මම එයාව දැක්කම මට මාව පාලනය කර ගන්න බැරි උනා.. කොච්චරක්ද කියනවනම් එයාව නොදැක ඉන්න බැරි උනා.. ඉතින් මොන දේ පාඩු උනත් හැමදාම එයාට පන්ති ඇරෙන වෙලාවට මම එයාව බලන්න යනවා.. පන්තිය අපේ ගෙවල් ලගම නිසාත් මම නිතරම එතනට සෙල්ලම් කරන්න එන නිසාත් මම සමහර දවසට එයා පන්ති යන වෙලාවට එතනට ඇවිත් පන්ති ඇරෙන වෙලාවට ආයිත් ගෙදර යන්නෙ.. කොහොම හරි එයා මම එයාගෙ පස්සෙන් එනවා කියල දැනගෙන.. මම එතින් අපේ ස්කෝලෙ න0ගි කෙනෙක්ට කියල එයා ගැන ඇහුවා.. එයා කිව්ව අහල කියන්නම් කියලා.. කොහොම හරි මම පන්ති ඇරෙන වෙලාවට අර නන්ගිගෙන් ගිහින් ඇහුවා අරය මොනවද කිව්වෙ කියලා.. එයා කිව්ව එයා මට බෑ කිව්ව කියලා.. !! එච්චරයි කිව්වෙ.. එදායින් පස්සෙ මට හිත හදා ගන්න බැහැ




