ගොඩක් හරක්ට අැස් පේන් නැති පාටයි නේද බං. Hot plate එකක කිව්වම රයිස් කුකර් එකේ බත් ගහන්ඩලු.
Hot plate එකේ බත් උයන්ඩ බැරි නෑ හැබැයි ඉතින් ගාණට off කරගන්න වෙනවා. (උඹෙ auto off තියෙන cast iron එකක් නැතිව කොයිල් එක කහ පාටට පත්තු වෙන hot plate එකක් නම් තවත් අමාරුයි) එ‍්ක තමයි අමාරු එකම දේ සාමාන්‍යයෙන්.
වැඩි පුරුද්දක් නැතිව හරි පුච්ච ගන් නැතුව උයන්න නම් වතුර එක්කම හැදෙන තම්බන ජාති, නූල්ඩ්ස්, බිත්තර, එළවළු තම්බපුවා වගේ තමයි හරි යන්නෙ ඉතින්. තව උඹට pan එකක් වගේ තියෙනවා නම් බදින ජාතිත් පුළුවන්. Sausages, බිත්තර, චිකන්, මාළු අනික් මස් ජාති ඕන එකක්. තව උඹට ටිකක් මහන්සි වෙන්න පුළුවන් නම් pan cake, stir fry ජාති. Curries හදන්න ටිකක් ඉතින් fool proof වෙන්න ඕන.
උඹට පොඩි වියදමක් කරන්න පුළුවන් නම් හැබැයි මම වගේ multi cooker එකක් ගනින්. ගොඩක් වැඩ පට්ටම ලේසියි. බත් උයන්නත් පුළුවන්, අැතුළෙ non stick නිසා අනිත් ජාති හදන්නත් පුළුවන්. Hot plate එක වගේ නෙවෙයි හොඳට control. එ‍්කෙ නම් උඹට ලොකු පුරුද්දක් නැතිව හරි ඕනම දෙයක් කරන්න පුළුවන්.
Room එකක් අස්සෙ හෝ රෑට ඉක්මනට කියල හදන්න බැරිම දේවල් හරිම අඩුයි බං. Cake වගේ bake කරන item, පරාටා වගේ වෙනම උපකරණ අවශ්‍ය දේවල් තමයි අැත්තටම අමාරු. එ‍්වා කොහොමත් උඹ හදන්න යනවා අඩුයිනෙ. අනිත් කොයි දේත් ඉතින් අවශ්‍යතාව තියෙනවා නම් හදා ගන්ඩ මහ ලොකු අමාරුවක් නෑ.