SF නාම යෝජනා පත්‍රයට අත්සන් තබයි

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
SF නාම යෝජනා පත්‍රයට අත්සන් තබයි

ජෙනරාල් නාම යෝජනා පත්‍රයට අත්සන් තබයි ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 24 වෙනි බදාදා, 13:52
sf_0912.jpg
මීට ස්වල්ප මොහොතකට පෙර ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය යටතේ සිය නාම යෝජනා පත්‍රයට අත්සන් තැබූ බව වාර්තාවේ. නාවික හමුදා මූලස්ථානයේ ‍ෆොන්සේකා මහතා රදවා තබා තිබෙන නිවසේදී මෙම අත්සන් තැබීම සිදුව තිබේ. නාම යෝජනා පත්‍රය අත්සන් තබා ඇත්තේ නීතිඥ සුනිල් වටගල මහතා ඉදිරියේදීය.

 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
කඩුවෙල එ.ජා.ප. මන්ත්‍රී කුසලානයෙන් නාමයෝජනා දෙයි දේශීය 2010 පෙබරවාරි 24 වෙනි බදාදා, 14:56
Trophy.jpg
එක්සත් ජාතික පක්ෂ කඩුවෙල ආසනයේ සම සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා එළඹෙන මහ මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ කුසලානය ලකුණ යටතේ තරඟ වැදීමට තීරණය කර තිබේ. ඒ අනුව ඒ මහතා අද ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ කාර්යාලයේදී එම පක්ෂයේ ලේකම් විජිත හේරත් මහතා ඉදිරියේදී නාම යෝජනාවලට අත්සන් තැබීය.


කැටගොඩ මහතා පැවසුවේ තමාට එක්සත් ජාතික පක්ෂය යටතේ වුව තරග වැදීමට හැකියාව තිබියදී මෙම තීරණය ගත්තේ ‍දූෂණයට, භීෂණයට එරෙහිව නැගී සිටි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජයග්‍රහණය කරවීම වෙනුවෙන් බවයි. එමෙන්ම තමා තවදුරටත් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය යටතේම සිටින බවද ඒ මහතා පැවසීය.
 

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
හන්සයා මරා ගත්ත ජේ.වී.පී ය කුසලානයෙන් වස බීමටත් ජෙනරාල්ව පොලඹවා ගනී