සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගද්දි RMV එකෙන් යම් වාහනේකට තහනම් නියෝග හරි වෙන ලීගල් කේස්/නඩු හරි තියෙනවද කියල චෙක් කරගන්නෙ කොහොමද..?
අතඅඩංගුවට ගත්තු නැති යම් අපරාදයකට සම්බන්ද වාහන ගැන අදහස් කරේනඩු තියෙන වාහන කියන්නෙ මොනවද?
එහෙම එකක් ගත්තට ප්‍රශ්නයක් නෑ. උඹ රහස් පොලිසියේ වැඩකරත් වහනයක් ගන්න කලින් ඔහොම විස්තර හොයාගන්න බැහැඅතඅඩංගුවට ගත්තු නැති යම් අපරාදයකට සම්බන්ද වාහන ගැන අදහස් කරේ
Some crows near RMVඑහෙම එකක් ගත්තට ප්‍රශ්නයක් නෑ. උඹ රහස් පොලිසියේ වැඩකරත් වහනයක් ගන්න කලින් ඔහොම විස්තර හොයාගන්න බැහැ
වන්ඩේ ට්‍රාන්සර් දාන්න පුලුව්න් එකක් ගන්න.සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගද්දි RMV එකෙන් යම් වාහනේකට තහනම් නියෝග
හරි වෙන ලීගල් කේස්/නඩු හරි තියෙනවද කියල චෙක් කරගන්නෙ කොහොමද..?![]()
Thanksවාහනයක් නඩු භාණ්ඩයක් කළොත් නීතිමය තත්ත්වය මේකයි.
උදා: වාහනයක් යොදා ගෙන යම් අපරාධයක් කරනවා. අපරාධයට සම්බන්ධ සැකකරුවන්ව අත්අඩංගුවට ගන්නවා. අපරාධයට යොදා ගත්ත වාහනය පොලිස් භාරයට ගන්නවා. පොලීසිය වාහනය PR විදිහට අංක කරලා නඩු භාණ්ඩයක් වශයෙන් සැකකරුවන් එක්ක උසාවියට ඉදිරිපත් කරනවා.
සාමාන්‍යයෙන් එහෙම ඉදිරිපත් කරපු වාහනයක් උසාවිය භාරයේ උසාවිය භූමියේ තියෙන්න ඕනේ. ඒත් සමහර උසාවිවල ඉඩකඩ නැති නිසා පොලිසියට අයත් භූමියක වාහනය රඳවා ගන්න අවසර ලැබෙනවා. මෙතනදී වාහනයේ යතුර විතරයි භාරයට ගන්නේ. ආදායම් බලපත්‍ර, රක්ෂණ සහතික, දුම් සහතික, වාහනයේ පොත වාහනයේ අයිතිකාරයාට එවෙලෙම පොලීසිය ආපහු භාර දෙනවා. පොලීසියට ඒවා තියා ගන්න අවසරයක් නැහැ. වාහනේ අයිතිකාරයා නඩුවේ සැකකරුවෙක් නම් ළඟම ඥාතියකුට ඒවා භාර දෙනවා. වෙනත් අයිතිකාරයෙක් ඉන්නවා නම් ඒ අයිතිකාරයා ගැන විමර්ශනය කරලා එයාට අදාළ ලියකියවිලි භාර දෙනවා.
දැනට උසාවිය භාරයේ තියෙන වාහනය ආපහු අයිතිකාරයාට ගන්න උසාවියෙන් ඉල්ලීමක් කරන්න ඕනේ. එතනදි අදාළ වාහනය හා සම්බන්ධ විමර්ශන ඉවරද කියලා උසාවිය පොලීසියෙන් අහනවා. පොලීසිය විරුද්ධ නැත්නම් වාහනය ගන්න ඉල්ලීම කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් වාහනය උසාවියට ඉදිරිපත් කරපු දිනේ ඉදන් මාස දෙකක්වත් එහාට ගිහිල්ලා තමයි ඉල්ලීම කරන්න ඕනේ. ඒත් වාහනය ගැන විමර්ශනය කරන්න පොලීසියට සාධාරණ කාලයක් දීලා තියෙනවා නම් පොලීසිය විරුද්ධ වුණත් උසාවිය වාහනය අයිතිකාරයාට මුදවා හරින්න නියෝග කරනවා.
එහෙම නඩු භාණ්ඩයක් විදිහට නම් කරපු වාහනයක් මුදවා ගන්න වාහනයේ පොත අනිවාර්යයෙන් ඉදිරිපත් කරන්න ඕනේ. RMV සීල් එකක් ගහපු ෆොටෝ කොපියක් ඉදිරිපත් කරන්නත් පුළුවන්. වාහනයේ ලියාපදිංචි අයිතිකාරයාට තමයි වාහනය මුදවා හරින්නේ. ලීසිං නම් අයිතිකාරයා අනිවාර්යයෙන්ම ලීසිං සමාගමේ No Objection Letter එකත් එක්ක ඉල්ලීම කරන්න ඕනේ.
ඊට පස්සේ උසාවිය බැඳුම්කරයක් මත කොන්දේසි සහිතව වාහනය ලියාපදිංචි අයිතිකාරයාට මුදවා හරිනවා.
උදා: වාහනය ලක්ෂ 30ක් නම් ලක්ෂ 50ක විතර බැඳුම්කරයක් අත්සන් කරන්න වෙනවා.
මෙතනදී වාහනය විකුණන්න බැහැ. වෙනස් කරන්න බැහැ. පාට වෙනස් කරන්න බැහැ. උසාවිය කියන දිනයට අවශ්‍ය වුණොත් වාහනය උසාවියට ඉදිරිපත් කරන්න ඕනේ. එහෙම ඉදිරිපත් කරන්න බැරි වුණොත් බැඳුම්කරයේ ගාණ උසාවියට ගෙවන්න ඕනේ. ලක්ෂ 50ක බැඳුම්කරයක් නම් ලක්ෂ 50ක් ගෙවන්න වෙනවා. බැරි වුණොත් බන්ධනාගාර ගත කරනවා.
එහෙම වාහනයක් නඩු භාණ්ඩ විදිහට නම් කරලද, බැඳුම්කරයක් තියෙනවාද කියලා හොයාගන්න පුළුවන් ක්‍රමවේදයක් නැහැ. තොරතුරක් හම්බවුණොත් මිසක්.
එහෙම නඩුවක් තියෙද්දී මුදාහැරපු වාහනයක් විකුණන්න තහනම් ද? තහනමක් තිබුනත් නැතත් පොත අතේ තියෙනවා නම් විකුණුවොත් අලුත් ගැනුම්කරුවට ප්‍රශ්නයක් වෙනවද?එහෙම වාහනයක් නඩු භාණ්ඩ විදිහට නම් කරලද, බැඳුම්කරයක් තියෙනවාද කියලා හොයාගන්න පුළුවන් ක්‍රමවේදයක් නැහැ. තොරතුරක් හම්බවුණොත් මිසක්.
එහෙම නඩුවක් තියෙද්දී මුදාහැරපු වාහනයක් විකුණන්න තහනම් ද? තහනමක් තිබුනත් නැතත් පොත අතේ තියෙනවා නම් විකුණුවොත් අලුත් ගැනුම්කරුවට ප්‍රශ්නයක් වෙනවද?