Samsung Electronic බඩු සහ සිංහගිරි scam

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Samsung Electronic බඩු සහ සිංහගිරි scam

    මේකයි මචන් මට උනේ, අපේ තාත්තා අවුරුදු කාලේ සිංහගිරි එකේ offers වගයක් දාලා තියෙනවා දැකලා, offers වල අන්තිම දවසෙ වගේ fridge එකක් අරගෙන මම ඒ වෙලාවේ හිටියේ නෑ but මම phone එකෙන් තත්තාව contact කරලා විස්තර එහෙම අහලා ඒ වෙලාවේ හැටියට offer එක වාසි නිසා මම ඒක ගන්න recommend කරා නමුත් මට display එකක් නම් ගන්ඩ එපා කියලා කියන්න අමතක උනා. ඊලග දවසේ මම ගෙදර ගිහින් fridge එක unbox කරලා බලදිදිම තේරුනා උන් display එකක් තමා දීලා තියෙන්නේ කියලා, මොකද ඇහැට නෙපෙනෙන තැන්වල damages තිබුනා.

    ගත්තා showroom මැනෙජරයට call එකක්, කිව්වා මේක මාරු කරන්න ඕනෑ කියලා ඌ කියනවා මාරු කරන්න වෙන ඕකේ unit නෑ කොලබින් order කරන්න ඕනෑ කියලා, වෙන branch එකකින් ගෙනල්ලා දෙන්න කිව්වම වෙන ලග branch වල නෑ කිව්වා උන්ගේ එහෙම වෙන branch වලින් ගේනවානම් උන්ගේ brand මැනෙජර්ට කතා කරන්න කිව්වා, කොහොම කොහොම හරි උන් එහෙට මෙහෙට බෝලේ පාස් කරලා අන්තිමට අපිට ගෙදර fridge එකක් නැතුව සුමාන දෙකක් ඉන්න උනා උන් ඒ මොඩෙල් එක ගේනකන් (පරණ fridge උන්ට දීලා රු.10,000 ක් අඩු කරගන්න එක තමා offer එක).

    කොහොමහරි සති දෙකකින් උන් call එකක් දුන්නා අලුතින්ම පැකින් කඩලවත් නැති units වගයක් ඇවිල්ලා තියෙනවා එන්න කියලා, අපි ඉතිං උදෙන්ම ගිහින් බැලුවා (මේ පාර මම ගියේ), බලද්දි ඒ ගෙනල්ලා තියෙන ඔක්කොමගේම damages තියෙනවා.

    උන් වරද පිලිගත්තා උන් සල්ලි refund කරන්න පුලුවන් කිව්වා නමුත් ඒකටත සෑහෙන් කාලයක් යනවා කිව්වා, ඊටපස්සේ කරන්නම දෙයක් නැති නිසා එතන තිබුන කලින් ගත්ත එකට වඩා රු.5000 ක් ගාන වැඩි චූටි damage එකක් තියෙන fridge එකක් මම උන්ගෙන් අපිට උන පාඩුවට පරන එකේ ගානට දෙන්න කියලා කිව්වා. උන් head office කතා කරලා කිව්වා සර් දැන් මේ මොඩෙල් එක වැඩිවෙන රු.5000 ගෙවලා ගෙනියන්න, හෙට head office එකෙන් සර්ට ලැබෙන discount එක ගැන inform කරයි එතකොට අපි ඒක සර්ගේ bank account එකට deposit කරන්නම් කියලා කිව්වා.

    ඊලග දවසේ උන්ගේ head office එකෙන් අපිට සිදු වූ අපහසුතාවයට රු.5000 ක discount එකක් ලබා දෙන්න එකග උනා, උන් මේ ගැන Samsung head office එකටත් දැනුම් දෙනවා කිව්වා.

    දැන් fridge එක ගෙනල්ලත් සුමාන දෙකක් වෙනවා අද වෙනකන් discount එක ලැබුනේ නෑ, ඇහුවම කියනවා තාම ඒකේ process එක යනවලු

    මම මේ කතාව බොහොම කෙටියෙන් දැම්මේ, මම මාර රස්තියාදුවක් උනේ, වෙන කරන්න දෙයක් නැති නිසා තමයි අර කෙහෙම්මල අරං ගෙදර ආවේ. අනිත් එක අපිට තියෙන වැඩ අස්සේ ඔය මගුල්වලට කාලේ යොදවන්න ඉඩත් නෑනේ.
    අනිත් එක බං සිංහගිරි එකේ විකුණන fridge made in India, ඒක දැනගත්තෙත් පස්සේ

    ආය නම් සතුරෙකුටවත් සිංහගිරි නම් recommend කරන්නේ නෑ

    අනිත් එක electric බඩුවක් ගද්දි හොදට හොයලා බලලා ගන්න අපි නොදන්න බව උන් දැනගත්ත ගමන් උන් අපිව අන්දනවා.

