Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,272
    2,326
    113
    Rottweiler-1-645mk062811.jpg

    Rottweilers ල ගැන මගෙ අත්දැකීම් අනුව ලිපියක් පළ කරන්න හිතුනා මේ group එකේම post එකක් දැකලා.
    මුලින්ම කියන්න තියෙන්නෙ කියන තරම් යකා කළු නැහැ කියලා :D
    යකා කළු කරගන් නැතුව හදාගන්න හැටි කෙටියෙන් පහළ ලියල තියෙනවා.
    Rottweiler කෙනෙක් පැටිය කාලෙ ඉදන්ම හදන විදිහ (මුල් මාස 5 ක් වගේ යනකම්) commands train කරන ව්දිය (tutorials) , විටමින් / බේත් වර්ග , අපි කරන වැරදි , මේව ගැන මේ ලිපියෙ සඳහන් කරන්නම්.
    Rottweiler කියල නැහැ ඕනම බල්ලෙක් හුදකලා කලොත් යකා තමා.
    ~ හදාගන්න අමාරුද ? ===============
    ඔව්. වල් බල්ලො එහෙම වගේ නෙමෙයි breed එක දුර්වලයි. ඉක්මනින් ලෙඩ වෙන්න බලනවා.. (මුල් අවධියෙ විතරයි)
    වල් බල්ලො හදන තාලෙට මුං හදන්න හිතන්න එපා බැරෑරුම් කම ලිපිය කියවද්දි තේරේවි
    ~ මිල ගණන් ===============
    පැටව් මිල ගණන් සාමාන්‍යයෙන් 30+ ඉහළ. පස්සෙ නඩත්තු වියදම තමා සැර ටිකක් :3
    පැටියෙක් තෝරගන්නෙ කොහොමද ? ===============
    මාසයක් / එක හමාරක් වගේ වයස පැටියෙක් ගන්න එක හොඳයි. ටිකක් මෝරපු උන් නම් ගන්න හිතන්න වත් එපා (මාස හතර පැනපු උන් එහෙම :P)
    මුලින්ම පැටියට කලින් හිතන්න ඕනෙ උගෙ අම්ම ගැන. මොකද සාමාන්‍යයෙන් දෙවෙනි පාර පැටව් දැන්මට පස්සෙ තුන් වෙනි හතරවෙනි පැටව් හරි නැහැ.
    (බාලවෙනව කියන්නෙ අන්න ඒකට)
    පළමු සහ දෙවෙන පැටව් වාර අවුලක් නැහැ.
    පැටව් හතර පස් දෙනෙක්ගෙන් එක පැටියෙක් තෝරගන්න එක අපහසුයි තමයි ඒත් ටිකක් සැලකිලිමත් වෙන්න.
    ටිකක් ඔලුව ලොකු කෙනෙක් තෝරගන්න. ඒ කිවුවෙ නියම rottweiler shape එක තියෙන face එකක්.
    විශේෂයෙන් කියල බලන්න තියෙන්නෙ බල්ලගෙ අත්දෙක මැදින් අපෙ එක අතක් යවලා (පපුව සහ බඩ අහුවෙන විදිහට තිරස්ව උඩට උස්සල අල්ලන් ඉද්දි පැටිය කෑ ගහනව නම් හරි, අපහසුවෙන් ඉන්නව නම් , එහෙම අය තෝරගන්න එපා.
    තව ඉතිං බුරනවද , කන් ඇහෙනවද බලන්න කාසියක් බිම දාන්න පුළුවන්. ඔය වගේ වැඩ තමයි. ;)
    ~ ගෙවල් පරිසරය , මුල් අවධිය සහ ආහාර ===============
    ඉඩකඩ තියෙන ගෙයක් නම් ඉතිං නියමයි.
    බල්ලව කීකරු කමට හදාගන්න ඕනෙ නම් මුල් මාස හතරක් වත් ගේ ඇතුලෙ හදන්න. (ඒ කියන්නෙ නිතර බල්ල එක්ක කාලය ගත කරන්න ඕනෙ)
    පැටිය කාලෙ කූඩුවල නම් දාන්න එපා. හුදකලා වීම තුල තමා යක්කු වෙන්නෙ)
    රළු පොළවක හදන්න වෙයි. නැත්නම් අතපය ඇදවෙනවා
    (කැල්සියම් ඌනතා වලටත් එහෙම වෙනවා)
    මස් නම් අඩුවෙන් දෙන තරමට හොඳයි.මාළු වලට හුරු කරන එක තමා හොඳම.
    (හරක් මස් ටිකක් නම් දුන්නට කමක් නැහැ බල්ලව ටිකක් shape එකට හදාගන්නත් ඕනනෙ :D)
    ඔයා මාසයකින් / එක හමාරකින් වගේ පැටියෙක් ගන්නව නම් අනිවාරෙන්ම හොඳ පිටි වර්ගයක් දෙන්න දිගටම මාස හතරක් වත් (මම නම් දුන්නෙ lactogen 1 එක)
    ඒ වගේම orcalmin , becadex syrup දෙකත් දෙන්න දවසට දෙපාරක්
    සිරින්ජරයකට දාල ml ගාන බර අනුව පොවන්න පුළුවන්.
    ඊට අමතරව eukanuba දුන්න මම
    මුල් කාලෙ නම් මේ කෑම දෙන්නම ඕනෙ. බල්ල නියම rottweiler පෙනුම එන්න නම්.
    ගස්ලබු එහෙම දෙන්න බඩවැල් වලට හොඳයි.
    (අපේ එකා නම් ඕනමගුලක් කනවා ජම්බු ඉඳන් :v)
    තව ඉතිං මාස තුනක් වගේ ගියහම verol syrup එකට මාරු වෙන්න පුළුවන් (ටිකක් මිල අධිකයි)
    ඒක දෙනව නම් becadex එක අතාරින්න.
    තව ලෝම වල නියම shine එක එන්න tablets තියෙනවා එකක් තමා B Plus E කියන්නෙ දවසට එක tablet එකක් දෙන්න මාස තුනක් වගේ උනාම පටන් ගන්න.
    Udara Sandaruwan තමයි මේව ගැන මාව දැනුවත් කලේ.
    ~ සැ.ක.යු. ===============
    *** මේ හැමදෙයකම මාත්‍රාව තීරණය විය යුත්තෙ බල්ලගෙ බර අනුවයි ***
    විශේෂයෙන්ම පොඩි කාලෙ නාවන්න එපා. හේතුව , උෂ්ණත්ව වෙනස පොඩි උන්ට දරාගන්න අමාරුයි ඉක්මනින් සෙම එන්න බලනවා
    හොඳටම ජරාව ගාගෙන නම් ඇරෙන්න. ගඳයි කියල නාවන්න එපා
    කොච්චර නෑවුවත් බලුගඳ යන්නෑ.
    අනික තමයි අවේලාවෙ නාවන්න යන්න එපා.හොඳට අව්ව නැත්නම් නාවන්නම එපා.
    ලොකු කාලෙ උනත් බල්ලො සාමාන්‍යයෙන් සතියකට දෙකකට සැරයක් වගේ නෑවුවම ඇති
    අනික තමයි කරපටියක් දාන්න මාස දෙකේ වගේ ඉඳන්ම නැත්නම් ලොකු උනාම දන්වැල් දාල ඉන්න එකක් නෑ
    ~ බලු commands ===============
    පොඩි commands ටිකක් පොඩි කාලෙ ඉදන් පුරුදු කරොත් නම් මරු :D
    හරි ලේසි trainers ලට බොරුවට ගෙවන්න අවශ්‍ය නැහැ.
    ඔය sit , down , stay , bark , jump , go , come , eat , don't , catch ඔය වගේ ටිකක් අපිටම ලේසියෙන් පුරුදු කරගන්න පුළුවන් කෝටු පාවිච්චි නොකර කෑම වලින් ;)
    Attack commands ඕනෙ නම් මාස හයෙන් තමා :P
    Youtube එකේ search කරල තමයි මාත් ඉගෙන ගත්තෙ train කරන විදිහ.
    Words පුරුදු කරනව නම් ඉතිං sit එකෙන් පටන් ගන්න ඕනෙ.
    මාස දෙකක් වගේ ගියාම
    Train කරන්න පටන් ගන්න පුළුවන්.
    (මම පුරුදු කලේ නම් මාස දෙක හමාරෙන් වගේ. ඌ sit එක විනාඩි දහයෙන් වගේ අල්ලගත්තා)
    වරකට විනාඩි පහළවකට වඩා train කරන්න යන්න එපා පොඩි උන්නෙ.
    ආයෙ පැයකින් දෙකකින් ආයෙ පටන් ගන්න
    Commands train කරන හැටි video tutorials එහෙමත් මම මේ ලිපියටම එකතු කරන්නම්.
    මම පාවිච්චි කලේ මේ වැඩේට eukanuba බල්ලටත් හොඳ පෝෂණයක් නෙ.
    මෙන්න මගෙ එකී ( ROXY)
    මාස තුනේ වගේ කාලෙ ගත්ත video එකක්
    https://youtu.be/wWkwRGAw86o
    මුලින් sit එකෙන් පටන් ගන්න.
    Sit command
    https://youtu.be/DaG-y2tFBFE
    මතක් වෙන මතක් වෙන ටික කෙටියෙන් ලිවුවෙ.තව මේ සම්බන්ධව මට මගහැරුණු තැන් තියේ නම් හරි
    ප්‍රශ්න මොකුත් තියේ නම් comment එකක් දාන්න.

