RW: බැංකු කඩා වැටීමේ අවදානමක

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මෙරට ඇතැම් බැංකු කඩාවැටීමේ අවදානමකට ලක්ව ඇති බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
    එක්සත් ජාතික පක්ෂ නායකයා මෙම අදහස් පළ කළේ ඊයේ (22) සවස බැංකුකරුවන්ගේ රැස්වීමක් අමතමිනි.

    “බැංකු නැතිව ආර්ථිකයට පැවැත්මක් නැහැ. බැංකු ආරක්ෂා කිරීමට අපට ආරක්ෂිත දැලක් අවශ්‍යයි. ඩොලර් අර්බුදය සහ බැංකු කඩාවැටීම යන දෙකේ එකතුව සුළුවෙන් තැකිය යුතු දෙයක් නොවේ. අපේ සමහර බැංකු කඩාවැටීමේ අද්දර පවතින අතර සමහර ඒවා නැවත ගොඩනැංවීමට සිදුවේවි.” ඔහු කිව්වා.

    ශ්‍රී ලංකාව මේ වන විට අභ්‍යන්තර ගැටලුවකට මුහුණ දී සිටින බවත් ගෝලීය අර්බුදයේ සම්පූර්ණ පරිමාණයට තවමත් මුහුණ දී නොමැති බවත් නුදුරු අනාගතයේ දී ඊට ද මුහුණ දීමට නියමිත බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    “ඉදිරියේදී ගෝලීය ඉන්ධන, ආහාර, පොහොර යනාදිය හිඟයක් ඇති විය හැකිය. ලෝකයේ තිරිඟු පිටිවලින් වැඩි ප්‍රමාණයක් පැමිණියේ යුක්රේනය සහ රුසියාව වැනි රටවලින්. එහි නිෂ්පාදනය දැන් අඩුවෙමින් පවතී. ඔහු වැඩිදුරටත් පැවසීය.

    රටේ ආර්ථිකය මේ ආකාරයෙන්ම පැවතුනහොත් මධ්‍යම පන්තිය නැතිවී යන බවත් ඒ නිසා කම්කරු පන්තිය දුප්පත් වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. මෙම ගැටලුවට මුහුණදීම සඳහා වැඩපිළිවෙලක් තිබිය යුතු බව ඔහු අවධාරණය කළේය.

    “පෞද්ගලික අංශය වත්මන් අර්බුදයට වගකිව යුතු බව කීමට මම පසුබට නොවෙමි. මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ ජනාධිපතිතුමාට ගිහින් කිව්වා ආදායම් බදු අඩු කළොත් රටේ ආර්ථිකය දියුණු වෙනවා කියලා. දැන් දියුණු වෙලාද?" ඔහු ප්‍රශ්න කළේය.

    “මේ වෙලාවේ මිනිස්සු ලොකු වෙනසක් ඉල්ලනවා. මාලිගා ඇතුලේ කුමන්ත්‍රණ කරලා වැඩක් නැහැ. පාරේ විප්ලවයක් තිබේ. ඒක මැද තමයි දේශපාලනය කරන්න ඕන. අපි ඒ තත්ත්වයට ආවා” ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    oka oya kiyana ewa hari ban godak ewa. u kiyapu godak ewa dan attha wewi enne.dan bale nathi nisa mole thiyei

    habai bale awama oya mokuth na horakan karanawa arenda okath.
     
    • Like
    Reactions: acryan and Hapuwa

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    ඔන්න ඔහේ ඒකත් උනාවේ..රටට කෙලම උනත් මොකෝ රාජපක්ෂ කෙනෙක්නෙ බලේ ඉන්නේ..
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    oka oya kiyana ewa hari ban godak ewa. u kiyapu godak ewa dan attha wewi enne.dan bale nathi nisa mole thiyei

    habai bale awama oya mokuth na horakan karanawa arenda okath.
    Machan tharahawenna epa mahathmaa ghaandhi ape parliament eke president/ priminister unath horakan karanna wenawa Ehema thamai system Eka hedila thiyenne. Wate inna mantree lata kuttia aawe nethi unahama un aanduwa peralanawa. Ehema thamai mechchara kal rata diwwe..hebei meka wena gemak. Rate bhaagayak nomara marala rajapakshala Elon musk ge level ekata posath wenna hadana gemak.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    “පෞද්ගලික අංශය වත්මන් අර්බුදයට වගකිව යුතු බව කීමට මම පසුබට නොවෙමි. මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ ජනාධිපතිතුමාට ගිහින් කිව්වා ආදායම් බදු අඩු කළොත් රටේ ආර්ථිකය දියුණු වෙනවා කියලා. දැන් දියුණු වෙලාද?" ඔහු ප්‍රශ්න කළේය.
    මේ කියන්නෙ ධම්මික පෙරේර ගැන නේද? මිනිහා ගානට බදු අඩුකරගත්ත :angry: