SAW සම්පූර්න කථාමාලාව අවසන් උනේ SAW Final Chapter සිනමා පටය නිකුත් වීමත් සමගයි. මා මෙතෙක් බලා ඇති සිනමාපට අතරින් හොඳම කථාව මෙයයි. මෙම කථාමාලාවේ තිබෙන විශේෂත්වය නම් නිශ්චිත කථානායකයකු නොමැති වීමයි. නමුත් මෙහි එන Jigsaw ගේ චරිතය වටා මුලු කථාවම ගොඩනැගී ඇත්තාසේම මුලු චිත්‍රපට සියල්ලගෙම ඔහු හොල්මන් කරයි ත්‍රාසය භීතිය කුතුහලය පිරි SAW ඇත්ත වශයෙන්ම විශිෂ්ඨ නිර්මානයකි. මා කියන කාරනය චිත්‍රපට පෙලම බලා තේරුම් ගත යුතුය.
මෙහි කථා සාරාoශය මෙසේයි Jigsaw(John) මොහු වෘතියෙන් ඉOජිනේරුවෙකි ඉතා සාමකාමී දිවියක් ගත කරන මොහුහට සුවිශේෂී ඥානයක් සමග සිත් ඇදගන්නා සුලු ලෙස කථා කිරීමටද හැකියාවක් ඇත එහෙත් නොසිතූ ලෙස ඔහුට කරදර රාශියකට මුහුන දීමට සිදු වේ තමන්ගේ පෙම්වතියට බිහිවීමට සිටි දරුවා කුස තුලදීම මිය යන්නේ එක්තරා නොසන්ඩාල පුද්ගලයෙකුගේ නොමනා ක්‍රියාකලාපය නිසාය තමන්ට සුවකල නොහැකි මොලේ පිලිකාවක් ඇති බව දැනගන්නා අතරම නොසිතූ විරූ ලෙස රිය අනතුරකට මුහුණ දේ එයින් පුදුම සහගත ලෙස ඔහු දිවි ගලවාගන්න අතර දිවියේ සැඳෑ සමයේ වුවත් ඔහු තුල ශක්තියක් ඇති බව ඔහු වටහාගනී තමන්ගේ ජීවිතය අයිති තමන්ට බවත් එය කාටවත් පාලනය කිරීමට දිය නොහැකි බවත් වටහාගන්නා අතරම ජීවිතේ එක් එක් තැන්වලදී ඔහුට හමුවන ඔහුව අසාධාරනයට පත් කල තැනැත්තන්ගෙන් පලිගැනීමට පටන්ගනී මොහුගේ යුක්තිය පසඳලීමෙ ක්‍රමය වෙනස්ම ආකාරයෙ එකකි තමන්ට අවශ්‍ය තැනැත්තා පැහැරගෙන ඔහු හෝ ඇය හට එක්තරා ආකාරයක පරීක්ශනයක් එසේත් නොමැති නම් සෙල්ලමක් ලබා දේ මෙය එසේ මෙසේ සෙල්ලමක් නොවේ ජීවිතයත් මරණයත් අතර සෙල්ලමකි. ඔහු කියන දේ හරිහැටි තේරුම් ගෙන බුද්ධියෙන් කටයුතු කරන තැනැත්තාට දිවිගලවා ගත හැකිය. සෙල්ලම කිරීමට සිදුවන තැනැත්තාට තමන් තුල ඇති ශක්තිය සමාව දීමේ හැකියාව තේරුම් ගත යුතුයි.
මෙය කියවාගෙන යන ඔබට හිතෙනවා ඇති ඇත්තටම මෙහි සිදු වන ගැටුම කුමක්ද කියා. ඇත්තටම ගැටුම නිර්මාණය වන්නේ Jigsaw විසින් නිර්මාණය කරන සම්පූර්ණ සෙල්ලම තුලය ඇත්තවශයෙන්ම මෙහි එන මුලු සිදුවීමම තේරුම් ගැනීමට මුල් සිනමා පටයේ සිට අවසාන සිනමා පටයෙ අවසන් රූප රාමුව දක්වා බැලිය යුතුයි ඒ තරමටම මෙහි එන පොඩි සිදු වීමක් පවා තවත් එකකට සම්භන්දයි තව කිවයුතු කාරනයක් ඇත ඔබ තැති ගන්නා සිත් ඇත්නම් මෙය නොබලන්න මන්ද මෙම නිර්මාණයේ Special Effects සහ කැමරා කෝණ භායානක ලෙස යොදාගෙන තිබීමයි. මගේ පෞද්ගලික අත්දැකීම නම් මෙහි එක් කොටසක් බලා පැයක් පමන යනතෙක් මගේ ඇඟ රිදෙනව මෙන් දැනිනි....


Saw Movie List
Saw 1
http://www.imdb.com/title/tt0387564/
Saw 2
http://www.imdb.com/title/tt0432348/
Saw 3
http://www.imdb.com/title/tt0489270/
Saw 4
http://www.imdb.com/title/tt0890870/
Saw 5
http://www.imdb.com/title/tt1132626/
Saw 6
http://www.imdb.com/title/tt1233227/
Saw 7 (Saw Final Chapter , Saw 3d )
http://www.imdb.com/title/tt1477076/
Screens
Saw theme music
http://en.wikipedia.org/wiki/File:Charlie_clouser_-_hello_zepp_remix.ogg
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
"Make your choice Live or Die"








