උපාලි විජයවර්ධන ලියර් ජෙට් එකක් ගන්න කලකට ඉස්සෙල්ලා එයාට හෙලිකොප්ටර් සහ සැහැල්ලු ගුවන් යානා තිබුනා. ]
හොලිවුඩ් චිත්‍රපට වල පවා කෙනෙකුගේ පොහොසත් කම පෙන්නන කොට ගෙදර Helipad එකක් පෙන්නන එක සිරිතක්. ඒත් Rooftop Helipad පෙන්නනවා බොහොම අඩුයි. ඒ මොකද අද සමාජයේ පවා එවැනි දේවල් විශ්වාස නොකලහැකි තරම් විරල වීමයි. ඒ උනාට 70 දශකයේ මුල් කාලයේදීත් උපාලි ගේ ගෙදර rooftop helipad එකක් තිබුනා. මම මේක ලියන ගමන් ගූගල් කරලා බැලුවාම දැන් එතන තියෙන්නේ (තර්ස්ටන් පාරේ, රෝයල් ජූනියර් එකේ දොරටුව ඉදිරිපිට පේද්‍රිස් පාර හන්දියේ ) singer warehouse එකයි. ඒ උනාට උපාලිගේ ගෙදර ඔරිජිනල් තාප්පේ කොටසක් සහ කුරුබිලියක් වැනි කුඩා ගේට්ටුව තවම වෙනස් නොවී තියනවා. මේ කියන ගොඩනැගිල්ලේ දෙවන තට්ටුවේ swimming pool එක තිබුනා. තුන්වන තට්ටුව helipad එකයි.
70 දශකයේ මුල, මම රෝයල් ජූනියර් එකේ ඉගෙන ගන්න කාලේ මේ helipad එක හදලා, හෙලිකොප්ටර් එකක් මුලින්ම ආපු දවසේ නම් ළමයින්, ගුරුවරුන් පමණක් නොවෙයි, අපේ විදුහල්පතිතුමා (RJS විදුහල්පති H D සුගතපාල මහතා) පවා අපේ පිට්ටනියට ගිහිල්ලා ඒක බැලුවා. ඉන්පසුවත් කිහිපවරක් හෙලිකොප්ටර් ආවා ගියා උනාට එහි හෙලිකොප්ටර් ගොඩබෑමේ සද්දය නිසා අහල පහල මිනිස්සු මේකට විරෝධය පලකිරීම නිසා (අහල පහල කොළඹ 7 කුරුඳුවත්තේ ඉන්නෙත් එදා වේල හම්බකරගෙන කන දුප්පත් මිනිස්සු නොවෙයිනේ) දිනකට එකවරක් පමණක් ගොඩබෑමට අවසර ලැබුන බව මම අසා තියනවා, එහි සත්‍යය අසත්‍යය මම දන්නේ නැහැ. නමුත් ඉන්පසුව මෙහි හෙලිකොප්ටර් ගොඩබෑව බවට මතකයක් නැහැ. එකල තිබුන සිරිමා බණ්ඩාරනායක රජය, උපාලි විජේවර්ධන UNP කාරයෙක් වීම නිසා එයාගේ ව්‍යාපාර වලට සහ දේපොළ වලට එලව ලවා පහර දුන්න නිසා ඒ ගැන පුදුම වෙන්න දෙයකුත් නැහැ.
උපාලි විජේවර්ධන ගේ නම සම්බන්ධ කරලා "කුඩු" කතාව හැදුවේ ආර් ප්‍රේමදාස සහ/හෝ රොනී ද මැල් කියලයි මම දන්නේ. ජේ ආර් ගේ රජය යටතේ ඒ දෙන්නාටම වඩා බලයක් උපාලි ට තිබුනා. එයාගේ අතුරුදහන් වීමටත් ඔය කියන නම් දෙකම ගෑවිලා තිබුනා. ඒකත් අර කුඩු කතාව වාගේ විරුද්ධවාදීන්ට පහර ගහන්න ගොතාපු කතාවල් මිසක් ඇත්තක් නොවෙයි.
මේ අතරම උපාලි විජේවර්ධනගේ චරිතය ගැන තවත් කටකතා තිබුනා. මම ඒ කටකතා මෙතන කියන්නේ නැහැ. නමුත්, එහි යම් ඇත්තක් තිබිය හැකි බව ඔප්පු වෙන ඡායාරුපයක් Royal Thomian Souvenir එකක තිබුනා (මේක උපාලි ගානේ අපිට Scoreboard එකක් හදලා විවෘත කිරීමේ උත්සවේදී ගත්ත එකක්) නම් මට හොඳට මතකයි. නමුත් වැඩිහිටියන් හැටියට දැන් බලපුවාම ඒක අහඹු සිදුවීමක් කියලත් හිතෙනවා.