Share Market Mega Thread

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown
    ASPH 0.40 n tibba kattiya raalata gaththa ...1.50 wenakm giye ..1.50 gaththa bara set ekak aye down unaa 0.50 kittuwa. profit book kare na. director sell karpauwath mun collect karagena jan.26, announcement balnna. (kapatikamata eka dannwala tyenen feb2)

    View attachment 112246

    semb eka right issue ekak tye 0.35 gaane

    SEMB
    The Number Of Shares To Be Issued
    Voting : 5,958,833,860
    The Proportion In Which The Shares Are To Be Used
    Voting :Five New Voting Ordinary Shares For Every One Existing Voting Ordinary Share
    The Consideration For Which The Shares Are To Be Issued (Rs.)
    Voting :0.35
    Current Stated Capital Of The Entity (Rs.)
    919,064,114.00
    The Purpose Which The Proceeds Of The Issue Are To Be Utilized
    For The Purpose Of Strengthening The Core Capital Base Of The Company In Keeping With The Company’s Expansion Plan And Surpassing The New Capital Adequacy Requirements As Stipulated By The Central Bank Of Sri Lanka For Licensed Finance Companies. The Proceeds Of The Issue Will Be Utilized For The Lending Business Of The Company.
    Description
    Rights Issue Of Voting Ordinary Shares Only
    Semb.x Buy Karapuwa thynwa machn
    0.50 gane gaththe 0.70 ta giya handa
    Eka parak 0.40 gane 0.70 gane dunna
    Dan 0.30 yanne Loss
    Dennada thiyan innada machn :(
     

    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    overvalued shares ganna epa machan aye. eka paara uda ghin tyeddi thawa yai kiyala , uba fb group wala inanwnam ewage daana ewa ganna epa study nokara. FB group wala manipulate kranwa mewa ganna arawa ganna kiyala. (Thawa ekek amaruwe wattana godak un hadanne) machan,
    Thank u machan. Meeta passe ehema karannam. Thawa yai kiyala thamai hithune ea welawe.

    Mama FB groups wala nehe machan. Meake witharai community eheka kiyala inne. Trading mulinma paan gaththa dawase oawa gaththa thawa udayai kiyala hithagena 🙃
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    Thank u machan. Meeta passe ehema karannam. Thawa yai kiyala thamai hithune ea welawe.

    Mama FB groups wala nehe machan. Meake witharai community eheka kiyala inne. Trading mulinma paan gaththa dawase oawa gaththa thawa udayai kiyala hithagena 🙃

    mehemai meke samahrak ayata api ude wtzp msg ekak dnwa gannna ona shares monada kyl ubatath onnam dannam mcn
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Semb.x Buy Karapuwa thynwa machn
    0.50 gane gaththe 0.70 ta giya handa
    Eka parak 0.40 gane 0.70 gane dunna
    Dan 0.30 yanne Loss
    Dennada thiyan innada machn :(
    thiyan inna machan right issue eka iwara wela . up wei . den eyala karanne himikm nikutuwak samagama 0.35 gaane dunna. ethakota samagme pragdanaya wediwenawa .meken godak right issue awa wele une market price ekata himikam nikutu mila samana una. kalayak ghin thama aye up wenna gaththe eka massa 2k 3k ita wada wennath puluwan ethakan iwasan inna wenawa....
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown
    thiyan inna machan right issue eka iwara wela . up wei . den eyala karanne himikm nikutuwak samagama 0.35 gaane dunna. ethakota samagme pragdanaya wediwenawa .meken godak right issue awa wele une market price ekata himikam nikutu mila samana una. kalayak ghin thama aye up wenna gaththe eka massa 2k 3k ita wada wennath puluwan ethakan iwasan inna wenawa....
    Okay Thanks bro.
    Ehenam tikak thiygena innam machn.
    VONE Gaththa Hondakolla and Broker dennama Kiyapu handa.
    OSEA Ehema hondai da .
    Realty Management yanne ne me dawas wala lokuwata :oo:
     
    • Like
    Reactions: hodakolla

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113

    මොනවාද මේ Shares sub-division?

    මේ දිනවල කොළඹ කොටස් වෙළෙඳපොළේ සමාගම් ගණනාවකම කොටස් මිල ගණන් කෙටි කලක් ඇතුළත සීඝ්‍රයෙන් ඉහළ යාමට තුඩුදුන් එක් කාරණයක් ලෙස Shares sub-division හෙවත් කොටස් අනුබෙදුම් ප්‍රකාශයට පත්කිරීම හැඳින්වුවහොත් එය වරදක් නොවේ. මක් නිසාද යත් වෙන කවර කාලයකටත් වඩා පසුගිය දින කිහිපය තුළ සමාගම් රැසක්ම එම පියවර අනුගමනය කිරීමට තීරණය කර ඇති බැවිනි.

