SFලොක්කා_මාට්ටු

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    SFලොක්කා_මාට්ටු

    WASANTHA.jpg


    කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන SF ලොක්කා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඉරෝන් රණසිංහ අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ අනුව පසුගිය 24 වන දා අනුරාධපුර මුදිතා මාවතේ සමාජ ශාලාවක් තුළදී වසන්ත සොයිසා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 28කි.


    අදාළ ඝාතනය සම්බන්ධයෙන් ‘SF ලොක්කා’ගේ සොහොයුරෙකු ද ඊයේ තංගල්ලේදී අත්අඩංගුවට ගැනිණ.

    මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් 20 කට අධික පිරිසක් පසුගිය 24 වන දා රාත්‍රියේ අනුරාධපුර මුදිතා මාවතේ පිහිටි අදාළ සමාජ ශාලාවට කඩා වැදී තියුණු ආයුධවලින් පහර දී වසන්ත සොයිසා ඝාතන කර තිබිණ.

    පොලීසිය පසුව ප්‍රහාරය සඳහා යොදා ගෙන තිබූ යකඩ පොල්ලක්, ලී පොලු, පොරව තලයක් හා මිටක් සමග මුහුණු ආවරණ කිහිපයක් සොයා ගත්තේ, අනුරාධපුර ශ්‍රාවස්තිපුර වාදාකඩ රක්ෂිතයේ තිබියදී ය.

    මීට අමතරව ප්‍රහාරයට පිරිස පැමිණි බව කියන මෝටර් රථයක්, ත්‍රිරෝද රථයක් හා ටිපර් රථයක් ද පොලීසිය භාරයට ගැනිණ.


    ඝාතනය කෙරුණු වසන්ත සොයිසා (57) කරාතේ ශුරයෙකු මෙන් ම, විවිධ ක්‍රියාකාරකම් තුළින් සිය හැකියාවන් ප්‍රදර්ශනය කළ පුද්ගලයෙකි.


    Source:Sirasa Newsfirst
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පැටියා;19218406 said:
    මේජර් කාරයා වත් අල්ලලද? :eek:

    මේජර් නෙමේ බං ඔය SF ලොක්කා කියන ඵකා තමා ඕක කරවලා තියෙන්නේ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේජර් නෙමේ බං ඔය SF ලොක්කා කියන ඵකා තමා ඕක කරවලා තියෙන්නේ.
    ඊයෙ දාපු ආටිකල් එකේ තිබ්බෙ දත් දෙකක් කැඩෙන්න ආමි මේජර් කෙනෙක්ට කෙලලා ඌ ඒ ඇරියස් එකත් මූ ලවාම ඇරලා කියලා :baffled:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පැටියා;19218575 said:
    ඊයෙ දාපු ආටිකල් එකේ තිබ්බෙ දත් දෙකක් කැඩෙන්න ආමි මේජර් කෙනෙක්ට කෙලලා ඌ ඒ ඇරියස් එකත් මූ ලවාම ඇරලා කියලා :baffled:


    යුද හමුදා මේජර්වරයා මීට සති තුනකට පමණ උඩදී පැනොරාමා හෝටලයේ කැරෝකේ සමාජ ශාලාව වෙත විනෝද වන්නට පැමිණියේ මිතුරන් කීප දෙනකු සමඟය.

    මත්පැන් පානය සඳහා ලබාදී තිබූ කටගැස්‌ම රස නැති බව කියමින් මේජර්වරයා හෝටලයේ කාර්ය මණ්‌ඩලය සමඟ ආරවුලක්‌ ඇති කර ගත්තේය.

    පදමට මත්පැන් පානය කර සිටි මේජර්වරයා වසන්ත සොයිසා සමඟද පැටළුනේය. අවසානයේදී මේජර්වරයාට දත් දෙකක්‌ කැඩෙන්නට පහරදුන් වසන්ත සොයිසා ඔහු හෝටලයෙන් පිටතට ඇද දැම්මේය.

    පැනොරාමා හෝටලයේදී විඳින්නට සිදුවූ අමිහිරි අත්දැකීම තම නිලයට විශාල කැලලක්‌ වන නිසා ඒ පිළිබඳව පොලිසිය වෙත පැමිණිලි නොකිරීමට මේජර්වරයා වගබලා ගත්තේය.

    මේ සිදුවීමේ වාසිය තමන් වෙත හරවාගත් එස්‌. එෆ්. ලොකූ තම වෛරකාරයා වූ වසන්ත සොයිසාගෙන් පළිගැනීමට සැලසුමක්‌ සකස්‌ කළේය.

    අපි ලොකු ටීම් එකක්‌ අරගෙන ගිහින් වසන්තයට ගහලා උගේ හෝටලේ කුඩු කරමු. මේක ගුටිකාපු මේජර් කරපු වැඩක්‌ විදිහට කවුරුත් හිතයි" එස්‌. එෆ්. ලොකූ තම සැලසුම පිළිබඳව සගයන් දැනුවත් කළේය.