RMV තහනම් නියෝග?

MySelf99

Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගද්දි RMV එකෙන් යම් වාහනේකට තහනම් නියෝග හරි වෙන ලීගල් කේස්/නඩු හරි තියෙනවද කියල චෙක් කරගන්නෙ කොහොමද..?🙂
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,666
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අතඅඩංගුවට ගත්තු නැති යම් අපරාදයකට සම්බන්ද වාහන ගැන අදහස් කරේ
    එහෙම එකක් ගත්තට ප්‍රශ්නයක් නෑ. උඹ රහස් පොලිසියේ වැඩකරත් වහනයක් ගන්න කලින් ඔහොම විස්තර හොයාගන්න බැහැ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගද්දි RMV එකෙන් යම් වාහනේකට තහනම් නියෝග
    වන්ඩේ ට්‍රාන්සර් දාන්න පුලුව්න් එකක් ගන්න.
    පොතේ අයිතිකරු හම්බෙල, නො ඔබ්ජෙක්සන් ලෙටර් අර, සාක්කි කාරයො අත්සන් කරල හරි විදියට, ජේපී ගෙ ලියුම අරන්.
    නොමල් දැම්මම, මාස 3ක් වගෙ යනව, එතකොට දැනට ඉන්න එකාට පැවරීමට විරුද්ද වෙන්න පුලුවන් මොකක් හරි හේතුවක් දාල

    හරි වෙන ලීගල් කේස්/නඩු හරි තියෙනවද කියල චෙක් කරගන්නෙ කොහොමද..?🙂

    ලීගල් කේස් කියන්නෙ බට් වාහන වගෙ එව නන්, ඒවට ඉන්ස්පෙක්ශන් තියනව
    උදා , නාවල ඩි සිල්වා වැලුවෙශන් එක වගෙ. උන් චැසි, engine, බොඩි ටැග් ඔක්කොම බලල එහම කෙස් තියනව නන් කියනව.

    නඩු තියන වාහන් ඉතින් , උසාවි / පොලිසියෙනෙ තියෙන්නෙ,
    ඒව කොමත් ඕපන් මාකට් එකට එන්නෙ නෑනෙ.

    පෙරෙද කුඩු ඇදපු වාහනෙ, උබ අද ගත්තොත් ඉතින් කරන්න දෙයක් නෑ
    නඩු බාන්ඩ විදියට ඇර්තුලට ගනීවි.

    ----

    ඒකයි කියන්නෙ,
    වාහනෙ ගන්න කොට තමන්ගෙ නමට පැවරිච්ච, හරි හමන් එකෙක් ගෙන ගන්න කියල.
    ගෑනු ගන්නයි, වාහන ගන්නයි හදිසි වෙන්න එපා කියලත් කියනවනෙ

    සේල් වල වාහන උනත් කමක් නෑ, උන් විකුනන්න ලීගල් කේස් එවා ගන්නෙ නෑ.
    මරාල විකුනන එක වෙනම දෙයක්.

    -----

    සරලම දේ, පොඩි ලීස් එකක් දාන්න
    ලීස්න් එවුන් හොයල බලල ලීස්න් දෙන්නෙ, උන්ට හැමැ තැනම කන්ටැක්ට් තියනව

    නැත්නන්,
    get a brand new or migrate
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    හොදට දන්න කියන එකෙක්ගෙන් වාහනයක් ගනින්. රෙපියුටඩ් සෙලර් කෙනෙක්ගෙන් වාහනයක් ගනින්. උබ කාගෙන් ගත්තත් one dayservice එකෙන් ට්‍රාන්සර් එක කර ගනින්. පොඩ් ගානයි වැඩිපුර යන්නේ. ඒවගේම ප්‍රශ්නය්ක් තිබ්බොත් ඉක්මනින් විසදගන්න පුළ්වුඅන්. normal service එකේ වාහන ට්‍රාන්සර් දැම්මට පස්සේ මාස 3ක් විතර යනවා ඕක හදාගන්න. මොකක් හරි කේස් එකක් තිබ්බොත් , අපි ගිහින් උන්ට මතක් කරනකල් උන් ඒ ෆයිල් එක තියාගෙන ඉන්නවා. එහෙම මාස 3කට විතර පස්සේ ගිහින් අහද්දි වාහනේ නීත්‍යානුකූලබාවය ගැන ප්‍රශ්නයක් ආවොත් උබටත් උසාවි ගානේ බඩගාලා තමයි නතර වෙන්න වෙයි.
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    වාහනයක් නඩු භාණ්ඩයක් කළොත් නීතිමය තත්ත්වය මේකයි.
    උදා: වාහනයක් යොදා ගෙන යම් අපරාධයක් කරනවා. අපරාධයට සම්බන්ධ සැකකරුවන්ව අත්අඩංගුවට ගන්නවා. අපරාධයට යොදා ගත්ත වාහනය පොලිස් භාරයට ගන්නවා. පොලීසිය වාහනය PR විදිහට අංක කරලා නඩු භාණ්ඩයක් වශයෙන් සැකකරුවන් එක්ක උසාවියට ඉදිරිපත් කරනවා.

    සාමාන්‍යයෙන් එහෙම ඉදිරිපත් කරපු වාහනයක් උසාවිය භාරයේ උසාවිය භූමියේ තියෙන්න ඕනේ. ඒත් සමහර උසාවිවල ඉඩකඩ නැති නිසා පොලිසියට අයත් භූමියක වාහනය රඳවා ගන්න අවසර ලැබෙනවා. මෙතනදී වාහනයේ යතුර විතරයි භාරයට ගන්නේ. ආදායම් බලපත්‍ර, රක්ෂණ සහතික, දුම් සහතික, වාහනයේ පොත වාහනයේ අයිතිකාරයාට එවෙලෙම පොලීසිය ආපහු භාර දෙනවා. පොලීසියට ඒවා තියා ගන්න අවසරයක් නැහැ. වාහනේ අයිතිකාරයා නඩුවේ සැකකරුවෙක් නම් ළඟම ඥාතියකුට ඒවා භාර දෙනවා. වෙනත් අයිතිකාරයෙක් ඉන්නවා නම් ඒ අයිතිකාරයා ගැන විමර්ශනය කරලා එයාට අදාළ ලියකියවිලි භාර දෙනවා.

    දැනට උසාවිය භාරයේ තියෙන වාහනය ආපහු අයිතිකාරයාට ගන්න උසාවියෙන් ඉල්ලීමක් කරන්න ඕනේ. එතනදි අදාළ වාහනය හා සම්බන්ධ විමර්ශන ඉවරද කියලා උසාවිය පොලීසියෙන් අහනවා. පොලීසිය විරුද්ධ නැත්නම් වාහනය ගන්න ඉල්ලීම කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් වාහනය උසාවියට ඉදිරිපත් කරපු දිනේ ඉදන් මාස දෙකක්වත් එහාට ගිහිල්ලා තමයි ඉල්ලීම කරන්න ඕනේ. ඒත් වාහනය ගැන විමර්ශනය කරන්න පොලීසියට සාධාරණ කාලයක් දීලා තියෙනවා නම් පොලීසිය විරුද්ධ වුණත් උසාවිය වාහනය අයිතිකාරයාට මුදවා හරින්න නියෝග කරනවා.

    එහෙම නඩු භාණ්ඩයක් විදිහට නම් කරපු වාහනයක් මුදවා ගන්න වාහනයේ පොත අනිවාර්යයෙන් ඉදිරිපත් කරන්න ඕනේ. RMV සීල් එකක් ගහපු ෆොටෝ කොපියක් ඉදිරිපත් කරන්නත් පුළුවන්. වාහනයේ ලියාපදිංචි අයිතිකාරයාට තමයි වාහනය මුදවා හරින්නේ. ලීසිං නම් අයිතිකාරයා අනිවාර්යයෙන්ම ලීසිං සමාගමේ No Objection Letter එකත් එක්ක ඉල්ලීම කරන්න ඕනේ.