    මේ අනුව Shares sub-division හෙවත් කොටස් අනුබෙදුම් සිදුකිරීමට තීරණය කර ඇති නවතම සමාගම ලෙසින් ෂන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී පසුගිය සිකුරාදා (05) දිනයේ දී කියා සිටියේ, තම සමාගමේ එක් කොටසක්, කොටස් 3 ක් බවට බෙදීයන බවයි. සරලව කිවහොත් මේ වන විට ෂන්ෂයින් හෝල්ඩිංග්ස් හි එක් කොටසක් ඇති කොටස්කරුවකුගේ එම කොටස, කොටස් 3 ක් බවට පරිවර්තනය වේ.

    මෙයාකාරයෙන් 2021 වසරේ මේ දක්වා එවැනි කොටස් අනුබෙදුම් ප්‍රකාශයට පත්කළ සමාගම් සහ එය සිදුවන ආකාරය පහත පරිදි දැක්විය හැකිය.

    ෂන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී - 1 ට 3ක්

    සම්පත් බෑන්ක් පීඑල්සී - 1 ට 3ක්

    හේලීස් පීඑල්සී - 1 ට 10ක්

    ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී - 1 ට 10 ක්

    ඇලුමෙක්ස් පීඑල්සී - 1 ට 2 ක්

    රෙග්නිස් (ලංකා) පීඑල්සී - 1ට 2 ක්

    සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී - 1 ට 3ක්

    හේකාබ් පීඑල්සී - 1 ට 10 ක්

    සිංගර් ඉන්ඩස්ට්‍රීස් (සිලෝන්) පීඑල්සී - 1 ට 2 ක්

    තලවාකැලේ ටී එස්ටේට්ස් පීඑල්සී 1ට 2 ක්

    හේලීස් ෆැබ්රික් පීඑල්සී - 1ට 2 ක්

    කැලණි වැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී - 1 ට 2ක්

    අමායා ලෙෂර් පීඑල්සී - 1 ට 2 ක්

    හේලීස් ෆයිබර් පීඑල්සී - 1 ට 3 ක්

    යුනිසිස්ට් ඉංජිනියරින්ග් පීඑල්සී - 1 ට 2 ක්

    ද කිංග්ස්බරි පීඑල්සී - 1 ට ‍2 ක්

    ACL කේබල්ස් පීඑල්සී - 1 ට ‍2 ක්

    E B CREASY ඇන්ඩ් කම්පැනි පීඑල්සී - 1 ට 100 ක්

    ලංකා ඇලුමිනියම් ඉන්ඩස්ට්‍රීස් පීඒල්සී 1ට 5ක්

    මේ අතර CIC හෝල්ඩිංග්ස් හි පැවති ඡන්ද බලය හිමි සහ නිෂ්ඡන්ද එක් කොටසක් කොටස් 4 ක් බවට පරිවර්තනය වී මේ වන විට වෙළෙඳපොළේ ගනුදෙනු වෙමින් ද පවතී.

    මෙලෙස සමාගමක් විසින් Shares sub-division හෙවත් කොටස් අනුබෙදුමක් ප්‍රකාශයට පත්කළ වහාම එම සමාගම් කොටසේ මිලෙහි කැපීපෙනෙන ඉහළ යාමක් සිදුවීම පසුගිය දින කිහිපය තුළ දැකිය හැකි වූ සුලභ තත්ත්වයකි.

    සමාගමක් මෙලෙස පවතින කොටසක්, කොටස් කිහිපයකට බෙදාවෙන් කරන්නේ ඇයි? share split හෝ shares subdivision හෙවත් කොටස් අනුබෙදුමක් යනු කුමක්ද? මේ ඒ පිලිබඳ කෙටි විමසා බැලීමකි.

    යම් සමාගමක කොටසක්, කොටස් දෙකකට හෝ ඊට වැඩි ප්‍රමාණයකට බෙදා වෙන්කිරීම කොටස් අනුබෙදුමක් ලෙසින් හැඳින්වේ. මෙම කොටස් අනුබෙදුම් හරහා කොටස්කරුවන්ගේ හිමිකාරීත්වයේ අඩුවැඩීමක් සිදුවන්නේ නැත. එසේම කොටස්කරුවන්ගේ ඡන්ද අයිතියෙහි හෝ ලාභාංශ වෙනුවෙන් හිමිකම් කීමේ අයිතියෙහිද වෙනසක් සිදුවන්නේ නැත. හුදෙක්ම එක් කොටසක නාමික වටිනාකම වෙනස්වීමක් පමණක් මෙහිදී සිදුවේ. එමෙන්ම සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙහි වෙනසක් ද මේ හරහා සිදුවන්නේ නැත.

