ෆෝන් එකක් කියලනං මාත් දන්නව ඒත් ස්ක්‍රීන් එක අගල් 3යි නේද ? අගල් කාලක වෙනසක් වෙන්නෙ කොහෙද අලුත්ම Samsung and HTC එන්නෙ 4.3 ස්කීන් සයිස් වලින්, ඒකත් S-LCD හරි Super AMOLED හරි එන්නෙ, එතකොට සයිස් එකේ වෙනස අගල් 1.3යි, අනිත් එක TFT 256K නේද ඕක
යකෝ උඹලාට සල්ලි තිබ්බට අපිට එහෙම නෑ.. ඒකයි මේ වගේ බජට් ෆෝන් එකකට යන්නේ..

wifi - GPS දැම්මහම battery කනවා. wifi දාලා youtube clips එහෙම බලනකොට ෆෝන් එක රත් වෙනවා. flash එකක් නැති හින්දා ලයිට් අඩු තැන් වල ගන්න ෆොටෝ, විඩියෝ එච්චර පැහැදිලි නෑ.
ඊට අමතරව නං අවුලක් නෑ. මමත් ගත්තෙ ගිය සතියෙ ඒහින්දා තාම වැඩිය කේස් අහු උනේ නෑ.
virtual keyboard එකත් එක්ක තමයි මල පනින්නෙ. පොඩි ඇඟිලි වලට තමයි ඒක හරියන්නෙ. මම නං gingerbread keyboard එක install කරගත්තා. ඒක samsung keyboard එකට වඩා ටිකක් ලේසියි. වැරදි කුරු එබෙනවා අඩුයි![]()
මචං gingerbread keyboard එක ගන්න ලින්ක් එකක් පුලුවන් නම් දියන්කෝ.. තාම ෆෝන් එක ගත්තේ නෑ.. ඒත් අවශ්‍ය ඇප්ස් ටික හොයා ගෙන තියාගත්තා... අර Sala pro sat Navigation system eka දැම්මොත් රැම් එක මදිවෙයිද මචං????
තෑන්ක්ස් මචං සපෝට් එකට 
