හා සමානව පින්තාරු කැරුණු අලංකාර මමි ආවරණයක බහා ඊජිප්තුවේ ලස්කම්බර්ග් හි නයිල් ගං තීරයේ සුරක්ෂිතව තැන්පත් කෙරුණි .පසුව 1890 දී කල කැනීම්වලින් ඇගේ මමිය හමුවෙනවා .අලංකාර හා ඉපැරැණි මමියක් නිසා කැණීම් කල පිරිස විසින් ඇගේ මමි ය වෙන්දේසි කරනවා .ඉතා ධනවත් තරුණයන් හතර දෙනෙකුට මෙය මිලදී ගැනීම සඳහා ඇරයුම් ලැබෙනවා .වෙන්දේසිවලදී පවුම් දහස් ගණනක මිලක් නියම කර එක් තරුණයෙක් ඇගේ මමි ය මිලදී ගෙන එය තමන්ගේ හෝටලයට රැගෙන යනවා .පැය කිහිපයකට පසුව ඔහු කාන්තාරය දෙසට යන ආකාරය පිරිසක් දැක තිබෙනවා .ඉන්පසු නැවත කිසිදු දිනෙක ඔහු ආපසු පැමිණි නෑ.ඊට පසු දින තරුණයන් සිවුදෙනා ගේන් තවත් අයෙක් ඊජිප්තු සේවකයකු ගේ වෙඩි පහරක ට ලක්වී අනතුරකින් මිය යනවා .ඔහුගේ මළසිරුර අත් කපා වෙන් කිරීමට තැත් කල යැයි සිතිය හැකි ආකාරයට භයානක ලෙස තුවාල වී තිබෙන අයුරු පසුව දක්නට ලැබෙනවා .තරුණයන් සිවුදෙන ගෙන් තවත් අයෙක් ගේ බැංකු ගිණුම් අසාර්ථක වීම හේතුවෙන් සියලු ගිණුම් බැංකුව විසින් අවලංගු කරනවා .ඔහු දුප්පතකූ බවට පත්වෙනවා .අවසන් පුද්ගලයාට දරුණු රෝගයක් වැළදීම හේතුවෙන් රැකියාව අහිමි වි මහා මාර්ගයට වැටෙනවා .
    මේ අතර තුර මමි ය එංගලන්ත ධනවතෙකු මිලදී ගෙන එංගලන්තයට රැගෙන යනවා .පසුව ඔහුගේ පවුලේ තිදෙනෙකු රිය අනතුරකට ලක් වෙනවා .ඔහුගේ නිවස ගින්නෙන් විනාස වෙනවා .ඉන්පසුව ඔහු මමි ය එංගලන්තයේ කෞතුකාගාරයක ට ලබා දෙනවා .මමි ය රැගත් රථය කෞතුකාගාර මිදුලේ නවතා තිබියදී ඉබේම පසුපසට ගමන් කර ගස් දෙකක් අතර සිර වෙනවා .පසුව සේවකයන් දෙදෙනෙකු විසින් මමි ය ඔසවාගෙන තරප්පු පෙළ මතින් ඉහළ මලයට රැගෙන යන ලදී .ඉහළ මාලයේ තැන්පත් කර ආපසු එන ගමනේදී එක් අයෙකු තරප්පු පෙළින් වැටී පාදය බිඳෙන වා.මනා සෞඛ්‍ය තත්වයන් සිටි අනික් පුද්ගලයාගේ සිරුර පසුව දා හමුවෙනවා .ඔහු මිය යාමට හේතුවක් සොයා ගැනීමට ලැබෙන්නේ නැහැ .මින්පසු තත්වය තව තවත් භයානක වුණා .දිනක් රැයෙහි කාන්තාවක් ඉකි ගසමින් හඬන හඬක් කෞතුකාගාරයේ ඉහළ මහල දෙසින් ඇසුණා .කාමරයට ඇතුළු වෙත්ම ඔහුට දක්නට ලැබුණේ අනිකුත් කෞතුක වස්තූන් ඉතා වේගයෙන් සෙලවෙන අයුරුය .එ සමගම මමි ය දෙසින් ඉතා වියරු ඉකි ගැසීම කෑ ගැසීමක් බවට පත්වුණා .අනික් මුරකරු එය ඇසී ඉහළ මලයට දිව එන විටදී ඔහු දුටුවේ අනෙකා කාමර තුළ මියගොස් සිටි ආකාරයයි .රැයෙහි පුරාම මෙම වියරු අඳෝනාව හා සෙළවීම පැවතුණා .අනිකුත් මුරකරුවන් බිය නිසා පහත මලයට වි සිටියා .තවද පිරිසිදු කරන්නන් පවා මෙම මමි ය තිබෙන පෙදෙසට යාමට බය වුණා .දිනක් කෞතුකාගාරය ට පැමිණි පුද්ගලයකු අතින් දූවිලි සහිත රෙදි කඩක් මමි යේ මුහුණ නිරූපිත පෙදෙසට වැදුණා .ඒ සිද්ධියෙන් දවස් කිහිපයකට පසුව ඔහුගේ පුතා අවාසනාවන්ත ලෙස රෝගයකින් මිය ගිය .
    පසුව කෞතුකාගාරයේ බලධාරීන් විසින් තීරණය කෙරුණ මමි ය පහත මාලයේ ගබඩා කාමරයක තැබීමට .සතියක් යන්නට මත්තෙන් සේවකයෙකු දරුණු රෝගයකින් කෞතුකාගාරය තුළම මියගොස් සිටියා .කෞතුකාගාරයේ පරිපාලක වරයාද තමන්ගේ ලියන මේසය මත මියගොස් සිටියා .මෙම සිද්ධීන් පුවත්පත් වලට දැනගැනීමට ලැබීමෙන් අනතුරුව එක් පුවත්පත් වේදියෙකු මමි යේ ජායාරූපයක් ගැනීමට පැමිණිය .මමි ය මත මොහොතක් බලා සිටි ඔහු නික්ම නිවසට පැමිණි කාමරයට වැද හිසට වෙඩි තබාගෙන මිය ගිය .
    පසුව කෞතුකාගාර බලධාරීන් විසින් මෙය කෞතුක භාණ්ඩ රැස්කරන පුද්ගලයකු ට විකුණුව .ඉන්පසුව ඇතිවුණ අවාසනාවන්ත සිදුවීම් වලින් අනතුරුව ඔහු නිවසේ අට්ටාලයක් සාදා ඒ මත තැන්පත් කරා .මේ අතර තුර ගුප්ත විද්‍යා පිළිබඳ හසල දැනුමක් ඇති මැඩම් හෙලේනා නම් කාන්තාවක් මමි ය පිළිබඳ ආරංචි වි ඔහුගේ නිවසට පැමිණෙනවා .මමි ය ඇති භූමියට පැමිණෙන විටම ඇය වෙව්ලමින් සිහි මූර්ජාවෙන් වැටෙනවා .පසුව ඇය මමි ය ඇති අට්ටාලය මතට නැගී එයට ළංවී සිටිනවා .ඔබට මෙම යක්ෂ ආත්මය පලවා හැරීමට පුළුවන්ද ? නිවසේ හිමිකරු ඇයගෙන් විමසන වා.........,,කිසිදු කලක නොහැකියි .නපුරු ආත්ම යේ නෂ්ටාවශේෂ තිබීමෙන් නපුරු දේ සිදුවෙයි .ඇගේ නින්දට බාධා කෙරෙන සියල්ලන්ටම සුවසේ නිදා ගැනීමට ඉඩ නොලැබෙයි ,,,, ඇය අඩ සිහිය තුළ පවසා සිටිනවා .......
    ඉන්පසුව ඔහු නැවතත් මමි ය බාරගන්නා ලෙසට කෞතුකාගාරයෙන් ඉල්ලා සිටිනවා .එහිදී නැවත බාරගැනීමට ඔවුන් අකමැති වෙනවා .ඉන් ටික කාලයකට පසුව ඇමරිකානු පුරාවිද්‍යාඥ යකු විසින් සාධාරණ මුදලක් ද මෙය මිලදී ගන්නවා ..ඔහු මමි ය නැවක නග්ගා නිව්යෝර්ක් දක්වා ගෙන යාමට තීරණය කරනවා .............
    .............1514 දෙනෙකුගේ අවාසනාවට ඔහු එය සඳහා තෝරා ගන්නේ 1912 අප්‍රේල් 10 තමන්ගේ මංගල චාරිකාව අරඹන RMS ටයිටැනික් නැව.තමන් සමඟ යක්ෂ වියරුව ඇති ආත්මයක් නැව් ගත වන බව ඔවුන් දැන නොසිටි කාරණයක් .පුරාවිද්‍යාඥ යා විසින් නැවේ පහත මාලයේ මිලදී ගත් කාමරයක මමි ය සුරක්ෂිතව තැන්පත් කෙරෙනවා .1914 අප්‍රේල් 14 දින රැයෙහි ආමන් රා රැජිනගෙ ආත්මය යක්ෂ වියරුව නොගි ලෙන නැව එහි මගින් සමගම සාප ලබනවා .ටයිටැනික් අනතුරකට භාජනය වීමෙන් පසුව කැපර්තීකා කාර්ය මණ්ඩලය එහි අයිතිකරු සමග මමි ය නැවතත් සුරක්ෂිතව බේරාගෙන නිව්යෝර්ක් බලා ගෙන යනවා .....,,,,
    ඉන්පසුව ඇතිවු අවාසනාවන්ත සිදුවීම් වලින් පසුව මමි ය නැවතත් යුරෝපය බලා නැව් ගත කෙරෙනවා .1912..5..29 වන දින මගින් 840 ගේ ජීවිත අහිමි කරමින් ඒම නැව ද මුහුදු බත් වෙනවා .කෙසේ හො මමි ය නැවතත් සුරක්ෂිතව යුරෝපය බලා ගෙන යනවා .පසුව සිදුවන අවාසනාවන්ත මරණ හේතුවෙන් මමි යේ නිජබිම වු ඊජිප්තුව ට ආපසු ගෙන යාමට තීරණය කෙරෙනවා .මමි ය රැගත් නැව ඊජිප්තුව ට යන අතර මඟදී ජර්මානු සම්බැරින යක පහරකට ගොදුරුව දරුණු ලෙස හානි වි එහි මිනිසුන් දහස් ගණනකගේ ජීවිත උදුරාගෙන වියරුව සිටි යක්ෂ ආත්මයද රැගෙන ආමන් රා රැජිනගෙ මමි ය සමඟ මුහුදු පතුලේ තැම්පත උණු බව විද්‍යාඥයෝ විස්වාස කරනවා ...........
    (උපුටා ...ගැනීමකි )

    Randima Hansamali
     

    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    තවත් එක් සත්‍ය සිදුවීමකි

    දැනට අවුරුද්දකට පමන පෙර මා එක් දිනෙක වෙදමහතා සමග එක ගෙදරකට ගියා ගෙයි ආරක්ශාවක් සදහා... සෑම දෙයම පිලියෙල කලත් ලැයිස්තුවේ තිබූ වර්ගයක් ගෙහිමියාට අතපසු වීඇති බව දැනගැනීමට ලැබුනා...

