කවිය
අපේ අම්මා හැර සේරම බුදු වේවා…!
නිමිත්ත: අම්මා වේසියෙක් නිසා අවුරුදු දා ඇයට වැඳීමට තමාට නොහැකි බැව් කී, නැගණියට අයියාගේ තරවටුව .
පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
වැරදුනෙ අපි නිසයි ඈ වැරදිද කෝම
බක්මහෙ කොවුල් බින්ජු පුපුරණ දාක
නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම
තනේ කඩා විසිකර පත්තිනි වී නම්
අනේ හාමතේ අපි මැරිලා එහෙනම්
වනේ පාරන්නේ වන පල විස වී නම්
නගේ දැං යමං පඬි පුර ගිනි තියපන්!
‘සතා’ කියා ඉඳහිටක දි ඇහුනාට
කතා හදන උන් සේරම බෝසත් ද
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
කතන්දර එපා! වැඳපන් අම්මාට….
දං කඳ නැතිදාට රංකඳ වී පෙනිලා
ලොකු හාමුදුරුවො අණකර බන පද එව්වා
මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා
අපේ අම්මා බන කතාවක් බුදුගෙයි ලිව්වා
රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා
මත්වුණ බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා
ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා
පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා
- ටිම්රාන් කීර්ති -
pattama sinduwak
ada ahamben set wune
අපේ අම්මා හැර සේරම බුදු වේවා…!
නිමිත්ත: අම්මා වේසියෙක් නිසා අවුරුදු දා ඇයට වැඳීමට තමාට නොහැකි බැව් කී, නැගණියට අයියාගේ තරවටුව .
පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
වැරදුනෙ අපි නිසයි ඈ වැරදිද කෝම
බක්මහෙ කොවුල් බින්ජු පුපුරණ දාක
නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම
තනේ කඩා විසිකර පත්තිනි වී නම්
අනේ හාමතේ අපි මැරිලා එහෙනම්
වනේ පාරන්නේ වන පල විස වී නම්
නගේ දැං යමං පඬි පුර ගිනි තියපන්!
‘සතා’ කියා ඉඳහිටක දි ඇහුනාට
කතා හදන උන් සේරම බෝසත් ද
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
කතන්දර එපා! වැඳපන් අම්මාට….
දං කඳ නැතිදාට රංකඳ වී පෙනිලා
ලොකු හාමුදුරුවො අණකර බන පද එව්වා
මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා
අපේ අම්මා බන කතාවක් බුදුගෙයි ලිව්වා
රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා
මත්වුණ බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා
ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා
පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා
- ටිම්රාන් කීර්ති -
pattama sinduwak
ada ahamben set wune




