Room එකකට යනවාද? යනව නම් දැනගන්න
අද අපේ රටේ තරුණ තරුණියන් බොහොමයක් ලැගුම්හල්වලට යන්නේ නීති ගැන දැනුවත් බවක් නැතිවයි. සාමාන්‍යයෙන් ලැගුම්හල්වල ලැගුම්ගෙන සිටින්නන් අත්අඩංගුවට ගන්න පොලිසියට සම්පූර්ණ බලතල තියෙනවා. ඒ 'ගණිකා නිවාස පනත'ට අනුවයි. හැබැයි එහෙම අත්අඩංගුවට ගන්න හේතු තියෙන්න ඕනෙ. ගණිකා නිවාසයක් පවත්වාගෙන යෑම, කළමනාකරණය කිරීම, කළමනාකරණය සඳහා ආධාර කිරීම හෝ ක්‍රියා කිරීම දඬුවම් ලැබිය හැකි වැරැදි කියලා ඉස්සෙල්ලා කියපු පනතේ සඳහන් වෙනවා. නමුත් මේ පනතට අනුව කාවහරි අත්අඩංගුවට ගන්න නම් අදාළ යුවළගෙන් කාන්තාව ඒ ලැගුම්හලේ සේවය කරන කෙනෙක් වෙන්න ඕන. ඒ කියන්නේ ගණිකාවක් වෙන්න ඕන. තවත් පැහැදිලි කරනවා නම් මුදල් මත ලිංගික සේවාව සපයන්නියක් වෙන්න ඕනෙ. අපි හිතමු කවුරුහරි පිරිමි කෙනෙක් ඒ ලැගුම්හලට බාහිරින් වෙනත් කාන්තාවක් එක්කගෙන ගිහින් ලිංගික කාර්යයේ යෙදුණා කියලා. එහෙනම් ඒ යුවළ අත්අඩංගුවට ගන්න පොලිසියට කිසිම බලයක් නැහැ. ඇත්තටම ඒ කාන්තාව මුදල් මත ලිංගික සේවය සපයන්නියක් වුණත්, ඒක ඔප්පු කරන්න විදියක් නැති නිසා අත්අඩංගුවට ගන්න බැහැ.
ලැගුම්හලකදී විතරක් නෙවෙයි වෙන ඕනෑම තැනකදී පොලිස් නිලධාරීන්ට තමන්ගේ අනන්‍යතාව තහවුරු කරගන්න බැරි වුණොත් නම් අනිවාර්යයෙන්ම අත්අඩංගුවට පත්වෙන්න සිද්ධ වෙනවා. ඒක තනියම පාරෙ යද්දි වුණත් එහෙමමයි. ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අනුවයි. ඒ නිසා යන තැනක අයි.ඩී. හරි පාස්පෝට් එක හරි ඩ්‍රයිවින් ලයිසන් එක හරි අරන් යන්න අමතක කරන්න එපා. හැබැයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අනුව අත්අඩංගුවට පත් වුණොත් ඔයාලට විරුද්ධව පොලිසියට ගොනු කරන්න පුළුවන් වෙන්නේ 'අනන්‍යතාව තහවුරු කිරීමට අසමත් වීම' කියන චෝදනාව විතරයි. ලැගුම්හලක ඉඳලා අනන්‍යතාව තහවුරු කරගන්න බැරිවුණු වෙලාවට ලිංගික ක්‍රියාවල යෙදුණා කියලා චෝදනා කරන්න බැහැ. අත්අඩංගුවට ගන්නවා නම් චෝදනාව වෙන්න ඕනෙ කලින් කිව්ව වගේ 'අනන්‍යතාව තහවුරු කිරීමට අසමත් වීම' කියන එක විතරයි. එහෙම නැත්නම් ඒ වගේ දෙයකට අත්අඩංගුවට ගත්තොත් මූලික අයිතිවාසිකම් කඩවුණා කියලා පොලිසියට විරුද්ධව පියවරක් ගන්න අදාළ පුද්ගලයාට පුළුවන් වෙනවා.