    ඊට පස්සේ උසාවිය බැඳුම්කරයක් මත කොන්දේසි සහිතව වාහනය ලියාපදිංචි අයිතිකාරයාට මුදවා හරිනවා.
    උදා: වාහනය ලක්ෂ 30ක් නම් ලක්ෂ 50ක විතර බැඳුම්කරයක් අත්සන් කරන්න වෙනවා.
    මෙතනදී වාහනය විකුණන්න බැහැ. වෙනස් කරන්න බැහැ. පාට වෙනස් කරන්න බැහැ. උසාවිය කියන දිනයට අවශ්‍ය වුණොත් වාහනය උසාවියට ඉදිරිපත් කරන්න ඕනේ. එහෙම ඉදිරිපත් කරන්න බැරි වුණොත් බැඳුම්කරයේ ගාණ උසාවියට ගෙවන්න ඕනේ. ලක්ෂ 50ක බැඳුම්කරයක් නම් ලක්ෂ 50ක් ගෙවන්න වෙනවා. බැරි වුණොත් බන්ධනාගාර ගත කරනවා.

    එහෙම වාහනයක් නඩු භාණ්ඩ විදිහට නම් කරලද, බැඳුම්කරයක් තියෙනවාද කියලා හොයාගන්න පුළුවන් ක්‍රමවේදයක් නැහැ. තොරතුරක් හම්බවුණොත් මිසක්.
     
    Thanks
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    Rmv එකෙන්ම තමයි චෙක් කරගන්න වෙන්නෙ.
    සමහර දේවල් පොතේ "විශේෂ සටහන්" යටතේ දාල තියෙනව...
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,666
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම වාහනයක් නඩු භාණ්ඩ විදිහට නම් කරලද, බැඳුම්කරයක් තියෙනවාද කියලා හොයාගන්න පුළුවන් ක්‍රමවේදයක් නැහැ. තොරතුරක් හම්බවුණොත් මිසක්.
    එහෙම නඩුවක් තියෙද්දී මුදාහැරපු වාහනයක් විකුණන්න තහනම් ද? තහනමක් තිබුනත් නැතත් පොත අතේ තියෙනවා නම් විකුණුවොත් අලුත් ගැනුම්කරුවට ප්‍රශ්නයක් වෙනවද?
     
    • Like
    Reactions: NRTG

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    එහෙම නඩුවක් තියෙද්දී මුදාහැරපු වාහනයක් විකුණන්න තහනම් ද? තහනමක් තිබුනත් නැතත් පොත අතේ තියෙනවා නම් විකුණුවොත් අලුත් ගැනුම්කරුවට ප්‍රශ්නයක් වෙනවද?

    නීත්‍යානුකූලව විකුණන්න බැහැ මචං. බැඳුම්කරය අත්සන් කරන්නේ අන්සතු කරන්නෙත් නැහැ කියලා.
    වාහනයක් නඩු භාණ්ඩයක් කළාට පොත උසාවිය භාරයට ගන්නේ නැහැ මචං. පොත ලියාපදිංචි අයිතිකාරයා ගාව තියෙනවා.
    ඉතින් වාහනය විකුණන්න බැරිකමක් නැහැ. ඒත් නීත්‍යානුකූල නැහැ. අන්සතු කරන්නේ නැහැ කියලා බැඳුම්කරය අත්සන් කරලනේ තියෙන්නේ. එහෙම අන්සතු කළොත් බැඳුම්කරය අත්සන් කරපු ලියාපදිංචි අයිතිකාරයා වගකියන්න ඕනේ. උසාවිය කියන දවසට වාහනය ඉදිරිපත් කරන්න බැරි වුණොත් බැඳුම්කරයේ ගාණ ගෙවන්න වෙනවා.
    අළුත් ගැණුම්කරු වගකියන්න ඕනේ නැහැ. එයා එහෙම දෙයක් දන්නේ නැහැනේ. ඒත් නඩුව ඉවර වෙලා වාහනය රාජසන්තක වුණොත් කරන්න දෙයක් නැහැ මචං.
    නඩුව ඉවර වුණහම බැඳුම්කර තියෙන ඒවා නිදහස් කරනවා.
     
    • Like
    Reactions: topkollek