    අසල කඩවල් වලට ගියත් ඒ දේ නොතිබූ බැවින්..මඅහත් කරදර්යකට මූනපාමට සිදුවේ යැයි වෙදමහතා ඇතුලු අපි හැමදෙනා පොඩි චකිතයකින් සිටියෙ...කවදාවත් නැතිව රාත්‍රි ආහාරයට පෙර වෙදමහතා අදුන ඉදිරියෙන් ඉදගෙන කුමක්හෝ යමක් කොදුරන ආකාරයෙන් සිටියා එකවිටම නිවසේ තිබූ විදුලි බල්බ 3ක් එකවරම පුපුරාගියේ වීදුරු කටු විසුරුවමින්......

    වෙ.ම් අදුන ගාවින් නැගිට ඇවිත් මහත්තයො දැං ඔක්කමලා රෑ කෑම කෑවනම් හොදා...

    *- ඔබතුමා කන්න එන්න් මේසෙන් වාඩිවෙන්න..

    වෙ.ම නැතුවට කමක් නෑ මහත්තයො මට කන්න ඹඩගින්න තිබුනට කන්න දෙන්නෙ නෑ නොවැ... තහනං කෙරුවෙ දැං මේ වැඩේ ඉවරවෙනකං... පුලුවන්නම් මට තේ කහට වීදුරුවක් දුන්නනම්...

    *- ඒ කිවෙ වෙ.ම

    වෙ.ම් මහත්තයො එදා මේ බඩු ලැයිස්තුව දුන්නෙත් මම නෙවේනෙ..මට නියම කරන දේ තම මම් ලියලා දෙන්නේ... ගෙවල් දෙකක් ආරක්සා කලත් කරන්නෙ එක්ම වැඩේ කියල ඔබතුමාලා හිතන්නෙ.. ඒත් මහත්තයො එකම වැඩේ උනත් මේ ගහලය කියන බඩු ලැයිස්තුව තමා ඕනා වෙන්නෙ.. එකකට සැවුල් ඉල්ලුවොත් අනිකට වෙන දෙයක්...මූ එක්ක ඉන්න එකට වෙනම සම්මානයක් දෙන්න ඕනා..

    දැං ඔය අඩුවට තිබුනු ජාතිය නෑකිය්ල මං කීවම තමා මට මේ වැඩේ අහවර වෙනකම් කෑම් තහනං කොරේ.... ඊට හපං එක දවසක් වෙන ගෙදරක වැඩක් කොරනකොට පැය 3 වඩා මන්ත්‍ර මාරු කෙරෙඋව මේ පරය..පෙලක් වෙල වලට පොඩ්ඩ එහාමෙහා උනොත් මේක මාරු වෙනව හොයන්න අලුතෙන් මුල ඉදලම පටන්ගන්න වෙනවා..

    *- ඉතිං තේ එකක් බීල ඇතෑ වෙ.ම

    මොනවා කොරන්නද වැඩකට ආවොත් ඉතිං මූ කියනපලියට් නටපං තමා....
    රජ්ජුරුවන්ට අවනත වෙල හිටපු මුංට අපි වගේ මේ දෙකයිපනහෙ මිනිස්සු බල්ලො බලල්ලු ගානයි.. #කෝච්චි_නවත්තපු_මූංගෙ_උංට_මගෙ_පනකෙන්ද_මොකක්ද

    අනික මහත්තයො ඔය දං මේ අඩියක් අඩියක් ගානෙ දේවාල දාගෙන ඉන්න කලකන්නි ජඩ හිගන හැත්ත වගෙ නොවේ..උන්ට මේ මැරිච්ච හැත්ත ඇගට දාගෙන නෙදකිං පර හැත්ත.... උන්ට නං ඉතිපිසෝ කියල හරි නවත්තගන්ඩ පුලුවන්.....

    අච්චර දෙයක් කරපු මේ ගහල යකා අපි කෝමද් මහත්තයො නවත්තන්නෙ... මාවත් මරලා මගෙ පවුලෙ උන්වත් මරල යයි තත්පරයක් ඇති..

    එහෙනම් මහත්තයලා කෑම බීම කාල අහවර වෙලා ඉතිරි හෑම දෙයක්ම අයිං කොරන්න මොකද මේ ගහල ගෙරියගෙ උන් හැම මගුලටම ඔලුව දානවා. කෝමත් උදේට ඉතිරි කෑම ගන්දස්කාරෙ බරිවෙයි දැනටමත් තරහෙන් නොවැ ඉන්නෙ.... කාම අහවර වෙලා දොර ජනෙල් ඇරල් දාල සියලු දෙනාම ඇවිල්ල ඉදගන්න.....

    ලියනගේ ලියනගේ
     

    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    මේ Scene එක සිද්ධ උනේ මට නිසා,කිසිම අවුලක් නැතුව සාක්ෂි ඇතුව දාන Post එකක්....

    පහුගිය 17 වෙනිදා අපේ අම්මාගේ Office එකේ කට්ටිය (තාම වැඩකරන අය/Retire වෙච්ච අය,සමත මණ්ඩලයේ අය,ඒ අයගේ පවුල්වල අය සහ හිතවත් අය) එක්ක,සමත මණ්ඩලයේ අම්මලාත් එක්ක එකට වැඩකරන Uncle කෙනෙක් සංවිධානය කරපු වන්දනා ගමනක්/විනෝද ගමනක් යන්න Set උනා,මම සාමාන්‍යයෙන් අම්මලාත් එක්ක යන සාම්ප්‍රදායක වන්දනා ගමන් යන්න අදිමදි කලාට,මම පොඩිකාලේ අම්මාලාගේ Office එකට ගිහාම,මාත් එක්ක හොඳට කතාකරන Unclesලා දෙන්නෙකුත් යනවා කියලා අම්මා කියපු නිසා,එච්චරම අවුලක් නැතුව,Trip එකක් යද්දි මම අනිවාරයෙන් අරගෙන යන ලීටර් 2.25 Coca-Cola Mega බෝතලයකුයි,තව 400ml Coke බෝතල් දෙකකුයි,Pringles Tin එකකුයි,මගේ 8GB MP4 Player එකයි අරගෙන නමෝ විත්තියෙන් වැඩේට Enter උනා,ගමනේ Main Event එක වෙලා තිබුණේ සෝමාවතී චෛත්‍යයේ සිද්ධකරන කප්රුක් පූජාවල්,(රාත්‍රී පූජාවක්,උදෑසන පූජාවක්,දහවල් පූජාවක්) බාර අරගෙන සිද්ධකරලා,ඊට පස්සේ මහියංගනයේ චෛත්‍යය වැඳලා,එහෙම්ම දබානේ ආදීවාසීන්වත් බලලා,ගෙදර එන ගමන් නුවර දළදා මාලිගාවත් වැඳලා එන එක තමයි මේ දවස් තුනක වන්දනා ගමනේ Schedule එක වෙලා තිබුණේ,ඉතින් මමත් සුපුරුදු විදිහට Bus එකේ අන්තිම Seat එකේ වම් පැත්තේ කාටවත් කරදරයක් නොකර වාඩිවෙලා හිටියා,ඔය යන අතරතුර,මේවගේ Typical Dial එක්ක යන Typical Trips වලදි Setවෙන,තමන්ට ඕන විදිහට අනිත් එකාත් ජීවත්වෙන්න ඕන කියලා හිතන,මගේ ගැන කිසිම දෙයක් නොදන්න,ඒත් එක එක ගමේ ඉන්න අනුන්ගේ ඕපදූප/කුණු හෙවීම ජීවිකාව කරගත්ත අම්මන්ඩිලාගේ ගොබ්බ කටකතා විශ්වාසකරලා ඒ අනුව මගේ දිහා නිකන් ත්‍රස්තවාදියෙක් දිහා බලනවා වගේ බලපු අය වගේම,ගමනාන්තය දක්වා මට තඩි Size පරාල ඇන වෙච්ච කිහිපදෙනෙකුත් හිටියා,සාමාන්‍යයෙන් මම අපේ අතින් මුදල් ගෙවලා යන චාරිකාවකදී,එහෙම උන් එක්ක ඔක්කොම ඉස්සරහා ගේම ඇදගත්තත්,මේ Trip එක සංවිධානය කරපු Uncle,බොහෝම අහිංසක විදිහට කතා කරපු මනුස්සයෙක් නිසාත්,ඔක්කොටම වඩා ඒ Uncleගේ පවුලේ අය,Trip එකේ ගිය 38 දෙනාගෙම ගමන් ගාස්තු,ඉදුම්/හිටුම් සහ අනෙකුත් සෑම දෙයකම වියදම් දරපු නිසා,මටයි අම්මාටයි කොහොමහරි මේ ගමනට සහබාගීවෙන්න කියලා කිහිප වතාවක්ම Telephone කරලා කියපු නිසා,මගේ ප්‍රතිපත්තිමය හේතු මත,මම සාමාන්‍යයෙන් පරාල ඇන එක්ක ගණුදෙනු කරද්දි අනුගමනය කරන පළමුව ඉතා සංවර ලෙස තමන්ගේ මංගල්‍යයක් බලාගන්න කීම,දෙවනුව ටිකක් සැරෙන් එහෙත් මහත්මා විදිහට කරුණාකරලා තමන්ගේ වැඩක් බලාගෙන,මට ඇනයක් වෙලා දත්ටික බඩට යවාගන්නේ නැතුව ඉන්න යැයි පැවසීම,තෙවණුව බොහෝම කලාතුරකින් කිරීමට සිදුවන,පාලි/සංස්කෘතවලින් අමතා,බැරිම අවස්ථාවකදී අතින් පයින් සංග්‍රහාකිරීම වගේ මගේ සාමාන්‍යය ප්‍රතිපදාව මේ ගමනේදී පාවිච්චි කලේ නෑ,ඒ ඔක්කොටම වඩා පට්ටම විහිළුව උනේ,ඒ දවස් ටිකේම පන්සල් ඉඩම්වලටම වෙලා ඌරුමස් කකා තුන්වේලටම කරටි කැඩෙන්න Coke එක්ක Liquor ගහපු සමහර ජිල් බුවාලා මට Fried Rice කාලා Coca-Cola බීමේ ආදීනව කියන්න ආපු එක,මම ඉතින් ඉහත කිව්ව කාරණය නිසාම ඒවාට විරුද්ධව කරන මගේ සාමාන්‍යය Defensive Strategies අනුගමනය කරන්න පෙළබුණේ නෑ,Full අහිංසක විදිහට අමාරුවෙන් උනත් හිටියා,ඒත් ඒ කියපු උන් දැනගෙන හිටියේ නෑ මම උන් කියපු ඒ වැදි බණ තඹ සතයකටවත් ගණන් ගත්තේ නැති බව කොහොමහරි අපි 17 වෙනිදා හවස්වරුවේ සෝමාවතී චෛත්‍යය තියෙන පන්සලට අයිති විශ්‍රාම ශාලාවට ආවා,අනිත් අය ඔක්කොම හවස කප්රුක් පූජාවට සූදානම් වෙද්දි,අපි කිහිපදෙනෙක් ඒ ළඟ තිබුණු මහවැලි ඟගේ අතු ගංඟාවක නාන්න ගියා,ඒ හරියේ තිබුණ පොලිස් මුරපොලක හිටපු නිළඳාරියෙක් අපිට ගඟ මැද්දට යන්න එපා කියලා අනතුරු ඇගෙව්වා,කිඹුල්ලු ඉන්න හින්දා,හවස 6:00 පහුවෙන්න කලින් නාගෙන යන්න කියලත් කිව්වා,වල් අලි ඒවෙලාවට වතුර බොන්න ගඟට එන නිසා,Bus එකේ එක දිඟට ඇවිල්ලා තෙහෙට්ටු නිසා කිඹුල්ලු කාලා අලි පෑගුවත් කමක් නෑ කියලා,Bus එක ඇතුලෙම ඉඳලා ඇඳුම් මාරුකරගෙන,කට්ටියත් එක්ක නාන්න ගඟට බැස්සා,Swimming Lessons,Crocodile Pranks කර කර ඉන්නකොට කතාවෙන්,විහිළුවෙන් දන්නෙම නැතුව අර පොලිස් රාළහාමි කියපු වෙලාව පනින්න ඇති (මොකද අපි කාගාවවත් අතේ ඒ වෙලාවේ ඔරලෝසු තිබුණේ නෑ),කොහොමහරි කණාවට කවුරුහරි තනි අලියෙක් ගඟ පැත්තට එනවා දැකලා කට්ටියටම Siren එක දුන්නා,මම නම් මුලින් හිතුවේ ඒකත් Prank එකක් කියලා,කෝකටත් කියලා මාත් ටිකක් විපරම් කරලා බැලුවා,Scene එක ඇත්ත කියලා දැනගත්තාට පස්සේ මගෙත් රෙඩා Pot උනා,හොඳ වෙලාවට අලියාට අපිව Meter උනේ නෑ,මමත් ඉතින් පීනන්න පුළුවන් හරියේ පීනගෙන ඇවිල්ලා,ඉතුරු ටිකේදි වතුර වතුර කියලා බලන්නේ නැතුව Hooray Run එකක් දුන්නා,කෙලින්ම එගොඩටම,Run එක අතරමඟදි පොඩ්ඩක් අඩාල කලේ එගොඩ තිබුණු මගේ ඇඳුම්/පැලදුම් ටිකයි,තුවායයි ගන්න විතරයි,තෙත පිටින්ම Finishing Lines කඩාගෙන Bus එක ඇතුලටම පැනගත්තා නිරුපද්‍රිතවම,ඉටපස්සේ අපි විශ්‍රාම ශාලාවට ආවා,කට්ටියක් කප්රුක් පූජාවට Set වෙන්න පන්සලට ගිය අතරේ,මමයි තව මල්ලි කෙනෙකුයි නැවතුනා,පස්සේ Bus එක ඇතුලට ගිහාම Driving Uncle,පුතා අපි කම්මැලිකම යන්නත් එක්ක,Film එකක් බලමු කියලා කතාකලා,මොනවද ඔයා බලන්න කැමති Films කියලත් ඇහුවා,පස්සේ මම කිව්වා Uncle කැමති එකක් බලමු,හැබැයි මම Hindi Films නම් වැඩිය බලන්නේ නෑ කියලා,ඉටපස්සේ Dial එක මේක විතරයි මගේ ගාව English Film එකකට තියෙන්නේ කියලා Nicholas Cageගේ Movies Collection එකක් දැම්මා,නිකන් Navy Warfare Line එකක් තිබ්බ නිසා මට දානකොටම 1st Movie එකම එපා උනා,ඒත් Driver Uncle මම හින්දාම මේක දාපු නිසා මොකුත් කිව්වේ නැතුව බලාගෙන හිටියා,ඉටපස්සේ Film එකේ පොඩි Kissing Scene එකක් තිබ්බ නිසා,මම Upset යයි කියලා හිතලා වෙන්න ඇති,පුතා මුන් කියන ඒවා අපිට තේරෙන්නෙත් නෑනේ,අපි Hindi එකක්ම බලමු කියලා Aamir Khan ඉන්න Film එකක් දැම්මා,මට අහන්නත් හිතුනා Uncleට Hindi තේරෙනවාද කියලා,ඒත් හරි නැති නිසා ඇහුවේ නෑ,පස්සේ දැක්කේ ඒක Dhoom 3 කියලා,ඒකේ 1st එකයි,2nd එකයි අහම්බෙන් බලන්න ලැබුනු නිසා,මේකත් අහම්බෙන්ම Set වෙච්ච නිසා බැලුවා,Film එක ඉවරවෙන්න කිට්ටුවෙද්දි කප්රුක් පූජාවට ගිය කට්ටියත් ආපහු විශ්‍රාම ශාලාවට ආවා,අනිත් අය Dinner එක ගන්න සූදානම් වෙද්දී,මට හරියන කෑම තිබුණේ නැති නිසා,වටයක් ගහන්න ඕනත් නිසා මම පොඩ්ඩක් ඒ හරියේ තිබුණ කඩවල් වලටත් ගිහිල්ලා,ඒ කඩේකින්ම හීනියට Dinner එකත් අරගෙන ඇවිත් 11:30ට වගේ නිදාගන්න අපිට වෙන්කරපු විශ්‍රාම ශාලාවේ කාමරයකට ගියා,බිම රෙද්දක් දාලා නිදාගත්ත නිසාද මන්දා,වෙනදාට ගෙදර නින්දයන විදිහට නින්ද ගියේ නෑ,කොහොම උනත් උඩ හයිකරලා තිබුණු Ceiling Fan එක නිසාද කොහෙද පැය දෙකක්/දෙකහමාරක් විතර නින්ද යන්න ඇති

