බින්දු;19972585 said:1. ලංකාවේ වෙද්‍ය අධ්‍යාපනය ගැන කතා කරන්න කලින් ලෝකේ දියුණු රටවල්වල වෛද්‍ය විද්‍යාල වලට ලමයි තෝරගන්නේ කොහොමද කියලා බලමු.
වැඩි දුර නොයා අපි අපේ අපේ හිටං මාමගෙයි, රනිල් අංකල්ගෙයි මහප්පගේ රට, ඇමරිකාව උදාහරණයකට අරං බලමු. ඇමරිකාවේ ඩොකෙක් වෙන්න මෙඩ් ස්කූල් යන්න නම් college ගිහින් pre-med subjects ඉගෙන ගෙන graduate වෙනකොට GPA 3.6-3.7 වත් ගන්න ඕන. ( ඇමරිකාවෙ හොඳම මෙඩිකල් කොලේජ් 50ටම ඇප්ලයි කරන්න එයාලා ඉල්ලන GPA එක 3.7+ ) අඩුම ගානේ 3.3 වත් ඕන. 3.3 ගත්තත් සිලෙක්ශන් එක්සෑම් එකට කෝල් කරයි කියල වත් සහතිකයක් නෑ.
හරි කොහොම හරි ඩොකෙක් වෙනවා කියලා හිතලා කොලේජ් ගිහින් නැහිලා නැහිලා GPA එක 3.9 අරගත්තත් මෙඩි ඉස්කූල් එකට ගන්නේ නෑ. උන් M-CAT කියලා තව සිලෙක්ශන් එක්සෑම් එකක් තියනවා. ඒකෙනුත් මට මතක විදියට 30/35 වත් ලකුණු ගන්න ඕන මෙඩිකල් කොලේජ් එකකට යන්න. ඔය M-CAT එක තියන්නේ, කොලේජ් වලින් එන ලකුණු වැඩිම බුවාලගෙනුත් analytical thinking, quick decision making කොරන්න පුලුවන් cream එක select කොරගන්න. කාලා වරෙන්කෝ. දැක්කද ඇමරිකාවේ සුද්දෝ ලමයින්ගේ ඉගෙනීමට තියෙන අයිතිය නැති කරලා තියෙන හැටි.![]()
ඇමරිකාවේ ඔක්කොම වෛද්‍ය විද්‍යාල සල්ලි දීලා ඉගෙන ගන්න එව්වා. පිනට උගන්නන්නේ නෑ. එහෙම වෙලත් උන්දැලා GPA එක ගැන ඔච්චර සැලකිලිමත් වෙන්නේ, එලකිරියේ සහ ලංකාවේ ඉන්න කුහක නැති බුද්ධිමතුන් නොදන්න කාරණයක් උන්දැලා දන්න නිසා. ඒ තමයි, Average brain එකකින්, average memory එකකින් මෙඩිසින් පාඩම් කරන්න, ප්‍රැක්ටිස් කරන්න බෑ.