    බොහෝ සමාගම් කොටස් අනුබෙදුම් නිවේදනය කරනුයේ සිය සමාගමේ කොටසක මිල ඉහළ අගයයක් ගන්නා අවස්ථාවේ දී ඒවායේ ගනුදෙනු ද්‍රවශීලතාවය පහළ මට්ටමක පවතින විට එය ඉහළ නැංවීමේ අරමුණෙනි. උදාහරණයක් ලෙස X නම් සමාගමේ කොටසක වර්තමාන ගනුදෙනු මිල රු. 5,000 ක් යැයි සිතමු. සමාගම විසින් කොටස් 1000 ක් ලැයිස්තුගත කර තිබේ. කොටසක මිල ඉහළ අගයයක් ගන්නා බැවින්, පවතින සෑම කොටසක්ම කොටස් 100 ක් බවට පරිවර්තනය කරන බව සමාගම නිවේදනය කරයි. ඒ අනුව සමාගමේ ලැයිස්තුගත කර තිබෙන කොටස් ප්‍රමාණය කොටස් 100,000 ක් බවට පරිවර්තනය වේ. එසේම එම පරිවර්තනය සිදුවන අවස්ථාවේ පැවති කොටසක මිල රු. 5,000 ක් නම් කොටස් අනුබෙදුමෙන් පසු එම කොටසක මිල රු. 50 ක් බවට පත්වනු ඇත. මෙහිදී පෙර පැවති සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය වූ රු. 5,000,000 කිසිදු වෙනසක් සිදුනොවේ. සිදුවන්නේ කොටස් ප්‍රමාණයේ ඉහළ යාමක් පමණි.

    රු. 5,000 x 1000 = 5,000,000

    රු. 50 x 100,000 = 5,000,000

    ඉහත උදාහරණය අනුව පෙර දී එක් කොටසක් මිල දී ගැනීමට යම් ආයෝජකයෙකු රු. 5,000 ක් වැය කළ යුතු වුවත් දැන් එක් කොටසක් මිල දී ගැනීමට වැය කළ යුතු වන්නේ රු. 50 ක් පමණි.

    සාමාන්‍යයෙන් කොටස් අනුබෙදුමක් නිවේදනය කළ වහාම එම සමාගමේ කොටසක පවතින මිලෙහි ඉහළ යාමක් සිදුවීම පසුගිය වසර කිහිපය පුරාවටම දැකිය හැකි වූ ස්වභාවික තත්ත්වයක් විය. මෙය සමාගම් විසින් සිය කොටස් මිල ගණන් ඉහළ නංවා ගැනීමට උපක්‍රමයක් දැයි යන කරුණ මෙහිදී පැන නගී.

    කෙසේ වෙතත් මෙහිදී ආයෝජකයින් විශේෂයෙන් විමසිලිමත් විය යුතු අවස්ථාවක් තිබේ. එනම් කොටස් වෙළෙඳපොළ වර්ධනීය අවධියක හෙවත් bull market තත්ත්වයක තිබෙන්නේ නම්, එම සමාගම් කොටස සඳහා ඉහළ මිලක් කෘතිමව නිර්මාණය වීමක් වෙළෙඳපොළ තුළ දැකිය හැකිවනු ඇති බැවිනි. මෙය ආයෝජකයින් දැඩිව ප්‍රවේශම් විය යුතු තත්ත්වයකි. අනෙක් අතට මේ හරහා සමාගමේ ඉපයීම් හෝ ලාභදායිත්වයට කෙරෙන කිසිදු දායකත්වයක් නැත. එබැවින් කොටසක වටිනාකම තක්සේරු කරන P/E ratio හෙවත් මිල ඉපැයුම් අනුපාතය වැනි සංගුණකවල අගය ඉහළ යාම් හරහා කොටසක සැබෑ වටිනාකම නිරූපණය නොවීමක් මෙහිදී සිදුවිය හැකිය.

    අක්‍රීය කොටස් වෙළෙඳපොළකට (bear market) වඩා ක්‍රියාකාරී කොටස් වෙළෙඳපොළක (bull market) දී සිදුවන ක්‍රියාකාරකම් ඉහළය. මූලික මහජන කොටස් නිකුතු (IPO), හිමිකම් නිකුතු (right issues), කොටස් අනුබෙදුම් (shares subdivision) හා කොටස් ඒකාබද්ධ කිරීම් (shares consolidation) ආදිය කෙරෙහි සමාගම් මෙම අවධියේ දී අවධානය යොමු කරනු ඇත. 2010/11 වකවානුව මේ සඳහා ප්‍රමාණවත් අත්දැකීම් සපයයි.

    මෙවැනි පසුබිමක දී වඩාත් විචක්ෂණශීලී ලෙස කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව ආයෝජකයින් විසින් විශේෂයෙන් අවධානය යොමු කළ යුතු වේ.

    bizderana
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    Investments are subject to market risk, check the market rate before investing..
    Stock market for beginners
    *Boss hired a sexy secretary.*
    10 days later the Boss *committed suicide* by jumping from his 27th floor office...
    *Police
    😘
    Who was there at that time in the room ?
    *Secretary
    😘
    I was there.
    *Police
    😘
    What happened ? Why did he commit suicide ?
    *Secretary
    😘
    He was a good man. One day he bought me a Dress for *Rs.25,000/-* Then he bought for me Diamod ring for *Rs. 600,000/-* then he bought me a diamond necklace for *Rs. 1,500,000/-*
    Today he asked me to spend the night with him.
    *I told him, I charge Rs. 500/- for a night*... and he just went to the window and jumped !
    *Moral : Investments are subject to market risk, check the market rate before investing..