    මගේ යාලුවෙකුත් සිංහගිරි එකෙන් fridge එකක් අරං, ඌ showroom එකට ගිහිල්ලා order එක දාලා ඇවිල්ලා මුන් ගෙදරට fridge එක deliver කරලා, පැකින් කඩද්දි එකෙත් මේ වගේම signs තිබිලා පසෙසේ ඌත් මේවගේ දගලලා දගලලා display නොවන එකක් සුමාන දෙකකින් විතර ගෙන්නගෙන, කරුමේ කියන්නේ මම ඒ සිද්ධිය දැනගත්තෙත් පස්සේ


    සිංහගිරි මහා එපා කරපු එවුන් බං.
    මම අද බැන්ක් එකවුන්ට් එක check කරද්දි රු.4090 ක් වැටිලා තියෙනවා, මට නිකමට හිතුනා මුන් තමා deposit කරන්න ඇත්තේ කියලා නමුත් මුන් දෙනවා කිව්වේ රු.5000 ක්. මුන් සල්ලි දාල අඩුගානේ මාව inform කරේවත් නෑ. මුන්ගෙන් මේකට explanation ඉල්ලුවා අද වෙනකන් answer එකක් නෑ.

    මුන්ව contact කරන්න ගියාමත් එපා වෙනවා, එහෙට බෝලේ පාස් කරනවා, මෙහෙට බෝලේ පාස් කරනවා, මුන්ගේ communication නම් අන්තිමයි.

    මුන්ට head office එක contact කරගන්න බැරි නිසා රු.5000 ගෙවලා fridge එක ගෙනියන්න කිව්වේ, නමුත් ඒ වෙලාවේ උන්ට head office එක contact කරලා රු.5000 ක discount එක confirm උනානම් අපිට සත පහක් වත් ගෙවන්න ඕනෙ නෑ. fridge එක අරන් මාසයකටත් වැඩි තාම මුන් අපේ ප්‍රශ්ණේ විසදුවේ නෑ.

    මුන්ගේ Brand Manager ට මම infrom කරා ආය නම් සිංහගිරි එකෙන් ජීවිතේට බඩුවක් ගන්නේ නම් නෑ & මම පුලුවන් තරම් මේ ගැන අනිත් පාරිබෝගිකයන්ව දැනුවත් කරනවා කියලා, නමුත් උගෙන් කිසිම විසදුමක් නෑ.

    ගන්න ගියාම තියෙන සැලකිලි නෑ ගත්තට පස්සේ.
    ආයේ නම් ජීවිතේට සිංහගිරි එකෙන් නම් බඩු ගන්නේ නෑ

    උඩ තියෙන comments දෙකම මම ප්‍රසිද්ධ ආයතන සහ Electronic බඩු යන ත්‍රේඩ් එකේ දැම්මා, නමුත් මට මේ ගැන වෙනම ත්‍රේඩ් එකක් දාලා කට්ටියව දැනුවත් කරන්න ඕනෑ කියලා හිතුනා, මුන් කරපු බලු වැඩේ. ප්‍රශ්ණේ ඇතිවෙලා දැන් මාස 2 ක් විතර වෙනවා නමුත් තාම විසදුමක් නෑ, උන් එහෙට බෝලේ පාස් කරනවා මෙහෙට බෝලේ පාස් කරනවා.
    අනිත් එක මුන්ගේ Electronic බඩුවල පොඩියට හරි යම්කිසි damage එකක් තියෙනවාමයි, උන් කොහොමහරි ඒක සාධාරණීය කරන්න හදනවා (ex - ඕක පේන්නේ නෑ කියයි, etc).
    මුන් අද වෙනකන් මට බැංකුවට මෙච්චරක් deposit කරා කියලාවත්, රු .5000 න් රු. 4090 ක් deposit කරන්න හේතුවවත් පැහැදිලි කරේ නෑ.
    අපි දැන් මේක අතහැරලා දාලා ඉන්නේ.
    මම නම් ආය ජීවිතේට ආය උන්ගෙන් නම් බඩුවක් ගන්නේ නෑ. :no: :no: :no:
     