    එකපාරටම මට අම්මාගේ කටහඬ ඇහිලා ඇහැරුණා,ඉටපස්සේ මම අම්මාගෙන්ම විශ්‍රාම ශාලාවේ Toilets තියෙන හරිය ගැන අහගෙන,ඒ පැත්තට ගියා,මගේ අතේ Phone එකවත්,Torch එකක්වත් තිබුණේ නෑ,මම නිකන් අනුමානෙට හිතුවා දැන් නම් පාන්දර හතර පහුවෙලා ඇති කියලා,Toilets තබුණු තැනට එළිය වැටිලා නොතිබුණත්,Toilets පේළිය ඇතුලේ පොඩි Bulb එකක් හයිකරලා තිබුණා,ඒක නිසා හැම Toilet එකකටම පොඩි ආලෝකයක් ලැබුණත්,ඒ ආලෝකය පිටතට ප්‍රමාණවත් උනේ නෑ,ඇතුලුවෙනවත් එක්කම තියෙන Toilet එකට එහාපැත්තේ Toilet එකේ දොරට යකඩ පටියක් තියලා Lock කරලා තිබුණේ,මට ඒක අදාල නැති නිසා,මම ආපු වැඩේ කරගන්න Toilets පේළිය හදලා තියෙන ගොඬනැගිල්ලට ඇතුල්වෙනවත් එක්කම තියෙන Toilet එකට ඇතුළු උනා,මට එකපාරටම ඇහුණා මම හිටපු Toilet එකට ටිකක් එහායින් Shower එකක හරි Tap එකක හරි වතුර වැටෙන සද්දයක්,ඒත් එක්කම සෙරෙප්පු දෙකක් බිම අතුල්ලනකොට එන සද්දයක් එක්කම හීන් කටහඩක් තියෙන ගෑණු කෙනෙක්,හුස්ම ඉහළට අදින නිකන් කවුරුහරි අඬනකොට,එහෙමත් නැත්නම් හෙම්බිරිස්සාවක් හැදුනහම ඉහළට හුස්මගන්නකොට එන සද්දෙට සමාන සද්දයක් ඇහුණා,මම එනකොට කවුරුත් එතන හිටියේ නැති නිසා ගිය වැඩෙත් කරගෙන Toilet එකෙන් එලියට ඇවිල්ලා සේරටම ඉස්සෙල්ලා හිටපු තැන ඉඳලාම බැලුවා මේ Toilets වල ගැහැණුන්ට වෙනමයි,පිරිමින්ට වෙනමයි කියලා වෙන්කරපු ලකුණු තියෙනවද කියලා,එහෙමත් තිබුණේ නෑ,ඊටපස්සේ ඉන්න තැනින් ටිකක් පිටිපස්සට ගිහිල්ලා බැලුවා,අර යකඩ පටියක් දොරට තියලා Lock කරපු Toilet එක හැර තව වහපු Toilets තිබේද කියලා,ඒ වෙද්දිත් අර කවුරුහරි Bathroom එකක නානකොට පිටතට ඇහෙන සද්දේ මට පැහැඳිලිව ඇහෙනවා,පස්සේ මම තේරුම්ගත්තා ලොවෙත් වෙලාව නම් පාන්දර හතර වෙන්න විදිහක් නෑ කියලා,පස්සේ මම කිසිම කලබලයක් කරන්නේ නැතුව ආපු Speed එකෙන්ම ආපහු අපි නැවතිලා හිටපු කාමර හරියට එනකොට,අපේ අම්මයි,අපිත් එක්ක Trip එක ගිය තව Aunty කෙනෙකුයි,Toilets වලට යනවා කියලා Torch එකකුත් අරගෙන මම ගිය පැත්තට විරුද්ධ පැත්තට යනවා දැකලා,මම ඇහුවා Toilets තියෙන්නේ වම් පැත්තෙනේ,ඇයි මේ දකුණු පැත්තට යන්නේ කියලා?,ඒ පැත්තේ තියෙන්නේ පිරිමින්ට වෙන්කරපු Toilets,අපි යන්නේ ගෑණු අයට වෙන්කරපු ඒවාට කියලා කියාගෙන ගියා,මම අපි නිදාගෙන හිටපු තැනට ඇවිත් Charge වෙන්න කියලා එතනම Plug Point එකකට ගහලා තිබුණ මගේ Phone එකෙන් වෙලාව බැලුවා,මම හිතුවා වගේම පාන්දර 4:00 වෙලා තිබුණේ නෑ,වෙලාව පාන්දර 3:25යි,අම්මා ආපහු එතනට ආවහම මම ඇහුවා ඔය දෙන්නා විතරද ඒ වෙලාවේ Toilets පාවිච්චි කලේ වෙන කවුරුවත් හිටියේ නැද්ද කියලා,ඉටපස්සේ එයා ඇහුවා කවුරුවත් හිටියේ නෑ ඇයි එහෙම කිව්වේ කියලා,පස්සේ මම කිව්වා මට වෙච්ච සිද්ධිය,පස්සේ මටත් බැනලා අම්මා නිදාගත්තා,මම මේක ගැන උදේට හොයලා බලන්න හිතාගෙන නිදාගත්තා,පස්සේ කට්ටිය ආයිත් උදේ කප්රුක් පූජාවට යන්න හිතාගෙන හෝ ගාලා ලෑස්තිවෙනවා,මට දැන් පාන්දර වෙච්ච Scene කෝන් එක හරියටම දැනගන්න ඒ පැත්තේ Dial එකක් Set කරගන්න ඕන කියලා හිත හිත උදේ Plain Tea එක බිබි,එතන තිබුණ සියඹලා ගහක් යට තිබුණ Bench එකක වාඩි උනා,ඒත් එක්කම Army Cut එකක් ගහපු කෙනෙක් ඇවිත් ඔයගොල්ලෝ කොයි පලාතේන්ද ආවේ කියලා අහලා මාත් එක්ක කතාවට Set උනා,ඒගොල්ලෝ කටුනායක ඉඳලා ආවේ,කාලතවක්කු රෙජිමේන්තුවෙන් සෝමාවතී වෛත්‍යයේ ප්‍රතිසංස්කරණය බාරගෙන කරන නිසා,දැන් සතියක තිස්සේ ඉඳලා,මෙහේ තමයි නැවතිලා ඉන්නේ කියලා,පස්සේ මමත් වහෙන් ඔරෝ Line එකෙන් මගේ දැවෙන ප්‍රශ්ණය ඉදිරිපත් කලා,මම නිකන් දන්නේ නැති Mode එකෙන් ඇහුවා මෙහේ විශ්‍රාම ශාලාවේ Toilets පැත්තෙන් රෑට මොනවා හරි Scene එකක් යනවද කියලා,පස්සේ මිනිහා මගේ දිහා ටිකක් Doubtful විදිහට බලලා ඇහුවා,පිරිමි කට්ටියගේ Toilets හරියෙන්,වතුර සද්දයක් වගේද කියලා,මම කිව්වා මට වතුර විතරක් නෙමෙයි සෙරෙප්පු සද්දයක් එක්ක ගෑණු කෙනෙක්ගේ උගුර පාදනවා වගේත් ඇහුණා කියලා,පස්සේ,Mans මගෙන් ආයිත් ඇහුවා,නිකන් ඒ ගෑණු කෙනාට හෙම්බිරිස්සාව හැදිලා වගේ නේද කටහඩ ඇහෙන්නේ කියලා,මම කිව්වා ඔව් ඔව් කියලා,ඉටපස්සේ Dial එක හිටපු තැනින් නැගිටලා,මගේ දිහා බලලා කට කොනකින් හිනාවෙලා කිව්වා,ඕක කාටවත් වැඩිය කියන්න යන්න එපා,ඔය කටහඬ අපිටත් කීපවතාවක්ම ඔය Toilets ඇතුලෙන් ඇහිලා තියෙනවා ගණන් ගන්න එපා,මීට අවුරුදු කිහිපයකට කලින් ඔය හරියේ ගෑණුකෙනෙක් මැරිලා තියෙනවා,කියාගෙන මිනිහා යන්න ගියා

