kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
"සයිටම් ප්‍රශ්නෙදි දේශපාලඥයින් (විශේෂයෙන් සෞඛ්‍ය ඇමතිතුමා ) කොයිතරම් සයිටම් එකට පක්ෂග්‍රහීද කියලා තේරුම් ගන්න හොදම අවස්ථාවක් තමයි නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම .
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගන්න කියලා සයිටම් එකට විරුද්ධ පිරිස් ඉල්ලා තිබේද?
දන්නා තරමින් GMOA හෝ ශිෂ්‍ය ව්‍යාපාරය එහෙම විශේෂ ඉල්ලීමක් කරලා නෑ.එයාලා දැන් කියන්නේ සයිටම් එක රජයට ගන්න එකේ පියවරක් හැටියට නෙවිල් ප්‍රනාන්දු එකත් රජයට පවරා දෙනවානම් අකමැත්තක් නෑ කියලයි (රෝගීන්ට ප්‍රතිකාර ලබාගැනීමට තවත් රජයේ රෝහලක් එකතුවෙනවානම් අකමැත්තක් නෑ- කියලා තමයි හරියටම කියපු වචන ටික ).තවම සයිටම් එක රජයට පවර ගන්න කතාවක් කියන්නේ නැති නිසයි ,ළමයි තවමත් පාරේ ඉන්නේ සහ පන්ති වර්ජනය නතරවෙලා නැත්තේ .එතකොට මේක එයාලා ඉල්ලපු විසදුමක් නෙවෙයි ..

එතකොට කාටද ඕන නෙවිල් ප්‍රන්නන්දු එක රජයට දෙන්න ..
නෙවිල් ප්‍රන්නන්දුටම තමයි ඔය වැඩේ කරගන්න ඕන ...
මොකටද ?...ගරු අමතිතුමානම් කිවේ කෝටිගානක වටිනාකමක් තියෙන රෝහලක් නෙවිල්ප්‍රනාන්ද
ු මහතා රජයට නිකන් දෙනවා කියලා වගේ කතාවක් ..අවුරුදු 10 කින් අරන් තියෙන ණය ටික ගෙවලා ,සම්පුර්ණයෙන්ම ආණ්ඩුවට පවරගන්නවාලු .......හරිම පිංබර කතාවක් ..
රෝහලට වඩා අඩු මුල්‍ය වටිනාකමක් සහිත සයිටම් ආයතනය ආණ්ඩුවට දුන්නනම් GMOA ස්ට්‍රයිකුත් නෑ,වෛද්‍ය සිසු පන්ති වර්ජනය නවත්වන්නත් පුළුවන් ,ආණ්ඩුව ඔය කියනවා වගේ ආණ්ඩුව පෙරලන්න ඉන්න අයට ඒක කරන්නත් බැරිවෙනවා ඒ විතරක් නෙවෙයි ඇත්තටම ලකුණෙන් දෙකෙන් මෙඩිසින් යන්න බැරිවුන 100 කටවත් හැකියාව /කුසලතාව පදනම් කරගෙන වෛද්‍යවරු වෙන්න අවස්ථාව ලැබෙනවා ..

එතකොට ඇත්තටම නෙවිල් ප්‍රන්නන්දු මහත්තයා මේ කරන්න හදන්නේ පිං තකා කරන වැඩක් ද ? :confused:
පිළිතුර- නෑ ..
සයිටම් එකට විරුද්ධව එකේ ආරම්භය ගැන ,අවසර ගැනීම් ,කොන්දේසි කඩකිරීම් වගේ දේවල් ඇරුනාම තියෙන ප්‍රධාන චෝදනාව තමයි ප්‍රමාණවත් සායනික පුහුණුව සමස්තයක් ලෙස මදි බව (general inadequacy of clinical training in all aspects ) ,මුලින් තියෙන චෝදනා සියල්ල උසස් අධ්‍යාපන ඇමති ,සෞඛ්‍ය ඇමති කියන දෙන්නට 'නීතිය නමලා ' ගොඩ දාගන්න පුළුවන් .නමුත් සායනික පුහුණුවට ලෙඩ්ඩු අත්‍යවශ්‍යයි ,ඒ ඕනත් විවිධ ලෙඩ රෝග තියෙන අය.(ඩෙංගු විතරක් මදි )

රෝහල හැදුවට පවත්වාගෙන යාමයි අමාරු ,කාර්යමණ්ඩලයට පඩි ගෙවීම් ,විදුලිය ,නඩත්තු වියදම් වගේ හැම දෙයක්ම එකතු උනාම ලොකු මුදලක් වැය වෙනවා .සයිටම් රෝහලට යන්න තවම මිනිස්සු දෙගිඩියාවෙන් ඉන්න නිසා රෝහල දැන් පාඩු ලබමින් තියෙන්නේ .සයිටම් එකට ළමයි දිගටම අරගෙන තමයි රෝල ගහගෙන යන්නේ .එක නිසයි තාවකාලිකව හෝ ළමයින් ගන්න එක නවත්වන්න රටේ විධායක ජනාධිපති කිවත් සයිටම් එක කැමති නැත්තේ .
සයිටම් එකේ සිසුන්ගේ පුහුණුවට ප්‍රමාණවත් තරම් රෝගීන් නෑ කියල වෛද්‍ය සභාව වාර්තාව දුන්න වෙලාවේ නෙවිල් ප්‍රනාන්දු එකට පුළුවන් කම තිබුනා -රෝගීන්ට නොමිලේ ප්‍රතිකාර ලබාදීමට පටන් ගන්නවා කියන්න (අඩුම ගානේ OPD ) .එහෙම උනානම් මේවෙනකොට රෝගීන් පිරිසක් ඔතනට යන්න පටන්ගෙන (FB පේජ් ඇඩ්මින්ලා තමයි එහෙම උනානම් ගොඩක්ම ඉන්න තිබුනේ ),එයාලට කියන්න තිබුනා 'අපි බෙහෙත් දෙනවා ,නමුත් සිසුන්ගේ පුහුණුවට උදව් වෙන්න ඕන කියලා '
නමුත් ඔවුන්ට ඕන උනා රෝහල හරහා මුදල් ලබාගැනීම දිගටම කරන්න ..දැන් ඔක්කොම කෙලවෙලා ..සයිටම් එකට පුහුණුවට ලෙඩ්ඩු නැත්නම් එකත් වහන්න වෙන ,රෝහල නිසා නෙවිල් ප්‍රනාන්දුගේ ණය දවසින් දවස වැඩිවෙන තැනට වැඩේ පතු උනාට පස්සේ රෝහල රජයට දෙන්න කතාකරනවා.:oo:
රජයෙන්- නඩත්තුව ,සීමාවාසික / විශේෂඥ ඇතුළු සියලු ශ්‍රේණි වල වෛද්‍යවරුන් සහ කාර්යමණ්ඩලය ,සහ රජයේ රෝහලක විශ්වාසය ...සයිටම් එකට නොමිලේ පුහුණුව,රජයේ රෝහලක් වන නිසා රෝගීන්ගේ අඩුවක් නැතිවෙයි ,රෝහලට එන සියලු වෛද්‍යවරුන් (සයිටම් එකෙන් පඩි ගන්න අය නෙවෙයි ) සිසුන්ට ඉගැන්වීමට බැඳී සිටින නිසා (ශික්ෂණ රෝහලක් වන නිසා ) පුහුණුවෙන් වැඩි කොටසකුත් නිකන්ම වගේ ...රෝහලට අවශ්‍ය රසායනාගාර ,ස්කෑන් ඇතුළු සියලු පහසුකම් සැපයීමත් රජයට පැවරෙනවා ....බොහෝවිට නෙවිල්ට වන්දියක් හැටියට ණය ටිකක් කපලත් දෙයි .
රජයේ වෙනත් රෝහලකට /වෛද්‍ය පීඨයකට ලැබෙන්න තියෙන සම්පත් තමයි අන්තිමේ නෙවිල් මහත්තයාගේ බිස්නස් එකේ ආයෝජන හැටියට රජයෙන් ලබාදෙන්නේ :rolleyes:
අවසානයේ සාරාංශය තමයි -ණය නිසා සහ ප්‍රමිතියේ ගැටළු නිසා කඩා වැටෙමින් පවතින සයිටම් ආයතනය බේරා ගැනීමට ලාභය නෙවිල් ප්‍රනාන්දු මහතාටත් ..වියදම් දැරීම ආණ්ඩුවටත් ලබාගන්නා අරුම පුදුම පිං කටයුත්තක් තමයි සිද්ධ වෙන්නේ ...හැමෝම සාධු කාරයක් දීලා ..බදු වෙලාවට ගෙවලා මේ වැඩේට සහය පලකරන්න."

FB share- copied

link
 

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,568
    5,433
    113
    Meke Ewun Thawath SAITM Kade Yanawa Oita Wada Hodai *** Kawanam

    LOL_SEEN
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Mechchara thama ponna anduwata kiyanna thiyanne

    you-lived-your-life-for-the-king-youre-gonna-die-for-_rc.jpg
     

    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    83
    28
    නිසි ප්‍රමිතියක් යටතේ saitm පවත්වාගෙන යනවට ඇයි GMOA 1 අකමැති? හරියට වැඩේ කෙරෙනවනම් නෙවිල් ගානක් හොයාගත්තම මොකද? තොපිලගේ තියෙන්නේ තනිකරම කුහකකම .... වෙන මොනවත් නෙවෙයි
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ඒ අනුව 12 වෙනිදා රාත්‍රී GMOA නියෝජනය කරමින් සභාපති ජොස්තර පාදඩදෙණිය සහ ලේකම් හරිත අලුත්ගේ සාකච්ඡාවට පැමිණි අතර අගමැති වරයාද සෞඛ්‍ය ඇමැති රාජිත සමග සාකච්ඡාවට සහභාගී වූහ. දිනේෂ් වීරක්කොඩිද සහායට පැමිණ සිටියේ ය.

    එහිදී අවම ප්‍රමිතියක් නොමැති වූයේ කාගේවත් වරදින් නොව වෛද්‍ය සභාවේ වරදින් යයි ඔවුහු කීවෝය.
    මෙය ආරම්භ කරන ලද්දේ ද වෛද්‍යවරයෙක් වූ නෙවිල් ප්‍රනාන්දු විසින් නිසා ඔහු මෙම ආයතනයට අවශ්‍ය අවම ප්‍රමිතීන් ලබා දෙන්නැයි 2009 දී වෛද්‍ය සභාවට ලිපියක් යවමින් ඉල්ලා තිබූ නමුත් එවක වෛද්‍ය සභාවේ සභාපති වූ එච්.එස්.ආර්. සමරසිංහ පිළිතුරු ලිපියකින් දැනුම් දී ඇත්තේ වෛද්‍ය සභාවට අවම ප්‍රමිතීන් පිලිබඳ නිශ්චිත තීන්දුවක් නොමැති බවයි. එසේ නම් ඒ අවස්ථාවේදී වෛද්‍ය සභාවට නොතිබූ අවම ප්‍රමිතියක් සයිටමයට තිබිය හැක්කේ කෙසේදැයි අගමැති සහ ඇමැති ප්‍රශ්න කළ විට පාදෙණිය නිරුත්තර විය.

    සයිටමය මුලදී රුසියාව සමග අනුබද්ධ වෛද්‍ය විද්‍යා උපාධියක් ලබා දීමට ගොස් දැන් තමන්ගේ වෛද්‍ය විද්‍යා උපාධියක් දීමට යෑම ගැන පාදඩදෙණිය ප්‍රශ්න නැගීය. - එයටද සයිටමය යොමු කෙළේ වෙනින් කවුරුත් නොව වෛද්‍ය සභාව බව කී රාජිත, සයිටමය 2010 දී විදෙස් උපාධි දෙන ආයතනයක් ලෙස රජය සමග කටයුතු කරන්න හදද්දී ‘ඔයගොල්ලො විදෙස් උපාධි දෙන්න යන්න එපා ලංකාවේ උපාධියක් දෙන්න හදන්නැයි ද, එවිට ඇට්16 අවශ්‍ය නොවන බවද‘ ආදී ලෙස එහි ඇති වාසි 4 ක් සඳහන් කරමින් ලිඛිතව දන්වා ඇත්තේ එවක වෛද්‍ය සභාවේ සභාපතිනියව සිටි මහාචාර්ය ලලිතා මෙන්ඩිස් මහත්මිය බවද පැවසීය.



    එසේනම් වරද කර ඇත්තේ සයිටමයද? වෛද්‍ය සභාවද? යි රාජිත ප්‍රශ්න කෙළේය.