Sad LOVE Story

tha123

Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    ඔන්න ඉතින් මමත් අලුතින් Elakiriයට set උනා.. :rofl::rofl:

    මිට කලින් කිරිය ඇතුලේ thread දෙක තුනක් දැම්මට ඒ ඔක්කොම මගේ ප්‍රශ්න වලට උත්තර ගන්න දාපුවා මිසක් (ඒ දැම්මට ඉතින් හිතපු තරම්නම් rply තිබ්බේ නෑ:() මෙහෙම ඔයාලට කියවන්න දාන මගේ 1st thread එක මේක හොඳේ... :D

    ඔන්න එහෙනම් මගේ 1st thread එක දිගෑරිය....:P:P (bt පටන් ගද්දිම කියන්න ඕනේ, මේක මම දැන් ටික කාලෙකට කලින් fb එකෙන් හොයාගත්ත එකක්.. මටනම් සැරටම හිතට වැදුනා.:no:)

    කියවලා බලන්නකෝ කස්ටියට මේකෙන් ගන්න පුළුවන් ආදර්ශේ මොකක්ද කියලා...:baffled::baffled:

    :love::love::love::love::love::love::love::love: :love::love::love::love::love::love::love::love: :love::love::love::love::love::love::love::love: :love::love::love::love::love::love::love::love: :love::love::love::love::love::love::love::love: :love::love::love::love::love::love::love::love: :love::love::love::love::love::love::love::love:

    මම එතකොට 10 වසරෙ. ඒ කාලෙ ඉංග්‍රීසි පංතියෙ මගේ එහා පැත්තෙන් වාඩි වෙලා හිටපු ගැහැණු ළමයා දිහා හොරෙන් බලන්න මම පුරුදු වෙලා හිටියා. එයා තමයි මට හිටපු හොඳම යාලුවා. එයාගේ සිනිඳු කෙහෙරැලි දිහා බලන් ඉන්නකොට මට හිතුනෙ එයාව මගේම කරගන්න. ඒත් එයාට ඒ බව තේරුණේ නෑ. පංතිය ඉවර උනාම එයා මං ගාවට ඇවිත් එයාට කලින් දවසේ මග ඇරුණු පාඩම් වල සටහන් වගයක් මගෙන් ඉල්ලුවා. මම ඒ ටික එයාට දුන්නම එයා "ස්තුතියි" කියලා මගේ කම්මුලට පුංචි හාදුවක් දුන්නා. මට කොයි තරම් හිතුනත් "මම ඇයට ආදරෙයි" කියලා කියන්න මගේ ලැජ්ජාවටම මම එහෙම කිව්වේ නෑ. මම දන්නේ නෑ ඒ ඇයි කියලා. මේ වෙනකොට මම 11 වසරේ. මගේ ජංගම දුරකථනය නාද උනා. එහා පැත්තෙන් කථා කළේ ඇය. ඇය හඬමින් මිමිනුවා ඇගේ ආදරය බිදුණු බව. ඇයට මේ තනිකම දරාගන්න බැරි නිසා ඈ මට එන්න කිව්වා. මමත් ගියා. එතනදි ඇගේ ඇස් වල රැදුණු කඳුලු දැකලා මට හිතුනා ඈ මගේම උනානම් කියලා. පැය දෙකකට විතර පස්සේ අපි ලස්සන ආදර කතාවක් තිබුණු චිත්‍රපටයක් බැලුවා. මම ආයෙත් ගෙදර එන්න ලෑස්ති උනාම ඈ මං ගාවට ඇවිත් මගේ කම්මුලට හාදුවක් දීලා "ස්තුතියි" කිව්වා. මෙවරත් "මම ඇයට ආදරෙයි" කියලා කියන්න මට බැරි උනා මගේ ලජ්ජාව හින්දා. මම දන්නේ නෑ ඒ ඇයි කියලා. ඔහොම කාලය ගෙවුනා. අපි දෙන්නම විශ්ව විද්‍යාලයට තේරුණා. ඒ අපේ විශ්ව විද්‍යාල ජීවිතයේ මුල්ම වසර. ඒ වෙනකොට ඇයට කෙනෙක් පෙම් කරා. ඔහු දිනක් ඇයට එන බව කීවත් ඇවිත් නෑ අසනීපයක් නිසා. මට එදින ඇයව හමුවුනා. අපි දෙදෙනා ගහක් යට වාඩිවෙලා ගොඩක් වෙලා කතා කරකර හිටියා. ඇය හිනාවෙනකොට මං ඇගේ දීප්තිමත් නෙතු සඟල දෙස ආසාවෙන් බලන් හිටියා. අපි සමුගන්නකොට ඇය මට කිව්වා "මේ මම ජීවිතයේ ගත කරපු හොඳම පැය කීපය" කියලා. මෙවරත් "මම ඇයට ආදරෙයි" කියලා කියන්න මට ආත්ම ශක්තියක් නැති උනා. ඔය විදිහට දින සති මාස ගෙවිලා ගියා. අපේ උපාධි ප්‍රධානෝත්සවය පැවැත්වෙන දිනටත් ආවා. ඇය ඒ වන විට සුරූපී සිරුරකට හිමිකම් කීවා. ඇය ඇවිදින විට ඇගේ ලස්සන තවත් වැඩිවී පෙනුනා. ඇය උපාධිය ලබා ගන්න වේදිකාවට ගොඩ වූ විට මට හිතුනා ඇය මගේම උනානම් කියලා. ඒත් ඇයට ඒක නොදැනෙන බව මං හොඳාකාරව දැනන් හිටියා. උපාධි ප්‍රදානෝත්සවයෙන් පස්සේ ඈ මා වැළද ගෙන හැඬුවා. අපි වෙන්වෙන්න කලින් ඈ මගේ කම්මුල සිපගෙන "ඔයා තමයි මගේ හොඳම යාලුවා" කියලා කිව්වා. මට කියන්න ඕන උනත් මට ඇය යාලුවෙක් පමනක්ම නෙවෙයි ඊට වැඩි කෙනෙක් කියලා මට ඒ බව කියන්න ආත්ම ශක්තියක් නැති උනා. මම දන්නේ නෑ ඒ මොකද කියලා. මම පල්ලියේ බංකුවක වාඩිවෙලා ඉන්නවා. මේ ඇගේ විවාහ උත්සවය. ඇය අලුත් ජීවිතයකට යනවා වෙනත් පුද්ගලයෙක් සමග. මට ඇයගේ වෙන්න ඕන උනත් ඇයට ඒක තේරුනේ නෑ. ඇය මධුසමයට පිටත් වෙන්න කලින් මා ළඟට ඇවිත් "අනේ ඔයා ආවද? බොහොම ස්තුතියි" කියලා මගේ කම්මුලට හාදුවක් දුන්නා. මං ඇයට ආදරෙයි කියන්න හිතුනත් මෙවර මට ඒකට අවස්ථාවක් නැති උනා. කාලය ගෙවී ගියා. මේ වෙනකොට මං ඉන්නේ මාව ඇගේ හොඳම යාලුවා විදිහට පිළිගත්ත ඇගේ නිසල දේහය අසල. පල්ලියේ අවසන් දේව මෙහෙය අවසානයේ ඇගේ පාසල් කාලයේ දින පොතෙන් කොටසක් කියෙව්වා. "මම ඔහු දෙස බලන් ඉන්නවා, ඒත් ඔහුට ඒ වගක් තේරෙන්නේ නෑ. ඒක මම දන්නවා. මට හිතුනා මේ බව ඔහුට කියන්න. මට ඕන උනා ඔහුට අඟවන්න ඔහු මට හොඳම යාලුවෙක්ට වඩා කෙනෙක් බව. මම ඔහුට ආදරෙයි. ඒත් මේ බව ඔහුට කියන්න මට ලැජ්ජයි. අනේ ඔහු මට ඉක්මනින්ම මම ඔයාට ආදරෙයි කියලා කියනවනම්....

    කවදාවත් හිතේ ආදරේ හන්ගගෙන ඉන්න එපා ඇතිවෙන්න හරි නැතිවෙන්න හරි කියල දාන්න ඕනේ..


    ---------------------------------------------------------------------------------

    කියවපු කස්ටිය අඩුම BUMP එකක්වත් දාගෙන යන්න හොදේ.... (මගේ 1st thread එකේ සාර්ථකත්වේ බලාගන්න..):yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: Elysium

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,740
    9,420
    113
    ඉගෙනගන්න කාලේ කෙල්ලෙක් හෝ කොල්ලෙක් ලව් එකක් ගැන හිතන්නේ නැතුව ඉගෙනගන්නවානම් තමා හොද.ගොඩක් කෙල්ලෝ නම් ඒ මතේ ඉන්නවා..කොල්ලෝ තමා විනාස වෙන්නේ.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    :dull: anith tikanam hoda ban ith me tika thamai awul:rolleyes:


    තිය ඉවර උනාම එයා මං ගාවට ඇවිත් එයාට කලින් දවසේ මග ඇරුණු පාඩම් වල සටහන් වගයක් මගෙන් ඉල්ලුවා. මම ඒ ටික එයාට දුන්නම එයා "ස්තුතියි" කියලා මගේ කම්මුලට පුංචි හාදුවක් දුන්නා.
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    :dull: anith tikanam hoda ban ith me tika thamai awul:rolleyes:


    තිය ඉවර උනාම එයා මං ගාවට ඇවිත් එයාට කලින් දවසේ මග ඇරුණු පාඩම් වල සටහන් වගයක් මගෙන් ඉල්ලුවා. මම ඒ ටික එයාට දුන්නම එයා "ස්තුතියි" කියලා මගේ කම්මුලට පුංචි හාදුවක් දුන්නා.


    Ow ban me podi udawwata thoththuwak denawanam mama skole yana kale mage adiwatha arenna anith dewal okkoma kellanta deela balanawa.


     

    irshadhhh

    Junior member
  • Feb 1, 2009
    186
    6
    18
    hithe thihyan inna epa machan thamanta gelapenama kena kiyala therenawa nam
    passata pasu thewenna wei

    ow machan passe davasaka apita hithenna honda naha eka paarak eyata aadarei kiyala tibba nam.
    godak ma vindavanney aadare kiyala kella reject wechcha un nemei, avasaana wenakan kiyanna bariwa lajjawen hitapu kattiya ehema neda?
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    katawa hodai. oka lankawe wuna story 1 newe ne.
    a wuanata kiyala tiyana katawa amu atta macho..
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    GET-OUT-OF-FRIEND-ZONE-IMBOSSIBRU-meme-899.jpg
     

    Sanjeewamilan

    Active member
  • May 9, 2011
    410
    56
    28
    කතාව පට්ටට ලියල තියෙනවා..

    හැබයි මට උනේ අනිත් පැත්ත.. තිබුන යලු කමත් නැති උනා..