    මට මිනිහාගේ කිංඩි හිනාව දිරෙව්වේ නැති හින්දා,මේකෙම ඉන්න කාගෙන්හරි අහලා සැකහැර දැනගන්න ඕන කියලා ඉන්නකොට,උදේ 10:30ට විතර අපි (උදේ කප්රුක් පූජාවට නොගිය අය) ආයිත් හවසටත් ගඟට නාන්න යමු කියලා කතා වෙවී,එකතුවෙලා තේ බිව්වා,ඉතින් මගේ තේ එකට සීනි ටිකක් වැඩිපුර දාගන්න හිතාගෙන,විශ්‍රාම ශාලාවේ,අපේ කට්ටිය උයපු කුස්සියට ගියා,ඒ වෙලාවේ එතන හිටියා එතන වැඩකරන වයසක Uncle කෙනෙක්,ඉතින් එයත් එක්ක අපි කතාකරන ගමන්,මම Full Strategic Approach එකකින් මගේ පරණ පුරුදු ප්‍රශ්නයට පාර හදාගත්තා,ගොඩක් දේවල් කතාකරන ගමන් මම Normal එකේ ඇහුවා,Uncle රෑට නවතින්නෙත් මේ විශ්‍රාම ශාලාවෙද කියලා,පස්සේ එයා කිව්වා,නෑ පුතේ මම රෑට නිදාගන්නේ පන්සලේ,උදේට තමයි මෙහෙට එන්නේ කියලා,ඉටපස්සේ තවත් Shape Side ප්‍රශ්න අහන ගමන් අර ප්‍රශ්නෙත් ටිකක් ඇඟට නොදැනි,එයාට Clue එකක් එන්නේ නැති විදිහට එලියට දැම්මා,පස්සේ ඇහුවා කවුරුහරි ඔයාට මොකක්හරි කිව්වාද කියලා,මම කිව්වා,මේක මට කිසිකෙනෙක් කිව්වේ නෑ,ඊයේ රෑ මටම වෙච්ච Scene එකක් කියලා,පස්සේ Dial එක ටිකක් වටපිට එහෙම බලලා,මම ඉන්න හරියට ටිකක් කිට්ටුවෙලා කිව්වා,පුතා ඉස්සර මගෙත් එක්ක මෙහේ වැඩකරපු තව එක්කෙනෙක් හිටියා,අපි දෙන්නා,මෙතන වැඩකරලා,රෑට නිදාගත්තෙත් මේ විශ්‍රාම ශාලාවේමයි කියලා,දවසක් පිරිමි අයගේ Toilets හරියේදී,මෙයා මහා රෑ කොන්ඩේ කඩාගත්ත ගෑනියෙක් ඉන්නවා දැකලා,හොඳටම බයවෙලා,පස්සේ හොඳටම උණ අරගෙන ලොකු ශාන්තිකර්මයකුත් කලා,එදා ඉඳන් මම විතරයි මේකේ තනියෙම වැඩකරන්නේ,මම උනත් රෑ ගතකරන්නේ පන්සලේ,ඒත් මට නම් තාම ඔය කියන ගෑණු කෙනාව දකින්න ලැබිලත් නෑ,ඇහිලත් නෑ,හැබැයි ඒ හරියෙන් රෑට එක එක සද්ද බද්ද ඇහුණා කියලා මට කීපදෙනෙක් කියලත් තියෙනවා,ඉතින් මම ඇහුවා Uncle මේ සද්දේ ඇහෙනවා කියලා ගෑණු කට්ටිය මීට කලින් කියලා නැද්ද කියලා,නෑ ඕක ඇහෙනවා කියලා කියන්නේ පිරිමි අයගේ වැසිකිලි තියෙන පැත්තෙන් විතරයි,හැබැයි අර මගේ යාළුවා විතරයි,ඔය ගෑණු කෙනාව මෙච්චර කාලෙකට ඇස්දෙකින්ම දැකලා තිබුණේ වෙන කවුරුවත්,මීට කලින් එහෙම කෙනෙක්ව දැක්කයි කියලාවත්,මම කවදාවත් අහලා නෑ කියලා කිව්වා,ඉටපස්සේ මම අර යකඩ පටියක් තියලා Lock කරලා තියෙන Toilet එක ගැන ඇහුවා,ඉටපස්සේ Uncle කිව්වා,මම මෙහෙට එනකොටත් ඒක ඒ විදිහටම මෙහේ තිබුණ නිසා ඒක ගැන වැඩි විස්තරයක් මම කියන්න දන්නේ නෑ කියලා,ඉටපස්සේ Uncle අර හමුදාවේ එක්කෙනා කරපු ඉල්ලීමම මගෙන් කලා,ඒ තමයි මේ සිද්ධිය කාටවත් කියන්න එපා කියන එක,එහෙම කලොත් සෝමාවතී චෛත්‍ය වැඳපුදාගෙන,විශ්‍රාම ශාලාවේ නවතින්න එන කට්ටිය අඩුවෙයි කියලා,කොහොම උනත් මීට කලින් මේවගේම අත්භූත සිද්ධි කිහිපයකට,මම මුහුණදීලා තිබුණත්,කටහඩක් ඇහුණු පළවෙනි අවස්ථාව සහ ගොඩක්ම පැහැදිලි විදිහට කිට්ටුවෙන්ම ඇහුණු අත්භූත ශබ්දය ඇහුනේ මේ සිදුවීමෙදි....

    ප.ලි - මම මේක නිර්මාණය කරලා හදපු සිද්ධියක් කියලා හිතලා මේ Post එකට Ha Ha දාන්න කලින්,ඔය මේවගේ දේවල් නෑ කියලා කෙස් පැලෙන තර්ක ඉදිරිපත්කරන හේතුවාදී අයියලා,අක්කලා ඇතුලු තවත් Dial ඉන්නවා නම්,තනියෙන් මම ගිහිපු වෙලාවටම ගිහිල්ලා Check කරලා බලලා ඇවිල්ලා Ha Ha බැරිනම් හා හා හරි හාවා දැම්මත් මට කමක් නෑ,හැබැයි අර සමහර ගොබිලෝ කරනවා වගේ තඩි Tube Light Size Emergency Lights අරගෙන පිටිපස්සෙන් 100ක් එක්ක විතර ගිහිල්ලා,කෝ මේකේ ගෑණියෙක් තියා බලු මැක්කෙක්වත් නෑනේ කියලා Photos දාලා අයියලා වෙලා රඟන්න එපා,මතක තියාගත්තොත් හොඳයි,අදෘෂ්‍යමාන බලවේග මේ ලෝකේ නෑ කියලා ඔප්පු කිරීමේ දොලදුක තියෙන්නේ උඹලට මිසක්,උන්ට උඹලා ඉස්සරහට ඇවිල්ලා රඟන්න කිසිම කැසිල්ලක් නෑ,ඉතින් උඹලාටම තනියෙන් පාන්දර 3:00ත්,3:48ත් අතර ජාම වෙලාවේ එතනට ගිහිල්ලා ඒ Risk එක අරගන්න වෙනවා,ඒක නිසා ඇයි උන් දෙන්නෙක් එක්ක ගිහාම එන්න බයද වගේ,සඳමෝල් Talks දාන්න එපා,ඒවගේම මුලු සෝමාවතී චෛත්‍යයයි,විශ්‍රාම ශාලාවයි දෙවනත් කරගෙන අර TV එකේ යන සමහරක් වැඩසටහන්වල වගේ Cameras,Lights උස්සගෙන ගිහිල්ලා හමුදාවෙන් වෙඩිකාලා,එතන ඊළඟ අදෘෂ්‍යමාන බලවේගය වෙන්න හදන්න එපා,රහසිගතව කට්ටිය අඩුවෙන් ගිහිල්ලා තමන්ගේ Investigation එක කාටවත් කරදරයක් නැතුව කරගෙන එන්න,ඒවගේම මෙතන මට Hysteria,Hallucinations වගේ Minor Psychological Disorder එකක් නිසා මගේ හිතේ මැවුනු මායාවක් කියලා කියන්න බලාගෙන ඉන්න පොලොස් කොට්ටෝරුවන්ට කියන්නේ,එහෙම එකක් වෙන්න පුළුවන් වෙන්නේ,මම එහෙම ලබුකැටයක් එතන වෙන බව කලින් දැනගෙන හිටියා නම් විතරයි,ඒ වගේම මම දෙන්නෙක්ටම විස්තරේ කියන්නත් කලින්,ඒ දෙන්නා මට වෙන වෙනම එතන වෙන Scene කෝන් එක පැහැදිලිවම කිව්වා,අනිත් වැදගත්ම කාරණාව තමයි,මම ඒවගේ වෙලාවල් වලදී අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ග ගැන දන්න හින්දා,ශාන්තිකර්මයක් කරනොගෙන,ඇපනූල් දාගන්නේ නැතුව බේරුණා,උඹලාටත් අවුලක් නොවේවා කියලා ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා.... :)

    Uditha Eranga
     

    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    කතා කියවල කියවලාම මටත් හිතුනා පොඩි කතාවක් ලියන්න.. මට නම් තාමට හොල්මන් අවතාර පෙනිලා නෑ.. මේක මගෙ තාත්තගෙ සීයා ඒ කියන්නෙ මගෙ මුත්තාට උන දෙයක්ලු.. මම එයාව ලොකු සීයා කියල අඳුන්වන්නම්.. මේ කියන මගෙ ලොකු සීයාට ගමේ හැමෝම කියන්නෙ ලොකු මහත්තය කියලලු.. මොකෝ උන්දෑ බොහොම හයි හත්තිය තිබුණ උස මහත කෙනෙක් කියල තමයි තාත්ත කියන්නෙ.. ඒ කාලෙ කුඹුරු යායක් අස්වද්දලා ආවත් උන්දැට ඒකෙ වගක් වත් නැහැලු..

    ඉතිං හයිය හත්තිය වගේම ලොකු සීයා හරිම සැර පරුෂ කෙනෙක්ලු. දවසෙම කුඹුරු වල ඉඩං වල ගොවිතැන් වැඩ කරල හැන්දෑවට ඇලෙන් හොඳට නාල කිතුල් රා මුට්ටියකට එහෙම වග කියල, මුන්දැ සීපදයක් කියාගෙන කන්දෙන් මතු වෙනකොට මිනිස්සු ගෙවල් වල දොරවල් වහ ගන්නවලු.. ඉතිං හිතා ගන්නකො කොහොම මනුස්සයෙක්ද කියල..

    ගෙදර ඇවිත් මගේ තාත්ත එතකොට පුංචි එකෙක්ලු මෙහෙ වර කොල්ලො සීපදයක් කියල දෙන්න කියල බොහොම සද්දෙට සීපද කියනවලු.. ඉතිං ඔහොම ඉද්දි දවසක් ඉර මුන් වෙලාවෙ ලොකු සීයා ගෙදර එන්න ඇවිත් තියනවා කාල ආපහු කුඹුරට යන්න හිතන්.. ඇලෙන් එගොඩ වෙලා රබර් කෑල්ල මැද්දෙන් ලොකු සීයා එද්දි දැවැන්ත නයෙකුයි හැපින්නකුයි වෙලිල ඉන්නවලු පාර අයිනෙ.. මේක දැක්ක ගමන් මුන්දැගෙ අසපුරුෂ ගති මතුවෙලා.. මම කිව්වනෙ මෙයා හොඳ හයිය හත්තිය තිබුණ කෙනෙක් කියලා.

    ඉතිං ලොකු සීයා ආපහු හැරිල පොඩ්ඩක් දුර ගියාම පාර අයින්ට කිට්ටුව තිබිල තියනව සාමාන්‍ය තරමක ගිනිකූරු පැලයක්.. තාත්ත නම් කියනව ඒ ගහ කෙනෙක්ට ආයුධයක් නැතුව කපන්න බැරිලු.. ඒත් ලොකු සීයා ඒ ගහ අතින් කඩල අරන ඒකෙන් තඩි පොල්ලක් හදාගෙන ගිහිං අර අසරණ සත්තු දෙන්නටම ගහල.. හැපින්න කොහොම හරි කැලේට පැනල තියනවා. නයාට ගහල ගහල මරල දාල.. මැරිච්ච නයත් අරන් ගෙදර යද්දි ලොකු සීයට හොඳටම හතිලු. ඒ තරම් නයාව මරා ගන්න ඌ එක්ක ඔට්ටු වෙලා. තාත්ත කියන්නෙ එච්චර ලොකු නයෙක් තාමට වත් දැකල නෑ කියලා.

    ඉතිං මෙයා ඉඩම කෙලවරක කොල රොඩු දාලා නයාව පුච්චලා.. පහුවදා ආයෙ කුඹුරට යද්දිත් මෙයා අර පොල්ලත් අරන්ලු ගියේ.. මොකද මෙයා අත්දැකීමෙන් දැනන් ඉඳල තියනවා බේරිලා ගියපු හැපින්න ආපහු එයි කියලා.. හිතුව වගේම හවස වේලපහින්ම ලොකු සීයා නාගෙන එහෙම එද්දි හැපින්න මග රැකගෙන ඉඳලා. මෙයා අර නයාව මැරුව වගේම හැපින්න ත් මරලා. ගෙදර ගෙනිහිං අතනම දාල පුච්චලා. තාත්තට කිව්වලු බොල කොලුවෝ කිතුල් රා මුට්ටිය හින්ද මුං එක්ක ඔට්ටු උනාට මොකද සිහියෙන් හිටිය බම් මට මේකලාව මරා ගන්න බැරි වෙනව කියලා. පහුවදා සීයා ඉඩමෙ ඉඳන් එද්දි රෑවෙලාලු. පාර දිගේ සීපදේ කියන් එද්දි සීයට ඇහුනලු කැලේ බිඳෙන සද්දයක්.. බලද්දි තඩි ඌරෙක් මෙයා දිහා බලන් දත් කූරු කනවලු.. ඇස් ගින්දර වගේ ලු. සීයා දැන් ඉස්සරහටම එනවලු. ඌරත් ලොකු සීයා දිහා බලං ගොරව ගොරව පස්සට යනවලු. කොහොම හරි සීයා ගෙදර ඇවිත්. වෙනදා කන්න බලං ගෙදර එන සීයා එදා ආපු ගමන් ඇදට වැටුනලු. පස්සෙ වෙච්ච දේවල් ඔක්කොම කියල "අද නම් මගේ හිත ගැස්සුනා බං" කියල නොකාම නිදා ගත්තලු. තාත්ත කියනවා ඒ තමයිලු උන්දැගෙ අන්තිම වචන ටික. දවස් දෙකකට පස්සෙ එහෙම්ම ලොකු සීයා ඒ ඇඳේම මැරිලා හිටියලු. එදා වැටුන පාර සීයා ආයෙ නැගිටලා නෑ.. හොල්මං අවතාර විශ්වාස නොකරන මගේ තාත්තා අදටත් කියනවා ඒ උන දේ තාමත් ප්‍රශ්නයක් කියලා...

    මේක ඇත්තම කතාවක්. පුලුවන් විදිහට ලිව්වා😟

    චතූනි ගුණතිලක​
     

    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    මැදියම් රැ සොහොන් බිමෙන් මතුවූ අවතාරය !

    මේක මගේ හොදම මිතුරෙක් මුහුණ දුන්න . භයානක අමනුස්ස අද්දැකීමක් .

    ජනිත් .... ජනිත් කියන්නේ යකෙක්ටවත් බය නැති තරුණයෙක් කිව්වොත් හරි ඒ වගේම හරි දැඩි හිතක් ඔහුට තිබුනා .වෙලාවක් අවේලාවක් තැනක් නොතැනක් නැතිව ඕනෑම තැනකට හිතේ චකිතයකින් තොරව යන එන ජනිත් වගේ කෙනෙක් හොල්මනකට බය උනා කියන ඒක හිතාගන්න බැරි දෙයක්
    .... එහෙත් ඒක සිදු උනා...

    අපේ ගමේ සැලුන් ඒක කියන්නේ හවසට කොල්ලන්ගෙන් පිරිලා ඉතිරිලා යන තැනක්.. ඔක්කොම එන්නේ කොන්ඩේ කපගන්නමත් නෙමෙයි .. සැලුන් ඒක පිටි පස්සට වෙලා පොඩි අඩියක් එහෙම ගහන්න සෙට් වෙන්නත් එක්ක ...

    කාටත් හොරෙන් ඔතනට සති අන්තයේ සෙට් වෙන කොල්ලෝ දෙතුන්දෙනා හෝ හත් අට දෙනා ... අයෙමත් ඔතනින් පිට වෙලා ගෙවල් දොරවල් වලට යන්නේ මහා රැ එකොළහ දොළහ වෙලා..එතෙනකල් බොනවමත්ම එහෙම නෙවේ.. ඒක ඒක මතෘකා අතර දිව යන කතාවල අවසානයක් දකින තුරු ගෙවල් ගැන මතකයක් නැති වීම නිසයි...

    ඔන්න ඒක දවසක් උදේ අමුතු කතාවක් ගම පුරා පැතිරුනා ජනිත් අවතාරයකට බයවෙලා කියලා.. තවත් සමහර උන් කිව්වා ජනිත් කොලුවට යකෙක් ගහලා කියල.. ජනිත් කියන්නේ යකෙක් ගහන්න ආවත් යාකාට උනත් ගහල යන තරමේ එකෙක් කියලා මම දන්නා නිසා මුලින් ඔය කතාව පිලිගන්නත් ටිකක් මැලි උනා.. කෝකටත් ඇත්ත නැත්ත බලාගන්න අපිත් ගියා ජනිත්ගේ ගෙදර..

    ගේ පිරෙන්න සෙනග.. ජනිත් කාවවත් අදුරන්නේ නැහැ වගේ ඉන්නේ. ඒක පාරම දගලන්න ගන්නවා. කවුරු හරි ඌව මරන්න එනවා වගේ .. ජනිත්ගේ මූන බලපුවම මට පෙනුනේ මොකක් හරි දෙකට නොසැහෙන්න බය වේලා ඉන්න විත්තියක්..
    ඒ මදිවට වටේටම යන්ත්‍ර මන්ත්‍ර දන්නා අය පිරිලා.. අතේ නුල් ගැට ගානවා .. වතුර වලට මතුරලා මුනට ඉහිනවා . ඒක විකාරයයි .. එත් ජනිත් නෙමේ ඒ එකකටවත් සැරෙන්ඩර් වෙන්නේ . ..
    මේක බලාගෙන ඉන්න බැරි තැන මම උන්ගේ අම්මා ලගට ගිහින් කථා කළා.. උන්දැත් මහා මේර ඔලුවේ තියාගෙන ඉන්නවා වගේ හරි අසරණ කමකින් හිටියේ.

    නැන්දේ අපි ජනිතව දොස්තර කෙනෙක් ලගට එක්ක යමුද?

    මේවට දොස්තර බෙහෙත් හරියන්නේ නැහැ පුතේ.. කොලුවට . අමනුස්ස දෝෂයක්.

    මොකද නැන්දේ උනේ….

    කොලුවා පාන්දර 1 ට විතර බිසිකල් ඒකත් තල්ලු කරගෙන අව සිහියෙන් වගේ කියව කියව ඇවිත් තියෙනවා.. එත් එක්කම බයිසිකලෙත් එක්කලම වැටිලා . ඔලුව ගලක හැපිල සිහි මුර්ජා වෙලා .. එහා ගෙදර බේකරියේ වැඩ කරන කොලුවා එලියට ආව වෙලාවේ තමයි මේක දැකල තියෙන්නේ. ඌ කියනවා හය්යෙන් දොඩව දොඩව . දගල දගල ඇවිත් වැටුනලු..
    එයිට ටික වෙලාවකට පස්සේ සිහිය ආවත්. කාටදෝ බයෙන් දගලනවා. කොලුවා රැ මැදියමේ තනිපංගලමේ ඇවිත් මොකකට හරි බයවෙලා පුතේ..

    ගොඩ කාලයක් යනකල් ජනිත් ට නොයෙක් විදියේ ප්‍රතිකාර කළා. යන්ත්‍ර මන්ත්‍ර අතින් . එහෙම කරලා කාලයක් යනකොට සාමාන්‍ය තත්වයට පත් උනා .. ඒ ත් අපි කව්රුත් එයාගෙන් අර සිද්ධිය ගැන අහන්න ගියේ නැහැ. මොකද අයෙමත් ඔය ගැන මතක් කරන එකෙන්. ජනිත්ගේ අසනීප තත්වය නරක් වෙයිදෝ කියන බයට .

    එත් දවසක් මම ජනිත් එක්ක රැයක කථා කර කර ඉන්න කොට මට හිතුනා නිකමට වගේ එදා සිද්දිය අහල බලන්න.

