ශරීරවල යථා ස්වභාවය මේ විදිහට විමසා බලද්දි පෙනෙනවා තමන්ගෙ ශරීරයත් මේ වගෙයි; අනුන්ගෙ ශරීරත් මේ වගෙයි; ළඟ ඉන්න අයගෙ ශරීරත් මේ වගෙයි; අපට දුරින් ඉන්න අයගෙ( නළු නිළියො, ප්රසිද්ධ පුද්ගලයින්, පිටරටවල අය) ශරීරත් මේ වගේ. අරකට වඩා මේක හොඳයි, මේකට වඩා අරක හොඳයි කියන්න දෙයක් නැහැ. අරකට වඩා මේක නරකයි, මේකට වඩා අරක නරකයි කියන්න දෙයකුත් නැහැ. එහෙමනම් මෙතන ආශාවෙන් ඇලෙන්න හේතුවකුත් නැහැ. (කියනකොට මෙහෙම කිව්වට නොඇලී ඉන්න අමාරුයි අපට; නමුත් තේරුම් ගන්න පුළුවන්නෙ ඇලෙන්නෙ වැඩකට නැති දේකට බව.)




ඉපදීම දුකකි, ලෙඩවීම, මරණය හා නැවත නැවත ඉපදීමද දුකක්මය...
සංසාරය දුකක්මය.. එයින් මිදුනු විට යම් සැපක් වේ නම් (නිර්වාණය)එයමය එකම සැපය..![]()