    -facebook uputaganimaki
    https://www.facebook.com/groups/onlinehelpz/permalink/1490454337684475/
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    ...
    ඔව්. වල් බල්ලො එහෙම වගේ නෙමෙයි breed එක දුර්වලයි...

    ow ban ape ge issaraha gedara Rottweiler patiyek hitiya maasa 6i uuta.. giya sathiye nathi una asaneepa wela.. ea gedara kolla uuwa maara widiyata balagatta.. hama weekend ekakama ge gawa volleyball court ekata genalla uth ekka sellan karanawa payak withara..uwa hodatama sapa deela balagatta..eth kela una.. :no::no:

    mona unath mageth target eka tiyenne issarahata (bandata ehema passe :P ) Rottweiler kenekui Doberman kenekui hadanna.. Datana Ridgeback ekekui, Dalmation mix ekekui innawa.. :yes: :yes:
     

    IdealBro

    Banned
  • Apr 7, 2017
    149
    37
    28
    කසිප්පුවාට නම් දෙන්න එපා එකෙක්වත් මූ පොස්ට් එකකට comment කරන්න කිව්වා රේප් දෙන්නම් කියල පස්සේ එකේ comment කරන හැම සැරේම එක එකා ඇවිත් රේප් කපනවා.
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,272
    2,326
    113
    man godak asa ekak eth hadanna bayaii, one man dog kiyala kiyawa ne, ehema wenne naa qwata karumeta hari ehema unoth ithin. bawwath paw apith paw....... a hinda labiyek ganna thama baluwe man.