රෙදි?
පරණ බඩු ගන්න අය හැමදේම ගන්නෙ නෑනෙ. තුනී තහඩු ගන්නෙත් නෑ.
කසළ විදිහට, ප්‍රාදේශීය සභාවට ගිහින් බාරදෙන්නත් පුලුවන්... අපේ පැත්තෙනං එහෙම ගන්නව, කලින් රෙජිස්ටර් වෙලා තියෙන්න ඕනෙ හැබැයි...
රෙදි වගේ දේවල්නං එහෙම දෙන්න එපා. කොට්න් රෙදි එහෙම ලඟ පාත ගැරේජ් එකකට වගේ තැනකට දෙන්න, වැඳල අරං යයි...
තහඩුනං තුනී කියල නෑ පරණ බඩු වලට ගන්නව...
එන මිනිහ අනුව තමයි ඉතිං තීරණය වෙන්නෙ... මමනං පාරෙ යන උංව ගෙදරට වද්ද ගන්නෙ නෑ. ලඟම තියෙන බෝතල් පත්තර කඩේට ගිහිල්ල දීල එනව මිසක්...
කාඩ්බෝඩ්, පොලිතින්, යකඩ, ප්ලාස්ටික්
මේව රීසයිකල් කරන තැන් වලට දෙන්න පුලුවන්.