මචන් වෙන වෙන සිංහල ෆන්ට් වලින් ලියල කොපි පේස්ට් කලාට හරි යන්නේ නෑ
යුනි කෝඩ් එක උඹ මැෂින් එකට ඉන්ස්ටෝල් කර ගනින් ඊට පස්සේ ටාස්ක් බාර් එකේ දකුණු පැත්තට වෙන්න කී බෝඩ් එකක අයිකන් එකක් ඒවි EN කියල අකුරු දෙකත් එක්ක ඒක ක්ලික් කලාම මෙනු එකක් මතු වේවේ
එතන තියෙනවා SI කියල ඒ තියෙන්නේ සිංහලෙන් ටයිප් කරන්න ඕනේ වෙලාවට උඹ ටයිප් කරන ටෙක්ස් ෆීල්ඩ් එක සිලෙක්ට් කරන් (උදා - උඹ එළකිරි එකේ කමෙන්ට් කරන්වා නම් ඒතන මැසේජ් එක ගහන තැන සිලෙක්ට් රයිට් ක්ලික් කරල ) ඊට පස්සේ ටාස්ක් බාර් එකේ තියෙන අර මෙනු එකෙන් SI තෝරන්න
දැන් තියන්නේ උම කලින් ටයිප් කරන්න තෝර ගත්ත තැන සිංහලෙන් ටයිප් කරන්න
හැබැයි මචො සිංහල කීබෝඩ් එක(විජේසේකර යතුරු පුවරුව) කට පාඩම් කර ගන්න වෙනව මුලද අමාරුයි කියල හිතේවි ඒත් පුරුදු උනාම ගානක් නෑ
ඉන්ටර් නෙට් එකේ තියනව එක එක ටූල් සිංහල යුනිකොඩ් වලින් ලියවෙන සිංගිලිෂ් වලින් ටයිප් කලාම ඒත් මම නම් කියන්නේ කොච්චර අමාරු උනත් සිංහල කීබෝඩ් එක අතට හුරු කර ගනින් එත කොට ආඩම්බරෙන් කියන්න පුලුවන් මට සිංහල ටයිපින් පුලුවන් කියල