Real Love-ඔක්කොම කියවන්න.

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Real Love-ඔක්කොම කියවන්න.

    මේක අන්තිම වෙනකන් අනිවාර්යෙන් කියවන්න.:(බලල හොඳනම් කැමති එකක් දීල යන්නකෝ :)

    මේ කියන්න යන ආදර කතාව සිද්ධ වුනේ මීට වසර කිහිපයකට පෙර ඉන්දියාවේ ජමුබු-කාෂ්මීර දේශ සිමාව කිට්ටුවේ. ඒ කිට්ටුව හිටපු ගම් මුලැදැනියාගේ ලස්සන දුව පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගත්තා. මේ ආදර සම්බන්දයට ගැහැණූ ළමයගේ නෑදෑයෝ ඔක්කෝම විරුද්ධ වුනා. හේතුව වුනේ ඔහුගේ දුප්පත් කමයි. ඒ මොන හේතුව ආවත් මේ දුව පිරිමි ළමයත් එක්ක තමන්ගේ සතුට අනාගතය සොයා ගෙන රහසෙම පැන යනවා.



    ගමේ හැමෝම මේ දෙන්නව හොයනවා. ගමේ නායකයා වුන දුවගේ තාත්තාට මේ සිද්ධිය හින්දම ගොඩාක් ලැජ්ජයි. අවසානයේ ඔහු මේ දෙන්නට සමාව දීලා සමාව පිළිඅරගෙන ගෙදර එන්න කියලා කියන්න තීරණය කරනවා. මේ දෙන්නම ආපහු ගෙදර එනවා. දැන් මේ දෙන්නව චාරිත්‍ර අනුව විවාහය කරන්න තමා ගමේ හැමෝම සුදානම් වෙන්නේ. එක දවසක් මේ දෙන්නා යනවා නගරයට තමන්ගේ විවාහයට ඇදුම් පැළදුම් තෝරන්න. විදී ගානේ ඇදුම් සොයන අතරේ පාර මාරුවෙද්දී ඒ හරහා පැමිණි වාහනයක මේ පිරිමි ළමයා හැපුනා. මේ අනතුරින් ඔහු එතනම මිය යද්දී ගැහැණූ ළමයට සිහි නැති වුනා.



    ඇය යථා තත්වයෙට එන කොට ඇයගේ පිරිමි ළමයා ඇයට නැති වෙලා. ඒත් ඇය ඔහු අවසානෙට ඇදගෙන හිටපු කමීසය ලේ පැල්ලම් එක්කම ඈ ඒක තියාගත්තා. කාලය ගත වෙද්දී ඇය හිටියේ තමන්ගේ දෙමව්පියන් එක්කමයි. එක දවසක් ඇයගේ මව රාත්‍රියේ හීනයක් දැක්කා.



    ''අර දුව ළඟ තියෙන කමීසයේ තියෙන ලේ පැල්ලම් සෝදලා දාන්න.'' සුදු ඇඳ ගත්තු මැරිච්ච පිරිමි ළමයා මවට කිව්වා.



    ඊළඟ දවසේ රාත්‍රීයේ ඒ හීනයම ඇයගේ ගම්මුලෑදෑනි තාත්තාත් දැක්කා.



    ඊට පස්සේ දවසේ දුවත් මේ සිහිනයම දැක්කා. ඇය උදේම මේ විස්තරය අම්මා තාත්තා දෙන්නටම කිව්වා. මේ ගැන බිය වුන ඔවුන් කමීසයේ ලේ පැල්ලම් සෝදලා දාන්න වුනා. කොච්චර ලේ පැල්ලම් හේදුවත් සමහර ඒවා තියෙන්න වුනා.



    එදා රැයෙත් සිහිනයෙන් සුදු ඇඳ ගත්තු මැරිච්ච පිරිමි ළමයා ''අර කමීසයේ තියෙන ලේ පැල්ලම් සෝදලා දාන්න'' කියලා සැරෙන් කියලා යන්න ගියා.
    ඒ හින්දම ඊළඟ දවසේ උදේමත් අර කමීසයේ පැල්ලම් ටික හෝදලා දාන්න මේ අය උනන්දු වුනා. දවස් ගණනක්ම හේදුවත් සමහර පැල්ලම් එහෙමමයි. මේ විදිහට දින කීපයක්ම එක දිගට මේ සිහිනය ඇය දුටුවා. එක දවසක් රෑ සිහිනයෙන් ආපු සුදු ඇඳ ගත්තු මැරිච්ච පිරිමි ළමයා ''ආපහු නම් පැල්ලම් ඉතිරි වෙලා තිබුනොත් දරුණු දෙයක් වේවි. ඒ හින්දා ඇදුමේ තියෙන ලේ පැල්ලම් කොහොම හරි යවන්න'' කියල සිහිනයෙන් ඇවිත් කියල නොපෙනී ගියා.




    කොච්චර හේදුවත් මේ සමහර පැල්ලම් ඇයට යවන්න බැරිවුනා. තමන්ගේ පිරිමි ළමයා ගේ මතකය හින්දම මේ කමීසය විසිකරන්නටත් ඇය අකමැති වුනා. දෙමව්පියන් දවල් ගෙදර නැති වෙලාවේ ඇය තනියම ඉන්නකොට එක පාරට දොරට තට්ටු කරන ශබ්දයක් ඇහුනා...



    ඇය දොර ඇරිය ගමන්ම ඇය බිය වුනා. සුදු ඇඳ ගත්තු මැරිච්ච පිරිමි ළමයා ගේ දොර ලඟ හිටගෙන ඉන්නවා.



    ''ඔයා තවමත් කමීසයේ පැල්ලම් සේදුවේ නෑ නේද?''



    ''නෑ... ඒවා යන්නේම නෑ ! ගැහැනු ළමයත් උත්තර දුන්නා.''



    මිට මොලවා ගෙන සිටි යමක් ඔහු ඇයට දුන්නා.



    ''මොකක්ද මේ???''



    මැරිච්ච පිරිමි ළමයා උත්තරයක් දී නොපෙනී ගියා... මොකක්ද ඒ???

    -
    -
    -
    -

    ඕන පැල්ලමක් යවන්න Surf Excel එකක් ගන්න...

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: