මරදගහමුල සහල් වෙළඳපොළේ සම්බා සහල් කිලෝවක සිල්ලර මිල මේ වන විට රුපියල් 84 දක්වා වැඩිවී ඇත. පසුගිය 20 වැනි දින මෙහි අළෙවි වූ සහල් කිලෝවක තොග මිල රුපියල් 80-82 අතර වී ඇති අතර, සිල්ලර මිල වී ඇත්තේ රුපියල් 84 කි. එමෙන්ම නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 70-71 අතර වන අතර, සිල්ලර මිල රුපියල් 73 කි.
රතු කැකුළු සහල් කිලෝවක තොග මිල රුපියල් 67ක් වන අතර, සිල්ලර මිල රුපියල් 69 කි. සුදු කැකුළු කිලෝවක තොග මිල රුපියල් 66 කි. සිල්ලර මිල රුපියල් 68කි.
සහල් මිල මේ ආකාරයෙන් ඉහළ යෑම පිළිබඳව වෙළඳ හා පාරිභෝගික අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ රජය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල පහළ දමා ඇති බැවින් සෑම පවුලකටම මින් ඉදිරියට රුපියල් 2000 ක මුදලක් ඉතිරි කර ගත හැකි බවයි. අමාත්‍යවරයා මැතිවරණය ඉලක්ක කර කුමක් පැවසුවද, මෙම සහල් මිල හේතුවෙන් වෙනදා තමන්ට වැය වූ මුදලට වඩා වැඩි මුදල් වැය වන බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බොහෝ පිරිස් පැවසූහ.
LT