මම මෙතන සංසන්දනය කරන්නේ එල්කාඩෝ සහ ත්‍රී සිංහ විතරයි. අනිත් කොම්පැනි ගැන දන්නේ නැහැ.
ඉහත කොම්පැනි දෙකෙන් එකකින් නම් ගන්න යන්නේ අනිවාර්යෙන් එල්කාඩෝ පලයන්. මොකද මොකක් හරි ප්‍රශ්නයක් වෙලා සර්විස් එකක් ඉල්ලුවම රුපියල් 3000 බැංකුවේ ඩිපොසිට් කරලා රිසිට් එක යැවුවට පස්සේ තමයි ත්‍රී සිංහ ල වැඩේට බහින්නේ. උන් කියනව සමහර කස්ටමර්ස් ල බුල් කෙලලා කඩා ගන්න ඒවාට උන්ට වග කියන්න බැරිලු. ගේට්ටුවක ටයිමින් අප්සෙට් ගිහින් හැදුවත් (විනාඩි 5 වැඩක් සෙටප් කිරීමක් තියෙන්නේ ) උන් ට්‍රාන්ස්පෝර්ට් කියල ගානක් ගන්නවා.
හැබැයි අවුරුදු 18 කට පස්සෙත් මොකක් හරි ප්‍රශ්නයකට එල්කාඩෝ කතා කලාම වැඩේ බලන්න එවනවා දවස් 1-3 ඇතුලට. ඒකත් නොමිලේ. බිලක්වත් බලන්නේ නැහැ කවදද අරන් තියෙන්නේ කියල හොයන්න. පට්ට සර්විස් එකක් දෙන්නේ එල්කාඩෝ එකෙන්.
නැවතත් කියනවා මීට වඩා හොඳ කොම්පැනි දැන් ඇති. මම මේ දෙක සංසන්දනය කලේ ගෙවල් 3ක රෝල් අ ඩෝ 4ක් සම්බන්ධ මගේම අද්දැකීම් වලින්.