ඔන්න ඔහොමයි අපේ මහප්පගේ රටේ බුවාලා තමංගේ රටේ වෛද්‍ය ක්ශේත්‍රයේ ප්‍රමිතිය ආරක්ශා කරගන්නේ. ඇමරිකාවේ විතරක් නෙවෙයි, හිටං අත ලෙවකාලා ආපු එංගලන්තේ, ඩෙංමාර්කේ, ඕස්ට්‍රේලියාවේ, සිංගප්පූරුවේ පවා ඔහොම තමයි කොරන්නේ. (අධ්‍යාපන ක්‍රමය වෙනස්. ඒ වුනාට තෝරගන්නේ ක්‍රීම් එක )
එතකොට ලංකාවේ ඕක වෙන්නේ කොහොමද?? ලංකාවේ කොලේජ් සිස්ටම් එකක් නෑ නේ. ලංකාවේ තියෙන්නේ, එංගලන්තේ විදියට හදපු අධ්‍යාපන ක්‍රමය. ඉතින් අපේ රටේ මෙඩිසින් වලට සිලෙක්ට් කරන්නේ A/L වලින්. කුසලතා පදනමින් ~400ක්, දිස්ත්‍රික් කෝටා එකෙන් ~600ක්. ඔය 1000ට ගන්නේ A/L වලින් වැඩිම ලකුණු ගන්න අය. ලංකාවේ A/L bio සිලබස් එක වගේ 10 ගුණයක දේවල් තියෙනවා වෛද්‍ය විද්‍යාලයක පලමු වසරේ උගන්නන anatomy වල.ඉතින් අවුරුදු 2ක් ගොං කොටලා, බයෝ වලට තියෙන ටික කට පාඩම් කරලා A එකක් B එකක් ගන්න බැරි එකාව මෙඩිසින් කොරන්න දැම්මම ඌට දිව්‍ය ඥානය පහල වෙනවද මෙඩිසින් වල තියෙන පත සිලබස් එක පාඩම් කරන්න??? ඕක හින්දා තමයි මතක ශක්තිය වැඩි, තමන් මතක තියා ගත්ත දේවල්, පැය තුනකින් මතක් කරලා, පෙල ගස්වලා ලියන්න පුලුවන් එවුන්ගෙනුත් ලකුණු වැඩි එවුන් තෝරගන්නේ.
2. දිස්ත්‍රික් කෝටා ක්‍රමය නිසා පහසුකම් වැඩි දිස්ත්‍රික්ක වල ඉන්න යම් ප්‍රතිශතයකට අවාසි වෙන්න පුලුවන්. උදා- කොළඹින් A1 B2 ගන්න කෙනාට මෙඩිසින් යන්න බැරි වෙනකොට ත්‍රිකුණාමලයේ B3න් මෙඩිසින් යන්න පුලුවන් වෙනවා ඇති. මේ විශමතාවය නැති කරන්න මම කරන යෝජනාව මේකයි. මෙඩිකල් කොලේජ් වලට ඇප්ලයි කරන්න අවශ්‍ය අවම z-score එකක් දිස්ත්‍රික්ක පදනමින් හදලා, ඊට වඩා වැඩියෙන් z score එක ගන්න අයගෙන් ඩොක්ලා වෙන්න කැමති අයට M CAT වගේ විභාගයක් තියලා වැඩිම ලකුණු ගන්න 1000 තෝරගන්න.
3. හැමෝටම ඉගෙන ගන්න අයිතිය තියෙනවා. හැබැයි වෛද්‍ය අධ්‍යාපනය තියෙන්නේ එක එකාගේ ආසාවල් ඉශ්ට කරන්න නෙවෙයි. මිනිස්සුන්ගේ ලෙඩ වලට ප්‍රතිකාර කරන්න. කිසියම් කෙනෙක්ට වෛද්‍යවරයෙක් වෙන්න අවශ්‍ය නම්, හොඳට මහන්සි වෙලා පාඩම් කරලා,රිසල්ට්ස් දාලා තමන් වෛද්‍යවරයෙක් වෙන්න සුදුසුයි කියලා පෙන්නලා වෛද්‍ය විද්‍යාලයකට යන්න. පාලම් බෝක්කු ගානේ, බඩු කෑලි පස්සේ ගිහින් යන්තම් ඒ ලෙවල් පාස් වෙලා, හොර පාරෙන් ඩොකෙක් වෙලා අනිත් මිනිස්සුංගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න හිතන්න එපා.
4. ලංකාවේ වගේම ප්රබුද්ධ බුද්ධිමත් අම්බරු සෙට් එකක් ඉන්දියාවෙත් හිටියා. උන් එකතුවෙලා ඉන්දියාවේ වෛද්‍ය අධ්‍යාපනය විනාශ කරපු හැටි, ඉන්දියාවේ කලින් සෞඛ්‍ය ලේකම් වෙලා හිටපු නෝනා වාර්ථාවක් ලියලත් තිබුනා. කැමති කෙනෙක්ට ගූගල් දෙය්යොන්ගෙන් අහලා බලන්න පුලුවන්.