    ජනියා මොකෝ බං උබට එදා උනේ උබ හොල්මනක් දැක්කද?

    ඒක ඇහුව විතරයි ජනිත් .. අස් ලොකු කරලා මගේ දිහා බලාගෙන හිටියා ටික වෙලාවකට.. සමහර විට එදා උන බියකරු සිදුවීම නැවතත් ජනිත්ට මැවී පෙනෙන්න ඇති...

    මෙතැන් සිට ජනිත්ගේ වචනයෙන්..

    එදා අපි පිටත් වෙනකොට ටිකක් රැ වුනා .. කඩින් කඩ වැස්සක් කුත් තිබුනනේ.. කොහොම හරි අපේ පැත්තට යන්න හිටියේ වෙනද වගේම මම විතරයි.. මට ඉතින් ඔය පාරේ රැයක දවලේක වෙනසක් නැහැනේ . නිතරම යන එන පාර.....

    ( ජනිත් ලගේ ගෙදරට යන පාර සැලුන් එක ලග ඉදන් කියනවනම්.. සැලුන් එක තියෙන්නේ තුන්මං හන්දියක... එතන ඉදලා කෙලින්ම උඩහට යන පාරේ යන්න ඕනේ ජනිත් ගෙදර යන්න.. වෙල් යායක් මැදින් වැටුන පාරක ටික දුරක් ගිහින්.. පුංචි කදු පාරකට වැටෙනවා.. ඒ පාරේ එක පැත්තක තියෙන්නේ ලොකු පොල් වත්තක්... ඔය පාරේ අවසානයේ තියෙන්නේ සොහොන් පිට්ටනිය....ඒ හරියේ ගෙවල් එහෙම නැහැ.. පාලුවට ගිය වත්තක් තියෙන්නේ..සොහොන් පිට්ටනිය ඉස්සරහින් හැරිලා යන ගුරු පාරේ යනකොට පාර දෙපැත්තේම විශාල ගස් වැවුණු ..ප්‍රභූ පවුලකට අයත් ඉඩමක් තියෙන්නේ .. ඔය පාර. මහා දවල්ටත් හරි අදුරුයි .. මුසල පාටයි...
    ඒ පාරේ කෙලවරින් පොඩි කදු ගැට්ටක් උඩට නගිනකොට තමයි ජනිත්ලගේ ගෙදර තියෙන්නේ... )

    පොද වැස්සේම මම ගෙදර යන්න එලියට බැස්ස... ඉතුරු බයිට් ටිකත් උරේක දාලා බයිසිකලේ හැඩල් එකේ එල්ල ගත්තා යනකොට කකා යන්න කියල... හිකිස්‌.. එක තමයි මට වැරදුනේ....
    වෙල පහු කරලා . කන්ද හරියේ මම සිකලෙන් බැහැල තල්ලු කරගෙන කන්ද නගිනකොට මට නිකන් අමුත්තක් වගේ තේරුනා .. නිකන් මගේ පිටි පස්සෙන් තව හතර පස් දෙනෙක් ඇවිදගෙන එනවා වගේ..හැරිලා බැලුව තුන් හතර වතාවක්ම එත් මොකෙක්වත් නැහැ.. අඩු තරමේ බල්ලෙක් වත් පාරේ නැහැ...
    එහෙම බයිසිකලෙත් තල්ලු කරගෙන ටික දුරක් කන්ද නගිනකොට .. පොල් වත්තේ කෙලවරේ ඉදලා බල්ලෙක් අමුතු තාලෙකට එක දිගටම උඩු බුරන්න ගත්තා .. මගේ හිතටත් හරි අමුත්තක් තේරුනා ඒ වෙලාවේ...

    එතකොට තමයි මතක් උනේ බයිසිකල් එකේ ඉස්සරහා එල්ලගෙන ඉන්න උරේ තියෙන්නෙත් පුළුටු නේද කියලා.. ඒ උරෙත් ගලවලා පාරට විසි කරලා...ඉක්මන් කරලා ගෙදර යන්න ගිතාගෙන මම සිකලේට නැගලා කන්ද පදින්න ගත්තා..

    කන්ද උඩටම යනකන් අයේ කිසිම සද්දයක් තිබුනේ නැහැ.. ඇතින් උඩු බුරන බල්ලාගේ සද්දේ ඇරෙන්න ..

    මේ අතර පොද ගහමින් තිබුන වැස්ස ටිකක් වැඩි වෙමින් තිබුනා . මම සොහොන් බිමත් පහු කරගෙන ඉස්සරහට යනකොට... එක පාරටම සයිකලේ දෙපැත්තට පැද්දෙන්න ගත්තා ..හරියට නිකන් පිටිපස්සේ රෝදේ හුලන් බැහැලා වගේ.. මම සයිකලේ පදින ගමන් පිටිපස්සේ රෝදේ දිහා බල බල අවේ හුලන් බැහැලවත්ද කියල.. එත් එහෙම වෙනසකුත් නැහැ...
    බයිසිකලේ ඉස්සරහට යන්නේ නැති තරම් බරයි..
    මම පිටි පස්ස බලලා අයෙත් ඉස්සරහ බලනකොට...දැක්ක දේ මතක් වෙනකොටත් මාව තාම ගැහෙනවා.. තඩි කළු මහත මිහිහෙක් මගේ බයිසිකලේ පොල්ල උඩ ඉදගෙන...ඒ මිහිනගේ මුළු ඇගම තෙමිලා.. කළු පාට කෝට් එකක් ඇදගෙන උන්නේ .. ඉස්සරහ බලාගෙන හිටපු නිසා මුණ පෙනෙන්නේ නැහැ..

    මම බයට පුළුවන් තරම් හය්යෙන් කැගැහුවා .. එත් බයටම උගුර කට වේලිලා.. සද්දේ පිටවන්නේ නැහැ.. මම මොකක්ද කරන්නේ මොකක්ද කරන්න ඕනේ කියලා මට හරියකට තේරුමක් නැතුව ගියා. බයටම..
    මම පුළුවන් තරම් හය්යෙන් බයිසිකලේ පැද්දා..පදින්න බැරි තරම් බයිසිකලේ බරයි..එත් බයටම මම හය්යෙන් පැදගෙන ආවා.. පාළු පාර දිගේ...ඉස්සරහ ඉන්න කෙනා එහෙම්මම ඉන්නවා හෙලවෙන්නේවත් නැතුව ...බයිසිකලේ පොල්ල උඩ ඉදගෙන..

    කොහොම හරි මම අවසිහියෙන් වගේ පැදගෙන ආවා . අපේ ගෙවල් ගාව කන්ද මට පැදගන්න බැරි උනා..වැස්සේ උනත් මුළු ඇගම මගේ දාඩියෙන් පෙගිලා හිටියේ.. එතකොටයි මම දැක්කේ . ඒ මිනිහගේ කකුල් දෙක නැහැ. දනිස්සෙන් පහලට කකුල් නැහැ. ඊට පස්සේ මම මෙතුවක් කාලෙකට ජිවිතේ දැක්ක භයංකාරම දසුන දැක්ක...

    ඉස්සරහා බලාගෙන හිටපු කෙනා මගේ දිහා බැලුවා... මුළු ශරීරයම ඉස්සරහට හැරිලා තියෙනකොට.. බෙල්ල විතරක් සම්පුර්ණයෙන්ම හරවලා මගේ දිහා බැලුව...හරියට එම්බාම් කරලා කුණු උන මිනියක් වගේ .. මුළු මුනේම කැලි ..කැලි. ගැලවිලා කුණු වෙලා .. ඇස්දෙක එලියට පැනල ..රතුම රතු පාටයි...

    මම පුළුවන් තරම් හයියෙන් කෑගහගෙන.. අපේ ගෙවල් පැත්තට දිව්වා.. මම ඒ වෙලාවේ හිටියේ පියවි සිහියෙන් නෙමේ වෙන්න ඇති... එතනින් එහාට කිහිම දෙයක් මට මතක නැහැ...

    කොහොම උනත් හොල්මන් අවතාර කියල දෙයක් නැහැ කියලා හිතාගෙන හිටපු මගේ ඒ අදහස වෙනස් උනේ.. ජනිත් කිව්වා ඒ සිද්දියෙන් පස්සේ තමා..
    කව්රු කොහොම කිව්වත් . පියවි ඇසට නොපෙනෙන ලෝකයක් තියෙනවා..

    අන්තර් ජාලයෙන් උපුටා ගත්තකි
    .
     

    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    "මොකද බොල ආතල් ගන්නවද?" ඒ මගේ බොක්කේ යාලුවෙක්ගේ වදන් පෙලයි. ලොකු කතාවක් නම් නෙමේ, නමුත් මගේ ජීවිතයේ සිදුවූ සත්‍ය පළමු බිය ජනක අත්දැකීම එය විය.
    කතාවට එමු, වැඩි කාලයක් නොවේ. අවුරුදු 2ක් විතර ඇති. මම o/l කරලා ටික කාලයයි. මම එක එක ජොබ් වලට යන්න ගත්තා, හැබැයි මට එක තැනක මාසෙට වඩා වැඩ කරන්න බැරි ලෙඩක් තිබුනා. ඒ අතරෙදි මගේ තාත්තා මට බයික් එකක් අරන් දුන්නා. ලයිසන් නෑ. ගන්න තරම් වයසකුත් නෑ. මගේ ගමේම යාලුවෙක් හොදම යලුවන්ගෙන් කෙනෙක් පැවසුවා ඔහු සමග රෙදි කඩේකට වැඩට යන්න එන්න කියලා." යමු බන්" යනුවෙන් මා පැවසුවේ එක පයින්මයි. මම උදේට එයාව ගෙදරින්ම අරගෙන රෑට වැඩ් ඇරිලා එද්දි ගෙදරින්ම බස්සනවා.

    සති දෙකක් පමණ මෙසේ ගෙව්නා. එක් දිනයක වැඩ ඉවර වෙද්දී රෑී 11.30 වුනා. හේතුව ඒ නත්තල් මාසේ නිසාවෙනි. අපි එදින පුරුදු විදියටම පුරුදු අස්සේ පාරෙන්ම ගියේ මහ පාරේ පොලිසිය ඇති කියා සාදාරන බිය නිසා වෙනි." අද නම් වඩයක් කන්නම ඕන" කියා මගේ කල්‍යාණ මිත්‍රයා පැවසීය. මේ ඔක්කෝටම මුල ඒ වදන් පෙල. ඉතින් එද දෙන්නටම රු.100 වඩ ගත්තා. එතෙනට ආවේ පාසල් නිවාඩුවට වැඩ කරන්න ආපු පොඩි එකා. ඒ කිව්වෙ වැඩ කරන සේවකයන්ගෙන් වයස අඩුම සේවකයා. "උබ නම් මහ කාබාසිනියෙක්, ඉදා කාපන් වඩයක්" කියමින් වඩ මුල ඔහු අත මත තැබුවත් ඔහු නැවත මට එලෙසම ලබාදී පැවසුවේ, " අම්මෝ වඩ එපා. මම යන්න ඕන තනියම. පුළුවන් නම් මිනිපිට්ටනියෙන් එහට ගිහින් දාන්නකෝ" කියාය. අප යා යුත්තේ ඔහු යන දිශාවට විරුද්ධ පැත්තට උනත් ඔහුගේ මූනෙන් බිය ප්‍රකාශ උනු නිසාවෙන් ඔහුට අපි එකග විය. කතාවුනු විදියටත් වඩා දුරට ගෙවල් පේන මානයට වෙනකන් ඔහු සමග ගොස් අනිත් අතට හැරි අපි අපේ ගමනට පිටත් වුනි. මම එදින මගේ බයික් එකේ ගියේ මීටරේ 5ට. මොකද කියනවා නම් වඩේ කන්න පෙරේත කමට.
    ටික දුරක් යන විට සෙනිකෙන් වෙනසක් සිදු වුනු බව මට හැගිනි. මොකද බයික් එකට 3ක් නැග්ගාම තියෙන බර මට මනාව හදුනා ගත හැකි නිසාවෙනි. එය සිදු වී තප්පරයක් යන්න කලින් මගේ බයික් එකේ නලාව(හෝන් එක) එක දිගට නොනවත්වා යමකිසි තාලයකට නාද වීමත් සමග මගේ යාලුවා පැවාසුවේ මොකද බොල ආතල් ගන්නවද කියාය. ඔහු එසේ පවසන විටත් එක අතක් ඇස්ලේටරේය. අනික වඩේ ඇතැතිව කට ලගය. වම් අත බයික් එකට ගෑවිලාවත් නෑ. "මම නෙමෙයි බන් මේ බලපන් මගේ අත" කියලා ඔහුට පෙන්වුවත් ඔහු ඒ දෙස බැලුවේ නැත්තේ වඩේ සිහියෙන් සිටිය නිසාවෙනි, ඒත් එක්කම ඔහුට මම පැවසුවේ වඩ මුල විසික් කරපන් කියාය. එවිටයි ඔහුට ඇත්ත නැත්ත තේරුම් ගියේ. ඒ නලාව ගහන්නේ සැබවින්ම මම නොවන වග. "උබ ඇත්තටමද කිව්වෙ" කියලා ඇහුවේ මම වඩ වලට පෙරේත කමක් දක්වන බව ඔහු දන්නා නිසාය. ඔහු වඩ මුල විසිකරපු නැති නිසා අත පිටිපස්සට යවා ඔහුගේ අත තිබුනු වඩ මුල අරන් විසික් කලෙමි. මගේ අතින් ගිලිහෙනවාත් සමගම නලාව නැවතිනි. ඒ වන විටත් අපි මීටර් 100ක් විතර ඇවිල්ලා. මගේ යාලුවා දන්නෙ එපමනයි. නමුත් එතන වුන දේවල් දන්නේ මා පමනයි . මන්ද යත් මා වඩ මුල විසික් කිරීමට හේතුව පාරේ අයිනේ සුදු ඇදගත්තු මනුස්සයෙක් මගේ ඇස් දෙකටම දැක්ක නිසාවෙනි. එය එතනින් අවසන් විය.

    1km පමන යන විට මගේ ඇග හිරිගඩු පිපිලා ඉවසා ගත නොහැකි බඩේ රුදාවක් හැදුනා. නමුත් වඩේ අප්සට් එකක් නොවන බව ඉර හද වගේ විශ්වාසය .. ඉන් පසු මම මග නවත්වා මගේ යාලුවට ඇත්ත සගවමින් පැවසුවේ "මට නිදිමතක් අවා බන්. උබ චුට්ටක් පැදපන්කෝ" කියාය. ගෙවල් ලන් වන විට බඩේ රුදාවක් තිබුනද කියාවත් ගානක් නැති වුනි.
    මෙය නම් මාගේ වඩේ කතාවයි. කෙසේ වෙතත් පොලිසියෙන් අල්ලලා බයික් එක රාජ්‍ය සන්තක කරත් කමක් නෑ කියලා මහ පාරෙන්ම වැඩට ආව ගියා.

    ජනි යා
     

    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    ගිනි යකා

    ඕන්න තව කතාවක් දාන්න හදන්නෙ.කලින් කතාව කියවල හරි නැහැ කියපු අයගෙන් සමාව ඉල්ලන ගමන්ම කතාව දානව.
    මේ කතාව සත්‍ය ලෙසම මට සිද්ද වෙච්ච කතාවක්.එහෙනම් මෙන්න කතාව……….
    මෙහෙමයි සිද්දිය පටාන් ගන්නෙ.මම රුවන්ගෙ දේවාලෙ තිබ්බ පුජාවකට ගියා.මමයි මගේ බබාල දෙන්නායි පවුලයිතමා ගියේ.ඉතින් පූජාව තියල ඉවර වෙලා නාග කතා චොර කතා දේවකතා බන කතා බොරුකතා කතාකර කර ඉදල රෑ 11.00ට විතර එලියට ආව.ඇවිත් ආචාර සමාචාර පවත්වල යන්නම් මචන් එන්නම් මචන් කියල බයික් එකේනැගල ගමන පටාන් ගත්ත විතරයි (රුවනගෙ ගෙදර තියෙන්නෙ ගාලු පාර අයිනෙමයි
    අල්ලපු වත්තෙ තියෙන ගෙවල්දෙකම පාලුවට ගිහින් තියෙන්නෙ)පාලු වත්තෙ තියෙන පදුරු බිදගෙන අදුරුපාට බෝලයක් අපි යන බයික් එක පැත්තට ආව. මම බයටම ඒපැත්ත බැලුවම හරියට අදුර ගන්න බැරිවුනා සතෙක්ද මොකක්ද කියල .ඉතින් මම බය උනාම මගේ පුරුද්දක් තියෙනව පස්ස බලන එක(හැරීල නෙවියි බලන්නෙ හරියට අපි පහුකරගෙන ආපු දෙවල් අපි හිතෙන් ආපස්සට බලනව වගේ),එහෙම බැලුවම මම දැක්ක ඈතින් කටෙ ගිනි ඇවිලෙන ඇපහැදිලි මනුස්ස රූපයක්.මම එහෙම දැක්කට බය උනේ නැහැ .හේතුව මම එහෙම කෙනෙක් දැකල තියෙනව මම වදින තැන තියෙන බිලින් ගහ උඩ දෙකොන පත්තුවෙන විල්ක්කුවක් කටෙන් ගත්ත කෙනෙක් ඒනිසා මම බය උනේ නැහැ .නමුත් මට පොඩි අමුතු දෙයක් දැනුන.ඒත මම ආඩම්බරෙන් ගෙදර ගියා අඩෝ මම පස්සෙන් දැන් අහවලා ඉන්නව කියල චූන් එකේ හිටිය.ඔහොම ට්ක කලක් ගියාම මම බය උන සිද්දියක් උනාම බලන්කොට ඈතින් හිටිය අර කෙනා එන්ඩ එනඩ ලන්වෙනව නමුත් හරියට පැහැදිලි නැහැ .දවසක් මම මගෙ යලුවෙක් හම්බවෙන්න ගිහින් වල් පල් දොඩවල රෑ 7.30ට විතර ආව ආවෙ ටිකක් පාලු පාරකින ඔහෙම එනකොට පාලුම හරියෙ මම පොඩ්ඩක් අරවිදියට පස්ස බැලුව.අම්මට සිරි යකෝ ඈතින් හිටපු එකා දැන් හෙන ලග.ඌ පැහැදිළිව ලගින්ම දැක්ක.යකෝ ඌ යකෙක්ම තමයි.කලුම කලුයි උසයි කඩව්සම්සරීරයක් තියෙන්නෙ.වැඩෙයි කියන්නෙ බය හිතනම එක උගේ කට අම්මෝ….කට ගිනි 🔥 ගන්නව.ගින්ගන්නෙ හරියට පැට්ට්‍ර්ල් දාල මොනව හරි ගිනි තිබ්බම ලානිල් පාට දැල්ලක් එක්ක ගින්ගන්නෙ මතුපිට්න් අන්න ඒවගේ ගිනි ගනන්ව.මට දැන් හිතා ගන්න බැහැ මොකක්ද මේ කියල බය වෙන්ඩත් බැහැ නොවිත් බැහැ.අහල පහල ඉන්න අම්නුසයො දුවනව මූ… දැක්කම..මම ගෙදර ආව ඇවිත් පහන් තියල නිදාගත්ත.එදා මම හිනෙන් දකිනව මගේ පහන් තියෙන තැන මම අරක්ෂාවක් දාල තියෙනව (හැබෑටම තවමත් දාල නැහැ)ඒතැන වටේම වලක් හාරලා ආරක්ෂාව උගුල්ලවන්න බැරිවෙලා දෙන්නෙක් එක්ක ට්‍රයි එකක් දීල බැරි වෙලා ගමබාර දෙවියන්ගෙ කුටියයි කතරගම දෙවිහාමුදුරුවන්ගෙ කුටියයි ගලවල අපි ඉන්න ගෙයි බිත්තියකට හේත්තුකරල තියෙනව දැක්ක.උදේ නැගිටල මට හෙන අවුල් මටහිතාගන්නත් බැහැ .කෝකටත් තයිලෙ ඉතින් රුවන තමා ඌට කිව්ව සිද්දිය මචෝ මෙහෙම දෙයක් උනා මොකෝ කරන්නෙ කියල.ඌ කියපි මචන් ලොකු අවුලක් ඉක්මනට කපන්න ලැස්තිකර ගනින් මම රෑට එන්නම් වැඩෙ කරමු කියල.ඔන්න මම සියලු අඩුම කුඩුම ටික ලැස්ති කරගෙන වැඩේට ලැස්ති උනා රුවනත් අවා මම දෙවියන්ට වැදගෙන ගියා රුවන බය වෙලා වගේ තක්බිර්වෙලා ඉන්නව .
    මචන් අපි මේක හෙට කරමුද?
    ඇයි බන්..
    නැහැ බන් ටිකක් අද අවුල් වගේ…
    හේතුව..??
    නැහැ මුකුත් නැහැ මට මහන්සි වගේ බන්..හිත දෙන්නෙත් නැහැ .
    එහෙනම් ඉතින් හෙට කරමු..
    හ්ම්ම් හෙටකරමු කොකටත් උදේට අපේ පැත්තෙ වරෙන්…..
    හරි එහෙනම් මම උදේට එන්නම්.
    ටික වෙලාවක් රුවන සිව වටුක අප්පච්චී ගාව ඉදල යන්නම් මචන් හෙට කරමු උදේට වරෙන් අපේ පැත්තට කියාගෙන ඌගියා මමත් ගෙට ගිහින් නිදාගත්ත.මම උදෙන්ම ගියා රුවනලගෙ ගෙදර
    ගිහින් මම ඇහැව්ව මොකෝ මචන් කරන්නෙ කියල.
    කරන්නෙද හු…...තව ඩින්ගෙන් මම ඉවරයි ඊයෙ මම වැඩේකරානම් ගෙදර දරුපවුල ඉවරයි.යකෝ තොට කියන්නෙ මට ඊයෙ ගෙදර එනඩ දුන්නෙම නැහැ විල් එක හප්පන්නමයි හැදුවෙ මම කීතැනක නැවත්තලද ආවෙ ක්චානතිලක හමුදුරුවන්ට පින්සිද්ද වෙන්න තමයි මම බේරිලා අවෙ.
    හෑ යකෝ තෝමට ඒවෙලේ නොකීව්වෙ.
    හු...එක එවෙලේ කියන්ඩ පුලුවන්ද කිව්වනන් තෝත් ඉවරයි මරු බඩුවක් ඉන්නෙ .කොඩිවිනෙකට බැදිච්ච එකෙක් ඌ. නමුත් බොගේ පවුලගෙ නෑකෙනෙක්. බාප්ප නමුත් පවුලලට තරහි ඌ බොගේ නමට කොඩිවිනෙ මතුරනකොට ඌකැමැත්තෙන්ම ඇවිත් බැදිල...
    දැන් මකෝ බන් කරන්නෙ..
    උඹ මරන්නමයි ඇවිල්ල ඉන්නෙ.
    ම්ම්ම්ම් මොකෝ කරන්නෙ.
    යමන් දේවලෙට මොකද කරන්නෙ කියල බලන්න.
    ඔහොම ටික වෙලාවක් ගියා මුකුත් නැහැ
    එකපාරටම රුවන කිව්ව ඉක්මනටම බෝතලයක් අරන් වරෙන් කියල
    බෝතලයක් හොයගෙන එනකොට මොකෙක්ද එකෙක් රුවන අල්ල්ගෙන රතු රෙදි කෑල්ලකින් ගැට දාල හිටගෙන ඉන්නව (මේවෙලාවෙ රුවන 100% සිහියෙන් )
    ඉදා පුතේ උම්බේ ගිනිදාන යකා.ගෙදර අරන් ගිහින් කොට්ටෙ යට තියන් නිදාගනින්…
    මොකක්ද අම්මෙ.
    තොගේ දෙවොලෙ හිටපු තොගේ පස්සෙන් ආපු යකා..ඉදා .මට කුකුලෙක් ඕනෙ මගෙ බිලි පූජාවට දොස් ටික කපාගනින් බොල දන්නවනෙ එහෙනම් මම ගියා……….
    මම කොර රුවන් කොර හිතාගන්න බැහැ .විනයකට ආපු එකෙක් එහෙම අල්ලන්න පුලුවන්ද ??නමුත් වැඩේ වෙලා යකා නැහැ
    රුවන සිමෙන්ති ටිකක් ගෙනාව දැම්ම කොන්ක්‍රීට් එකක් බෝතලේ වට කරල.අරන් ගියා ගග මැද්දට දැම්ම ගගට …
    ඊට පස්සෙ තියෙන දෝස ටික කපල කරල දාල යහතින් සෙතින් හිටිය….
    මේකත් අවුල්ද දන්නෙ නැහැ අවුල්නම් ආයෙ කතා දාන්නෙ නැහැ ...ලියන්න දන්නෙ නැහැ මම කතා දාන්න නෙවියි කොහොමත් හිටියෙ.අපිඅපිම වර්නනා කරගන්නව වගෙයි මේ වැඩ නමුත් එක සහෙදරයෙක් කියල තිබුන සත්‍ය කතාවලින් පාඩම් ඉගෙනගන්න මිනිස්සු ඉන්නව මචන් ඒක නිසා උඹ ලියපන් කියල. ඒක මට වැදුන ඒකයි