    • Like
    Reactions: speedmalli

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    machan mage yaluwektath ohoma seen ekak wuna, u epara eka FB stauts ekata dala tibuna. eka unge Regional manager kenek dakala, muta call ekak dila tibuna dawasen issue eka resolve karala dennam kiyala. ubath oka FB share karala unge mokek hari manger kenek wa tag karala thiyapan. aniwaryen wade goda.
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    machan mage yaluwektath ohoma seen ekak wuna, u epara eka FB stauts ekata dala tibuna. eka unge Regional manager kenek dakala, muta call ekak dila tibuna dawasen issue eka resolve karala dennam kiyala. ubath oka FB share karala unge mokek hari manger kenek wa tag karala thiyapan. aniwaryen wade goda.

    විශ්වාස කරපන් මචන් මම කිසිම Social Network එකක් use කරන්නේ නෑ. මම උන්ගේ Regional Manager ව contact කරා මචන් but තාම උන් මේක විසදුවේ නෑ. මේ ත්‍රෙඩ් එක බලන උබලට මට කරන උදව්වක් වශයෙන් උන්ගේ Regional Manager ගේ email එකට පොඩි messeage එකක් යවන්න පුලුවන් නම් උන් සමහර වෙලාවට active වෙයි. මම මගේ යාලුවෝ කීපදෙනෙක්ටත් කිව්වා යවන්න කියලා.

    ex- I saw an online article about a Singhagiri scam related to a refrigerator. It is so embarrassing, Please don't mislead innocent consumers.
    ([email protected])
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Samsung kohomath dan indian thama ban enne.. godak loku deyak anik ayawa danuwath karapu eka..
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,883
    21,127
    113
    uba Middle east waling ganna ithibbe eke okkoma samsung malaysia enne badu quality ban
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    :dull: ඕක මොකක්ද මම සිංගර් එකෙන් ෆ්‍රිජ් එකක් ගෙනාවා..... මාසයක් ඈතුලත තුන් වෙනි ෆ්‍රිජ් එක දැන් තියෙන්නේ..... :angry:
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    :dull: ඕක මොකක්ද මම සිංගර් එකෙන් ෆ්‍රිජ් එකක් ගෙනාවා..... මාසයක් ඈතුලත තුන් වෙනි ෆ්‍රිජ් එක දැන් තියෙන්නේ..... :angry:

    Singer thawa hodai machan, mungen gattha baduwa maaru karaganna maara kattak kanna ona :angry:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මමත් මේ අවුරුද්දේ මුල ගත්තා LG Fridge එකක්. අම්මලාගේ Office එකේ සේල් එකක් තිබිලා. ආවේ Majestic City එකේ Abans Manager. හරිම හොද මිනිහා. බඩුත් හොද Packing පිටින් හම්බුනේ අපිට ලගම Abans showroom එකෙන්. 42" 3D Full HD Smart TV එකක් ගත්තා ඒකත් Packing පිටින් හම්බුනේ. කිසිම Damage එකක් තිබ්බේ නෑ. මම Bike එකේ ආවේ TV ඒක ගෙනියන්න. මට අඩු ගානට 3 wheel එකක් සෙට් කරලත් දුන්නා.

    සමහර මිනිස්සු ඉන්නවා හොද අය. සමහරු ඉන්නවා කරුමක්කාරයෝ. අනේ මන්දා. මොනවා හරි බඩුවක් ගන්න ඕනා නම් මම එයාගේ නම්බර් ඒක දෙන්නම්. මිනිහා සෙට් කරලා දෙයි. අපි ඔය බඩු අරගෙන ටික කාලයක් යනකන් Call කර කර ඇහුවා බඩු වල අවුලක් නෑ නේද? තියනවනම් කියන්න මාරු කරලා දෙන්නම් කියලා. අදටත් මගදී හම්බුනොත් අහනවා. උන්ට commision එනවා තමයි ඕවා විකුණලා. නමුත් මනුස්සකමත් ටිකක් තියෙනවා මිනිහගේ.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කොහොමත් දන්නේ නැති කෙනෙක්ව Electronic බඩුවක් ගන්න යවන්න නරකයි
    කොහොමත් ගොඩක් කඩවල ඉන්නේ කාලකන්නි
    මම නම් තියෙන එකක් බලෙන් උස්සගෙන එනවා ඔහොම උනානම්

    :baffled::baffled::baffled: