ලයිෆ් එක හැමදාම එකම තැන වගේ මචන්, කිසිම දෙයක් තාම හරියට කරගෙන නෑ, මාසෙට හම්බෙන සැලරි එක විතරයි. ඒකෙත් පොඩි ප්‍රශ්ණයක් වීගෙන එන්නෙ දැන් (මම ඒක පස්සෙ කියන්නම්)
මට loan එකක් දාලා හරියෙන් කඩයක් කරන්න ආසාවක් තියෙනවා, කරන එක හොඳටම කරන්න තමා අදහස, ලොකු ප්ලේස් එකක් නැතුව පොඩි තැනක් අරගෙන කෑම ටික විකුණන්න්න විතරක් සහා කෑම ටික වෙනම තැනක උයලා අරන් එන්න වගේ තමා අදහස් කලේ. මොකද හොඳ තැනක ලොකු කඩයක් ලොකු මිලක් වෙයි කියලා හිතුන නිසා.
අනිත් එක තමා තලවතුගොඩ වගේ පැත්තකින් පාර අයිනෙ පොඩි කඩ කෑල්ලල් අර පොල් අතු වගේ දාලා කරන එක. මේ සම්බන්ධ මට කිසිම අත්දැකීමක් නෑ, නමුත් කොහොම හරි කරන්න තමා අයිඩියා එක. මට මේ සම්බන්ධ උපදෙසක් දෙන්න පුලුවන්ද මේකේ අත්දැකීම් අයිඩියා තියෙන අයට

