Sadara Bandara - Poddiye (පොඩ්ඩියේ )

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    කවිය

    අපේ අම්මා හැර සේරම බුදු වේවා…!

    නිමිත්ත: අම්මා වේසියෙක් නිසා අවුරුදු දා ඇයට වැඳීමට තමාට නොහැකි බැව් කී, නැගණියට අයියාගේ තරවටුව .

    පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
    වැරදුනෙ අපි නිසයි ඈ වැරදිද කෝම
    බක්මහෙ කොවුල් බින්ජු පුපුරණ දාක
    නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම

    තනේ කඩා විසිකර පත්තිනි වී නම්
    අනේ හාමතේ අපි මැරිලා එහෙනම්
    වනේ පාරන්නේ වන පල විස වී නම්
    නගේ දැං යමං පඬි පුර ගිනි තියපන්!

    ‘සතා’ කියා ඉඳහිටක දි ඇහුනාට
    කතා හදන උන් සේරම බෝසත් ද
    යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
    කතන්දර එපා! වැඳපන් අම්මාට….

    දං කඳ නැතිදාට රංකඳ වී පෙනිලා
    ලොකු හාමුදුරුවො අණකර බන පද එව්වා
    මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා
    අපේ අම්මා බන කතාවක් බුදුගෙයි ලිව්වා

    රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා
    මත්වුණ බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා
    ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා
    පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා

    - ටිම්රාන් කීර්ති -

    pattama sinduwak
    ada ahamben set wune

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මේ ගීතයේ පද රචනය අති විශිෂ්ටයි . හැබැයි ගායනය සහ සංගීතය වෙනස් උනා නම් අපි මැරෙනකන් අහන සිංදුවක් වෙනවා. ඝෝශාකාරී සංගීතයක් නැතුව ලයාන්විත හඩකින් කිව්වනම් සුපිරි .
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    මේ ගීතයේ පද රචනය අති විශිෂ්ටයි . හැබැයි ගායනය සහ සංගීතය වෙනස් උනා නම් අපි මැරෙනකන් අහන සිංදුවක් වෙනවා. ඝෝශාකාරී සංගීතයක් නැතුව ලයාන්විත හඩකින් කිව්වනම් සුපිරි .

    mata nam meka mara widihata set wuna
    ane manda ethin
    minissu wenasne;)
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    මේ ගීතයේ පද රචනය අති විශිෂ්ටයි . හැබැයි ගායනය සහ සංගීතය වෙනස් උනා නම් අපි මැරෙනකන් අහන සිංදුවක් වෙනවා. ඝෝශාකාරී සංගීතයක් නැතුව ලයාන්විත හඩකින් කිව්වනම් සුපිරි .

    සඳුන් පෙරේරාට දෙමු :P
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    eka nam no idea
    eth ethin me wage seen kochchara athida?

    මේ ගීතයේ කියවෙන්නේ ලඳුනේ ගීතයේම වෙන පැතිකඩක්. අර "අඩෝ" නාට්ටියේ ජනජීවගේ ගෑනි පත්වෙලා තියෙන්නෙත් මේ තත්වෙට.අපි කරපු පෙර පිං බලයක් නිසා බඩගින්නේ හාමතේ ඉන්න වෙලා නෑ හැබැයි ඔක්කොම ගිණි වලට වඩා බඩගින්න ලොකුයි කියනවා.කාටහරි කියන්න තිබුනා ගෙදරක කුලී වැඩක් කරලා හරි ළමයින්ට කන්න දෙන්න තිබ්බනේ කියලා. ඒ වුනාට ගොඩක් වෙලාවට මේ සිංදුවේ තාත්තා ගැන කියවෙන්නේ නැති නිසා තාත්තා මැරිලා හරි දාලා ගිහිල්ලා හරි වෙන්න ඕනේ. කුලී වැඩක් කරලා ළමයි දෙන්නෙක්ට කන්න දීලා ඉස්කෝලේ යවන්න අමාරුයි . අනික් එක දෙමව්පියෝ බලන්නේ තමුන් දුක් විඳලා ළමයින්ට සැපක් දෙන්න. ඔෆිස් වල හොරකම් කරලා අහු උනාමත් ගොඩක් මිනිස්සු කියන්නේ ළමයි වෙනුවෙන් කියලා.
    මේ සිද්දි වෙනකොට මේ නංගි පොඩියි . දේවල් තේරෙන වයසට ආවම මුලින්ම දැන ගත්තේ අම්මගේ රස්සාව. හැබැයි මේ අයියා අහනවා උඹ මොනවද දන්නේ කියලා. කොවුලා හෙවත් පරපුටුවා කියන්නේ අනුන්ගේ කූඩුවල නැත්තම් කාක්කගේ කුඩුවේ බිත්තර දාන එකෙක්. බිත්තර පිපුරුවම ඉන්නේ කාක් පැටව් නෙමෙයි කියලා කොහා පැටව්න්ට කොටලා මරනවා.ඒ වගේම මේ අම්මට ළමයින්ව අතහැරලා වෙන මනුස්සයෙක් එක්ක යන්න තිබ්බා ගණිකා වძත්තියේ නොයෙදී. පත්තිනි අම්මා වගේ හිටියනම් අපි මැරිලා. වෙන කාටවත් වඩා රිදෙන්නේ තමන්ගේම කෙනෙක් කරන අරියාදුවලට. තමුන්ගේ අම්මටම විරුද්දව මේ නංගි කරන කියන දේවල් අයියට ඉවසන්න බෑ."වණේ පාරන්නේ වන පල විස වී නම් නගේ දැං යමං පඬි පුර ගිනි තියපන්"
    කතා හදන එවුන් ඒ වැඩේ ඉන්න නිසානේ මේ ගෑණු කෙනා ගැන දන්නේ. ජේසුතුමා එක තැනකදී කියනවා මේ වගේ කෙනෙක්ට ගල් ගහන්න හදනකොට කිසිම වැරද්දක් නොකරපු අයට මේ කාන්තාවට ගල් ගහන්න පුළුවන් කියලා. කවුරුත් ඉදිරිපත් උනේ නෑ.
    ලොකු හාමුදුරුවොත් අයුතු ප්‍රයෝජන ගත්තා. ඒක අපි කතාවට කියනවා වගේ අහස පොළොව නුහුලන අපරාදයක්. මුචලින්ද විතරයි බලන් හිටියේ අඩමින් මොකද සිද්දිය ඒ තරමටම දුකයි.ඒ වගේම ඒකෙන් කියවෙනවා ඕනෙම දරුණු මිනිහෙක්ගේ උනත් හිතට දුකක් ඇති වෙනවා මේක ඇහුවම.යකඩ කොච්චර හයිය දෙයක් උනත් යකඩ වැඩ කරන ගැහැණු ඒවා කොහොමහරි තලනවා. මේ අම්මා ඒ වගේ යකඩ ගැහැණියක්. තමුන්ගේ අවශ්‍යතා කොහොමහරි ඉටු කරගන්න ඉන්න මිනිස්සුට ඒක වෙන්නේ කාගෙන්ද කොහොමද කියලා අදාලත්වයක් නෑ. බඹරා මත්වෙලා ඉටිමල් වලත් වහනවා වගේ හරියට.
    ඇත් තුත්තිරි කියන්නේ පිටින් ආපු ගසක්. ගොඩක් පත්තිනි අම්මල වගේ පෙන්නන් ඉන්න අයගේ කෙරුවාව මේ නංගි දන්නේ නෑ.
    මේකේ මම කැමතිම පද ටික තමයි "‘සතා’ කියා ඉඳහිටක දි ඇහුනාට කතා හදන උන් සේරම බෝසත් ද" ,"මත්වුණ බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා".

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    මේ ත්‍රෙඩ් එක දැකපු ගමන්ම මට කමෙන්ට් එකක් දාන හිතුනා. ඒත් ගොඩක් අය මගේ මතයට විරුද්ධ වෙයි කියල දැම්මෙ නෑ ඒත් මේ කමෙන්ට් එක දැක්කම නොදා ඉන්න හිතෙන්නෙත් නෑ.
    මේ සිංදුව ගොඩක් විශිෂ්ඨ නිර්මානයක් ඒත් මේකෙන් සමාජයට දෙන්න හදන දේ එච්චර හොඳ නෑ කියන එකයි මගේ පෞද්ගලික මතය. ගෑණු කෙනෙක් නැති බැරිකම නිසා ගණිකා වෘතියට යන එක කිසිම විදියකින් සාධාරණීකරනය කරන්න බැරි දෙයක් මචං. ඊට පස්සෙ ඒ ළමයි ලොකු වෙද්දි සමාජයට මුහුන දෙන්න බෑ. විශේෂයෙන් පිරිමි ලමයෙක් හිටිය නම් සමාජයට යන්න බෑ. ගැහැණු ලමයෙක් නම් කසාදයක් බඳින්න බෑ. එහෙම තත්වෙකට ඇදවැටෙනවට වැඩිය හොඳයි පොඩි කාලෙම බඩගින්නෙ මැරිල ගියා නම් කියන එක මගේ නම් මතය. අනිත් එක ගෑණු කෙනෙක්ට ළමයින්ට කන්න අඳින්න දෙන්න ගණිකා වෘතිය කරන්න අවශ්‍ය නෑ(අපේ වචනෙන්ම කියනව නම් වේ* කමේ යන්න ඕන නෑ) හොඳට අතපය හතර තියෙන කෙනෙක්ට කරන්න ඕන තරම් දේවල් තියෙනව මේ රටේ. ඒ නිසා ඔය වගේ රස්සාවල් වලට යන්නෙ ළමයින්ට තියෙන ආදරේටම කියල මම නම් හිතන්නෙ නෑ මචං.

    නිර්මාණය විශිෂ්ධ වුණාට සමාජයට දෙන්න හදන දේ පොඩි වැරැද්දක් තියෙනව කියන එකයි මගේ මතය(මෙහෙමයි කියල මල් සිංදු සාධාරණීකරනය කරන්න හදනව නම් නෙමෙයි :lol::lol::lol:)

    මේක මගේ පුද්ගලික මතය උඹල මොකද හිතන්නෙ?;););)
     
    Last edited:

    ඒකම තමා මේ සිංදුවේ කියවෙන්නේ. ඕක හරියට අර මස් මාංශ ප්‍රශ්නය වගේ. කෙනෙක්ට කියන්න පුළුවන් මරණ නිසා කඩේ තියෙන නිසා කනවා කියනවා. තව කෙනෙක්ට කියන්න පුළුවන් කන නිසා මරනවා කියලා. සහෝ කියන දේ මමත් දාලා තියෙනවා. හැබැයි කුලියක් මලියක් කරලා කන්න බොන්න ටික යන්තමට පිරිමහගන්න ඇති. මෙහෙම දේකුත් තියෙනවා. අර සඳකඩ පහනට කැටයම් ඔබලා පාවෙන දේදුණු ලැඟුම් ගනී සිංදුවේ වගේ මිනිහා නැති ගෑණුන්ට පිරිමි ඕනේ තරම් ලංවෙනවා.අයුතු ප්‍රයෝජන ගන්න බලනවා. මේ වැඩේ සමාජීය පැත්තෙන් සදාරනීකරණය කරන්න බෑ. ඒවුනාට ප්‍රශ්නය තමුන්ගේ නොවන තාක් කල් අපි හැමෝගෙම පිළිතුර දාර්ශනිකයි.මේ හැම කෙනාගේම කතාව වෙනස්.

    මගේ නම් මතය කොහොම වුණත් මේ වගේ දේවල් සාධාරණීකරනය කරන්න බෑ කියන එක මචං. ‌මේ වගේ දේවල් වලින් සල්ලි හොයන්න යනව නම් ළමයින්ට තියෙන ආදරයම නෙමෙයි එතැන ලොකු අවුලක් තියෙනව කියලයි මට නම් හිතෙන්නෙ. මේ වගේ ප්‍රශ්න තමන්ගෙම වුණ අය මම ඕන තරම් සමාජයෙ දැකල තියෙනව ඒවගෙනුත් මම තේරුම් ගත්ත දෙයක් තමයි දුප්පත්කමට නියම පිළිතුරු ගණිකා වෘතිය නෙමෙයි කියන එක. :yes::yes::yes:
     
    අනිවා මචන් ඒකේ දෙකක් නෑ. සාධාරණීකරනය කරන්න අමාරුයි. මම දන්න අය ඉන්නවා මිනිස්සු දාලා ගිහිල්ලා කසාද කැඩිලා හැබැයි බත් උයලා ඉඳි ආප්ප තම්බලා , නැත්තම් ඇඳුම් මහලා ළමයින්ට කන්න දෙන අය. එහෙමත් නැත්තම් පිටරටක ගිහිල්ලා රස්සා කරන අය. ඒවුනාට මේ එක ක්‍රමයකින්වත් ක්ෂණික මුදල් හොයන්න අපහසුයි.මිනිහා දාලා ගිහිල්ලා තියෙන්නේ ණය එක්ක නම් බඩුම තමා. කාලෙකට කලින් තිබ්බ ආටිකල් එකක දාලා තිබ්බා ඒ කෙනා ගණිකාවක් ලඟට ගිහිල්ලා සල්ලි දෙනකොට කිව්වලු මහත්තයට මේවා පව් නෑ අපේ ගෙදර කටවල් තුනක් පිරෙන්නේ මේකෙන් කියලා.
    මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ගෑණියෙක් ගණිකා වුර්තියේ යෙදෙන්නේ සල්ලි හම්බ කරලා ආතල් එකේ ඉන්න නම් අන්න ඒක කොහොමත් සාධාරණීකරනය කරන්න බෑ. සම්පුර්ණයෙන් වැරදියි. මෙතන ළමයි නිසා තමයි ඒ තත්වයට වැටුනේ.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේ ගීතයේ පද රචනය අති විශිෂ්ටයි . හැබැයි ගායනය සහ සංගීතය වෙනස් උනා නම් අපි මැරෙනකන් අහන සිංදුවක් වෙනවා. ඝෝශාකාරී සංගීතයක් නැතුව ලයාන්විත හඩකින් කිව්වනම් සුපිරි .

    මේක ඝෝෂා කාරී නෑ නේ බං බොක්ස් ගිටාර් එක විතරයි නේ මුළු සින්දුවේම තියෙන්නේ ?
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මේක ඝෝෂා කාරී නෑ නේ බං බොක්ස් ගිටාර් එක විතරයි නේ මුළු සින්දුවේම තියෙන්නේ ?

    මට ලාවට වගේ මතකයක් තියෙනවා මේක මුලින් ආව කාලේ සංගීතය පොඩ්ඩක් වෙනස් කියලා. හැබැයි මම දැන් හොයලා බැලුවම තියෙන official video එකේ music හොඳයි. කොහොම උනත් හොඳ සිංදුවක් කාලෙකට පස්සේ අහපු .