    Hasala de Zoysa
     

    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    අනූ ගණන්වල මුල් කාලෙ විතර නිකුත්වුන 'ප්‍රදීප' නමැති එක්තරා මාසික සඟරාවක පලකර තිබු කතාවක් තමයි අද මම ඔයාලට කියන්නෙ. සඟරාව අද නැතත් කතාවනම් තාමත් මතකයි මට. මේක මගෙ අත්දැකීමක් නොවුනත් මට මතක විදියට ඒ අත්දැකීමට මුහුණදුන් කෙනාම තමයි මේ කතාව ලිපියක් විදියට ඒ සඟරාවට දාල තිබුනෙ. ඇත්ත නැත්ත පැත්තක..මෙන්න මේකයි කතාව.. 1991 වර්ෂයේ දවසක යාපනයේ යුධ හමුදා කඳවුරක සේවය කරපු සාගර ගමට එමින් සිටියා. වේලාව මධ්‍යම රාත්‍රියට ආසන්න වෙමින් තිබූ අතර හෙන පුපුරමින් අකුණු ගසමින් වහින මහ වැස්සක් පැවතුනු වේලාවක තමයි ඔහුට බස් එකෙන් බහින්න වුනෙත්. යුද්ධය සක්‍රීයව තිබුන කාලයක් නිසා ඉතාම අපහසුවෙන් තමයි ඔහුට මේ නිවාඩුව ලබාගැනීමට හැකිවී තිබුනේ. කොහොමහරි මේ සැරේ ඔහු ගමට ආවේ මාස 8කට පමණ පසුවයි. හංදියේ තැපැල් කන්තෝරැව ලඟින් බස් එකෙන් බැහැපු සාගර කුඩෙත් ඉහලගෙන හෙමින් හෙමින් ඉදිරියට ඇදුනා. පාරේ ඉදිරියට යන්න එළියක් විදියට තිබුනේ අකුණු එළිය විතරයි. ටික දුරක් යද්දි ඔහු දැක්ක පාර අයිනෙ වහපු කඩයක පිලක් උඩ වාඩිවෙලා පාර දිහා බලන් හිටිය පොඩි මහත්තයව. සෑහෙන කාලෙකට පස්සෙ වුනත් සාගර එක සැරේම ඔහුව අඳුනගත්තා. ඒත් පොඩි මහත්තයට නම් එක සැරේම සාගරව අඳුනගන්න පුලුවන් වුනේ නැහැ. හවස හංදිය පැත්තෙ ආපු ගමන් වැස්සට අහුවුන නිසා යන්න විදියක් නැතුව හිටිය පොඩි මහත්තයවත් කුඩේ යටට එක්කගෙන සාගර ආපහු ඉදිරියට යන්න පටන් ගත්තා. "මේ දවස්වල යාපනේ පැත්තෙ තත්වෙ කොහොමද?" පොඩි මහත්තය ඇහුව. යුද්දෙ නිසා අපේ හමුදාවෙ කොල්ලො මැරෙන විස්තරයි, බෝම්බ පුපුරන විස්තරයි සාගර ඔහුට පැහැදිලි කළා. පහුගිය කාලෙ ගමේ සිද්දවුන විස්තරත් සාගරට දැනගන්න ලැබිල තිබුනෙ නැති නිසා එයා ඒ ගැන පොඩි මහත්තයගෙන් ඇහුව. මඟුල් ගෙවල්, මළ ගෙවල්, පිරිත් පිංකම් වගේ ගමේ සිද්දවුන විශේෂ දේවල් ගැන විස්තර පොඩි මහත්තය සාගරට කිව්ව. ඔන්න දන්නෙම නැතුව කතාවෙන් කතාවෙන් ගෙවල් පැත්තට හැරෙන තැනටම ඇවිත්. පොඩි මහත්තයලගෙ ගෙවල් තියෙන්නෙ එතන ඉඳන් කෙලින්ම ඉස්සරහට. ඒ නිසා සාගර මුලින් එයාව ගෙදරට ඇරලවන්න සූදානම් වුනා. "ඕනෙ නැහැ සාගර. මම තනියම යන්නම්." පොඩි මහත්තය බල කරපු නිසා සාගර නැවතුනා. ඒත් තමුන්ගෙ ගෙදරට වඩා වැඩි දුරක් පොඩි මහත්තයට යන්න වෙන නිසා කුඩේ ඔහුට දෙන ගමන් සාගර මෙහෙම කිව්ව. "මම හෙට ඒ පැත්තෙ එන්නම්. පොඩි මහත්තය කුඩේ අරන් යන්න. මට මේ ටික ගෙදරට දුවගන්න පුලුවන්." මඳ සිනහවකින් සාගරට සංග්‍රහ කරපු පොඩි මහත්තය කුඩෙත් අරන් ඉදිරියට ගියා. සාගර එතනින් හැරිලා ගෙදර පැත්තට දුවන්න පටන් ගත්ත. ඒ පාරෙ තමයි කනත්ත තියෙන්නෙත්. ඒ නිසා හිතට ගැම්මක් අරන් ඔහු එක පිම්මට ගෙදරටම දුවගෙන ආව. එතකොට වේලාව 12.20ට විතර ඇති. සාගර දොරට තට්ටු කළා. අම්මයි, තාත්තයි ඇහැරල කඩිමුඩියෙ දොර ඇරල බලද්දි සාගර ගෙදර ඇවිත්. ඔවුන් පුදුම වුනා. අම්ම සාගරට තුවායක් දෙන ගමන් තනියම කලුවරේ වැස්සෙ තෙමීගෙන ආපු එක ගැන නෝක්කාඩුවකුත් කිව්ව. "අවුලක් නැහැ. හංදියෙන් බහිද්දි පොඩි මහත්තයවත් හම්බුනා. ඉතින් තනියක් තිබුනෙ
    නැහැ. දෙන්නම ආව. එයා තෙමි තෙමි යන නිසා මම කුඩේ දුන්න. හෙට දිහාට ඉල්ලගන්න බැරියැ." සාගර විස්තරේ කිව්ව. ඊට පස්සෙ ඇඟ හෝදගෙන අම්ම හදල දුන්න කෝපි එකකුත් බීල සාගර නිදාගන්න ගියා. පහුවදා උදේ සාගර පොඩි මහත්තයලගෙ ⁣ගෙවල් පැත්තෙ යන්න ලෑස්ති වෙද්දි තාත්ත සාගරට කතා කළා. "ළමයො. පොඩ්ඩක් ඉඳිං. පොඩි කාරණාවක්
    තියෙනව උඹට කියන්න. ඊයෙ රාත්‍රියෙ උඹට අපි මේක නොකිව්වෙ හිත කලබලවෙන නිසයි. පොඩි මහත්තය මීට මාස තුනකට කලින් මළා. පෙරේදා තමයි තුන්මාසෙ දානෙ තිබුනෙ. හිත කලබල කරගන්නෙ නැතුව ඉඳිං. ⁣කෝකටත් පොඩි ආරක්ෂාවක් කරගම්මු." තාත්ත එහෙම කියනකොට හිසෙන් පටන්ගෙන දෙපතුල
    දක්වාම හිරි වැටෙන්නාක් මෙන් සාගරට දැනුනා. මුලු ඇඟම පණ නැතිව යනවා මෙන් හැඟීමක් දැනෙන ගමන් ඔහුට මෙහෙම හිතුන. "දෙයියනේ. මම ඊයෙ කතා කර කර ආවෙ එතකොට මැරිච්ච මිනිහෙක් එක්කද?"

    Indika Prabhath Wickramasinghe
     
    • Like
    Reactions: 7204 and umedhah

    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    16425745_403890016631655_5719013768329287725_n.jpg

    මේ නුග ගහ තියෙන්නේ මඩගල්ල පාරේ...මෙතන බුදු මැදුර හදන්න ප්‍රදානම හේතුව උනේ ඔතනට ටිකක් එහායින් තියනවා කනත්තක් එතන ගොඩක් අනතුරු උනා කීප දෙනෙක් මැරුනා. සහ රෑට ඇහෙන විශාල අතු කඩන් වැටෙන සද්ද නුග ගහ අවට ගෙවල් වලට ඇහෙනවා ඇවිත් බලද්දි මොකුත්ම නෑ ඒ වගේ විවිධ ශබ්ද පස්සේ ගමේ අය එකතු වෙලා බුදු මැදුර හැදුවට පස්සේ අනතුරු සහ ශබ්ද මොකුත් නැතුව ගියා...දැන් එතන හැමදාම උදේට හවසට පිරිත් දානවා...
    ඉබ්බී මැනික
     
    • Like
    Reactions: Aruna119