SFලොක්කා_මාට්ටු
කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතනයේ ප්රධාන සැකකරු වන SF ලොක්කා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඉරෝන් රණසිංහ අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව පසුගිය 24 වන දා අනුරාධපුර මුදිතා මාවතේ සමාජ ශාලාවක් තුළදී වසන්ත සොයිසා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 28කි.
අදාළ ඝාතනය සම්බන්ධයෙන් ‘SF ලොක්කා’ගේ සොහොයුරෙකු ද ඊයේ තංගල්ලේදී අත්අඩංගුවට ගැනිණ.
මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් 20 කට අධික පිරිසක් පසුගිය 24 වන දා රාත්රියේ අනුරාධපුර මුදිතා මාවතේ පිහිටි අදාළ සමාජ ශාලාවට කඩා වැදී තියුණු ආයුධවලින් පහර දී වසන්ත සොයිසා ඝාතන කර තිබිණ.
පොලීසිය පසුව ප්රහාරය සඳහා යොදා ගෙන තිබූ යකඩ පොල්ලක්, ලී පොලු, පොරව තලයක් හා මිටක් සමග මුහුණු ආවරණ කිහිපයක් සොයා ගත්තේ, අනුරාධපුර ශ්රාවස්තිපුර වාදාකඩ රක්ෂිතයේ තිබියදී ය.
මීට අමතරව ප්රහාරයට පිරිස පැමිණි බව කියන මෝටර් රථයක්, ත්රිරෝද රථයක් හා ටිපර් රථයක් ද පොලීසිය භාරයට ගැනිණ.
ඝාතනය කෙරුණු වසන්ත සොයිසා (57) කරාතේ ශුරයෙකු මෙන් ම, විවිධ ක්රියාකාරකම් තුළින් සිය හැකියාවන් ප්රදර්ශනය කළ පුද්ගලයෙකි.
Source:Sirasa Newsfirst

Last edited: