Samsung එකේ වැඩ කරන කවුරුහරි ඉන්නවානම් පොඩි සප් එකක් ඕනේ ...මේකයි සීන් එක මචංලා මගේ සැම්සුන් E7 ෆෝන් එකක් තියෙනවා ගිය මාසේ 8 වෙනිදා ගත්තේ Unity Plaza ground floor එකේ සම්සුන්ග් Agent ගෙන් රුපියල් 41,000කට ගත්තු මගුලක්. ඒකේ ලෙඩ ගොඩක් නිසා මට දැන් මේක රීප්ලේස් කරගන්න උවමනායි අලුත් E7 එකකට හරි ඊට වඩා ගාණ වැඩි එකකට හරි. මුන්ගේ සර්විස් සෙන්ටර් එකකට ගිහාම පලවෙනි සැරේ සොෆ්ට්ව්වෙයා අවුලක් කියලා ඒක හදලා දුන්නා ඒත් ලෙඩ ටික එහෙම්ම නිසා අදත් උදේ ගියා. එතකොට උන් කියනවා 4n එක replace කරන්න බෑ එහෙම කරන්නේ 4n එක අරන් දවස් 3ක් ඇතුලත විතරයිලු. තාම 4n එක අරන් මාසයක්වත් නෑ අනික උන් දවස් 3 කතාවක් කිව්වෙත් නෑ. බිල්ල් එකේ කොහේවත් එහෙම ගහලත් නෑ.
මං පොඩ්ඩක් කෑගැහුවාම උන් කිව්වා ආපහු ගත්ත තැනින් ගිය මාසේ 31 දිනේ දාලා ඉන්වොයිස් එකක් අරන් එන්න කියලා පුලුවන් දෙයක් කරන්න බලන්නම් ආයේ එන්න කෝල් එකක් දෙන්නම් කිව්වා. ඉතින් අද උන්ට අලුත් ඉන්වොයිස් එකයි 4n එකයි දීලා ආවා.
මට දැන් උවමනා මේ 4n එක replace කරගන්න. පුලුවන් එකෙක් ඉන්නවනම් සප් එකක් දීපල්ලා.. මේ 4n එක වැඩියෙන්ම පාවිච්චි වෙන්නේ skype, viber video calls වලට ඒ නිසා front cam එක 5mp වැඩි 4න් එකක් දන්නවානම් පොඩ්ඩක් කියනවදP.S. - මටනම් මේ සැම්සුන්ග් මගුල් අල්ලන්නෙම නෑ බැලුවොත් ලෙඩ ගොඩක්. 4 වෙනි සැම්සුන්ග් 4n එක මේ..ලාච්චුවේ තියෙනවා wifi අංජබජල් galaxy 3 tab එකකුයි ඩිස්ප්ලේ ගියපු S5 මගුලකුයි.
ඒ නිසා මං නම් රෙකමන්ඩ් කරන්නේ ඇපල් 4n එකක් හරි රුපියල් 1450 චයිනීස් 4n එකක්..
Last edited:


