SAFETY HELMET

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,038
    2,686
    113
    Paraguay
    'ඉන්ටලිජන්ට් හෙල්මට්' ~ SAFETY HELMET

    ශ්‍රී ලාංකිකයකුගෙන් 'තුන් කල් දක්නා' ආරක්ෂක හිස්වැස්මක්

    151118164456_ganindu_nanayakkara_624x351_ganindunanayakkara.jpg


    නිපැයුම් ශිල්පී ගනිඳු නානායක්කාර


    ශ්‍රී ලංකාව තුළ යතුරුපැදි අනතුරු හේතුවෙන් වසරකට සිදු වන මරණ සංඛ්‍යාව අති මහත්.

    හිස්වැස්මක් නොමැතිව යතුරුපැදි ධාවනය කිරීම මෙන්ම තත්වයෙන් බාල හිස්වැසුම් භාවිත කිරීමත් මෙම මරණවලට බොහෝ විට හේතු වේ.

    ෆුල්ෆේස් හෙල්මට් නොඑසේනම් සම්පූර්ණ වශයෙන් මුහුණ ආවරණය කෙරෙන හිස් වැසුම් තහනම් කිරීමට ආණ්ඩුව ගෙනා යෝජනාව යතුරුපැදි ධාවකයින්ගේ විරෝධයට ලක් විය.

    යතුරුපැදි අනතුරුවලින් සියයට හතළිහක්, පිටුපසින් පැමිණෙන රථවාහන හා ගැටීමෙන් සිදු වන බවයි නව නිපැයුම්කරුවකු වන ගනිඳු නානායක්කාර පවසන්නේ.

    පූර්ව අනතුරු හැඟවුම් උපාංග සහ නවීන මෝටර් රථ තුළ දක්නට ලැබෙන ආරක්ෂක පහසුකම් බොහොමයකින් සමන්විත අධිතාක්ෂණික යතුරුපැදි ආරක්ෂක හිස්වැස්මක් නිර්මාණය කිරීමට ඔහු යොමු වී තිබෙන්නේ දිනෙන් දින ඉහළ යන යතුරුපැදි අනතුරු පිළිබඳ අවධානය යොමු කිරීමෙන් පසුවයි.

    151118164600_ganindu_nanayakkara_624x351_ganindunanayakkara.jpg


    සාමාන්‍ය යතුරුපැදි හිමියන්ට දැරිය හැකි වන පරිදි හැකි තාක් පහසු මිලකට මෙම ආරක්ෂක හිස්වැස්ම වෙළඳපොලට හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවත් ඔහු කියා සිටියේය

    'ඉන්ටලිජන්ට් හෙල්මට්' හෙවත් 'අයි හෙල්මට්' ලෙසින් නම් කොට ඇති මෙම යතුරුපැදි ආරක්ෂක හිස්වැස්ම නිර්මාණය කිරීමේදී යතුරුපැදි ධාවකයන්ගේ ආරක්ෂාවට සම්බන්ධ කරුණු තුනක් සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් වූ බව ගනිඳු නානායක්කාර බීබීසී සංදේශයට පැවසීය.


    කරුණු තුනක්

    "යතුරුපැදිය පසු පස ළගින්ම එන වාහනයේ වේගයත් එක්ක ජාත්‍යන්තර සම්මතය අනුව තත්පර දෙකක පරතරයක් නඩත්තු කළ යුතුයි. මේ පරතරය වේගය අනුව නඩත්තු කරන්නේ නැතිනම් හෙල්මට් එකට පුළුවන් LED බල්බ හරහා පිටුපසින් එන වාහනයට දැනුම් දෙන්න එයා ළඟ වැඩියි කියලා,"ගනිඳු නානායක්කාර පැවසීය.

    "උපරිම වේග සීමාවක් සකස් කළ හැකියි. ඊට වඩා වේගයෙන් ධාවනය කරනවානම් ධාවකයාට අනතුරු හඟවනවා වේග සීමාව ඉක්මවා ධාවනය වෙනවා කියලා."

    යතුරුපැදි ධාවකයන්ගේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කොට උපරිම පහසුකම් ප්‍රමාණයක් අවම මුදලකට ලබා දිය හැකි ආකාරයට මෙම අධි තාක්ෂණික හිස්වැස්ම නිර්මාණය කොට ඇති බවත් ඔහු කියා සිටියේය.

    "අනතුරක් සිදු වුනොත්, කලින් සකස් කර තිබෙන දුරකථන අංකයකට ස්වයංක්‍රීයව කෙටි පණිවුඩ යවන්න පුළුවන්. අනතුර සිදු වූ ස්ථානය සහ අවශ්‍ය දත්ත පිළිබඳ. මීට අමතරව තවත් පහසුකම් විශාල ප්‍රමාණයක් තිබෙනවා."

    ජාත්‍යන්තර සම්මාන

    මෙම අධිතාක්ෂණික යතුරුපැදි හිස්වැස්ම ජාත්‍යන්තර නව නිපැයුම් තරඟාවලි සහ ප්‍රදර්ශන සඳහා ඉදිරිපත් කොට තිබෙන අතර තම නිර්මාණය ජාත්‍යන්තර සම්මාන කීපයක් දින ගත් බවයි නව නිපයුම් ශිල්පී ගනිඳු නානායක්කාර පවසන්නේ.

