බේසික් තමයි අහන්නෙ
CS බේසික්, OOP Concept වගේ ඒව අහනවා
Data structures, Algorithm වගේ ඒව අහනවා
දැන් නම් වෙබ් සර්විස් REST, DB ටිකක්, පොඩි Query දෙක තුනක්(Join වගේ තියන)
කරපු ප්රොජෙක්ට් වලින් ගොඩක් අහනවා, කරාද කියල බලන්න
GIT වගේ දේවල් පොඩ්ඩක් අහන්න පුලුවන්
ඔය අහන ඒව කම්පැනිය අනුව වෙනස් වෙන්න පුලුවන්, Programming, IQ වගේ අහනවා, මොකක් හරි IQ සීන් එකකට/solution එකකට pseudocode එකක් ලියන්න වගේ කියන්න පුලුවන්
ස්පෙසිෆික් ටෙක්නොලොජි ගැන අහන්නෙ නැහැ ගොඩක් වෙලාවට,(සමහර කම්පැනි වල අහනවා)
මම Intern ඉඳන් TL වෙනකන් ඉන්ටවීව් ගිහින් තියනවා, ගොඩක් දුරට එකම වගේ දේවල් අහන්නෙ, ටික ටික ඉහලට යද්දි එකම ප්රශ්නෙට බලාපොරොත්තු වෙන උත්තරේ වෙනස්
උදාහරනයක් විදියට Intern වලදි OOP නිකන් කිවුවම ඇති වෙන්න පුලුවන්, TL කෙනෙක්ගෙනුත් ඕකම අහනවානේ එතකොට ඉතින් ඕවයෙ ප්රැක්ටිකල් යූසේජ් එක, ඕව ගැන හිතලා ප්ලෑන් කරන්නෙ කොහොමද, කරද්දි ආපු ප්රශ්න ඒව විසඳපු හැටි, ඇයි එහෙම කරේ, architecture පාට් එකේදි ඕව සම්බන්ධ කරගන්නෙ කොහොමද, වගේ එකී නොකී දේවල් අහනවා