    fb group එකකින් ඉස්සුවේ...:lol:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    Investments are subject to market risk, check the market rate before investing..
    Stock market for beginners
    *Boss hired a sexy secretary.*
    10 days later the Boss *committed suicide* by jumping from his 27th floor office...
    *Police
    😘
    Who was there at that time in the room ?
    *Secretary
    😘
    I was there.
    *Police
    😘
    What happened ? Why did he commit suicide ?
    *Secretary
    😘
    He was a good man. One day he bought me a Dress for *Rs.25,000/-* Then he bought for me Diamod ring for *Rs. 600,000/-* then he bought me a diamond necklace for *Rs. 1,500,000/-*
    Today he asked me to spend the night with him.
    *I told him, I charge Rs. 500/- for a night*... and he just went to the window and jumped !
    *Moral : Investments are subject to market risk, check the market rate before investing..



    fb group එකකින් ඉස්සුවේ...:lol:
    :lol: :lol: :lol:
     
    • Like
    Reactions: adowhybn and samsri

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    LOLC nm thawa yai neda?
    521 ta peak una wele shares hena lot ekakma sell una. Ara anith ewage wage peak price eken share 1000k 2000k nemei. Ane manda ithn.. man gawath gaththa tikak tynwa.. balan innawa up wenakan :pm

    Mage broker marenna hadanawa expo ganna kiyala. 50+ tyna nisa sure nathuwa inne thawa yaida nadda kiyala
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    08Feb2021
    20210208_210705.jpg


    LOLC nm thawa yai neda?
    521 ta peak una wele shares hena lot ekakma sell una. Ara anith ewage wage peak price eken share 1000k 2000k nemei. Ane manda ithn.. man gawath gaththa tikak tynwa.. balan innawa up wenakan :pm

    Mage broker marenna hadanawa expo ganna kiyala. 50+ tyna nisa sure nathuwa inne thawa yaida nadda kiyala
    Expo yata tibbane collect karagtte nadda?
    LOLC split date ekak demmoth ikmamata godak durata aye up wenna patan gani
    ------ Post added on Feb 8, 2021 at 9:15 PM
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    Machan matath ewapanko

    damma mcn

    Buy LOLC at 420 to 450, target 800 in a week
    Buy SEYB.X below 55, target 95 in three weeks.... solid news cant tell here...

    LOLC echchra yanne nathi wei bn

    SEYB yannna plwn e price ekata


    LOLC nm thawa yai neda?
    521 ta peak una wele shares hena lot ekakma sell una. Ara anith ewage wage peak price eken share 1000k 2000k nemei. Ane manda ithn.. man gawath gaththa tikak tynwa.. balan innawa up wenakan :pm

    Mage broker marenna hadanawa expo ganna kiyala. 50+ tyna nisa sure nathuwa inne thawa yaida nadda kiyala

    expo nm high price bn mkt kynna amrui ekai case eka
     
    • Like
    Reactions: adowhybn

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    කොළඹ කොටස් වෙළෙඳ පොළේදී කළු සල්ලි සුදු වෙනවාද? – ධනනාත් ප්‍රනාන්දු

    මෙරට ආර්ථිකය සහ සමාජීය කරුණු සම්බන්ධයෙන් ප්‍රසිද්ධ මාධ්‍ය හරහා සිදු කෙරෙන කතිකාවත් තුළදී සිය අදහස් දක්වන තරුණ පරම්පරාවේ විශ්ලේෂකයෙකු ලෙස ධනනාත් ප්‍රනාන්දු මහතා හඳුන්වාදිය හැකිය.

    මෙරට ක්‍රියාත්මක ප්‍රමුඛ පෙළේ බුද්ධි මණ්ඩපයක් වන ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙසද කටයුතු කරන ඔහු ඊයේ සිය පෞද්ගලික ෆේස්බුක් ගිණුමේ (https://www.facebook.com/dhananath.fernando) සටහනක් තබමින් මෙරට කොටස් වෙළෙඳ පොළෙහි වර්තමාන තත්ත්වය පිළිබඳව සරලව අදහස් දැක්වීමක් සිදුකර තිබුණි.

    ඔහුගේ මෙම අදහස් දැක්වීම තුළින් කොටස් වෙළෙඳ පොළ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පිරිස් වෙත ලබා ගත හැකි යම් දැනුමක් ඇති බවට ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා වෙබ් අඩවියේ විශ්වාසයයි. ඒඅනුව ඔහුගේ එම සටහන අප වෙබ් අඩවියේ මෙලෙස පළ කෙරේ.

    කොළඹ කොටස් වෙළෙඳ පොළේ කළු සල්ලි සුදු වෙනවාද?

    ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළ පිළිබදව මේ දිනවල විශාල කතාබහක් ඇතිවෙලා. කාලයක් තිස්සේ එතරම් සාර්ථකව ගනුදෙනු නොවුනු කොළඹ කොටස් වෙළඳපොළ එකවරම ඉතා ඉහල ගනුදෙනු ප්‍රමාණයක් පසුගිය දින කිහිපය පුරාමවටම අත්පත් කරගැනීමත් සමඟ මේ ගැන ධනාත්මකව වගේම සෘණාත්මකවත් සමාජයේ විවිධ කතා බහ ඇති වෙනවා.

    කොටස් වෙළඳ වෙළදපොල පිලිබදව ධනාත්මකව හිතන පිරිස ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සාර්ථක බව කොටස් වෙළඳපොළ වර්ධනයෙන් පෙන්නුම් කරනවා කියලා. මේ පිළිබඳව සෘණාත්මකව බලන පිරිස් සඳහන් කරන්නේ මූල්‍ය අක්‍රමිකතාවක් සිදු වෙලා කොටස් වෙළෙඳපොළ කෘතිමව උත්තේජනය කරන ධනවත් පිරිසක් අතිවිශාල ලාභ ලබා ගන්නා අතර විශාල කළු සල්ලි ප්‍රමාණයක් නැතහොත් අයුතු ලෙස උපයාගත් මුදල් සුදු සල්ලි කිරීම කොටස් වෙළෙඳපොළ පාවිච්චි කරන බවයි.

    ඇත්තටම කොටස් වෙළෙඳපොළේ වෙන්නේ මොකක්ද?

    කොළඹ කොටස් වෙළඳ වෙළඳපොළ කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ පොදු සමාගම් නැත්තං ලයිස්තුගත සමාගම් (Public Listed Companies) ඔවුන්ට අවශ්‍යය ප්‍රාග්ධනය සොයා ගන්න මහජනතාවට අදාල සමාගමේ අයිතියෙන් කොටසක් විකුණනවා. සරලව කිව්වොත් සමාගමක ව්‍යාපාර පුළුල් කිරීමට සඳහා අවශ්‍ය මුදල් මහජනතාවගෙන් ඉල්ලා ගෙන ඔවුන්ට සමාගමේ අයිතියියෙන් කොටසක් පවරලා වසර අවසානයේ දී සමාගමේ ලැබෙන ලාභයෙන් කොටසක් ඔවුන් අතර බෙදා දෙනවා.

    අදාල ආයතනය නිකුත් කරලා තියෙන සම්පූර්ණ කොටස් ප්‍රමාණයෙන් එක් එක් පුද්ගලයන් මිලදී අරගෙන ආයෝජනය කරලා තිබෙන මුදල් ප්‍රමාණයට සාපේක්ෂව තිබෙන කොටස් ප්‍රමාණයට අදාළව ඒ ආයතනයේ හිමිකාරීත්වයෙන් කොටසක් අදාල කොටස් හිමි තැනැත්තාට අයිතියි. පුද්ගලයන්ට වගේම විවිධ ආයතනවලටත් කොටස් මිලදී ගන්න පුළුවන්.

    මේ විදිහට කිසියම් ආයතනයක කොටස් මිලදී ගන්න කොටස්කරුවන් වෙත අදාල සමාගමේ උපයන ලාභ වලින්, ඔවුන්ගේ කොටස්කරුවන් අතර බෙදා දීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කරන ලාභවලින් ඔවුන් මිලදී ලබාගෙන තිබෙන කොටස් වල ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයක් සෑම වසරකදීම ලැබෙනවා. ලාභාංශ කියල කියන්නෙ ඒකට (dividends)). හැබැයි සමාගමක්ම ලාභාංශ ගෙවන්නෙ නැහැ. ඒක සමාගමේ තීරණයක්.

    ඊට අමතරව විවිධ පුද්ගලයන් මිලදී ලබාගෙන තිබෙන කොටස් තවත් පුද්ගලයන්ට විකිණීමේ හැකියාවත් ලැබෙනවා. සරලව ගත්තොත් කොටසක් මිලදී ගත්තට පස්සේ ඒක හුවමාරු කරන්න පුලුවන් මුදල් ඒකකයක් විදියටත්, ඒ වගේම අදාළ කොටස් මිලදී ගෙන තිබෙන සමාගම උපයන ලාභ වලින් කොටසක් ලබා ගැනීමේ අවස්ථාවක් (ලාභාංශ ගෙවන සමාගමක් නම්) කියන දෙකම ලැබෙන නිසා බොහෝ ආයෝජකයන් කොටස් මිලදී ගැනීමට පෙලෙබෙනවා.

    ඒ වගේම ඔවුන්ගේ වත්කම් සහ මුදල් සාර්ථක සමාගම් වල කොටස්වල ආයෝජනය කිරීම දිගුකාලීනව වාසිදායක බවට ලොව පුරා කොටස් වෙළඳපොලවල් වල දත්ත තහවුරු කර තිබෙනවා.