    ''මෑතකදී පැවැත්වුණු ග්ලෝබල් ඉම්පැක්ට් චැලේන්ජ් (Global Impact Challenge) තරඟයේදී ශ්‍රී ලංකාවෙන් පළමු ස්ථානය හිමි වුනා. වරයිසන් පවර්ෆුල් ආන්සර්ස් අවෝඩ් (Verizon Powerful Answers Award) තරඟාවලියේ ප්‍රවාහනය කියන අංශය යටතේ අවසන් වටයේ මුල් ජයග්‍රාහකයන් තුන් දෙනා අතරට පැමිණ තිබෙනවා.''

    151118164711_ganindu_nanayakkara_624x351_ganindunanayakkara.jpg


    ''වරයිසන් පවර්ෆුල් ආන්ස්වර්ස් අවෝඩ්(Verizon Powerful Answers Award) තරඟාවලියේ ප්‍රවාහනය කියන අංශය යටතේ අවසන් වටයේ මුල් ජයග්‍රාහකයන් තුන් දෙනා අතරට පැමිණ තිබෙනවා.''

    සාමාන්‍ය යතුරුපැදි හිමියන්ට දැරිය හැකි වන පරිදි හැකිතාක් පහසු මිලකට මෙම ආරක්ෂක හිස්වැස්ම වෙළඳපොලට හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවත් ඔහු කියා සිටියේය.

    නව නිපැයුම් කරුවන්ට සිය නිර්මාණ බිහි කිරීම සඳහා රට තුලින් ලැබෙන සහයෝගය සම්බන්ධයෙන් ගනිඳු දක්වන්නේ සුභවාදී ආකල්පයක්.

    'පොදු වේදිකාවක්'

    "අපේ රටෙත් නව නිපැයුම් කරුවන්ට විශාල සහයෝගයක් ලබා දෙනවා. අවශ්‍ය පදනම රට තුළ තිබෙනවා.රට ඇතුලේ ගොඩාක් නව නිපැයුම් තරඟ තියනවා. මුදල් ත්‍යාග පිරිනමනවා. නව නිපැයුම්කරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ සංගමය, මේ සෑම ආයතනයක්ම සැදී පැහැදී ඉන්නවා හොඳ නිර්මාණයක් බිහි වුනොත් ඒකට අත දෙන්න."

    නව නිපැයුම් බිහි කොට ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තරයට ගිය අතලොස්සක් නව නිපැයුම්කරුවන් හා ඔවුන්ගේ අත්දැකීම් බෙදා හදා ගැනීම සඳහා පොදු වේදිකාවක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව නව නිපැයුම් ශිල්පී ගනිඳු නානායක්කාර අවධාරණය කළේය.

    අධි තාක්ෂණික යතුරුපැදි ආරක්ෂක හිස්වැස්ම විදෙස්වෙළඳපොළට නිකුත් කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට ජාත්‍යන්තර සමාගම් සහ ආයතන ඉදිරිපත් වී ඇති බවත් ගනිඳු නානායක්කාර වැඩිදුරටත් කියා සිටියේය.


    බීබීසී සිංහල
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පට්ටනේ :)

    ...අපේ රටේ මේවගේ අලුත් දේවල් නිර්මාණය කරන උන්ට් තනක් නැ .ට්‍රය් කරන්නේ උගේ නිර්මානේ කොහොම හරි හොරකම් කරලා උව නැත්තටම නැති කරන්න මිඅක් උට උදව් කරල එකෙන් රටට වැඩක් ගන්න නෙමේ ..

    අනික සින්හලුන්ටත් පිට රට ගු බෙට්ට වටිනවා අපේ රටේ හදන දේට වඩා :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පට්ට බුවෙක්.. ඒත් වැඩක් නැහැ බං.. ලංකාවෙ සෑහෙන්න දක්ෂ කොල්ලො ඉන්නවා හැම අතින්ම.. ඒත් උන්ට තැනක් ලැබෙන්නෙ නැහැ.. :(
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මොළේ නැති තරු නග්ග නග්ග බස්සනවට වැඩිය මේ වගේ අයට අත දෙන්න පුලුවන් දෙයක් කරන්න පුලුවන්නම් රටටත් වැඩක් වෙයි....:dull:
     

    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    පට්ට බුවෙක්.. ඒත් වැඩක් නැහැ බං.. ලංකාවෙ සෑහෙන්න දක්ෂ කොල්ලො ඉන්නවා හැම අතින්ම.. ඒත් උන්ට තැනක් ලැබෙන්නෙ නැහැ.. :(

    ඇත්ත මචන් ....හැබැයි එක පට්ට sms එකක් යන එක හැප්පුන කියල phone එකට
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,093
    3,079
    113
    Wow superb. I'm glad he could invent this in our country. Does he hold a degree in moratuwa university?