ඒ වගේම ලැගුම්හලක් හෝ වේවා වෙන ඕනෑම තැනක් හෝ වේවා වයස අවුරුදු 18ට අඩු පිරිමි ළමයෙක් හෝ ගැහැනු ළමයෙන් එක්ක ලිංගික කාර්යයේ යෙදීමත් දඬුවම් ලැබෙන වරදක්. ඒක සිද්ධ වෙන්නේ ඒ බාල වයස්කරුගේ කැමැත්තෙන් වුණත් එය වරදක් විදියට පිළිගන්නවා. 'බාල වයස්කරුවකු අපයෝජනයට ලක්කිරීම' කියන චෝදනාව මත ඒ වරදට නඩු දමන්න පුළුවන්. ඒ කියන්නේ වයස අවුරුදු 18ට අඩු නම් කිසිම කෙනකුට කොච්චර කැමැති වුණත් ලැගුම්හලකට යන්නවත් ලිංගික ක්‍රියා සිදු කරන්නවත් අවසර නැහැ. වයස අවුරුදු 18ට වැඩි නම්, තමන්ගේ අනන්‍යතාව ඔප්පු කරන්නත් පුළුවන් නම් ලැගුම්හලකට යෑම වරදක් කියලා නීති පොත්වල කොහෙවත් ලියලා නැහැ. ඒ වගේම එය වරදක් විදියට පිළිගන්නේ නැහැ. නමුත් අපේ රටේ සංස්කෘතියට අනුව නම් එය වරදක්. වරදක් නෙවෙයි පාපකර්මයක්.
ඒ වගේම 18ට වැඩි ගැහැනු ළමයෙක් එයාගේ අකැමැත්තෙන් ලිංගික කාර්යයේ යොදවා ගන්නවා නම් ඒක වරදක්. ඒ වරද දණ්ඩ නීති සංග්‍රහයේ තියෙන 'ස්ත්‍රී දූෂණය' කියන චෝදනාව යටතේ නඩු දාන්න පුළුවන්. මේ ප්‍රශ්නෙදි මූලික වෙන්නේ ඒ කාන්තාවගේ කැමැත්ත හෝ අකැමැත්ත. ඒ නිසා කටඋත්තරය ගන්න අවස්ථාවේ අදාළ කාන්තාවගේ මානසික තත්ත්වය ගැන සැලකිලිමක් වෙන්න ඕන. ඇය මානසික පීඩනයකින් ඉන්නවා නම් හරි හොඳ සිහිබුද්ධියක් නැත්නම් හරි කටඋත්තරය ගැනීම ප්‍රමාද කරන්න පුළුවන්. මුලදි කැමැත්තෙන් හිටියත් පස්සේ එක එක ලාභ ප්‍රයෝජන නිසා අකැමැත්තෙන් බලෙන් එක්ක ගියා කියලා කියන අයත් ඉන්නවා. එහෙම වුණොත් නම් ඉතින් බොහොම කනගාටුයි. මොකද අසාධාරණයට ලක්වුණු පාර්ශ්වය ගැන වැඩි අවධානයක් යොමු කරන්න වෙනවා.
අපි ඕනෙ තරම් අහලා දැකලා තියෙන දෙයක් තමයි සමහර වෙලාවට ලැගුම්හල් වටලන පොලිස් නිලධාරීන් ඒ වෙලාවෙ ලැගුම්හලේ ඉන්න ජෝඩු ඔක්කොම පොලිස් ජීප් ඕකේ දාගන පොලිසියට අරන් යනවා කියන එක. එහෙම අරන් යන්නනම් නිශ්චිත චෝදනා තියෙන්න ඕන. ඉස්සෙල්ලා කිව්වා වගේ අවුරුදු 18ට අඩු නම් අනිවාර්යයෙන්ම පොලිසියට යන්න වෙනවා. ඒ වගේම අනන්‍යතාව තහවුරු කරගන්න බැරි වුණත් පොලිසියට යන්න වෙනවා. එහෙමත් නැත්නම් තමා එක්ක ඉන්න කාන්තාව ඒ ලැගුම්හලේම සේවය කරන කෙනෙක් නම් ඒත් පොලිසියට යන්න වෙනවා. එතැනදී සැලකෙන්නේ අදාළ කාන්තාව ගණිකාවක් විදියටයි. ගණිකා වෘත්තිය කියන්නෙ තාම අපේ රටේ තහනම් දෙයක්. මේ යන විදියට ඉදිරියේදී තහනම ඉවත් වෙන්නත් ඉඩ තියෙනවා.