5. කුහක කම කියන්නේ තමන්ට අයිති නැති, තමන් සුදුසු නැති දෙයක් බලහත්කාරයෙන් ලබාගන්න හදන එක සහ එහෙම ලබා ගන්න හදන එවුන්ට සුදු හුණු ගාන එක. තමංගේ තියෙන්න ගොබ්බකමට A/L අනාගෙන අයින්ස්ටයින් කියලා හිතං ඉන්න වාහෙලා ලංකාවේ ඉන්නේ. අයින්ස්ටයින් අවුරුදු 26 වෙනකොට PhD එකකුත් අරගෙන, සයන්ටිෆික් පේපර්ස් 4ක් පබ්ලිශ් කරා. ලංකාවේ අයිස්-ටයින්ලා මොකද කරන්නේ?? කරලා තියෙන්නේ??? තමන්ට කොරගන්න බැරි වුන දේ බලෙන් හොර පාරෙන් ගන්න ට්‍රයි කරන එක. පොඩි එවුන්ගේ බ්‍රේන් වොශ් කරන එක. "S3ක් ගත්තම ඇති ඉන්ජෙක් වෙන්න. මෙඩ්ඩෙක් වෙන්න. මල්ලි ඒ ලෙවල් කාලේ ෆුල් ෆන් ගන්න ඕන, අරව මේවා කරන්න ඕන. රැප් සීන් එකේ ඉන්න ඕන. මාක් සකර්බර්ක් අයිය, බිල් ගේට්ස් අංකලුත් ඩිග්‍රී නැති අය. ජාති ජාති බ්‍රෝ " තුක් නොදෝමකිං මෙහෙමත් ලොන්ත කොකටුවෝ. මුංව අයින්ස්ටයින්ට සමාන කරන එක ඒ මනුස්සයටත් කරන නින්දාවක්.
5. මේ රට මෙච්චර පිරිහිලා තියෙන්නේ රට පාලනය කරන එවුන් සහ උන්ට චන්දෙ දෙන රටේ ඉන්න බහුතරයක් අම්බරුවෝ නිසා. උගත්කමට බුද්ධිමත්කමට නිසි වටිනාකම දෙන්නේ නැති රටක් කවදාවත් දියුණු වෙන්නේ නෑ. බුද්ධිමත්කමට නිසි තැන දීපු සිංගප්පූරුව දියුණු වෙලා තියෙන හැටි දැක්කම තනි ඇහැට ඇඬෙනවා.
ප.ලි. මම ආයෙත් කාලෙකට එලකිරි නොඑන නිසා බුද්ධිමත් එලකිරි ජනතාව රෙප් කැපුවත්, මගේ පෝස්ට් කෝට් කරලා තවුසන්ඩ් ටෝක්ස් දුන්නත් මට සත පහකට වැඩක් නෑ. ඒ නිසා තවම මොලය පුස් කාලා නැත්නම්, ඉස්නායු හරියට වැඩ කොරනවා නම්, මේකේ ලැගලා ඔන්ලයින් ප්‍රාඥයෝ වෙන්න හදන්නේ නැතුව, හරි විදියට නැති සුදුසුකම් හදාගන්න උත්සාහ කරන්න. ඒක කොරගන්න බැරි නම්, දෑතේ කර්මාන්තයක් වත් ඉගෙන ගෙන දියුණු වෙන්න බලන්න
Ethakota Adu results aran Russia wage gihin awith Gov job ekak gaththata awlak nane... mokada eka karana aya aduine ... lankawe doc lata thiyena tharjane aduine



Ane palayan aiye yanna ...





