RIP Phillip Hughes

hitback

Member
Nov 15, 2014
6,177
350
0
හිතට අද මාරම දුක දවසක් බං. මට මතකයි 2013 ඕස්ට්‍රේලියාව එක්ක තිබ්බ මැච් සීරීස් එකෙන් තමයි මූ මුලින්ම එන්නේ ක්‍රිකට් වලට. පළවෙනි මැච් එකෙන්ම අපිට නෙලනවා හොදි එපා කියන්න ප්‍රථම ඕස්ට්‍රේලියානුවා හැටියට පළවෙනිම මැච් එකෙන් ලකුණු 100 ක් ගත්තු. මේ තියෙන්නේ ඒ මැච් එක බං.

පස්සේ අන්තිම මැච් එකේදි ආයේ නෙලනවා 138 ක් ද කොහෙද අපේ උන්ටම. අන්තිමට මුගේ පළවෙනි මැච් 5 ඉවර වෙද්දි 100 එව්වා 2කක් ගහලා. දෙකම අපිට. ඒදවස් වල මට මූව පේන්න බෑ බං. මූ ක්‍රිකට් ගහන්න එනවා දැක්කත් මළ. මූ ලකුණු 10 ට අඩුවෙන් අවුට් වෙද්දි මම මාරම විදිහට සතු‍ටු උන එකෙක් බං. මූ සමහර වෙලාවල මැච් වලට නොදා රිසර්ව් දාද්දි ෆේල් වෙලා වෙන ටීම් එකක් එක්ක උනත් ගහද්දි මට පට්ට හැපි. හොඳ වැඩේ පරයට කිය කියා හිටියේ. ඒ අපිට ගහපු ගැහිල්ලට බං. ඒත් ජීවිතේ පළවෙනි වතාවට මූට බෝලේ වැඩිලා කෝමා තත්වයේ කියලා දැනගත්තම මූ වෙනුවෙන් ප්‍රාර්ථනා කළා ඉක්මන් සුව ලැබේවා කියලා. ඒත් අද වෙද්දි ඒ ප්‍රර්ථනා ඔක්කොම වතුරේ ගිහිල්ලා. පළවෙනියෙන්ම මූ මැරිලා කියලා දැක්කම ඇස් දෙකට කඳුලු ආවා බං.

මටත් නොදැනිම මම මුගේ ක්‍රිකට් රසිකයෙක් වෙලා. ඒක අදයි දන්නේ. කොහොම හරි අපිට ආයෙත් Phillip Hughes ව දැකගන්ට ලැබෙන්නෙ නැහැ. ඕස්ට්‍රේලියානුවන් කියන්නේ සාමාන්‍යයෙන් ක්‍රිකට් පිටියේ පඩ ශෝ කාරයෝ. ඒ අතරේ හිටපු නිහතමානී ක්‍රීඩකයෙක් බං මූ. පව්. අනික අවුරුදු 25 ක් කියන්නේ වයසක්ද. ජීවිතේ කියන්නේ කොහොම දෙයක්ද කියලා ආයේ අවබෝද උනා බං.

10350357_335848696600284_2516027484398951296_n.jpg

10519499_1565168470387482_3369946561277398406_n.jpg

මට පැහැදිලි නැති තැනක් තියෙනවා දන්නවනම් දන්න එකෙක් කියාගෙන පල. ඇයි බං මේ ලෝකේ ගොඩක් හොඳයි කියලා මිනිස්සු කියන මිනිසුන් ඉක්මනින් මේ ලෝකෙන් යන්නේ. Phill විතරක් නෙමෙයි අපේ රටෙත් ගොඩක් හොඳ මිනිස්සු ඉක්මනින් මේ ලෝකේ හැරලා යන්ට යන්නේ කාලකණිනි පාහරයෝ හොඳින් සැපෙන් ජීවත් වෙද්දි ඇයි බං?
 
Last edited:
  • Like
Reactions: sandunhiran

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පිලිප් මහතාට නිවන් සුව අත්වේවා..

    උබ අහලා තියන ප්‍රශ්න වලට නම් උත්තරයක් දෙන්න බැහැ බන් ,,,
    හැබැයි වෙහෙම දෙයක් තියනවා
    ඉන්නකොට කාගේවත් අගයක් එච්චර දැනෙන්නේ නැහැ බන්
    ආයෙත් හමුනොවන්නට දකින්නට නොලැබෙන්නට වෙන්වුනා කියලා දැනගත්තහම තමයි බන් ඒ ප්‍රානියාගේ වටිනාකම තේරෙන්නේ
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    පිලිප් මහතාට නිවන් සුව අත්වේවා..

    උබ අහලා තියන ප්‍රශ්න වලට නම් උත්තරයක් දෙන්න බැහැ බන් ,,,
    හැබැයි වෙහෙම දෙයක් තියනවා
    ඉන්නකොට කාගේවත් අගයක් එච්චර දැනෙන්නේ නැහැ බන්
    ආයෙත් හමුනොවන්නට දකින්නට නොලැබෙන්නට වෙන්වුනා කියලා දැනගත්තහම තමයි බන් ඒ ප්‍රානියාගේ වටිනාකම තේරෙන්නේ

    ඒ උනාට බං මේ රටේ ලොකු තැන් වල ඉන්න පාහරයෝ බලපන්. රටට හොඳ කරපු ලලිත් ඇතුලත් මුදලි මහත්තයා වගේ රත්තරන් මිනිස්සු නැතිවෙද්දි මහින්ද වගේ පාහරයෝ ඇයි බං හොඳින් ජීවත් වෙන්නේ? ඕක එක උදා හරණයක් විතරයි. ගමේ කසිප්පු මුදලාලි හොඳට ඉද්දි ඇයි බං දාන මාන දීගෙන මිනිස්සුන්ට උදව් කරපු මිනිහා 40 න් 45 න් මැරෙන්නේ? :sorry::sorry::sorry:
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මට පැහැදිලි නැති තැනක් තියෙනවා දන්නවනම් දන්න එකෙක් කියාගෙන පල. ඇයි බං මේ ලෝකේ ගොඩක් හොඳයි කියලා මිනිස්සු කියන මිනිසුන් ඉක්මනින් මේ ලෝකෙන් යන්නේ. Phill විතරක් නෙමෙයි අපේ රටෙත් ගොඩක් හොඳ මිනිස්සු ඉක්මනින් මේ ලෝකේ හැරලා යන්ට යන්නේ කාලකණිනි පාහරයෝ හොඳින් සැපෙන් ජීවත් වෙද්දි ඇයි බං?

    machan ube me prashneta uththare math hoyanawa, api hamotama maranaya himi machan me hema deyakma thaawakaalikai :)
     
    ඒ උනාට බං හංදියේ මස් මරණ එකයි, කසිප්පු විකුණන එකයි හොඳට ඉද්දි උන්ට හැමදේම ලැබෙද්දි නිහතමානීව ජීවත් වෙන මිනිහට තියෙන හැමදේම නැති වෙන්නයි, ඌට ඉක්මනින් කෙළවෙන්නයි මාර ලෝකයක් බං මේක. මරණය උනත් බං හොඳ උන්ටම ඇයි ඉක්මනට එන්නේ? :growl::growl:
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ඒ උනාට බං හංදියේ මස් මරණ එකයි, කසිප්පු විකුණන එකයි හොඳට ඉද්දි උන්ට හැමදේම ලැබෙද්දි නිහතමානීව ජීවත් වෙන මිනිහට තියෙන හැමදේම නැති වෙන්නයි, ඌට ඉක්මනින් කෙළවෙන්නයි මාර ලෝකයක් බං මේක. මරණය උනත් බං හොඳ උන්ටම ඇයි ඉක්මනට එන්නේ? :growl::growl:

    samaharawita godak watina minissu api atharin ikmnta wen wenawa machan eka me loke hati ada hitiya heta maruna aye kisima deyak ahanna dakinna wenne na eth e minissu ape hadawath wala hamadaamath jeewath wenawa :yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඇත්ත මචං මටත් තියන ලොකුම ප්‍රශ්නයක් තමා ඕක
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒ උනාට බං මේ රටේ ලොකු තැන් වල ඉන්න පාහරයෝ බලපන්. රටට හොඳ කරපු ලලිත් ඇතුලත් මුදලි මහත්තයා වගේ රත්තරන් මිනිස්සු නැතිවෙද්දි මහින්ද වගේ පාහරයෝ ඇයි බං හොඳින් ජීවත් වෙන්නේ? ඕක එක උදා හරණයක් විතරයි. ගමේ කසිප්පු මුදලාලි හොඳට ඉද්දි ඇයි බං දාන මාන දීගෙන මිනිස්සුන්ට උදව් කරපු මිනිහා 40 න් 45 න් මැරෙන්නේ? :sorry::sorry::sorry:
    මචෝ උබ එහෙම හිතන්න එපා ,,,
    අවුරුදු 40න් 50න් උනත් ජරා ජීර්ණ වෙන්නේ නැතුව මැරෙන්නේ තියනවා නම් ඒ මනුස්සයා හොද පින් කාරයෙක් බන්..උබ මිනිස්සු මැරෙන්න කලින් ජරාජීර්ණ වෙලා විදවලා දුක්විදිනවා දැකලා නැද්ද බන් ...දවසක පලයන්කෝ මහරගම පිළිකා රෝහලට
    අපි කොච්චර වාසනාවන්තයෝද කියලා හිතෙනවා බන් ...
    මේකයි මචෝ මම විශ්වාස කරන ධර්මේ
    ''තමන් වපුරපුදේ තමයි තමන් නෙලාගන්නේ''
    ඔය උබ මුලින් කියලා තියන රටේ ලොකු තැන් වල ඉන්න සමහර පාහරයෝ මැරෙන්නේ බල්ලෝ වගේ දුක්විදලා බන් ..
    එව්වා රටට ආරංචි නොවෙන්නේ ඒ වෙනකොට ඒ මිනිස්සුන්ගේ බලය ගිලිහිලා සමාජයෙන් කොන්වෙලා ඉන්නා නිසයි ...
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    samaharawita godak watina minissu api atharin ikmnta wen wenawa machan eka me loke hati ada hitiya heta maruna aye kisima deyak ahanna dakinna wenne na eth e minissu ape hadawath wala hamadaamath jeewath wenawa :yes:

    ඒ උනාට බං බුදු දහමට අනුව ආයේ ඉපදීමක් තිබෙන නිසා ආයෙමත් මුල ඉඳන් පටන් ගන්න එපාය බං. ඒක ඊට වඩා දුකක්නේ බං. :(:(
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මචෝ උබ එහෙම හිතන්න එපා ,,,
    අවුරුදු 40න් 50න් උනත් ජරා ජීර්ණ වෙන්නේ නැතුව මැරෙන්නේ තියනවා නම් ඒ මනුස්සයා හොද පින් කාරයෙක් බන්..උබ මිනිස්සු මැරෙන්න කලින් ජරාජීර්ණ වෙලා විදවලා දුක්විදිනවා දැකලා නැද්ද බන් ...දවසක පලයන්කෝ මහරගම පිළිකා රෝහලට
    අපි කොච්චර වාසනාවන්තයෝද කියලා හිතෙනවා බන් ...
    මේකයි මචෝ මම විශ්වාස කරන ධර්මේ
    ''තමන් වපුරපුදේ තමයි තමන් නෙලාගන්නේ''
    ඔය උබ මුලින් කියලා තියන රටේ ලොකු තැන් වල ඉන්න සමහර පාහරයෝ මැරෙන්නේ බල්ලෝ වගේ දුක්විදලා බන් ..
    එව්වා රටට ආරංචි නොවෙන්නේ ඒ වෙනකොට ඒ මිනිස්සුන්ගේ බලය ගිලිහිලා සමාජයෙන් කොන්වෙලා ඉන්නා නිසයි ...

    අනේ මන්ද බං. මට මාර ගැටලුවක් බං. මේ ලෝකේ ඉතිරි වෙන්න ඕනේ මිනිස්සු, ලෝකෙට වැඩක් කරන්න ඕනේ මිනිස්සු ඉක්මනින් ලෝකේ දාලා යද්දි පාහරයෝ කුණු වෙවී, පජ වෙවී තවත් සක්කිලි කම් කර කරා ජීවත් වෙනවා. :(:(
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    හේතුව...... අද ලෝකය පාලනය කරන්නේ යක්කු , ප්‍රේතයෝ , හොරු තක්කඩි හින්දා

    උඹ බෞද්දධ නේද මචං? බුදු දහමට අනුව බං ආයේ කලින් මැරිලා ආයෙමත් ඉපදෙන්නෙත් මේ ලෝකෙමනේ බං. :(:(
     
    Lokka©

    Junior member
  • 2010 දි කරපු video එකකදි Phillip ගෙන් අහනවා cricket ගැහුවෙ නැත්තන් මොකද්ද කරන්නෙ කියලා Phil කියන්නෙ එයාලගෙ farm 1 කරනවා කියලා.
    මොනවා උනත් මිනිහෙක්ගෙ අගෙ තෙරෙන්නෙ එයාට මොනවා හරි උනාම ඊට පස්සෙ ටික දවසක් එ ගැන කතා කරයි පස්සෙ මොනවත් නැ
    ලෝකෙ හැටි එහෙමයි.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    2010 දි කරපු video එකකදි Phillip ගෙන් අහනවා cricket ගැහුවෙ නැත්තන් මොකද්ද කරන්නෙ කියලා Phil කියන්නෙ එයාලගෙ farm 1 කරනවා කියලා.
    මොනවා උනත් මිනිහෙක්ගෙ අගෙ තෙරෙන්නෙ එයාට මොනවා හරි උනාම ඊට පස්සෙ ටික දවසක් එ ගැන කතා කරයි පස්සෙ මොනවත් නැ
    ලෝකෙ හැටි එහෙමයි.

    මම ඒ වීඩියෝ එක බැලුවා බං. පට්ට දුක හිතුනා ඒක බලලා. :(:(