    බොහෝ දෙනෙකුට වල ආයෝජනය කරන්නේ ලාභාංශ බලාගෙන නෙවෙයි. කොටස් වල මිල ගනන් ඉහළ යා වි කියන බලාපොරොත්තුවෙන්. මොකද ලාභාංශ ගෙවද්දි ව්‍යාපාරය තව පුලුල් කරන්න තියන සල්ලි තමයි ලාභාංශ විදියට බෙදන්න වෙන්නෙ.

    අන්න ඒ විදිහට ලංකාව තුළ ලියාපදිංචි කර තිබෙන පොදු සමාගම් වල (Public listed companies) විවිධ ආයතන වලින්, විවිද පුද්ගලයන් ගෙන් ලබා ගෙන තිබෙන කොටස් නැවත වරක් විකුණන ස්ථානයට තමයි කොළඹ කොටස් වෙළදපොළ කියලා කියන්නේ.

    මෙතනදී කොටස් වල මිල තීරණය වෙන්නේ සෑම කොටස් වෙළදපොළකම එම තීරණය වන විදිහටම සාමාන්‍ය ආර්ථික විද්‍යාවේ කියවෙන ඉල්ලුමට හා සැපයුමට අනුවයි.

    කිසියම් ආයතනයක් “වැඩිපුර ලාභ ලබා ගනීවි” කියලා අනුමාන කෙරෙනවා නම් වැඩිපුර ලාභාංශ ලබා ගන්න පුළුවන් නිසා අදාල සමාගම් වල කොටස් වල මිල ඉහල යනවා. ඒව වගේම කිසියම් සමාගමක් ලාභය අඩු වෙනවා කියලා හැඟවෙන තොරතුරු වෙළදපොළට ලැබෙනවා නම් බොහෝ දෙනෙක් ඒ සමාගම් වල කොටස් විකුණන්න උත්සාහ කරන නිසා එම සමාගම් වල කොටස් වල මිල ඉක්මනින් පහලට වැටෙනවා. ඒ වගේම වගේම මේ කොටස් මිලදී ගැනීම සහ විකිණීම සිදුවෙන්නේ ඉලෙක්ට්‍රොනික පද්ධතියක් භාවිතයෙන්. එමගින් ඉතා ඉක්මනින් සහ පහසුවෙන් ගනුදෙනු කිරීමට සහ වෙඳපොළේ තිබෙන දත්ත සහ තොරතුරු ලබා ගැනීමේ අවස්ථාව ලැබෙනවා

    කොළඹ කොටස් වෙළදපොළ කොතරම් සාර්ථකව ක්‍රියාත්මක වෙනවද කියලා මූලික වශයෙන් බලන්න සියලු කොටස් මිල දර්ශක අගය (All Share Price Index – ASPI) කියන පරිමාණය තුලින්. මේ පරිමාණයේ අගයන් ඉහළ පහළ යාම් තීරණය වෙන්නේ එක දිනයක් තුළ දී වෙළඳපොලේ තිබූ සියලුම කොටස් වල මිල ගනන් ඉහල පහල යාම මත සහ කොටස් වෙළෙඳ පොළේ ලයිස්තුගත සමාගම් වල නිකුත් කර ඇති කොටස් වල වටිනාකම අනුව අදාළ සමාගමේ වල තක්සේරු මුදලට (Market Capitalization) සාපේක්ෂවවයි.

    ඒ අනුව දළ වශයෙන් වසරකට කලින් සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 6000 ට ආසන්නව පැවති කොළඹ කොටස් වෙළෙඳපොළ 2021 පසුගිය ජනවාරි 27 වන දා සියලු කොටස් මිල දර්ශකය ඒකක 8800 ඉක්මවමින් ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ කොටස් වෙළෙඳපොළ වාර්තා කළ ඉහළම අගය වාර්තා කරමින් විශාල ප්‍රගතියක් පෙන්නුම් කරනු ලැබුවා.

    ඒ අනුව ලෝකයේ වේගෙන්ම වර්ධනය වන කොටස් වෙලඳපොලවල් අතරට ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ එකතු වුණා

    ඒ අනුව ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළ මෙතරම් සාර්ථක ලෙස ක්‍රියා ක්‍රියාත්මක වීමට හේතු මොනවාද යන්න හැම දෙනාටම ප්‍රහේලිකාවක් වුණා. ඒ සඳහා හේතු කරණා කිහිපයක් උපකල්පනය කල හැකියි.

    පවතින ආර්ථික තත්වය් හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුව පොලී අනුපාත ඉතා විශාල ලෙස අඩු කරනු ලැබ තිබෙනෙවා. ඒ අනුව ස්ථාවර තැන්පතු ගිණුම් වල සහ ඉතිරි කිරීමේ ගිණනුම් වල පොලී අනුපාත ඉතා අඩු අගයක පැවතීම නිසා එම ගිණුම් වල මුදල් ඉතිරි කිරීමෙන් පොලියෙන් ආදායම්ක් උපයා ගැනීම ඉතුරුම් කරුවන්ට තවදුරටත් වාසිදායක තත්වයක් උදා කරන්නේ නැහැ. [ ශ්‍රී ලංකාවේ බොහෝ විශ්‍රාමිකයන් ඔවුන්ගේ සේවක අර්ථ අර්ථසාධක අරමුදල් ඇතුළු විවිධ අරමුදල් ස්ථාවර තැන්පතු වල (Fixed Deposits) ආයෝජනය කරමින් පොලියෙන් ජීවත් වීමට නැඹුරුව සිටිනවා] ඒ නිසා බොහෝ ඉතුරුම් කරුවන් තමන්ගේ මුදල් කොටස් වෙළඳ වෙළඳ පොලේ ආයෝජනය කිරීමට තිබෙන අවස්තාව වැඩියි.

    ඒ වගේම රජයේ පසුගිය මාස කිහිපය තුළදී තුළ ඉතා විශාල මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය තුළ අවශ්‍ය ප්‍රමාණයට වඩා විශාල මුදල් ප්‍රමාණයක් සැරිසරනු ලබනවා. Covid-19 සඳහා සහන ලබා දීමට සහ රජයේ වියදම් පියවා ගැනීමට මෙලෙස මුදල් අච්චු ගසනු ලැබුවා. එම මුදල් ප්‍රමාණයෙන් යම් කොටසක් කොටස් වලට වෙළදපොල ඉහළ යාමට හේතු විය හැකියි.

    එමෙන්ම වාහන ආනයනය නතර කර තිබීම නිසා සහ එවැනිම සමහර ක්ෂේත්‍ර වල ආනයන සම්පූර්ණයෙන් නතර කර තිබීම නිසා අදාල ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර සම්පූර්ණයෙන් බිඳ වැටීමෙන් ඔවුන් තමන් සතුව තිබූ ප්‍රාග්ධනය කොටස් වෙළඳ පොලේ ආයෝජනය කිරීම කොටස් වෙළෙඳපොළ ඉතා සක්‍රිය වීමට තවත් හේතුවක්.

    එලෙසින්ම පවතින රජය කොටස් වෙළෙඳපොළ අධික්ෂණය කිරීම සඳහා සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ සඳහා වෙනම අමාත්‍යවරයෙක් පත් කිරීම මෙන්ම කොටස් වෙළඳපොළේ සමාගම් ලැයිස්තුගත කිරීම සඳහා පිරිනමන සැපයීම කොටස් වෙළෙඳපොළ සක්‍රිය වීමට තවත් එක් හේතුවක් ලෙස දැක්විය හැකියි.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළ යනු ශ්‍රී ලංකාවේ ආර්ථික සමෘද්ධිමත් භාවයේ සර්ව සම්පූර්ණ දර්ශකයක් නොවන බව අපි හැමෝම මතක තබා ගත යුතුයි. ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ හැසිරෙන ආකාරය අනුව ශ්‍රී ලංකාවේ ආර්ථිකයත් ඒ ආකාරයෙන්ම හැසිරේවි යැයි අනුමාන කිරීම එතරම් නුවණට හුරු නැහැ.

    විශේෂයෙන්ම කොටස් වෙළෙඳ පොළේ ඇති ප්‍රධානතම කාරණය වන්නේ විදේශීය ආයෝජකයන් ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ හැරයාමයි. ඒ අනුව 2020 වර්ෂයේ දී සමස්තයක් ලෙස විදේශ ආයෝජකයන් ඇමරිකානු ඩොලර් මිලියන 273 ($273m) කොටස් විකිණීමෙන් කොටස් වෙළඳපොළන් ඉවත් වුණා. එමෙන්ම ජනවාරි මාසය තුළදී පමණක් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 25කට ($25m) වඩා වැඩි මුදලක් විදේශ ආයෝජකයන් කොටස් වෙළඳපොළෙන් ඉවත් කරගෙගෙන තිබෙනවා.

    මෙලෙස කොටස් වෙලඳපොලෙන් විදේශ ආයෝජකයන් ඉවත් වීමට ප්‍රධානතම හේතුවක් වන්නේ ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් අනුව ක්‍රමයෙන් පහළ තත්ත්වයකට ඇද වැටීමයි. Fitch, Moody’s සහ S&P යන ලොව ප්‍රධාන පෙළේ ආයතන තුළ ම ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහළ හෙළනු ලැබුවා.

    සමහර විදේශ ආයෝජකයන්ට ලෝකයේ විවිධ කොටස් වෙළෙඳ පොළවල් වල ආයෝජනය කළ හැක්කේ පිළිගත් ණය ශ්‍රේණිගත කිරීම් වල ඉහල මට්ටම් වල තිබෙන රටවල් වල පමණයි. ණය ශ්‍රේණිගත කිරීම් වලින් පහළ වැටෙද්දී නිරායාසයෙන්ම ඔවුන්ගේ මුදල් ශ්‍රී ලංකාවෙන් ඉවත් කරගැනීමට ඔවුන්ට සිදුවනවා.

    මේ අතර අතරවාරයේදී පසුගිය පෙබරවාරි 2 වන දින කොටස් වෙළදෙඳපොළ විශාල ලෙස පහළ වැටීම බොහෝ දෙනකුගේ විමතියට හේතු වුණා. මින් පෙර සමහර අවස්ථාවල වාර්තා වී ඇති පරිදි මෙවරද වෙළඳ උත්තේජනය කිරීමෙන් පසුව නැවත එය කඩා වැටුණු සම සමහරුන්ගේ මතය වී තිබෙනවා.

    ශ්‍රී ලංකා සුරැකුම් කොමිෂන් සභාව (Securities and Exchange Commision – SEC) සමහර ලැයිස්තුගත සමාගම් වල අමතර දත්ත ඉල්ලා සිටිමින් කොළඹ කොටස් වෙළඳපොළ තැරැව්කරුවන් වෙත (Stock brokers) ලැබූ ලිපියක් නිසා එදින කොටස් වෙළඳපොළ එක්වරම පහල වැටුනු බවටද මත පල වෙනවා.

    ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ ඉලෙක්ට්‍රොනික් පද්ධතිය සකසා තිබෙන්නේ යම් හෙයකින් වෙළඳපොලේ S&P Sl20 දර්ශකය 5% කට වඩා පහළ වැටුණු විට ස්වයංක්‍රීය කොටස් වෙළෙඳපොළ ගනුදෙනු නතර වන ආකාරයටයි. ඉන් අනතුරුව නැවතත් කොටස් වෙළෙඳපොළ දර්ශකය තවත් 2.5% කින් පහල වැටුණහොත් තවත් මිනිත්තු 30ක් සඳහා ඉලෙක්ට්‍රොනික පද්ධතිය ස්වයංක්‍රීයව ක්‍රියා විරහිත වනවා.

    ඒ අනුව පෙබරවාරි 2 වන දින ඉලෙක්ට්‍රොනික පද්ධතිය ස්වයංක්රීයව දෙවරක් බිඳ වැටුණා. කෙසේ වෙතත් පෙබරවාරි 3 වන දින දින වෙළඳපළ පසුගිය දිනට සාපේක්ෂව යම්කිසි ප්‍රගතියක් ලබා ගත්තත් කලින් පැවති උපරිම තත්ත්වයට ළඟා ව තිබුණේ නැහැ.

    බොහෝ දෙනෙක් ගොඩනගන ප්‍රශ්නයක් වන්නේ මෙය වෙළෙඳපොළ විකෘති තත්ත්වයට පත් කිරීමක් ද සහ මේ පසුපස යම්කිසි අයථා කටයුත්තක් සිදු වේද යන්නයි. ඒ පිළිබඳව නිගමනයකටකට පැමිණීමට දත්ත කිසිවක් නැහැ. කෙසේ වෙතත් ඕනෑම වෙළඳපොලක් චිලනය නොවී සෑම දිනකම එකම ආකාරයෙන් ගනුදෙනු සිදු වීමට අවස්ථාවක් නැහැ. කෙසේ වෙතත් සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව මනා සාර්ථක චිත්‍රයක් මවා ගැනීම සඳහා ඉදිරි මාස කිහිපය තුළදී වෙළෙඳපොළ හැසිරෙන ආකාරය අධ්‍යයනය කිරීමට සිදුවනවා.

    වඩා වැදගත් වන්නේ ඕනෑම වෙළඳපොලක මුදල් ආයෝජනය කරන පිරිස ඔවුන් ආයෝජනය කරන මුදලින් ප්‍රතිලාභවලට වගේම පාඩු සඳහා වගකිව යුතු වෙනවා. කොටස් වෙළඳ වෙළඳ පොලේ ආයෝජනය කරන්නේ තමන් ආයෝජනය කරන සමාගම් වල තොරතුරු සහ දත්ත නිසි පරිදි පරිශීලනය කිරීමෙන් අනතුරුව විද්‍යානුකූලව තීරණ ගැනීම ඉතාම වැදගත්.

    ඒ වගේම සාමාන්‍යයෙන් පොලී අනුපාත අඩු අවස්ථාවල දී කොටස් නිකුත් කිරීමෙන් තොරව ණය ලබාගෙන ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රාග්ධනය සපයාගන්නා ව්‍යාපාරවල අවස්ථාව තිබෙන බව මතක තබාගත යුතුයි

    ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ නියාමනය කරන ශ්‍රී ලංකා සුරැකුම්පත් සභාව (Securities and Exchange Commision) කොටස් වෙළදපොලේ ආයෝජකයන්ට නිසි තොරතුරු ලබා ගැනීමටත් අයෝජන සාර්ථක කිරීම සඳහා සමාන අවස්ථා ලබා දීමට අදාල වෙළෙඳපොළ නියාමන කටයුතු නිසි පරිදි කිරීම වැදගත්.
    enbsl