SEO On page සිංහලෙන්

madawa_1

Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    ඉතාමත් වටිනවා වැඩේ දිගටම කරගෙන යන්න සුභ පතනවා මචෝ
     

    lakmald84

    Member
    Mar 10, 2012
    118
    4
    0
    machan blog comment walin backlinks gannkota ekama comment eka blogs 50ka withara dammata aulak nadda. eken ape blog ekata ahithakara balapamak wenawada.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,910
    113
    මේක තමයි මගේ SEO on-page සිංහලෙන් කියල දෙන ත්රෙඩ් එක. මම මේ ත්රෙඩ් ඒකෙන් most important on page SEO ක්‍රම ගැන කියල දෙන්න යන්නේ. off page SEO ගැන පස්සේ වෙන ත්‍රෙඩ් එකක් දානවා. එක නිසා මේ ත්‍රෙඩ් එකේ off page SEO ගැන අහන්න එපා.

    වෙබ් සයිට් එකක් හදන්න කලින් ඩොමේන් එකක් ගන්න තැන ඉඳලා SEO කරන්න ready වෙන්න ඕනේ. මෙන්න මෙහෙමයි හොඳ ඩොමේන් (domain) එකක් ගන්නේ.

    1. domain එකේ keywords තියෙනවනම් හොඳයි.

    ඔයාගේ වෙබ් සයිට් එක "eye care" ගැන කියල හිතන්න. එතකොට ඔයාගේ main keyword එක වෙන "eye care" phrase එක domain එකේ තියෙනවනම් හොඳයි.

    Eg -
    www.eyecare.com
    www.caremyeyes.com
    www.eyecareinfo.com
    www.eyecareforyou.com

    domain එකක් ගනිද්දී පුළුවන් තරම් ( - ) නැතුව ගන්න බලන්න.
    Eg - www.caremyeyes.com is better than www.care-my-eyes.com

    ඔයාගේ වෙබ් සයිට් එක local community එකක් target කරනවානම් local domain extension එකක් ගන්න එක හොඳයි. එතකොට googl.lk එකේ හොඳ rank එකක් ගන්න ලේසි වෙනවා යම් තරමකින්.

    Eg - .lk

    සාමාන්‍යයෙන් ඕනෙම top level domain එකක් (.com .net .org .biz and etc) ප්‍රශ්නයක් නැති උනත් .com .net .org ගන්න එක හොඳයි. because මේ top level domains මිනිස්සු අතර ප්‍රසිද්ධ නිසා.

    නොකළ යුතු දේවල්

    1. ගොඩක් දිග domain ගන්න එපා. මිනිස්සුන්ට මතක තියා ගන්න අමාරුයි.
    2. domain එක keywords වලින් පුරවන්න එපා. එක ප්‍රධාන keyword එකක් තිබුනම ඇති.

    කොහොම උනත් domain එකක keywords තියෙන්න ඕනේ කියල නීතියක් නෑ. keywords නැති උනත් ලොකු ප්‍රශ්නයක් නෑ.


    වෙබ් සයිට් එක ඩිවෙලොප් කිරීම

    වෙබ් සයිට් එක wordpress වලින් හදනවනම් ලේසිය්. හේතු පහත සඳහන් කර ඇත.

    1. ගොඩක් free plug-in තිබීම
    2. install කරන්න ලේසිය්.
    3. free security updates
    4. user friendly

    මේ ත්‍රෙඩ් ඒකෙන සයිට් එකක් ඩිවෙලොප් කරන හැටි කියල දෙන්නේ නෑ. :P..... ආආආආ හරි. දැන් සයිට් එක ඩිවෙලොප් කරලා එවරයි. දැන් බලමු කොහොමද ඒකට SEO කරන්නේ කියලා.

    මුලින්ම කරන්න ඕනේ search engine friendly URL හදන එක. wordpress වල මේක back end ඒකෙන් කරන්න පුළුවන්. URL එකේ keywords තිබීම සහ short වීම ඉතා වැදගත්.

    Eg.

    වෙබ් page එක coffee cake ගැන කියලා හිතන්න. එතකොට පහල තියෙන URL structure එක search engine friendly නෑ.

    Code:
    www.elakiri.com/newthread.php?do=newthread&f=7

    ඒක නිසා අපිට search engine friendly URL හදන්න වෙනවා. search engine friendly URL එකක් කියන්නේ පහල තියෙනවා වගේ එකක්.

    Code:
    www.elakiri.com/coffee-cake


    Title of the page

    මේක ඉතාම වැදගත් දෙයක් on page SEO වල. Title එකේ හැමතිස්සෙම ප්‍රධාන keywords එකක් හරි තියෙන්න ඕනේ. keywords විතරක් title එකේ තියන්න එපා. මෙන්න මෙහෙමයි natural title එකක් හදන්නේ. Title ඒක keywords වලින් පුරවන්න එපා.

    coffee cake නම් ඔයාගේ ප්‍රධාන keyword ඒක. title ඒක මෙහෙම හදන්න.

    Home made coffee cake | coffee cake recipe | delicious coffee cakes


    Content

    වෙබ් සයිට් එකේ Content තමයි on page SEO වල ප්‍රධානම දේ. Content original වෙන්න ඕනේ. නැත්තම් හොඳ රෑන්ක් එකක් ගන්න අමාරුයි. මේකට ගිහිල්ල චෙක් කරලා බලන්න ඔයාගේ සයිට් content original ද කියලා. කොහෙන්වත් කොපි කරලා දාන්න එපා.

    Code:
    http://www.copyscape.com/

    Content එකේ keyword density eka 2% විතර තියාගන්න. ඊට වැඩි කරන්න එපා. හැම තිස්සෙම valuable දෙයක් ගැන ලියන්න. වැඩක් නැති දේවල් ලියන්න එපා.

    වෙබ් සයිට් එකේ Content නිතරම අලුත් වෙන තරමට තමයි හොඳ. එකියන්නේ පුළුවන් හැම වෙලේම අලුතෙන් මොනවහරි සයිට් ඒකට එකතු කරන්න. Content ලියද්දි පුලුවන්නම් H1 H2 tags දාන්න. එකියන්නේ sub headings. මේ sub headings (H1 H2) වලටත් keywords දාන්න පුළුවන්. main title ඒක හදනවා වගේ natural විදියට sub headings හදන්න. පහල link ඒකට ගිහිල්ල sub headings දාල තියෙන article එකක් බලන්න.. sub headings keywords වලින් පුරවන්න එපා. සාමාන්‍යයෙන් main keyword ඒක title එකටත් අනිත් keywords sub headings වලටත් දාන ඒක තමයි හොඳ.

    Code:
    http://world-volunteer.com/volunteer-in-asia/volunteer-in-laos/


    Description

    Description ඒකට page ඒක ගැන අකුරු 140 ක් විතර එන හැඳින්වීමක් ලියන්න. keyword දැමීම compulsory නෑ. wordpress වලින් සයිට් ඒක develop කරලා නම් තියෙන්නේ, all in one seo හරි yoast හරි plug-in, install කරගන්න. එකේ titles and description දාන්න වෙනම option එකක් තියෙනවා.


    Internal Linking

    Internal Linking ඉතාම වැදගත්. wikipedia එකේ දැකල තියෙනවද content ඒක ඇතුලේ ලින්ක්ස් තියෙනවා ? ඒ වගේ කරන්න පුලුවන්නම් හොඳයි. internal links වල anchor ඒකට අදාළ page එකේ keywords දාන්න.

    14b16ya.jpg


    Content ඇතුලේ links දාන්න බැරි නම් සයිට් එකේ side bar එකේ ඔයාගේ සයිට් එකේ වැදගත් pages වලට යන්න links දාන්න. පහල පෙන්නේ ඒ වගේ side bar Internal links. wordpress වල නම් widget logic කියන plug-in ඒකෙන මේ විදියේ links දාන්න පුළුවන්.

    34nikn9.jpg


    2ik9sh5.jpg


    උඩ තියෙන ඒවා අමාරුනම් මෙහෙම කරත් ලොකු ප්‍රශ්නයක් නෑ. wordpress වල yet another related post plug-in එක install කරගන්න. එකෙන් automatically හැම page එකකම Internal Linking කරනවා. පහල තියෙන්නේ එහෙම Internal Linking කරපු page එකක්.

    nb41ud.jpg


    තව එකක් තමයි වෙන සයිට් වල links වැඩිය ඔයාගේ සයිට් එකේ publish කරන්න එපා. පොඩ්ඩක් නම් කමක් නෑ. link exchange කරන්න එපා non related සයිට්ස් එක්ක.

    Internal Linking manually දානවනම් මේ තියෙන්නේ සිස්ටම් ඒක.

    Code:
    <a href="http://www.yoursite.com">keyword</a>


    Site Map

    Wordpress සයිට් එකකට නම් google site map plug-in එක install karala configure කරගන්න. නැත්තම් පහල ලින්ක් ඒකට ගිහිල්ල සයිට් මැප් එකක් හදල ඒක ඔයාගේ සයිට් එකේ root folder ඒකට දාන්න. මේ වැඩේ ලේසිය්. Site Map ඒකේ වැඩේ ඉවර උනාට පස්සේ ඔයාගේ google web master account ඒකට ගිහිල්ලා Site Map URL එක add කරන්න.

    Code:
    http://www.xml-sitemaps.com/

    Web site errors

    හොඳට on page optimize කරපු සයිට් එකක source code errors ඉතාම අඩුයි. පහල ලින්ක් ඒකට ගිහිල්ල ඔයාගේ සයිට් එකේ errors තියෙනවද කියල චෙක් කරන්න. තියෙනවනම් ඒවා හදා ගන්න. wordpress වලින් සයිට් එකක් හදනකොට source code errors එනවා ඉතාම අඩුයි.

    Code:
    http://validator.w3.org/

    Local SEO Guide

    යම්කිසි Local area එකකට SEO කරනවානම් මම උඩ කියල තියෙන විදියට country specific domain එකක් ගන්න ඒක හොඳයි. .lk .cn .ru and etc

    ඊට පස්සේ සයිට් එකේ පහල හරි උඩ හරි (header or footer) Local address ඒක සහ telephone number ඒක දාන්න area code එකත් එක්ක. address ඒක දානකොට පොස්ටල් කෝඩ් එකත් දාන්න. Google මේවා චෙක් කරනවා local rankings දෙනකොට.


    තව පොඩි පොඩි facts

    1. ඒක page එකක් keywords 3 කට වඩා optimize කරන්න එපා. එතකොට හොඳ results ගන්න අමාරුයි
    2. වෙබ් සයිට් එකේ PR (page rank) ඒක සහ domain age ඒක යම් තරමක් දුරට වැදගත්. ඒක නිසා PR ඒක වැඩි කර ගන්න උත්සහ කරන්න. (by high quality link building)
    3. drop කරපු domain ගන්නවානම් පරිස්සම් වෙන්න. මොකද drop කරපු හේතුව අපි දන්නේ නැති නිසා.
    4. සයිට් එකේ අනවශ්‍ය විදියට ads දාන්න එපා.
    5. සයිට් එකෙන් valuable දෙයක් කියවන එක්කෙනාට දෙන්න.
    6. සයිට් එකේ ස්පෑම් comments දාන්න දෙන්න එපා.
    7. සයිට් ඒක පිරිසිදුව ලස්සනට තියා ගන්න.
    8. video කිහිපයක් add කරන්න. මේකෙන් bounce rate ඒක අඩු කරගන්න පුළුවන්.

    image optimize කරන හැටි මම පස්සේ කියල දෙන්නම්. wordpress වල නම් කියල දෙන්න දෙයක් නෑ. image ඒක upload කරලා image ෆෝර්ම් ඒක ෆිල් කරන්න විතරයි තියෙන්නේ.



    මේ තියෙන්නේ on page SEO වලට වැදගත් වන ටැග්ස් ටිකක්. wordpress සයිට් තියෙන අයට මේවා manually දාන්න ඕනේ නෑ.

    Code:
    <title></title>
    <h1></h1>
    <h2></h2>
    <h3></h3>


    මේ ත්රෙඩ් එකෙන් මේ වෙලාවේ මට මතක් උන ඔක්කොම වගේ ඔයාලට කියල දුන්න. ප්‍රශ්න තියෙනවනම් අහන්න. මේ තියෙන්නේ මගේ කලින් දාපු SEO ත්රෙඩ් ඒක.
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1446100

    Market Samurai track කරල ගන්න පුළුවන් virus නැති link එකක් එහෙම නැද්ද බං :confused:
     

    machanHD

    Member
    Jul 9, 2014
    134
    9
    0
    සිරි ලංකාව
    :D
    ලෝභ නැතුව දන්නා සේරම කියල දීල . මාත් ඉස්සර කළා :( එත් කොහෙද මේ ජෝබකට සෙට් උනාට පස්සේ මෙලෝ **තාක් කරගන්න වෙලාවක් නැහැනේ